CCNA විසි දෙවනි පාඩම Routing ix (Enhanced Interior Gateway Routing Protocol) EIGRP
ඔන්න හුග කාලෙකට පස්සෙ බ්ලොගේට ලිපියක් දාන්න වෙලාවක් හම්බඋනා. ලිපියට කලින් කට්ටියන්ටම ස්තුති වන්ත වෙනව කිසිම ලිපියක් දාන්නෙ නැතුවත් පරණ ලිපි බලල ඒවට ප්‍රතිචාර දක්වල follower පාරක් දාල බ්ලොගේ හිට්ස් එහෙමත් වැඩි කරන්න කටයුතු කිරිම පිලිබදව. අද අපි මේ පාඩමෙන් කතා කරන්නෙ CCNA පාඩම් මාලාවෙන් routing කොටසෙදි කතාකරන්න තියෙන අන්තිම dynamic Routing protocol එක වෙන EIGRP ගැනයි.
EIGRP කියන්නෙ කලින් Routing පාඩම් වලදි කතාකරපු classfull distance vector Routing protocol එකක් වෙන IGRP routing protocol එකේ අයිය කියල කියන්න පුළුවන්. හැබැයි EIGRP නම් classfull routing protocol එකක් නෙමෙයි. IGRP වල තියෙන ගති ලක්ෂණ වැඩි දියුණු කරල classless protocol එකක් වගේම hybrid Routing protocol ගනයට වැටෙන Routing protocol එකක් විදියට තමයි EIGRP හදුන්වන්නෙ, CISCO කියන විදියටනම් මේක Advanced Distance vector Routing Protocol එකක් විදියටත් හදුන්වන්න පුළුවන්. ඔන්න අයෙත් කට්ටියන්ටම කියනව අළුතෙන්නම් මේ පාඩම් මාලාවට එකතු වෙන්නෙ මුල ඉදලම Routing පාඩම් ටික බලාගෙන එන්න වෙනව. නැත්තම් ඉතින් මේ කිව්වෙ මොනවද කියල තේරෙන්නෙම නැතිවෙයි. දැන් අපි බලමු EIGRP වල තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියල.
- EIGRP කියන්නෙ classless routing protocol එකක්. ඒ කියන්නෙ VLSM වලට සහයෝගය දක්වනව කියලයි.
- EIGRP වල administrative distance එක වෙන්නෙ 90 ව. දන්නවනෙ එක් එක් routing protocol වල ප්‍රමුඛතාව එහෙමත් නැත්තම් priority එක Router එක විසින් ලබාගන්නේ මේ administrative distance එකෙන් කියල.
- EIGRP කියන්නෙ CISCO proprietary protocol එකක්.
- EIGRP වල metric එක, තව විදියකින් කියනවනම් අනෙක් Network වලට ලගාවෙන්න මාර්ගයන් තෝරගන්න ක්‍රමය ටිකක් සංකීරණ එකක්. composite metric, bandwidth සහ delay කියන ඒව තමයි මේ සදහා යොදාගන්නෙ. CCNA වලදි metric එක ගනනය කරන හැටි අහන්නෙ නැති උනත් මෙතනින් ගිහින් ඔයාලට පුළුවන් කොහොමද metric එක ගනනය කරන විදිය excel sheet එකකින් බලාගන්න.
- පියවර 1: Neighbor discovery - මේ පියවරේදි කරන්නෙ EIGRP සැකසුම් කරපු Routers මගින් hello messages 224.0.0.10 කියන multicast IP address එක ඔස්සේ network එකේ තියෙන අනෙක් Routers වලට යවල එම Routers වලින් hello message එකට එවන ප්‍රතිචාර මත neighbor කෙනෙක් විදියට හදුනා ගැනීමයි.(hello messages/packet ගැන වැඩිදුර දැනගන්න පසුගිය OSPF පාඩම බලන්න.)
- පියවර 2: Topology exchange- neighbor Routers අදුනගත්තට පස්සෙ full routing table එකම neighbors ල අතර හුවමාරු කරගන්නව. ඊට පස්සෙ Routers විසින් එක් එක් neighbor routing table වලට අනුව සම්පුර්ණ routing table එක හදාගත්තට පස්සෙ Routers අතර හුවමාරු වෙන්නෙ partial update එහෙමත් නැත්තම් ඒ ඒ අවස්තාවන් වලදි Routers වල සිදුවෙන වෙනස්කම් විතරයි (update contain only changes). ඒ කියන්නෙ no broadcast, no periodic update නිසා විශාල bandwidth එකක් network එක තුලදි EIGRP routing update සදහා වැයවෙන්නෙ නෑ කියන එකයි.
- පියවර 3: Choosing routes- මේ අවස්ථාවෙදි සිද්ධ වෙන්නෙ metric එක බාවිතා කරල routing table එකෙන් best path එක තෝරගනන එකයි. මෙතනදි අඩුම metric අගය තියෙන route එක තමයි best path එක විදියට ගන්නෙ. EIGRP වල best path හොයාගන්න metric එක භාවිතා කලාට Diffusing Update Algorithm (DUAL) කියන ක්‍රමෙව්දෙයන් තමයි destination network එකට යන්න සුදුසුම route එක තෝරල routing table එකට දාන්නෙ. ඒක EIGRP වල දකින්න තියෙන විශේෂ ලක්ෂණයක්.
- Hello: neighbor Routers අදුනගන්න තමයි hello packet යොදාගන්නෙ. network එක තුල hello packet multicast කිරීමක් තමයි කරන්නෙ (multicast, unicast, broadcast ගැන දැනගන්න මෙතනින් යන්න). මතකනෙ OSPF වලදිත් අපි hello packet ගැන කතා කලා. හැබැයි එතනදි කතා කරපු hello packet වලයි EIGRP වලදි දැන් කතා කරන hello packet වලයි ක්‍රියාකාරීත්වයෙ පොඩි වෙනසක් තියෙනව. එ තමයි OSPF වලදි වගේ hello packet වල timers EIGRP වලදි සමාන විය යුතු නොවීම.
- Update: Router එකකට සම්බන්ධ යම් network බිදවැට්නොත් ඒ ගැන අනිත් Routers වලට එසැනින් දන්වන්න තමයි update packet පාවිච්චි කරන්නෙ. මේවා unicast හා multicast යන ක්‍රම දෙකටම Routers අතර හුවමාරු වෙනව. update packet network එක තුල හුවමාරු වෙන්නෙ RTP කියන protocol එක හරහායි.
- Ack: මේ message එකෙන් කරන්නෙ යම්කිසි update එකක් ලැබුනු බවට ඒ update එක එවපු Router එකට Acknowledgement එකක් යැවීමයි. මේක කිසිම data එකක් අඩංගු නැති hello packet එකක් විදියටත් හදුන්වනව. network එක තුල මේ වර්ගයේ packet unicast වීමකුයි සිද්ධ වෙන්නෙ. Ack packet අනිත් Routers වලට යන්නෙ UDP protocol එක භාවිතා කරලයි.දන්නවනෙ UDP කියන්නෙ unreliable protocol එකක් කියල.
- Query: EIGRP සැකසුම් කරපු Router එකකට destination network එකකට යන්න route එකක් හොයාගන්න බැරිඋනහම තමයි මේ Query packet Routers විසින් යොදාගන්නෙ. අපි උඩින් කතාකරපු Diffusing Update Algorithm (DUAL) එක තමයි Query packet network එකේ neighbor Routers වලට යවල ඒ හරහා destination network එකට ලගාවෙන්න මාර්ගයක් හොයල දෙන්නෙ.
- Reply: අපි කලින් කතාකරපු Query packet neighbor Routers වලට යැව්වට පස්සෙ එම Routers වල Query එවපු Router එක හොයන destination network එකට යන්න route එකක් තියෙනවනම් ඒ බව දන්වල query එවපු Router එකට unicast කරන packet වලට තමයි Reply කියල කියන්නෙ.
මොකද්ද මේ Advertise Distance (AD) හා Feasible Distance (FD) කියන්නෙ..=5
:::Advertise Distance (AD):- අපි EIGRP සැකසුම් කරපු Router එකේ neighbor Routers වල ඉදල destination network එකට තියෙන route(මාර්ගයෙ) අගය එහෙමත් නැත්තම් metric එක තමයි AD එක විදියට සලකන්නෙ.කියපු දේ තේරුනේ නෑ නේද. පහල රූපය හොදට බලන්න. මෙතන තියෙන සේරම Routers වලට EIGRP සැකසුම් කරල තියෙනව කියලත් හිතන්න. ඒ වගේම මම අංක වලින් දාල තියෙන්නෙ එක් එක් route වල metric එක කියලත් හිතන්න.
අපි දැන් සැකසුම් කරන Router එක තමයි Router1 කියන්නෙ. Router 1 වල neighbor Routers වෙන්නෙ Router2 සහ Router4 යි. Router1 වල තියෙන Network1 වලට ඕන වෙලා තියෙනව Network2 එ එකට data යවන්න. එතකොට Network2 එක අපේ destination network එක වෙනව. හරි දැන් අපිට බලන්න පුළුවන් මොකද්ද AD එක කියන්නෙ කියල. මම මුලින්ම කිව්වනෙ neighbor Routers වල ඉදල destination network වලට යන route එකේ අගය(metric) තමයි Advertise Distance වෙන්නෙ කියල. මේ උදාහරෙන විදියට AD තමයි පහලින් පෙන්නල තියෙනනෙ.
Route Advertise Distance (AD)
Router1-->Router2-->Router3 30
Router1-->Router4-->Router3 60
:::Feasible Distance (FD):- අපි දැන් ඉන්න Router එකේ ඉදල (ඉහලින් තියෙන උදාහරනෙ විදියටනම් Router1) neighbor Routers වලට තියෙන අගයත් AD එකේ අගයෙත් එකතුවට තමයි FD එක කියල කියන්නෙ. කලින් උදාහරනෙ විදියට අපිට ලබාගන්න පුළුවන් FD එක තමයි පහලින් තියෙන්නෙ.
Route Advertise Distance (AD) Feasible Distance
Router1-->Router2-->Router3 30 50 (20+30)
Router1-->Router4-->Router3 60 100 (40+60)
EIGRP වලදි අපි කලින් කතා කරපු විදියට AD හා FD හොයාගත්තට පස්සෙ Diffusing Update Algorithm (DUAL) වැඩ පටන් ගන්නව. DUAL කරන්නෙ destination network එකට යන්න පුළුවන් කියල අදුන ගත්තු route ටික එක table එකකට දානව. ඒ table එකට කියන්නෙ Topology Table එක කියලයි.ඒ වගේම topology table එකේ තියෙන route වලට කියන්නෙ Feasible Successor කියලයි. කලින් උදාහරෙන විදියටනම් පහලින් පෙන්නල තියෙන්නෙ Router1 වල Topology Table එකයි.
::Topology Table::
Route Advertise Distance (AD) Feasible Distance (FD)
Router1-->Router2-->Router3 30 50 (20+30)
Router1-->Router4-->Router3 60 100 (40+60)
ඊට පස්සෙ topology table එකට දාපු route අතරින් destination network එකට යන්න වඩාත් සුදුසුම route එක අරගෙන වෙනමම table එකකට දානව. ඒ table එකට කියන්නෙ Routing Table එක කියලයි. එකෙ තියෙන route වලට Successor කියල කියනව. අපේ උදාහරනෙ විදියටනම් Router1 වල Routing Table එක හැදෙන්නෙ පහත විදියටයි.
:::Routing Table:::
Route Advertise Distance (AD) Feasible Distance (FD)
Router1-->Router2-->Router3 30 50 (20+30)
Topology table හා Routing Table වලට අමතරව Neighbor Table කියල table එකකුත් EIGRP මගින් හදාගන්නව. එකෙ තියෙන්නෙ neighbor Routers වල තොරතුරුයි. අපි උදාහරනෙට ගත්තු Router1 වල Neighbor Table එක වෙන්නෙ පහත විදියටයි.
::Neighbor Table::
Next Hop Router Interface
Router2 E1
Router4 E0
හරි දැන් අපි ඉහතින් උදාහරෙනෙත් එක්ක කතා කරපු ටික සාරාංශයක් විදියට ගත්තොත් මේ විදියට කියන්න පුළුවන්. EIGRP මගින් table තුනක් හදාගන්නව ඒව තමයි.
- Topology Table:-මේ table එකේ තියෙන්නෙ destination network වලට යන්න පුළුවන් සියළුම routs. මේකෙ තියෙන routes වලට තමයි කියන්නෙ feasible successor route කියල.
- Routing Table:-උඩින් කතා කරපු table එකේ තියෙන routes වලින් destination network වලට යන්න පුළුවන් හොදම route ටික තමයි මේ table එකේ තියෙන්නෙ. successor route කියලයි ඒවට කියන්නෙ.
- Neighbor Table:-සියළුම neighbor Routers වල තොරතුරු තමයි මේ table එකේ තියෙන්නෙ. DUAL මගින් මේ table එකේ තියෙන Routers වලට query packet යවල තමයි යම් කිසිම route එකක් නොමැති අවස්ථාවක neighbor routers වලින් අවශ්‍ය destination network එකට අදාල route හොයාගන්නෙ.
DUAL algorithm එකෙන් සිද්ධ වෙන කාර්යය අපිට මේ විදියටත් කියන්න පුළුවන්. ඒ තමයි network එකේ යම කිසි destination network එකකට යන best path (successor) එක EIGRP routing table එකේ නැති වෙලාවට DUAL බලනව topology table එකේ ඒ destination network එකට යන්න පුළුවන් ඊලග route එක (feasible successor) මොකක්ද කියල. feasible successor එකක් තියෙනවනම් ඒක routing table එකට දානව successor route එක විදියට. topology table එකේ feasible successor එකක් තිබුබෙ නැත්තම් neighbor table එකේ තියෙන Routers වලට query packet යවල බලනව එම neighbor Routers වල ඉදල destination network එකට route තියෙනවද කියල. එහෙම route හම්බුනොත් ඒ route ඔක්කොම topology table එකට දාල එයිනුත් හොදම route එක තෝරගෙන(අඩුම metric එකක් ඇති route එක) ඒක routing table එකට දාල ඒ හරහා destination network එකත් සමග සම්බන්ධතාවය ගොඩනගාගන්නව.හරියටම කිව්වොත් කොල්ලො කෑලි ටෝක් කරල පට්ට කෑල්ලක් දාගන්නව වගේ සීන් එකක්. හැබැයි ඒ සීන් වලදි කොල්ලට metric එක වැරදුනාට DUAL වලනම් එහෙම වෙන්නෙ නෑ කියලත් මතක තියා ගන්න.
දැන් අපි EIGRP න්‍යායික කරණු ගොඩක් දුරට කතා කරල ඉවරයි. ඊලග පාඩමෙන් බලමු කොහෙමද EIGRP Router සදහා සැකසුම් කරන්නෙ කියල. ඔයාල තව ටිකක් EIGRP වලදි metric එක ගනනය කරන හැටි DUAL මගින් feasible successor අතරින් successor එක හොයාගන්න හැටිත් ජංජාලෙ පීරල පොඩ්ඩක් හොයල බලන්න. වැරදි තියෙනවනම් කියන්න ඒ වගේම තේරුනෙ නැති දෙයක් තියෙනවනම් අහන්නත් අමතක කරන්නත් එපා. එහෙනම් ඊලග පාඩමෙන් ඉක්මනින්ම හමුවෙමු.
ඔබ සැමට
*****ජය ශ්‍රී *****
එළ එළ ඉතින් ගොඩක් කාලෙකින්...කොහොමද ජොබ් එක....
ReplyDelete@ඔබ නොදුටු ලොවක්
ReplyDeleteඅවුලක් නැතුව ජොබ් එක කරගෙන යනව. network admin කියන්නෙ ඉතින් ice ටිකක් ගහන්න පුළුවක් ජොබක්නේ.ගොඩක් ස්තුතියි ඉස්සෙල්ලම කොමෙන්ටි කලාට..
Responsibility also cooool
ReplyDeletethanks machan..... mama hemadama ubage blog eka balanawa monawada updates kiyala.ikmanatama anith padamath danna.api hemadama ubath ekka.thanks again machan.
ReplyDelete@Buddhika Karunanayaka (itbuddhika)
ReplyDeleteහුග කාලෙකින් නේද.ගොඩක් සුතුතියි නිතරම දක්වක ප්‍රතිචාරයට
@Anonymousඑල එල මචෝ අනිව අනිත් පාඩමත් ඉක්මනටම දානව.
ReplyDeleteThanks..........
ReplyDeleteNiyamai, me wage dewal harima wadagath.
Mamath CCNA kara thama exam karanna bari una. Me visthara mata harima wadagath.
නියම බ්ලොග් එකක්.. මමත් බලනවා. මම MCP & IT Diploma කීපයක්ම කරලා CCNA කරන් යනවා. IT Admin ජොබ් එකක් කරනවා. මට CCNA කරන්න හරිම useful බ්ලොග් එකක් මෙක මට. ගොඩක් සුතුතියි !!!
ReplyDelete@Pasan Rajitha Weerasekera
ReplyDelete@Dulantha
එල එල අනිත් පාඩම් ටිකත් පුළුවන් විදියට දාන්නම්කෝ..
පට්ට පහරක් ඇ !!!!!!!!!!!!!!!
ReplyDeletethank you so much.
නියම තමයි දිසෝ ............ඔහොමයන් .ඔහොම යන්..............
ReplyDeleteඅය්යේ මට කියන්න පුලුවන්ද router එක best path එක තෝරාගන්න use කරනේ AD එකද නැත්නම් FD එකද කියල.
ReplyDelete@AnonymousRouter එක AD එක යොදාගන්නෙ Routing protocol කිහිපයක් එකම router එකකට සැකසුම් කරල තියෙන වෙලාවක ඒ protocol අතරින් tla protocol එකකට priority එක දෙන්නයි. ඒ විදියට router එක routing protocol එකක් තෝරගත්තට පස්සෙ තමයි ඒ ඒ protocol එකට විශේශිත විදියට best path එක තෝරගැනීම සදහා matrix එක ගණනය කරගන්නෙ
ReplyDeletethank you ayye
ReplyDeleteදිසා ආය්යේ .........මට ටිකක් පැහැදිලිව දැනගන්න ඕන අපි කොහොමද bast path එක හොයාගන්නේ කියලා.....මං google,youtube දෙයියලගෙනුත් ඇහුවා.......එයාල කියනවා condition කතාවක්...........අර කලින් අය්ය කියලා තියන කතාවත් තෙරෙන්නේ නැ...........අනේ අය්යේ මට පොඩ්ඩක් පැහැදිලිව ඒ කතාව කියලා දෙනවද ?thank u very much
ReplyDelete@Anonymousමෙහෙමයි සහෝ අපි හිතමු එක Router එකකට Routing protocol කිහිපයක් සැකසුම් කරල තියෙනව කියල.උදාහරණයක් විදියට RIP(120),OSPF(110),EIGRP(90)එතකොට Router එක බලනව මොකක්ද අඩුම administrative distance එකක් ඇති routing protocol එක කියල. අපේ උදාහරනෙ විදියටනම් වෙන්නෙ EIGRP හේතුව එකේ AD 90.අනිත් protocol අතරින් අඩුම ad එක ඒක හින්ද.
ReplyDeleteඔන්න දැන් Router එක routing protocol එක තෝරගෙන ඉවරයි. දැන් routing protocol එක තමයි routing table හදාගෙන ඒවට metric value එකක් දාගන්නෙ.ඔය metric value එක අනුව තමයි router එක තමන්ගෙ routing table එකේ තියෙන routes අකරින් best path එක හොයාගන්නෙ.
ඔය metric එක ගණනය කරන හැටිත් එක් එක් routing protocol වලදි වෙනස් වෙනව.RIP වලදි නම් hop count තමයි යොදාගන්නෙ.එතකොට routing table එකේ තියෙන routes අතරින් අඩුම hop count එකක් ඇති route එක best path එක විදියට තෝරගන්නව. තවත් සහෝට තේරුනේ නැත්තන් තෙරුන්නැත්තෙ කොයි හරිද කියල කියන්නකෝ..
අයියාට ගොඩක් පින් .............මට හරියටම දැනගන්න ඕන අපි EIGRP නම් protocol එක විදිහට use කරන්නේ ,එතකොට මං best path එක හොයාගන්නේ AD වලට අනුවද ?නැත්තම් FD වලට අනුවද කියලා ?අයියට කරදර කරනවානම් මට සමාවෙන්න ..............b.s
ReplyDelete@Anonymousසමාවෙන්න සහෝ මම මෙච්චර වෙලා හිතිගෙන හිටියෙ AD කියන්නෙ administrative distance එක කියලයි. දැන්නෙ තේරුනෙ සහෝ අහන්නෙ advertise distance එක ගැන කියල.
ReplyDeleteසරල උත්තරය මේකයි.EIGRP වලදි best path එක හොයාගන්න පාවිච්චි කරන්නෙ FD(feasible distance) එකයි. දැන් හරි නේද සහෝ....
The lowest feasible distance is the route chosen :)
අනේ මට සමාවෙන්න අයියේ ......මමයි වරද කලේ .........මට එක හරියට explain කරන්න බැරි උනා......මට තේරුණා ......අය්යට ගොඩක් පින් ..........මං හෙමදම මේ blog එකට යන එන යාවජීව සාමාජිකයෙක් .........අයිය කරන්නේ ලොකු සේවයක්.....අපි හැමදාම අය්යට full support............thank u very mutch ..................
ReplyDeletebeginners lata PT activities tikak danna berida aiye?
ReplyDeleteddos attack ekak karana hati PT eken pennala dena puluwanda ?
@kelum keerthisinghe
ReplyDeleteDDOS attack එකක් කියන්නෙ එක් destination එකකට source ගොඩකින් එකවර එම destination එකට දරාගත නොහැකි ආකාරයෙන් network traffic එකක් ඇතිකිරීමෙනුයි. සරලව පහල command එක බලන්න
ping -n 500 -l 2000 10.120.114.23
ඉහත command එකෙන් කියන්නෙ දක්වල තියෙන IP address එකට ping 500 යවන්න packet size එක byte2000 බැගින්වන. ඉතින් ඔය විදියට server එකට විශාල පන්‍රමාණයක් packet යැව්වොත් සොරිම තමයි නේද සහෝ....
මමත් blog එක අද තමයි මුලින්ම කියෙව්වේ....මට blog එක මාර වැදගත්......මේවගේ ගොඩක් සරලව ලිපි පලකරනවට ඔයාට ගොඩක් thanks..........good luck
ReplyDeletemaru machooo
ReplyDeleteDDOS attack 1 dunnama wena aula mokakda
ReplyDeletemaru
ReplyDeletesalt likit
ReplyDeletesalt likit
dr mood likit
big boss likit
dl likit
dark likit
İ6Q