26 April 2011

CCNA හත්වන පාඩම configuring a Single CISCO Router [Part i] (රවුටර් යකාව නටවමු).

CCNA හත්වන පාඩම configuring a Single CISCO Router [part i]      (රවුටර් යකාව නටවමු).
                                    මේ පාඩම හරහා අපිට පුළුවන් CCNA හතරවන පාඩමෙන් ඉගෙන ගත්තු Router Modes හරහා Router එකක් අපිට අවශ්‍ය ආකාරයට සැකසුම් (configure) කරගන්න. ඊට කලින් මම කලින් පාඩමේ කියල දුන්නු Router එකට command type කිරීමේදී දැනගත යුතු දේවල් මතකයේ තියාගෙනම මේ ටිකත් ඔලුවට දාගන්න. මේවත් අපි Router එකකට command දීමේදී දැනගෙන ඉන්න එක කෝකටත් හොදයි.
Shortcut key     කාර්යය
Ctrl + A type කල command එකක මුලට නැවතත් cursor එක ගෙනයාම.
Ctrl + E type කල command එකක  අගට cursor එක ගෙනයාම.
Ctrl + B type කල command එකේ අකුරක් පසුපසට cursor එක ගෙනයාම.
Ctrl + F type කල command එකේ අකුරක් ඉදිරිපසට cursor එක ගෙනයාම.
Ctrl + D එක් character (අකුරක්) එකක් මැකීම.
Ctrl + Z configuration mode එකෙන් ඉවත් වී Privilege/Enable එහෙමත් නැත්තම්  EXEC           
Mode එකට පැමිනිම.
Tab අසම්පූර්ණ command සම්පූර්ණ කිරීම
? ඔබ type කල command එක හා සම්බන්ධ කල හැක් අනෙකුත් command පෙන්වීම.
            
Shortcut key    
                                                           කාර්යය

Ctrl + P or Up arrow අවසානයට Router එකට ඇතුලත් කල command එක පෙන්වීම
Ctrl + N or Down arrow මුලින් Router එකට ඇතුලත් කල command එක පෙන්වීම


                  කලින් පාඩමේදි අපි මුලින්ම කතාකරපු Mode එක තමයි User Mode එක. ඒ Mode එකේ අපි ගොඩක් කරන්නෙ ping command වගේ testing and verification වැඩ කටයුතුයි. ඒ හින්ද අපි Router අතර සම්බන්දතාවයක් ගොඩනගාගත්තට පස්සෙ මේ Mode එක හරහා වැඩ කරමු. දැන් අපි ඊලග Mode එක වන Privilege Mode එකේ ඉදල (කලින් පාඩමේදි මට කියන්න දෙයක් අමතක උනා ඒ තමයි මේ Mode එකට Enable වගේම EXEC Mode කියලත් කියනව) Router එකට කරන්න පුළුවන් සැකසුම් (CCNA ‍කරන අය වශයෙන් දැනගෙන සිටිය යුතු configuration) මොනවද කියල බලමු.


**දිනය හා වේලාව සකස් කිරීම: (Setting up Time & Date for the Router): පහත පෙන්නල තියෙන්නෙ මම කලින් පාඩමේ සදහන් කරපු විදියට command එකේ කොටසක් දැනගෙන ඉතිරි කොටස Router එකේ IOS එක හරහා ලබාගෙන Router එකට දිනය හා වෙලාව සකස් කරල තියෙන ආකාරයයි. බලන්න ප්‍රශ්නාර්ථ (?) ලකුණ යොදාගෙන කොච්චර ලේසියෙන් Router එකට සැකසුම් කරන්න පුළුවන්ද කියල.
 අපිට පහත ආකාරයටත් ඉහත දිනය හා වේලාව කෙලින්ම command එක භාවිතා කරල කරන්න පුළුවන්.
"show clock" command එක හරහා අපි Router එකට සකසපු වෙලාව බලන්න ලුළුවන්.තව දෙයක් තියෙනව, හොදට බලන්න අපි සකසපු වේලිව හරි නෑ නේද. ඒකට හේතුව තමයි 717 UTC යටතෙ දක්වල තියෙන්නෙ time zone එක හින්ද, ඒ අනුව තමයි වෙලාව හැදිල තියෙන්නෙ. අපි time zone එක 0 කලානම් හරි. පහත විදියට අපිට ඒක කරන්න පුළුවන්.
 මතක තියා ගන්න මේ UTC සකසන හැටි exam එකේදි අහන්නෙ නෑ කියල. තව දෙයක්, බලන්න UTC සැකසුම් කරල තියෙන්නෙ Globle Configuration Mode එකේ ඉදලයි.

**Router එකේ IOS image name, Flash memory ධාරිතාව හා එහි ඉතිරි ඉඩ ප්‍රමානයන් බැලීම: Router එකට "show flash" කියන command එක දුන්නනම් කලින් සදහන් කරපු විස්තර සේරම බලාගන්න පුළුවන්.
 මෙතනදි flash memory එක ගැන තොරතුරු byte වලින් දක්වල තියෙන හින්ද අවුල් වෙන්න එපා, පොඩ්ඩක් ඕක Mb වලට හරවගෙන බලන්න. එතකොට හොදටම තේරෙයි flash memory එකේ ඉඩ ප්‍රමානය ගැන.අපිට මේ තොරතුරු ගොඩක් වැදගත් වෙනව Router එක backup & restore කිරීම් කටයුතු වලදි. 

**Configuration Register value, IOS image තොරතුරු තවදුරටත් බැලීම:"show version" කියන command එක Router එකට දුන්නම අපිට ඉහත විස්තර සේරමයි ඕනවටත් වැඩියෙන් තොරතුරුයි පෙන්වනව.
 ඔයාලට මේ output එක යටතේ ‍--More-- කියල සදහන් උනානම් ඒ  තොරතුරු අපිට බලන්න පුළුවන් Enter key එක හෝ Space key එක භාවිතා කරල. ඉහතින් මම Configuration Register value කියල එකක් කිව්ව මතකයිනෙ. අන්න ඒ value එක තමයි ඔය out put එකේ යටින්ම දක්වල තියෙන්නෙ. මේ value එක අපිට ගොඩක් වැදගත් වෙන්නෙ ROM Monitor Mode එක හරහා Router එකට assign කරපු password Recovery කරන්න ගියාම. පස්සෙ අපි මේ Recovery සෙල්ලමත් Router එකට දාද්දි ඔය කිව්වෙ මොකද්ද කියල හොදටම තේරෙයි.


**Router එකට කලින් ඇතුලත් කල commands බැලීම: අපි Router එකට සැකසුම් සකස් කරන්න ඇතුලත් කරන commands නැවත බලන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. Router එකේ "show history"  කියල type කලාම අපි කලින් ඇතුලත් කල command දහයක් දක්වා Router එක අපිට පෙන්වනව.
අපිට පුළුවන් Router එකට සැකසුම් කරන්න මිට වැඩි history command ප්‍රමානයක් බලන්න පුළුවන් වෙන ආකාරයෙන්. ඒක කරන්නෙ පහත විදියටයි.
 දැක්කනෙ මෙතනදිත් මම ප්‍රශ්නාර්ථ ලකුණ භාවිතා කරල Router එකෙන් උදව්වක් ගත්තු හැටි. <0-256> අගයෙන් දක්වල තියෙන්නෙ මේ අතර අගයක් අපේ history ප්‍රමානය වශයෙන් දාන්න කියලයි.මම කරපු විදියට නම් මට දැන් පසුගිය command 40 බලාගන්න පුළුවන්. 


** සැකසුම් ලිපි ගොනු ගබඩා කිරීම  (coping configuration file): මම 5වෙනි පාඩමෙන් කිව්ව Router එකේ Running Configuration හා Startup Configuration කියල file වරිග දෙකකුත් ඒවගෙන් වෙන කාරයයනුත් මොනවද කියල. අපිට Router එකේ RAM එකේ තියෙන Running Configuration file "show running-config" හෝ "show run" කියන command දෙකෙන් එකක් භාවිතා කරල බලාගන්න ප්‍රළුවන්.
            මම කලින් පාඩම් වලදිත් කියපු දෙයක් තමයි කොච්චර Router එකට සැකසුම් කලත් ඒවා Router එකේ NVRAM එකට ගබඩා කලේ නැත්තම් අපි කරපු සැකසුම් වලින් කිසිම වැඅඩක් නෑ කියල. අපිට Enable Mode එකේ ඉදගෙනම Configuration file ගබඩා කරන්න පුළුවන්. "copy" කියන සරල command එකයි ඒකට පාවිච්චි කරන්නෙ. Running Configuration file Startup Configuration වල ගබඩා කරන්න ඒ කිව්වෙ RAM එකේ තිනයන ඒව NVRAM එකේ ගබඩා කරන්න "copy running-config startup-config" කියන command එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැතිනම් "write" හෝ "copy run start" කියන command එකත් ඒ සදහා භාවිතා කරන්න පුළුවන්.
Startup Configuration file Running Configuration වල ගබඩා කිරීමට (NVRAM to RAM) අපට "copy startup-config running-config" කියන command එක හෝ කෙටියෙන් "copy start run" කියන command එක භාවිතා කරන්න පුළුවන්.
     Destination filename [startup-config]? කියල අහල තියෙන්නෙ Running Configuration Startup configuration වල ගබඩා කරන තැනයි. අපි දැනට Router එකේම ගබඩා කරන හින්ද එතනට මම කරල තියෙන දේම ඔයාලත් කරන්න. මෙවනි අවස්ථාවක  අපි configuration file ගබඩා කරන ස්ථානයක් ලබා දෙන්නෙ backup කිරීම් කටයුතු වලදියි. 


**සැකසුම් ගොනු ඉවත් කිරීම (Deleting Configuration file): Router එකේ RAM එකේ තියෙන Running Configuration file නම් Router එක off කල ගමන්ම ඉවත්වෙලා යනව කියල හැමෝම දන්නවනෙ. දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ NVRAM එකේ තියෙන ඒව කොහොමද මකල දාන්නෙ කියන එකයි. ඒක කරන්න පුළුවන් "write erase" හෝ "erase startup-config" යන command වලින් එකක් භාවිතා කරල.
දැන් Router එකේ සියළුම Startup Configuration file ඉවත් වෙලයි තියෙන්නෙ.
                                          දැන් කරපු මේ සියළු සැකසුම් අපි කලේ Router එකේ Enable\Privilege\EXEC Mode එකේ ඉදලයි. හරියට ඔයාල command type කලානම් තේරෙන්න ඕන බොහෝ දුරට show commands අපි භාවිතා කරන්නෙ Router එකේ තොරතුරු  බලාගන්න කියල හා අපි Router එකට කල සැකසුම් බලාගන්න කියලය. පහත දැක්වෙන show command ටිකත් ඔයාල හොයල බලන්න මොනවද ඒවගෙන් පෙන්වන්නෙ කියල.
                          
** Router එක restart කිරීම: අපිට Enable Mode එකේ ඉදලම Router එක restart කරන්නත් පුළුවන්. මතක තියා ගන්න Router එක restart කරන්න කලින් ඔයාලට අවශ්‍ය සැකසුම් Router එකේ ගබඩා කලාද කියල."reload" කියන command එක තමයි මේ සදහා අපි භාවිතා කරන්නෙ.
                                       Router එකට Enable Mode එකේ ඉදගෙන අපි ගොඩක් සැකසුම් කලානෙ, දැන් අපි බලමු Global Configuration Mode එකේ ඉදල Router එකට කරන්න පුළුවන් සැකසුම් කිහිපයක්.


** Router එකට නමක් දීම (Setting up Host name): Router එකට ලබාදෙන නමට කියන තවත් නමක් තමයි Host name එක කියන්නෙ. ඔය හැම එකකටම නමක් තියෙනව වගේ අපිට පුළුවන් Router එකටත් කමක් දෙන්න. Router එකට නමක් ලබා දුන්නට පස්සෙ CLI එක හරහා Router එක පෙන්වන්නෙ අප සකසපු නමිනුයි. Router කියිපයක එක වර සැකසුම් සකස් කරද්දි Router එකට නමක් ලබා දී තිබීම ගොඩක් වැදගත් වෙනව. ඒකෙන් අපිට පුළුවන් එක් එක් Router එක වෙන් කරල හදුනාගන්න. මම කලින් කිව්ව වගේ Router එකට නමක් assign කිරීමේ කාර්යය කරන්නෙ Router එකේ Global Configuration Mode එකේ ඉදලයි.(දිගයම ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරන්න එතකොට ඒ ඒ අවස්ථාවට ගැලපෙන්නෙ මොන Mode එකද කියල ඔයාලට නිකම්ම තේරෙයි. "hostname" කියන command එකට පස්සෙ Router එකට දෙන්න ඕන නම type කලානම් Router එකට අපි නමක් දීලත් ඉවරයි.
        දැන් අපිට බලන්න පුළුවන් අපි Router එකේ මොන Mode එකට ගියත් Router එකට ලබා දුන්නු නමිනුයි CLI එක හරහා දැන් Router එක පෙන්වන්නෙ කියල.


**පුවරු ප්‍රදර්ශනය (Setting up Banner): පුවරු ප්‍රදර්ශනය කියල මෙතනදි කියන්නෙ Router එක start වෙද්දි අපට CLI එක හරහා පෙන්වන අප විසින් Router එකට ලබාදෙන ලද යම් පණිවිඩයකුයි. මෙහෙම කිව්වොත් තව ටිකක් හොදට තේරුම් ගන්න පුළුවන්, Windows පරිගණකයක් boot වෙලා desktop එක‍ට එන්න කලින් අපිට පණිවිඩයක් (message) එකක් පෙන්වන්න පරිගණකයට සැකසුම් කරන්න පුළුවන්නේ.. අන්න ඒ වගේ දෙයක් තමයි Router එකේ Banner එක කියල කියන්නෙ. "banner motd # your message #" යන command එකෙන් මේ දේ කරන්න පුළුවන්.
ඉහත විදියට banner එක හදල සැකසුම් ගබඩා කරල Router  එක restart කරල බලන්න. පහත ආකාරයට ඔයාල හදපු banner එකත් CLI එක හරහා පෙන්වාවි.


ඊලග පාඩමෙන් Router එකක මුහුනත් (Interfaces) අපිට අවශ්‍ය ආකාරයට සකසන හැටි බලමු
*****ජය ශ්‍රී*****


20 April 2011

CCNA හයවන පාඩම Router Modes (රවුටරේ වටේ රඋමක් යමු).

                              ඔන්න හුග දවසකට පස්සෙ බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න වෙලාවක් වෙන් කරගත්ත. මේ දවස් වල ලෙඩයි පාඩම් වැඩයි හින්ද මොකුත් හරියට කරගන්න බැරිඋනා. ඔන්න එහෙනම් අපි ආයෙත් පටන්ගමු CCNA පාඩම් මාලාව. දැන් අපිට තියෙන්නෙ හයවන පාඩම. සිංහළ දෙමළ අළුත් අවුරුද්දට පස්සෙ  හා හා පුරා කියල මේ කොල්ල දාන පෝස්ට් එක බලල හොද නරක කියල comment එකක් දාන්න. එහෙනම් අපි පාඩම පටන් ගමු.


CCNA හයවන පාඩම Roter Modes (රවුටරේ වටේ රවුමක් යමු)
                                                   මෙන්න මේ පාඩමෙන් තමයි අපි Router එකේ CLI එක හරහා සැකසුම් (settings / configuration) සකස් කිරීමට මුලික පියවර තියන්නෙ. මෙච්චර කල් අපි ඉගෙනගත්ත CCNA පාඩම් මාලාවෙ තිබුනෙ Router එක ගැන පොඩි පොඩි හැදින්වීමුයි. දැන් ඉදල තමයි Router එක ඇගට වදින්න ඉගෙන ගන්නෙ. ඇගට වදිනව කියන්නෙ ඔය මොල කට්ටට හරියටම තේරෙනව කියන එකනෙ, බොක්කටම වදිනව කියන්නෙත් ඕකටමනෙ නේද?..මේ පාඩම කියවගෙන යද්දි ඔයාලට තව ප්‍රශ්නයක් එනව.ඒක තමයි අපිට Router එකක් නැහැනෙ පොඩි configuration  එකක්වත් කරන්න කියන එක. ඔය හැම ප්‍රශ්නයකටම විසදුමක් තියෙනව වගේ අපිට පුළුවන් virtual Router එකක් හරහා අපේ configuration ප්‍රායෝගිකවම අත්හදා බලන්න. මමත් කරන්නෙ එහෙමයි. අපිට කොහෙන්ද බූල් බල්ලො කිව්ව වගේ configurable Cisco Routers ගන්න අපිට කොහෙන්ද සල්ලි. Packet Tracer කියන්නෙ අපිට ඒ විදියට ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරන්න පළුවන් හොද මෘදුකාංගයක්. මෙන්න මෙතන ක්ලික් කෙරුවනම් ඔයාලට පටස් ගාල ඒක බාගන්න පුළුවන්. ඔන්න දැන් මම හිතාගෙන ඉන්නෙ ඔයාලත් ඔය කලින් කියපු මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කරගෙන පොඩ්ඩක් අත පත ගාල Router එකක් add කරගෙන සැදී පැහැදී ඉන්නව කියල පොඩි රවුමක් යන්න.
                                               දැන් තමයි පාඩම හරියටම පටන් ගන්නෙ. අපි Router configuration කරන්න නම් දැනගත යුතු මුලිකම දේ තමයි මොනවද මේ Router එකේ තියෙන Modes හා ඒ එක එක Mode එකන් කරන කාර්යයන් මොනවද කියල. දැන් අපි බලමු මෙනවද මේ Router එකේ තියෙන Modes හා ඒවට CLI එක හරහා ඇතුලත් වෙන්නෙ කොහොමද කියල.

Router Modes
  • Setup Mode
  • User Mode
  • Enable or Privilege Mode
  • Global Configuration Mode
  • ROM monitor Mode
වැදගත්: දැන් අපි Router එකේ command type කරනව, ඒ command type කිරීමේදී මේ කරුනු ටිකත් මතකයේ තියාගන්න. Router එකේ command type කිරීමේදී type කරන command එක හරියටම දන්නැත්තම් ඒ command එකේ දන්න ටික type කරල ප්‍රශ්නාර්ත (?) ලකුන දාල Enter යතුර ඔබන්න. එතකොට අපි කලින් type කරපු එකට සමාන commands Router එකේ IOS එක මගින් පෙන්නනව. ඊට පස්සෙ අපිට හරියන command එක එතනින් තෝරගන්න පුළුවන්. තවත් දෙයක් තමයි command එකක පොඩ්ඩක් type කරල Tab යතුර ඔබපුවාම ඒ command එක සම්පූර්ණ කරල Router එක අපිට ලබා දෙනව. අනිත් එක තමයි එක් Mode එකකින් ඉවන්වෙන්න ඕනනම් exit කියල type කරල Enter ඔබන්න. මේ වගේ පොඩි පොඩි දේවල් දැනගෙන ඉන්න එක ලොකු වැඩ කරද්දි ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.


Setup Mode:
          අපි Router එකට විදුලිය ලබාදී switch on කල ගමන්ම Router එකේ ඊට කලින් සැකසුම් කිසිවක් කරල නැත්තම් ඒ කිව්වේ සැකසුම් කිසිවක් NVRAM එකේ නැත්තම් (CCNA පස්වන පාඩම බැලුවනම් NVRAM එකේ මොනවද තියෙන්නෙ මොනවද වෙන්නෙ  කියල තේරුම් ගන්න පුවවන්) Router එක Default Setup Configuration Mode එකෙන් ආරම්බ වෙනව. 
මෙතනදි yes කියල දීල ආයෙත් අහන Would you like to enter the initial configuration dialog ? යන එකටත් yes කියල දුන්නොත් අපිට Setup Mode එකේ ඉදල Router එකට මූලික සැකසුම් කරන්න පුළුවන්.
දැනට අපි මෙතන no කියල type කරල ඊලග Mode එකට යමු.
ඔතන RETURN කියල කියන්නෙ Enter key එකට කියල මතක තියාගන්න. දැන් අපි ඊලග Mode එකට යමු.

User Mode:
          කලින් කිව්ව වගේ අපි no කියල ගහල දැන් ඇවිල්ල ඉන්නෙ User Mode එකට.
                       අපිට මේ Mode එක පාවිච්චි කරල ping commands (දන්නවනෙ ping commands පාවිච්චි කරන්නෙ network එකේ හරි වැරදි හොයා බලන්න කියල, සිංහලෙන් කියනවනම් testing and verification වගේ කටයුතු වලට කිව්වොත් හරි) කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ Mode එකේදි Router එකේ සමහර තොරතුරුත් අපිට බලාගන්න පුළුවන්. ඒ කිව්වෙ Router එකේ flash එක එකකොට version එක වගේ මෙකී නොකී ගොඩක් දේවල් අපිට මේ Mode එකේදි බලන්න පුළුවන්. තව දෙයක් තමයි අපිට Router එක User Mode එකේ පවතින්නෙ කියල Router එකේ නමට පස්සෙ තියෙන මේ > සංකේතයෙන් අදුනගන්න පුළුවන්.
දැන් යමු ඊලග Mode එකට.

Enable Mode (Privilege Mode): 
          User Mode එකේ අපි enable කියල type කරල අපිට Enable එහෙමත් නැත්තම් Privilege Mode එකට යන්න පුළුවන්.
                            මේ Mode එකේදි Router එකේ තොරතුරු හොදින් බලාගන්න පුළුවන්. ඒ වගේම Router එකේ වෙලාව, දිනය වගේ සැකසුමුත් debugging (මේ ව‍චනෙ සිංහළ තේරුමනම් කියන්න අමාරුයි, ඊලග පාඩමේ ඉදල අපි ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරද්දි මේව මොනවද කියල තේරෙයි) හා අපි Router එකේ එක එක Mode වලට ගිහින් කරන සියළු සැකසුම් ගබඩා (saveකිරීම් කරන්නේ මේ Mode එකේ ඉදලයි. ඒ කියන්නේ අපි Router එකට දැන් කරන සියළු සැකසුම් ගබඩා‍ වෙලා තියෙන්නෙ RAM එකේනෙ, දන්නවනෙ RAM එකේ ගබඩා වෙලා තියෙන ඒව Router එක off කරපු ගමන්ම මැකිල යනව කියල. අන්න ඒක හින්ද අපි RAM එකේ කරපු සැකසුම් Router එක ආයෙත් on වෙද්දි අපි කරපු සැකසුම් වලට අනුව ප්‍රවේශනය කරන්න NVRAM එකට copy කරන්න ඕන (එතකොට තමයි අපි Router එකේ Running Configuration වල කරපු සැකසුම් Startup Configuration වලට ගබඩා වෙන්නෙ.මේ ගැන හොදටම දැනගන්න කරන්න ඕන හොදම වැඩේ මගේ පසුගිය post කියවන එක). අන්න ඒ වගේ වැඩ කරන්නෙ මේ Mode එකේදි තමයි. තව Terminal Configuration (මේව මොනවද කියල පසුව කතා කරමු) නුත් මේ Mode එකේ ඉදල කරන්න පුළුවන්. අපි Router එකේ Enable Mode එකේ ඉන්නෙ කියල අපිට Router name එකට පස්සෙ තියෙන #  ලකුනෙන් අදුනගන්න පුළුවන්.
             තව දෙයක් තියෙනව ඒ තමයි අපි Router එකේ ඕනෑම Mode එකකට ගිහින් Ctrl + Z යන key දෙක ගහපුවාම නැවතත් අපිට එකපාරටම Enable Mode එකට එන්න පුළුවන්.

Global Configuration Mode:
          Router එකේ මෙන්න මේ Mode එකෙන් තමයි අපිට ඕන ඕන විදියට මේ Router යකාව නටවන්න පුළුවන්.මේ Mode එකට යන්න නම් අපි Enable Mode එකේ configure terminal කියල type කරන්න ඕන.
      මේ Mode එක හරහා අපිට Router එකට නමක් ලබාදෙන්න, ඒ වගේම Router එකේ මුහුනත් (Interfaces: උදා: serial port, Ethernet port, FastEthernet port) වල සැකසුම්, Router එකේ ආරක්ෂාව සදහා රහස් පද (password) සැකසීමත් ACL (Access Control List), NAT (Network Address Translate), PAT වගේ ගොඩක් සැකසුම් කරන්න පුළුවන්.(බයවෙන්න එපා අපි පසුව ඔය ACL,NAT,PAT ගැන විස්තර ඇතුව කතා කරනව) අපි Router එකේ Global Configuration Made එකේ ඉන්නෙ කියල දැනගන්න පුළුවන් Router එකේ නමට පස්සෙ (config)# කියල සදහන් වෙලා තියෙනවනම්.

ROM Monitor Mode:
          අපි Router එක on කරද්දි Ctrl key එකයි Break key එකයි ඔබාගෙන හිටියොත් Router එක ROM Monitor Mode එකෙන් boot වෙනව. මේ Mode එක පාවිච්චි කරන්න පුළුවන් අපි Router එකට දාපු රහස් පද අමතක වෙලා Router එකට CLI එක හරහා ඇතුළුවෙන්න බැරි උන වෙලාවට ඒක නැවත හරිගස්ස ගන්න. ඒ ටික හොදට මතක තියාගන්න, පස්සෙ අපි පාඩමකින් Password Recovery යටතේ ප්‍රායෝගික ක්‍රියාකාරකමකුත් එක්ක මේක හොදට බලමු.


.....................ඊලග පාඩමෙන් Router යකාව නටවමු....................
                                                              *****ජය ශ්‍රී*****

08 April 2011

පස්වන පාඩම Internetwork Operating System [IOS] (Router එකට වැඩේ දෙමු)

 Internetwork Operating System [IOS]
                             මම හතරවන පාඩමෙන් කිව්ව මතකයිනෙ CCNA වල වැඩියෙන්ම කතා කරන්නෙ Router එක ගැනයි කියල. ඔන්න දැන් තමයි Router එක හරියටම අත පත ගාල පොඩි ගේමක් දෙන්න හදන්නෙ. මේක IOS කියල මගුලක් මාතෘකාවට ලියල Router එක ගැන කියන්නෙ මොකද කියල දැන් හිතෙනව නේද. මේන්න මේකයි කාරණය CISCO Internetwork Operating System (IOS) කියන්නෙ CISCO Routers වල හා සමහර Switches(උදා:catlyst 2950) වල තියෙන kernel එකයි. දන්නවනෙ  kernal එක කියන්නෙ මෙහෙයුම් පද්ධතියක තියෙන ප්‍රධානම හා අත්‍යවශම අංගය කියල. ඒ කිව්වෙ මෙහෙයුම් පද්ධතියත් දෘඩාංගත්(අපි hardware කියන්නෙත් මේවටම තමයි) අතර සම්බන්දතාවය ඇතිකරන එක කියල. අපිට cisco IOS එකට CLI (Command Line Interface) එකක් හරහා සම්බන්ද වෙන්න පුළුවන්. දැන් තියෙන cisco ලගෙ Routers හා Switches වලට GUI (Graphical User Interface) විදියටත් අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒත් අපි CCNA (640-802) විභාගය කරනවනම් CLI එක හරහා Routers හා Switches වල Configuration කිරීමටයි දැනගෙන ඉන්න ඕන. CLI එකෙන් වැඩ දාන්න ඉගෙන ගත්තට පස්සෙ GUI එක නිකම්ම හුරුවෙනව හරියට කජු කනව වගේ. දන්නවනෙ කජු කන තත්වයට පත්කරන්න සෑහෙන ගේමක් දෙන්න ඕන කියල.කජු කඩල ඒව කපල, සුද්ද කරල මහන්සි වෙන්න එපැයි කජු කන්න හදාගන්න, ඊට පස්සෙ කන එක ගැන කියන්න ඕන නෑනෙ.අන්න ඒවගේ තමයි CLI එකත් පොඩ්ඩක් බර දාල ඉගෙන ගත්තට පස්සෙ GUI එක කජු කනව වගේ වෙන්නෙ.
                          දැන් අපි බලමු මොනවද cisco IOS එකේ තියෙන වැදගත්කම්, කාර්යයන් මොනවද  කියල.

  • Network Protocol ස‍ම්බන්ධයෙන් වැඩ කටයුතු කිරීම(Protocol හදුනාගැනීම, එක් එක් Protocol හා සම්බන්ධ වීම වනි කටයුතු)
  • ජාලයන් අතර වේගයෙන් තොරතුරු හුවමාරු කලහැකි සම්බන්ධතාවයන් ගොඩනැගීම.
  • අවසරයක් නොමැති සම්බන්ධතාවයන් වැලක්වීම හා ආරක්ෂාකාරී ලෙස ජාලය පවත්වාගෙන යාම.
  • පහසුවෙන් Network එක පුළුල් ක්රීමට හා අනවශ්‍ය සම්බන්ධතාවයන් නැති කිරීමට පහසුකම් සැපයීම.
  • ජාලයෙහි ඇති වෙනත් උපකරණ හා පහසුවෙන් හා ආරක්ෂාකාරී ලෙස සම්බන්ධ වීමට පහසුකම් සැපයීම.
                            අපට CLI ආකාරයට Router එකට ක්‍රම කිහිපයකින්ම සම්බන්ධ වෙන්න පුළුවන්. 
  • පළමු ක්‍රමය තමයි (ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නෙත් මේ ක්‍රමයයි) Router එකේ Console port එකත් පරිගණකයේ Com port (serial port)එකත් console cable එකක් හරහා සම්බන්ධ කිරීමෙන්.

මෙන්න CISCO original Console Cable එකක් 
‍මම CCNA පළමු පාඩමේ කියපු Rollover cable එකෙනුත් මේ වැඩේ කරන්න පුළුවන්.Rollover cable එකේ එක පැත්තක් Router එකේ Console port එකටත් අනිත් කෙළවර පරිගණකයේ Com port (serial port)එකට පොඩි පරිවර්තකයක් (converter එකක්) පාවිච්චි කරල සම්බන්ධ කිරීමෙනුත් අපට CLI ආකාරයට Router එකට සම්බන්ධ වෙන්න පුළුවන්.
                          මේ ආකාර දෙකෙන් එක විදියකට Router එක හා පරිගණකය අතර සම්බන්ධතාව ගොඩනගාගත්තට පස්සෙ අපි Hyper Terminal (Start > All Programs > Accessories > Communication > Hyper terminal) window එක ලබාගන්න ඕන.(Hyper terminal වලට අමතරව අපට වෙනත් third party softwares පාවිච්චි කරන්න පළුවන්) ඊට පස්සෙ Hyper Terminal එකේ එන dialog boxes වල පහත තියෙන විදියට settings හදන්න.
Connection Name එක කැමති නමක් දෙන්න
Connect using යන තැනට cable එක සම්බන්ධ port එක තෝරල දෙන්න
com properties dialog box එකේ settings මේ විදියට හදන්න.
ඔන්න ඔය විදියට settings කලාට පස්සෙ අපේ Router එකට CLI හරහා සම්බන්ධ වෙන්න පුළුවන්.
  •  අපිට Router එකේ IOS හා සම්බන්ධ වෙන්න පුළුවන් දෙවන ක්‍රමය තමයි Router එකේ Auxiliary port එකෙන්.මේ Auxiliary port එකම තමයි අපි භාවිතා කරන්නෙ Modem Router එකට සම්බන්ධ කරන්නත්. ඉතින් අපි dial up modem එකක් මේ port එකට සම්බන්ධ කරල Network එකෙන් පිට( out of the band)ඉදල උනත් Router එකේ IOS හා සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට Hyper Terminal එකේ connect to window (දෙවන window) එකේ එන settings අපි Router එකට සම්බන්ධ කරපු dial up modem එකේ තියෙන settings අනුව වෙනස් කරන්න ඕන.
  • IOS හා සම්බන්ධ වෙන්න පුළුවන් තුන්වෙනි ක්‍රමය තමයි Telnet.(Telnet ගැන වැඩි විස්තර පසුව කති කරමු) අපිට Router එකේ ඕනෑම active port එකක් හරහා Telnet අකොරයට IOS හා සම්බන්ධ වෙන්න පුළුවන්.මේකත් ඔය ගමන්ම මතන තියාගන්න SSH (Secure SHell)කියන්නෙ Router එකට Telnet ආකාරයට සම්බන්ධ වෙන්න පුළුවන් ආරක්ෂිත ක්‍රමයක්(මේක protocol එකක්, මේ protocol එකෙන් network එකේ තියෙන devices දෙකක් අතර ආරක්ෂාකාරී ලෙස තොරතුරු හුවමාරු කරගන්න පුළුවන්.මේකෙ port number එක තමයි TCP port 22).               

 Router එක ගලවමු (Internal Component of a Router) 
මේක දැකල බයවෙන්න එපා.CCNA වලදි Router එකේ දෘඩාංග ගැන අහන්නෙ නෑ. ඒත් අපි හොදටම දැනගතයුතු එකක් තමයි Router එකේ Memory එක ගැන.Router එකේ ප්‍රධාන Memory වර්ග හතරක් තියෙනව.
  1. RAM
  2. NVRAM
  3. Flash
  4. ROM
RAM
Random Access Memory, Router එකේ මේ කොටසෙ තමයි Router එක on කල වෙලාවෙ ඉදල ක්‍රියාත්මක වෙන (Running configuration file) කාර්යයන් ගබඩා වෙලා තියෙන්නෙ. ඒ වගේම තමයි caching (තාවකාලිකව මතකයේ ගබඩා කර තබාගතයුතු දේවල් ඒ කිව්වෙ routing table,packet buffering,packet queues,ARP cache ,fast switching cache වගේ දේවල්)එක තියෙන්නෙත් මේකෙම තමයි. තවත් වැදගත්ම කාරණයක් තමයි RAM එක කියන්නෙ volatile memory එකක්. ඒ කියන්නේ විදුලිය නැති උන ගමන්ම RAM එකේ ගබඩා වෙලා තිබුනු ඒවත් මැකිල යනව එක.හරියටම කිව්වොත් Router එක off කරපු ගමන් RAM එකේ තියෙන ඒවත් නැති වෙලා යනව.

NVRAM
Non Volatile Random Access Memory නමින්ම තේරෙනවනෙ මේ කොටසෙ ගබඩා වෙලා තියෙන ඒව විදුලිය නැති උනා කියල මැකිල යන්නෙ නෑ.මේ කොටසෙ ගබඩා වෙලා තියෙන්නෙ Router එක ආරම්බයේදි විය යුතු කාර්යයන් (Startup Configuration File) ඒ කිව්වෙ අපි Router එකට කරපු settings ගබඩා කලානම් ඒව තියෙන්නෙ මේ NVRAM එකේ තමයි. උදායරණයකක් විදියට කියනවනම් Router එකේ port වලට assign කරපු IP addresses ගන්න පුළුවන්.

Flash
Flash memory එකේ තමයි අපේ කතා නායකය ඒ කිව්වෙ CISCO IOS image file එක කියෙන්නෙ. තව Operating System Configuration ඒ වාගේම Backups ගබඩා වෙලා තියෙන්නෙත් මෙතනයි. Flash memory එක EEPROM (Electronically Erasable Programmable Read Only Memory) එකක්. ඒ නිසාම අපිට මේ memory එක නැවත නැවත අළුත් කරන්න පුළුවන්.

ROM
ROM එක කරන්නෙ පරිගණකයේ තියෙන BIOS එක කරන වැඩේට සමාන වැඩක්. ඒ කිව්වේ Router එකට විදුලිය ලැබුනු ගමන් Router එකේ තියෙන දෘඩාංග හරහා Router එක ක්‍රියාකාරී තත්වයට පත් කිරීමයි. තවත් තේරෙන්නම කියනවනම් POST (Power On Self Test) එක කරන එකයි. තව එකක් මතක තියාගන්න Mini IOS කියල කොටසකුත් මේ ROM එකේ තියෙනව කියල.

Router එක boot වෙන අනුපිලිවෙළ.
  1. POST එක මගින් දෘඩාංග load කිරීම.
  2. Bootstrap code ROM එක හරහා load කැරීම.
  3. Router එකේ Flash එක හරහා  IOS එක  load කිරීම.
  4. NVRAM එකේ තියෙන Startup configuration  load කර එය  Running configuration වශයෙන් RAM එකට Copy කිරීම.



CCNA හයවන පාඩමෙන් හමුවෙමු... 
සුභම සුභ සිංහළ අළුත් අවුරුද්දක් වේවා !!!!!!!!!!!!!!!!!


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...