28 March 2011

CCNA හතරවන පාඩම Network Devices Behavior (Network එකට අත ගැසීම)

Network Devices Behavior (Network එකට අත ගැසීම)
                                        Network එකකට විතරක් නෙමෙයි ඔය මොන දේට අත හරි ඇගිල්ල හරි ගහන්න කලින් ඒ පිළිබදව හොද දැනීමකින් වැඩේට බහිනවනම් අතපය කඩාගන්නැතුව වැඩේ ගොඩ දාගන්න පුළුවන්. මේ පාඩමෙන් අපි බලන්න යන්නෙ Network එකේ තියෙන devices කිහිපයක ගති ලක්ෂණයි.

Hub
මෙන්න මේකට තමයි Hub එක කියල කියන්නෙ(මේකට විතරක් නෙමෙයි තව එකඑක විදියට Hub තියෙනව)දැන් බලමු මේ device එකේ ගති ලක්ෂණ මොනවද කියල.
මුලින්ම කියන්න ඕන දේ තමයි මේ device එක හරහා data communicate කරද්දි කිසිම security එකක් නැහැ.ඒ වගේම තමයි මේක half duplex device එකක්(ඔය duplex ගැන ආයෙ කියන්න ඕනෙ නෑනෙ). මම කලින් CCNA පාඩමේ කියපු විදියට මේ device එක වැඩකරන්නෙ physical layer එකෙයි.තව එකක් තමයි මේක unmanageable deviceඑකක්,කෙටියෙන් කිවිවොත් Hub එක අපිට settings කරන්න බෑ.තවත් Hub එකේ තියෙන අවාසියක් තමයි Hub එක හරහා data transmit කරද්දි ඒ data Hub එකත් එක්ක සමිබන්ධ අනිත් device වලිනුත් බැලීමේ හැකියාව තියෙනව. 
                    Hub එකට ගහල(attach) සේරම device තියෙන්කන එකම collision domain එකක සහ Hub එක කියන්නෙ only one broadcast domain එකක්.ඔය collision domain එකක් කියල කිව්වෙ උදාහරණයකින් කියනවනම් මෙන්න මෙහෙම එකක්, හිතන්නකො Hub එකට data packet එකක් ආව කියල ඊට පස්සෙ Hub එක කරන්නෙ ඒ data packet එක Hub එකේ  port වලට සම්බන්ද කරල තියෙන හැම device එකකටම එක පාර යවනව එකයි(broadcast කිරීමක් තමයි මෙතනදි කරන්නෙ ඒකනෙ නිව්වෙ only one broadcast domain එකක් කියලත්).මෙහෙම එකපාර data යවද්දි ඊට සම්බන්ධ සෑම device එකක් අතරම network Bandwidth එකත් බෙදිල යනව, අන්න ඒක හේතුවක් වෙනව network එකේ කාර්යක්ෂමතාව අඩුකරන්න.
                                        collision domain එකෙයි broadcast domain එකෙයි තියෙන වෙනස තමයි collision domain එක  broadcast domain එකට වඩා කුඩා වීම.ඒ වගේම තමයි collision domain එකක් පිහිටන්නෙ broadcast domain එකක් ඇතුලෙයි. Hub එක ගැන කතාකරන්න තව දේවල් තියෙනව, Hub එක හරහා data communicate කරද්දි සමහර වෙලාවට collision (ඝට්ඨනයන්) ඇතිවෙනව.collision එකක් ඇතිවෙන්නෙ මෙන්න මෙහෙමයි.Hub එකට සම්බන්ධ device එකකට වඩා වැඩිගණනක් එකවර data send කරන්න ගියාම තමයි මේක වෙන්නෙ. 
  
Hub එකට collision අදුනගන්න පුළුවන් හැකියාව තිබුනත් ඒක වලක්වා ගන්න හැකියාවක් නෑ.ඒකට හේතුව තමයි Hub එකට කිසිම තීරණ ගැනීමේ හැකියාවක් නැතිකම.මෙන්න මේකත් මතක තියාගන්න Hub එක කියන්නේ Repeater එකේ multi port device එකක් කියල.


  • මෙන්න මේකත් exam එකට යද්දි මතක තියාගෙන යන්න. CSMA/CD (Carrier Sense Multiple Access with Collision Detection)කියල access method එකක් තියෙනව Layer 2 එකේදි පාවිච්චි කරන Collision හදුනාගැනීමට හා වැලැක්වීමට.මෙන්න මෙතනින් ඒක ගැන පොඩ්ඩක් හොයල බලන්න. මෙන්න Hub එකේ  Symbol එක.
Switch
     Switch එක ගැන කතාකරද්දි මුලින්ම කියන්න ඕන දේ තමයි security එක. අපිට  Switch එක හරහා ආරක්ෂාකාරී ‍විදියට data transmit කරන්න පුළුවන්.ඒ වගේම full duplex device එකක් ඒ නිසාම Collision ඇති වෙන්නෙත් නෑ. Switch එක ඉතාමත් වේගයෙන් data transmit කරනව. එහෙම කරන්නෙ Switch එකේ තියෙන හැම port එකකටම වෙන්වුනු (dedicated) bandwidth එකක් තියෙන හින්දයි.මේකෙ තියෙන අනිත් වාසිය තමයි transmit කරන data බැලීමෙ හැකියාව තියෙන්නෙ source computer එකට හා destination computer එකට පමනයි.
               අනිත් එක තමයි Switch එක unicast හා multicast කරන device එකක්(Switch සමහර අවස්තාවල broadcast කිරීමක් කරනව destination MAC address එක MAC address table එකේ තිබුනෙ නැතිනම්).ඒ වගේම manageable device (අපට configuration කරන්න පුළුවන්) එකක්.මතක‍යිනෙ Switch එක කියන්නෙ layer 2 එකේ තියෙන device එකක් කියල.Switch එක Destination MAC address දිහා බලල තමයි තීරන ගන්නෙ.දැන් බලනව ඇති  මේ MAC address table එකයි තීරණ ගන්නව කියපු කථාවයි මොකක්ද කියල.මෙන්න මේකයි සිද්ධිය, Switch එක MAC address table එක හදාගන්නෙ source MAC address එක දිහා බලල මෙන්න මේ විදියට.
A computer (MAC address 0260.8c01.1111) එකට ඕන frame එකක් යවන්න C computer (MAC address 0260.8c01.2222 එකට, මුලින්ම frame එක A computer එකේ ඉදල E0 port එකෙන් Switch එකට ඇතුල් වෙනව ඊට පස්සෙ Switch එකේ buffer (මතකනේ තාවකාලික මතකයක් කියල) එකේ මේ frame එක තියාගෙන මුලින්ම කරන්‍ නේ source computer එකේ {A computer (MAC address 0260.8c01.1111) MAC address එක හා ඊට අදාල Switch එකේ port එක MAC address table එකට ඇතුල් කර ගන්න එකයි. ඊට පස්සෙ එම Switch එකේ MAC address table එකේ බලනව මේ  Destination MAC address {C computer (MAC address 0260.8c01.2222 )} එක තියෙනවද කියල, නැත්තම් Switch එකේ frame එක පැමිනි port එකෙන් හැර  අනිත් සේරම port හරහා මේ frame එක යවනව(broadcast).පහලින් තියෙන උදාහරෙනෙත් බලන්නකෝ. මේකත් බලන්නකෝ...
                   අපි හිතමු D computer එකට ඕන උනා කියල C computer එකට frame එකක් යවන්න, මෙතනදිත් Switch එක  මුලින්ම කරන්නෙ ඒ frame එක buffer එකේ තියාගෙන source computer එකේ MAC address ( 0260.8c01.4444) එකයි  ඊට අදාල Switch එකේ port එකයි MAC address table එකට දාගන්න එක. ඊට පස්සේ destination MAC address එක MAC address table එකේ බලල  ඒකෙ නැත්තම් frame එක පැමිනි port එකෙන් හැර අනිත් සියළුම port හරහා frame එක යවනව.(මේ රූපෙ පොඩි වැරද්දක් තියෙනව ඒක තමයි MAC address table එකේ දෙවනි address එක හැදෙන්න ඕන මේ විදියට E3: 0260.8c01.4444)
ඔන්න ඔය විදියට MAC address table එක හැදෙන්නෙ.මේ MAC address table සම්පුර්ණ උනාම ඊට පස්සෙ වෙන data transmission වෙන්නෙ Unicast transmission එකක් විදියටයි.මෙන්න Switch එකේ Symbol එක.(Bridge එකත් මේ හා සමානම ලක්ෂණ තියෙන එකක් කියල මතක තියාගන්න.)
Router
   පළමු දේ තමයි Router එක කිසිවිටකවත් network එක තුල broadcast කිරීමක් කරන්නෙ නෑ.Router එක network address හා interfaces යොදාගෙන Routing table හදාගෙන තියාගන්නව. ඒ වගේම තමයි Router එක network එකේ තියෙන broadcast domain ප්‍රමානය වැඩිකරනව. අනිත් එක තමයි Router එකට පුළුවන් packet යවන්න එක  broadcast domain එකක ඉදල තවත්  broadcast domain එකකට.


                                දන්නවනේ Router එක layer 3 එකේ තියෙන device එකක් කියල. අපි  CCNA වලදි වැඩියෙන්ම කතාකරන්නෙ Router එක ගැනයි.ඒක හින්ද  Router එක ගැන තවත් post එකකින් මීට වැඩිය හොදට කතා කරමු.මෙන්න  Router එකේ  Symbol එක.


ඔන්න ඔය device ගැන හරියට බලාගත්තනම් Network එක කෙසේවෙතත් CCNA exam එකනම් ගොඩ දාගන්න පුළුවන් වෙයි.

එහෙනම් ඊලග පාඩමෙන් හමුවෙමු ඔබ සැමට 
*****ජය ශ්‍රී*****
***switch එකේ source mac address එක සම්බන්දව මාව නිවරදි කල කල සහෝට මගේ ස්තුතිය.

25 March 2011

CCNA තුන්වන පාඩම Data Encapsulation & Data Decapsulation

Data Encapsulation & Decapsulation
                                       Data Encapsulation කියන්නේ OSI layers වල උඩම layer එකේ ඉදල අන්තිම layer එක දක්වා data ගලායන ක්‍රියාවලියටයි.ඒක මෙහෙමත් කියන්න පුළුවන් data එකකට එක් එක් layer එකේදි කරන එකතු කිරීම් (මොනවද කරන එකතු කිරීම් කියල මේ post එක කියවපුවාම තේරෙයි).තේරෙන්නම කියනවනම් සිද්ධිය මේකයි, අපි එක් computer එකක ඉදල තවත් computer එකකට data යවද්දි ඒ data network එක හරහා යැවීමේදි සිද්ධවෙන දේට සරලවම Data Encapsulation කියල කියන්න පුළුවන්. 
                                    Data Decapsulation කියන්නෙ අපි ඔය උඩින් කතාකරපු එකේ අනිත් පැත්තට සිද්ධවෙන ක්‍රියාවලියටයි. ඒ කිව්වෙ OSI layers වල පල්ලැහැම layer එකේ ඉදල උඩම layer එක දක්වා network එක හරහා අපේ computer එකට ලැබෙන data  එකක් user ට view කිරීම දක්වා සිද්ධ වෙන දේටයි.

**මෙන්න මෙහමයි  OSI layers වලදි Data Encapsulation එක සිද්ධවෙන්නෙ**


7.  Application Layer: user desktop එක හරහා කරන click කිරීම් type කිරීම් (යවන data වලට අදාලව) යන ඒවයි මේ layer එකට  Data Encapsulation වලදි අදාල වෙන්නෙ.සිංහලෙන් කියනවනම් user interaction එකයි.

6. Presentation Layer: මේ layer එකේදි වෙන්නෙ data compression කිරීම් encryption කිරීම් සහ එක් එක් data ඊට අදාල format (text,jpeg,mpg.......) වලට දැමීමයි.

5.  Session Layer: ඔය උඩ layer දෙකේ සිද්ධවෙච්ච දේවල් අනුව එම data එක  network එක හරහා යවන්න පුළුවන් තත්වයෙන් session layer එක තුල පවතිනව.   
4.  Transport Layer: මෙන්න මෙතන ඉදල තමයි Encapsulation වල ගේම පටන් ගන්නෙ. session layer එකෙන් ආපු data එකට segment header එකක් එකතු කරල data එක segment එකක් බවට පත් කරනව. මොකද්ද මේ segment header එක.මේකෙ තමයි Source port number එකයි Destination port number එකයි තියෙන්නෙ.(මම CCNA දෙවනි පාඩම post එකේදි  port number ගැන කිව්ව මතකනෙ) ඔය port number වලින් තමයි Host to Host communication එකේදි කුමන protocol එක හරහා කුමන data එකක්ද ආවෙ කියල අදුනගන්නෙ.කෝකටත් මේ protocol ටිකයි ඒවගෙ port number ‍ටිකයි මතක තියාගන්නකෝ CCNA exam එකට ඒක ගොඩක් වැදගත් වෙයි.
3.  Network Layer: මේ  එකේදි layer එකේදි Transport layer එකෙන් ආපු segment එකට source IP address එකයි (data යවන computer එකේ IP address එක) destination  IP Address (data ලබාගන්න computer එකේ IP addressඑක) එකයි එකතු කරල segment එක Packet එකක් බවට පත් කරනව.මේ layer එකේදි හැදෙන Packet එකටම තමයි Datagram එකක් කියලත් කියන්නෙ.
Packet (Datagram)

2.  Data Link Layer: මේ layer එකේදි network layer එකෙන් ආපු  packet එකට Layer Header එකක්(source & destination MAC address  එකයි මේකෙ තියෙන්නෙ) හා Layer Trailer එකක්(මෙකෙ අඩංගු වෙනව Frame Check Sequence[FCS] කියල එකක්)  එකතු වෙලා packet එක Frame එකක් බවට පත් ‍වෙනව. මම ඔය උඩින් FCS කියල එකක් කිව්ව නේද අන්න ඒක තියෙන්නෙ ඔය Frame එක සඹ්පූරණද කියල තහවුරු කරගන්නයි. තව ටිකක් කියනවනම් මේ FCS එකේ අංකයක් තියනව, ඒක හදාගෙන තියෙන්නෙ source computer එනකන් යන Frame එකේ තියෙන data යම්කිසි ආකාරයක ගනණය කිරීමක්(calculation) කරලයි. මේක Data Decapsulation එකේදි මාර විදියට වැදගත් වෙනව.
Frame

1. Physical Layer: ඔය එක එක layer වලින් වැඩ දාල අන්තිමේටම හැදුනු Frame එක කිසිම ගතියක් නැතුව Physical layer එකෙන් ඔය computer එකට තේරෙන භාශාව කියන bit වලට convert කරල computer එකට සම්බන්ධ කරල තියෙන cable (wireless ව වෙන්නත් පුළුවන්) හරහා transmit කරනව. කෙටියෙන් නිව්වොත් Frame එක bit කරල යවනව(send......)


  • මෙන්න සිද්ධිය කෙටියෙන්,
Data.....Segment..... Packet.... Frame..... Bit

ඔන්න ඕකටයි Data Encapsulation කියන්නෙ....

**මෙන්න මොහමයි  OSI layers වලදි Data Decapsulation එක සිද්ධවෙන්නෙ** (මොනව සිද්ධ වෙන්නද උඩින් කථාකරපු එකේ අනිත් පැත්ත තමයි මෙතනදි වෙන්නෙ.)

1. Physical Layer ඔන්න ඉතින්  source computer එකේ Physical Layer එකෙන් ආපු bit destination computer එකේ Physical Layer එකෙන් අරගෙන අනිත් layer එකට යවනව.

2.  Data Link Layer: දැන් උඩ layer එනකන් ආපු bit මේ layer එකේදි Frame එකක් බවට පත්වෙලයි තියෙන්නෙ.source computer එකේදි Frame එකට එකතු කරපු layer header එකයි layer trailer එකයි මෙතනදි පරීක්ෂාකරගෙන (destination එක හරිද කියල check කරගනිනව.ඒ කියන්නේ ආපු Frame එක මේ computer එකටම එවපු එකක්ද කියල, ඕක ඉතින්  layer header එකේ තියෙන mac address එකෙන් කරගන්න පුළුවන්නෙ.)ඒව හලල දානව.ඒ කිව්වෙ කපල දානව.මෙතනදි වෙන තව සිද්දියක් තියෙනව එක තමයි layer trailer එක check කර ගන්න විදිය.මෙන්න මෙහෙමයි ඒක වෙන්නෙ මම කලින් කියපු විදියට layer trailer  එකේ තියෙන Frame Check Sequence[FCS] එ‍කේ ඉලක්කම destination computer එකට ලැබුනු Frame එකේ data වල FCS එක calculate කලාම එන ඉලක්කමත් එක්ක සමාන උනේ නැත්තම් මුළු Frame එකම අයින් කරල අළුත් Frame එකක් ආයෙ request කරනව.කියල වැඩක් නෑ නේද මුංගෙ check කිරිල්ල. ලංකාවෙත් යුද්දෙ තියෙන කාලෙ අපේ පොලිස් මාමල ටික ඔහොම්මම check කෙරැවනම් කොළඹ පැත්තෙ ඔය එක බෝම්බයක්වත් පුපුරන්නෙ නෑනෙ.(හැබැයි ඉතින් පොලිස් මාමලගෙ FCS එක සමාන උනේ නැත්තම් අනිව අයෙත් ඉතින් බෝම්බයක්ම request කරනව).
3. Network Layer: data link layer එකේදි Frame එකේ L/H එකයි L/T එකයි අයින් කලාට පස්සෙ ඒක Packet එකක් බවට පත්වෙලා තමයි Network layer එකට එන්නෙ. ඊට පස්සෙ මෙතනිනුත් IP/H එක පරීක්ෂාකරගත්තට පස්සෙ ඒකත්(IP/H ) අයින් කරල දානව.
4. Transport Layer: උඩදි IP/H එක අයින් කලාට පස්‍සෙ ඒක segment එකක් වෙලා තමයි මේ layer එකට එන්නෙ.ඊට පස්සෙ S/H  (TCP / UDP Heder) එකේ port numbers බලල ඒ port හරහා data එක විතරක් අනිත් layer එකට යවනව.
5. Session Layer: මෙතනදි connection එක තියාගෙන data අනිත් layer එකට යවනව.

6.  Presentation Layer: මෙතනදි data encrypt කර තියනවනම් ඒවා decrypt කිරීමත්  compress හෝ uncompress කිරීමත් user ගෙ කැමැත්ත අනුව කරන්න පුළුවන්.

7.  Application Layer: මෙන්න හොදම හරිය. user interaction එක මත data view කිරීම edit කිරීම වැනි දෑ කරන්න පුළුවන්.
  • මෙන්න සිද්ධිය කෙටියෙන්,
Bit..... Frame..... Packet.... Segment..... Data


ඔන්න ඕකටයි Data Decapsulation කියන්නෙ...       
   
 මෙන්න මරු කාටුන් එකක්..උඩ සේරම මගෙ උනාට මේකනම් මගෙ නෙමෙයි......
මේ රූප රාමුවත් බලන්න ඒකෙනුත් අපට ගත හැකි දේ බොහෙමෙයි.







******නැවතත් CCNA පාඩමකින් හමුවෙමු******
ජය ශ්‍රී

23 March 2011

මොනවද මේ Unicast, Multicast, Broadcast Transmission කියන්නෙ.

මොනවද මේ Unicast, Multicast, Broadcast Transmission කියන්නෙ
  • Unicast: Unicast Transmission එකක් කියන්නේ එකකින් එකකට (one to one) communication එකකටයි.තේරුනේ නෑ නේද ?. ඔහොම කිව්වම මොකාටද ඉතින් තේරෙන්නෙ.හරියටම කියනවනම් මෙන්න මේකයි සිද්ධිය, මගෙ phone එකෙන් මම මගෙ යළුවෙකුට call එකක් ගන්නව, ඒක තේරුන්නෙ. අන්න ඒවගේ communication එකකට තමයි Unicast Communication එකක් කියන්නෙ.තවත් හරියටම කියනවනම් එක device එකක ඉදල ත‍වත් device එකක් ඉලක්ක කරල කරන Communication එක. Network එකකදි Unicast එකක් වෙන්නෙ මෙන්න මෙහෙමයි.

 මේ පිංතූරෙ 172.16.4.1 computer එක 172.16.4.253 printer එකට printout එකක් ගන්න කරන transmission එක Unicast එකක්.දැන් තේරුන්නෙ. යට තියෙන පිංතූරෙත් බලන්නකො ඒකත් Unicast එකක් තමයි.
  • Multicast: Multicast Transmission එකක් කියන්නෙ අපි උඩින් කථා කරපු එකේ අයිය කිව්වොත් හරි.ඒ කිව්වෙ multiයට uniයට වැඩිය වැඩ දාන්න පුළුවන් එකයි.එහෙමනම් Multicast කියන්නේ එකකින් ටිකකට (one to many).මේකයි සිද්ධිය මම යාළුවො කීප දෙනෙකුටම call conference දාල call එකක් ගන්නව, දන්නවනෙ ඉතින් ඔයconference දාපුවම  call එකේ ඉන්න කට්ටිය‍ටම එකපාර කථාකරන්න පුළුවන් කියල.ඔන්න ඕකට තමයි Multicast කියන්නෙ.එක device එකක ඉදල device කිහිපයකට කරන communication එකක් තමයි හරියටම කිව්වොත් Multicast එකක් කියන්නෙ.පල්ලැහැ බලන්නකෝ.
මෙතනදි 172.16.4.1 computer එක 172.16.4.3 computer එකටයි 172.16.4.4 computer එකටයි එකවර data යවපු හින්ද ඒක Multicast Transmission එකක්.ඔය යට තියෙන බෝල බෝල පංතූරෙත් Multicast එකක් තමයි.
 







  • Broadcast Transmission: මේක තමයි මේ set එකේ ඉන්න වැඩ කාරය.හැබැයි මං දන්න හැටියටනම් මේ වැඩේ phone එකෙන් නම් කරන්න බෑ.මෙන්න මේකයි කථාව, එකකින් ඕනෑ තරමකට (one to any) ඒ කිව්වේ එක device එකකින් ඒ හා සම්බන්ධ අනිත්  සෑම device එකකටම communication කරන එකයි.තව ටිකක් තේරෙන්න කිව්වොත් මෙහෙමයි, Radio Station එකකින් එකවර සෑම Radio එකකටම (ගෙවල්ලව තියෙන Radio වලට) වැඩසටහන් විකාෂණය කිරීම වගේ එකක්.පල්ලැහැත් බලන්නකෝ.








ඔන්න ඔහොමයි Unicast, Multicast, Broadcast වැඩ කරන්නෙ.........



CCNA දෙවන පාඩම OSI Layers

OSI  (Open System Interconnect)Layers
                  තොරතුරු හුවමාරු පද්ධතියක එම තොරතුරු ගලායන අකාරය එක් එක් කොටස් වලට බෙදා තිබීමක් තමයි අපිට OSI layers එකකින් දකින්න පුළුවන්.ඒ කියන්නේ Network එකක නම් එක computer එකකින් තවත් computer එකකට data යැවීමේදී එම  dataයවන computer එකේ ඉදල එම data අනෙක් computer එක ලබාගෙන user ට monitor එක හරහා එක data display කරීම දක්වා වෙන ක්‍රියාවලිය විවිධ  layers කිහිපයකට බෙදා තිබීමක් තමයි OSI layers වලින් පෙන්නන්නෙ.OSI layers වල තියෙන ප්‍රධාන වැදගත් කම් තමයි 
  • මේක පෙන්නල දෙනව කොහොමද data හුවමාරු කරගන්නෙ එක system එකක ඉදල තවත් system එකකට.
  • communication system එකේ ඉන්න vendors(Communication උපකරණ හදන අය, System developers ල ඔන්න ඔය වගේ කස්ටිය) ලට පිළිගත්තු ක්‍රමවේදයකට (standardize) අනුව එම කටයුතු කරගෙන යාමේ හැකියාව ලබාදෙනව. ඒ අනුව වෙනස් වෙනස්  vendors ලගෙ Software හා hardware සමග data communication කරන්න පුළුවන් වෙනව.
                                       ඉස්සෙල්ල කිව්ව වගේ OSI layers 7ක් අපිට CCNA කරද්දි ඉගෙන ගන්න වෙනව.ඒ OSI layers 7 upper layer හා lower layer කියලත් කොටස් 2කකට බෙදෙනව.ඒ වගේම OSI layers අපිට TCP/IP Layers කියල වෙනමම බෙදල දක්වන්නත් පළුවන්.දැන්නම් මේක අච්චාරුවක් වගේ නේද. පල්ලැහැ බලපුවාම මම කිව්වේ මොකක්ද කියල ඔයාලට තේරෙයි.


           



  • Transport layer එක Upper හා Lower යන layer දෙකටම අයත් වේ.  



ඔය උඩ තියෙන OSI layers ටික පහත විදියට TCP/IP Layers කියලත් බෙදන්න පුළුවන්.TCP/IP Layers එකේ තියෙන්නෙ Layers හතරයි.


  • එතකොට TCP/IP Layers වෙන්නෙ 
  1. Application Layer
  2. Transport Layer
  3. Internet Layer
  4. Network Access Layer යන ඒවයි.
                
උඩ තියෙන Layers දාල තියන විදිය දැක්කම පොඩ්ඩක් හරි මොලේ තියෙන එකෙකුට තේරෙනව මේ post දාන එකාට පොඩ්ඩක් loose කියල. ඒ කිව්වෙ මම උඩ Layers අංක කරල තියෙන්නෙ අනිත් අතට හින්දයි.මම එහෙම අංක කලේ data encapsulation හා decapsulation (මේව මොනවද කියල පස්සෙ බලමුකෝ) වලදි මෙහෙම ලියපු එක ටිකක් වැදගත් වෙන හින්ද.දැන් අපි බලමු මේ එක එක Layers communication system එකකදි කොහොමද හැසිරෙන්නෙ කියල.


OSI layers වල කාර්ය භාරය

7.  Application Layer : මේ Layer එකෙන් තමයි අපිට user interface එක ලබා දෙන්නෙ(ඒ කිව්වෙ desktop එක).ඒ වගේම ‍මේ කොටසෙදි තමයි Network services වලට ඕන වෙන Program පාවිච්චි කරන්නත් ඉඩ ලබා දෙන්නෙ. user authentication හා privacy (authentication එක කියනිනෙ username හා password දීල අපි අපේ සත්‍යතාව පෙන්නන්නෙ අන්න ඒ වගේ එකකට.privacy කියන්නෙ මොකකද කියල කියන්න ඕනෙ නෑනෙ කව්රුත් දන්න private එකනෙ.) තව උදාහරණ විදියට මේ  Layer එකේන් කරන ඒව තමයි file transfers, e-mail, telnet,ftp (මේව ගැන වැඩි තොරතුරු පොඩ්ඩක් net එකේ බලන්න.ඒකත් අමාරුමනම් පොඩි comment එකක් දාන්නකෝ)
එතකොට මේ  Layer එකේදි පාවිච්චි කරන protocol තමයි.
Telnet, HTTP, FTP, SMTP, SNMP, TFTP, POP3,VOIP තව ගොඩක් තියෙනව.මෙතනින් ඒව ටික බලන්නකෝ. උඩ තියෙන  protocol ටිකේවත් Port numbers ටිකයි වෙන කාර්යයි හොදට exam එකට බලාගෙන ගියෙ නැත්තම් ඉතින් හබක් තමයි.


6.  Presentation Layer: මේ layer එකේදි data, එක් එක් data format වලට පරිවර්තනය කිරීම තමයි කරන්නෙ.ඒ කව්වේ අපි හිතමු Network එක හරහා video එකක් ආව කියල, එතකොට මේ layer එකෙන් ඒක video file එකක් කියල අදුනගෙන එම video file එක අයත්වෙන video format(MPEG,Quick Time Movie,....) එකට ඒක දානව.මේ layer එකේදි කරන කරන තවත් වැඩක් තමයි එක් එක් format වලට translate කරන  data   Application Layer එකේදි user ට access (view) කරන්න පුළුවන්ද කියල හරියටම sure කරගන්න එක. data compression (හැකිලීම) හා encryption {encryption කියන්නෙ යම් data වගයක් encrypt කලහම වෙන්නෙ ඒ data access(decrypt) කරන්න පුළුවන් data encrypt කල කෙනාටයි එයා ( data encrypt කල කෙනා) විසින් encryption key එක ලබා දීල තියෙන අයටයි විතරයි.}කිරීමක් කරනවනම් ඒක වෙන්නෙත් මේ layer එකේදි තමයි.


5.  Session Layer: Network එකේ data communication එක වෙද්දි data යවන හා ලබා ගන්නා devices වල application අතර සම්බන්ධතාවය(connection) පවත්වාගෙන, ඒ සම්බන්ධතාව කළමණාකරණය කරගෙන හා සම්බන්ධතාවය අවසන් කිරීම දක්වා වූ කටයුතු තමයි මේ layer එකෙන් කරන්නෙ.ඒ වගේම තමයි data communication එක simplex ද half duplex full duplex ද කියලත් තීරණය කරන්නෙ මේ   layer එකෙන්ම තමයි.   


4.  Transport Layer: මේ layer එකේදි තමයි data packet එක segment එකක් බවට පත්වෙන්නෙ(මේ මෙකක්ද කියල data encapsulation එකේදි බලමු). data යවන හා ලබා ගන්නා devices අතර data ගලායාම(flow control)එක කළමණාකරණය(maintain) කරන්නෙත් මේ layer එකෙදිමයි. මෙතනදි flow control එක Buffering, Windowing, Congestion avoidance යන ක්‍රම පාවිච්චි කරනව data කාර්යක්ෂමව යවන්න.වැරදි හදුනාගැනීම හා ඒවා නිවරදි නිරීමත් මේ layer එකේදි කරනව.      
* Buffering: මෙතනදි කරන්නෙ data Network එක හරහා යවද්දි Buffer(එක්තරා විදියක store කිරීමක්,හරියට cache memory එක වගේ) එකක් තියාගන්න එකයි.එතකොට data යැවීමේදී data වලට සිද්දවෙන හානිය අඩු කරාගන වේගය වැඩි කරගෙන data යවන්න පුළුවන්.
*WindowingWindowing කියන්නෙ TCP Protocol ( TCP තියෙන්නෙත් මේ  layer එකේමයි) එකත් එක්ක යොදන mechanism(ක්‍රමවේදය වගේ අදහසක් තමයි)එකක්. TCP Protocol එකේ තියෙන ව්ශේෂත්වයක් තමයි data යැවීමේදී Replying සැමවිටම බලාපොරොත්තු වීම.ඒ කිවිවේ source (data යවන device එක) එකේ ඉදල receiver {(destination)data ලබාගන්න device එක}එකට data packet එකක් ගියාම receiver එකෙන් පණිවිඩයක් එවනව source එකට එම data ලැබුනු බව සහතික කරල.ඒ පණිවිඩය ලැබුනට පස්සෙ තමයි source එකෙන් destinationඑකට ඊලග data packet එක යවන්නෙ.පල්ලැහැ බලපුවාම ඔයාලට හරියටම තේරෙයි.
Network(දිසා)












දැන් නිකන් බල්ලට ගැහුව වගේ තේරුනානෙ.මෙන්න මේකටම තමයි කියන්නෙ TCP වල තියෙන Three type handshake communication (මේ communication එක කරන්නෙ TCP වල තියෙන ICMP [Internet Control Message Protocol] protocol එකයි) එක කියල. දැන් ඔයාලට මෙන්න මේකත් තේරුම් ගන්න පුළුවන්, ඒ කිව්වේ TCP කියන්නෙ reliable ව data transmit කරන්න පුළුවන් Protocol එකක් කියල. හරියටම කියනවනම්  TCP කියන්නෙ Protocol වල එකතුවක්. දැන් මම මේ කිය කිය හිටියෙ Windowing කියන්නෙ මොක්ද්ද කියලනෙ.Windowing කියන්නේ TCP හරහා data transmit කරද්දි data packet යැවීමේදී destination එකේ සිට source එකට එවන Replying ප්‍රමානය ක්‍රමවත්ව අඩු කරමින් source එකේ සිට destination එකට data යැවීමයි.එතකොට වැඩි වේගයකින් NETWORK එක තුළ data transmit  කිරීම කල හැකි වෙනව. 
*  Congestion avoidance: මේකෙන් නරන්නෙ TCP හරහා data transmit කරද්දි network එකේ වෙන traffic (පාරෙ හයි කරල තියෙන traffic light වලින් කරන්නෙත් මේකම තමයි)ඒ කිවිවෙ තදබදය නැතිකරම්න් data source එකේ සිට destination එකට ගෙනයාමයි.
මේ layer එකේදි flow control එකට අමතරව  sequencingacknowledgement කියල function දෙකකුත් data transmit කරද්දි සිදුකරනව.විභාගයට යද්දි ඒකත් මතක තියාගන්න.

  •  Transport Layer එකේදි යොදාගන්න Protocol තමයි, TCP, UDP{ (User Datagram Protocol) මේ Protocol එක TCP වගේ data transmit කරද්දි Replying බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒක හින්දම TCP වලට වැඩිය ගොඩක් වේගවත්. ඉක්මන් වේගය මරු කැදවයි කිව්ව වගේ UDP කියන්නෙ data communication හිදි unreliable Protocol එකක්.}, SPX (Sequence Packet Exchange) කියල Protocol එකකුත් මේ  layer එකේදි පාවිච්චි කරනව.  
3.  Network Layer: මේ layer එකෙන් තමයි සිරාවටම data send කරන්න වගකීම බාරගන්නෙ. Router එක අයිති වෙන්නෙත් මේ layer එකටම තමයි.දැන් ඉතින් තේරෙනවනෙ මොකක්ද වැඩේ කියල. ඒ කියන්නෙ මේ layer එකේදි තමයි Router එක හරහා source computer එකේ ඉදල destination computer(receiver) එකට   data send කරන්න හොදම මාර්ගය(best path එක) හදල දෙන්නෙ. ඕකටම මේකත් මතක තියාගන්නකෝ Routing Table එක හරිගස්ස ගන්නෙත් මේ  layer එකේදිමයි කියල.තව එකක් තියනව IP Address භාවිතා කරන්නෙත් ඔන්න ඔය layer එකේ තමයි.
  • Network Layer එකේදි පාවිච්චි කරන protocol
    • තමයි IP(Internet Protocol), IPX(Internet Packet Exchange), ARP(Address Resolution Protocol), ICMP, RIP (Routing Information Protocol), OSPF(Open Shortest Path First) තව මේ වගේ ගොඩක් protocol මේ layer එකේ පාවිච්චි කරනව.මේවයින් සෑහෙන
    • protocol ප්‍රමානයක් Routing Protocol පාඩමේදි අපි කථා කරමු.
2.  Data Link Layer: MAC Address එක කියන්නෙ මොකක්ද කියල මතකයිනේ.අන්න ඒ Address එක පාවිච්චි කරන්නෙ මේ layer එකේදි තමයි. data transmission එකේ මොකක්හරි වැරද්දක් තියෙනවනම් ඒවාත් මේ layer එකේදි දැනුම්දෙනව(notify).තව එකක් තමයි data transmission එක LAN(local Area Network) එක හරහා යන්නෙත් මේ layer එකේදිම තමයි.එහෙම කියන්න හේතුව තමයි Switch, Bridge, NIC පාවිච්චි කරන්නෙ මේ layer එකේ හින්ද. STP, VTP, CDP protocol ලුත් මේ layer එකේදි භාවිතා වෙනව.

1.  Physical Layer: මෙන්න අවසාන layer එක.ඔය මොන layer එකෙන් data ආවත් අන්තිමේදි ඔය data යන්න ඕන වයර් දිගේ හෝ  wireless ව හරි  bit විදියටයි.  bit කියන්නෙ 1 යි 0 වයි කියල දන්නවනෙ.computer එකට තේරෙන්නෙත් ඔය භාශාව විතරයි කියලත් කියනවනෙ.ඉතින් ඔන්න ඔය විදියට data යැවීම හා ලබාගැනීම කරන්නෙ මෙන්න මේ layer එකෙන් තමයි. Hub, Repeater, Cable, Connectors අයිති වෙන්නෙත් මේ layer එකටයි.


අළුත් පාඩමකින් හමුවෙමු එතෙක් ඔබ සැමට
***** ජය ශ්‍රී *****
                    

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...