07 March 2012

CCNA විසි තුන්වෙනි පාඩම Routing x (Enhanced Interior Gateway Routing Protocol) EIGRP සැකසුම් කිරීම.

CCNA විසි තුන්වෙනි පාඩම Routing x (Enhanced Interior Gateway Routing Protocol) EIGRP සැකසුම් කිරීම.

                                       CCNA විසි දෙවෙනි පාඩමෙන් අපි කතා කලා EIGRP වල හැසිරීම DUAL algorithm එක මගින් කොහෙමද best path එක තෝරගන්නෙ යනාදී දේවල්. අද අපිට මේ පාඩමෙන් බලන්න තියෙන්නෙ කොහෙමද EIGRP  network එකේ තියෙන Router සදහා සැකසුම කරන්නෙ කියලයි. පහතින් පෙන්නල තියෙන්නෙ EIGRP කරන්න අපිට අවශ්‍ය වෙන command වල syntax ටිකයි.


Router(config)#router eigrp <autonomous system number>
Router(config)#network <nnetwork address>
Router(config-router)#no auto-summary


                          පළවෙනි command එකෙන් තමයි Router එක මගින් EIGRP සැකසුම් හා එයට අදාල අනෙකුත් තොරතරු හදුන ගන්නෙ. ඒ වගේම පළවෙනි command එකේ තියෙන autonomous system number කියන කොටසට 1 - 65535 අතර ඕනම අගයක් භාවිතා කරන්න පුළුවන්. අනිත් එක තමයි network  එකේ EIGRP සැකසුම් කරන හැම Router එකකම මේ autonomous system number එක සමාන වෙන්න ඕන, හරියට IGRP වලදි වගේම. පටලව ගන්න එපා OSPF සැකසුම් කරද්දි තමයි මෙතනට දාන අගය අනෙක් Router සැකසුම් කරද්දි දාන අගයත් එක්ක සමාන වෙන්න ඕන නැත්තෙ, අනික අපි එනදි භාවිතා කරන්නෙ process ID කියල එකක්නෙ.
                            දෙවනි command එකෙන් කරන්නෙ සැකසුම් කරන Router එකේ directly connected networks, EIGRP මගින් network එකේ තියෙන අනිත් EIGRP සැකසුම් කරපු Routers වලට බෙදාහරින්න හදුන්වල දෙන එකයි. මෙතනදි network address කියන තැනට අපි දාන්න ඕන සැකසුම් කරන Router එකට directly connected (Router එකේ interfaces අයත් වෙන network ) වල network address එකයි.
                  තුන් වෙනි command  එකෙන් වෙන්නෙ EIGRP වල පෙරනිමිතියෙන්ම එන IP address summarization කිරීම වලක්වන එකයි. IP address summary කරන එකෙන් වෙන්නෙ එකම පරාසයෙ subnet කරපු networks Classfull විදියට හදුනාගනීමයි. තවත් විදියකින් කියනවනම් no auto-summery කියන command එක හින්ද තමයි Router එක විසින් network address එක classfull විදියට නොගෙන අදාල subnet mask එකේ විදියට ගන්නෙ. අපි no auto-summery කියන command එක EIGRP වල බාවිතා කලේ නැත්තම් subnet කරපු network තියෙන Routers එකින් එක සම්බන්ධ කරන්න බැරිවෙනව (ඒකට හේතුව වෙන්නෙ  EIGRP විසින් network address එක classfull විදියට summarize කිරීමයි). 
උදා:- 172.12.0.0/19
         172.12.32.0/19
         172.12.64.0/19
         172.12.96.0/19
                   උඩින් දීල තියෙන විදියට Router කිහිපයකට එකම class එකේ subnet කරපු network සැකසුම් කරල තියෙනව කියල හිතන්න.දැන් අපි මේ Routers වලට EIGRP සැකසුම් no auto-summery කියන command එක නැතුව සැකසුම් කලානම් ඔය network සේරම 172.12.0.0/16 විදියට තමයි EIGRP මගින් network එකේ බෙදාහරින්නෙ. ඒකට හේතුව තමයි 172 වලින් පටන් ගන්නෙ class B IP address හින්ද subnet mask එකත් class B වල default subnet mask එක වෙන 255.255.0.0 (/16) විදියටම ගැනීම.


දැන් අපි ක්‍රියාකාරකම් කරල බලමු කොහොමද කලින් බලපු command පාවිච්චි කරල Router සැකසුම් කරන්නෙ කියල. මේ ක්‍රියාකාරකමට ගැලපෙන විදියට ඔයාල කැමති IP address දාල කරන්න. IP address ගැටළුවක් එහෙම තිබුනොත් අහන්නත් අමතක කරන්නත් එපා..මම මෙතන කරල තියෙන ක්‍රියාකාරකමට අදාල IP address ඒ network වලට හරියටම ගැලපෙන විදියට නෙමෙයි දාල තියෙන්නෙ. subnetting ගැන තව ටිකක් ඔයාලට තේරුම් ගන්න තමයි මේ ක්‍රියාකාරකමේදි ඒ විදියට IP address සැකසුම් කරල තියෙන්නෙ.
ඔයාලට පුළුවන් පල්ලැහැ තියෙන packet tracer file කියන තැනින් උඩින් කරල තියෙන ක්‍රියාකාරකම ඔයාලගෙ  පරිගණකයට බාගෙන ඒක packet tracer වලින් විවෘත්ත කරගෙන බලන්න. ඒ වගේම ක්‍රියාකාරකමේ තියෙන Routers වලට මම කරපු සැකසුම් අනිත් ලින්ක් එකෙන් ගිහින් ඒකෙ තියෙන text document එක බාගෙන බලන්න පුළුවන් 
උදාහරණයක් විදියට පහලින් පෙන්නල තියෙන්නෙ ක්‍රියාකාරකමේ තියෙන Router2  වලට සැකසුම් කරල තියෙන හැටියි. අනිත් Routers වලට ඔයාල උඩින් තියෙන link වලින් බාගත්තු file 2 ක දිහා බලල තනියම සැකසුම් කරල බලන්න.
Router2:
                           Router2 සැකසුමේදි මම autonomous system number එක විදියට දාල තියෙන්නෙ 50. ඒ හින්ද අනිත් Router  වලටත්  EIGRP සැකසුම් කරද්දි අනිවාර්යෙන්ම autonomous system number එක විදියට 50 දැමිය යුතුම වෙනව. ඊට පස්සෙ Router2 වලට directly connected network වල network address  තමයි දාල තියෙන්නෙ. මේ විදියට Routers සේරම සැකසුම් කලාට පස්සෙ ping command එක පාවිච්චි කරල බලන්න ඔයාල configure කරපු network එකින් එක සම්බන්ද වෙනවද කියල.
දැන් අපි බලමු network එකේ Routers වලට කරපු EIGRP සැකසුම් වල නිවරදිතාව පරීක්ෂා කරන්නෙ කොහොමද කියල.
**Router#show ip eigrp neighbors මේ command එකෙන් EIGRP සැකසුම් කල Router එකේ neighbor table එක බලාගන්න පුළුවන්.
මෙතනින් අපිට බලන්න පුළුවන් Router2 වල එක් එක්  serial interface එකට directly connected Routers එම serial interface එකේ next hop එක විදියට පෙන්නල තියෙනව.

**Router#show ip eigrp topology කියන command එකෙන් EIGRP වලින් හදපු topology table එක බලාගන්න පුළුවන්.
  මෙතනින් පෙන්නල තියෙනව නේද එක් එක් network එකට යන්න පුළුවන් best path ඒවගෙ metric එකත් එක්කම. දන්නවනෙ මෙතන තියෙන සේරම route වලට කියන්නෙ feasible successor route කියල. 

**Route#show ip eigrp route මේ command එක හරහා අපිට බලන්න පුළුවන් අපි EIGRP සැකසුම් කරපු Router එකේ EIGRP routing table එක. router එකේ මුළු routing table එකම බලන්න ඕන නම් Router#show ip route කියන command එක යොදාගන්න පුළුවන්.
කලින් පාඩමේ කතාකරපු විදියට මෙතන තියෙන route වලට කියන්නෙ successor route කියලයි. උඩින් තියෙන table එකේ [90/*******] විදියට පෙන්නල තියෙන තැන 90 කියන්නෙ EIGRP වල administrative distance එකයි. තරු ලකුනින් සදහන් කරල තියෙන තැන දාල තියෙන ඉලක්කම් වලින් පෙන්නන්නෙ ඒ roue එකේ metric එකයි. ඔයාලට පුළුවන් topology table එකයි EIGRP routing table එකයි සන්සන්දනය කරල බැළුවොත් තවත් වැඩිපුර තොරතුරු ටිකක් හොයාගන්න..
පහලින් තියෙන command වලිනුත් වෙන්නෙ මොනවද කියල ඔයාල හොයල බලන්න. මේ command නම් ගොඩක් දුරට ගන්නෙ EIGRP වල troubleshooting වලට.

Router#debug eigrp fsm

Router#debug eigrp packet

Router#debug eigrp neighbor

Router#debug ip eigrp notifications

EIGRP පාඩමත් මෙතනින් ඉවර වෙනව.  ඊලග පාඩමෙන් අපි කතා කරමු default Route කියන්නෙ මොනවද කියල. 

ඔබ සැමට
*****ජය ශ්‍රී*****

02 March 2012

CCNA විසි දෙවනි පාඩම Routing ix (Enhanced Interior Gateway Routing Protocol) EIGRP



CCNA විසි දෙවනි පාඩම Routing ix (Enhanced Interior Gateway Routing Protocol) EIGRP
                       ඔන්න හුග කාලෙකට පස්සෙ බ්ලොගේට ලිපියක් දාන්න වෙලාවක් හම්බඋනා. ලිපියට කලින් කට්ටියන්ටම ස්තුති වන්ත වෙනව කිසිම ලිපියක් දාන්නෙ නැතුවත් පරණ ලිපි බලල ඒවට ප්‍රතිචාර දක්වල follower පාරක් දාල බ්ලොගේ හිට්ස් එහෙමත් වැඩි කරන්න කටයුතු කිරිම පිලිබදව. අද අපි මේ පාඩමෙන් කතා කරන්නෙ CCNA පාඩම් මාලාවෙන්  routing කොටසෙදි කතාකරන්න තියෙන අන්තිම dynamic Routing protocol එක වෙන EIGRP ගැනයි.
                                       EIGRP කියන්නෙ කලින් Routing පාඩම් වලදි කතාකරපු classfull distance vector Routing protocol එකක් වෙන IGRP routing protocol එකේ අයිය කියල කියන්න පුළුවන්. හැබැයි EIGRP නම් classfull routing protocol එකක් නෙමෙයි. IGRP වල තියෙන ගති ලක්ෂණ වැඩි දියුණු කරල classless protocol එකක් වගේම hybrid Routing protocol ගනයට වැටෙන Routing protocol එකක් විදියට තමයි EIGRP හදුන්වන්නෙ, CISCO කියන විදියටනම් මේක Advanced Distance vector Routing Protocol එකක් විදියටත් හදුන්වන්න පුළුවන්. ඔන්න අයෙත් කට්ටියන්ටම කියනව අළුතෙන්නම් මේ පාඩම් මාලාවට එකතු වෙන්නෙ මුල ඉදලම Routing පාඩම් ටික බලාගෙන එන්න වෙනව. නැත්තම් ඉතින් මේ කිව්වෙ මොනවද කියල තේරෙන්නෙම නැතිවෙයි. දැන් අපි බලමු EIGRP වල තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියල.


  •  EIGRP කියන්නෙ classless routing protocol එකක්. ඒ කියන්නෙ VLSM වලට සහයෝගය දක්වනව කියලයි.
  •  EIGRP වල administrative distance එක වෙන්නෙ 90  ව. දන්නවනෙ එක් එක් routing protocol වල ප්‍රමුඛතාව එහෙමත් නැත්තම් priority එක Router එක විසින් ලබාගන්නේ මේ administrative distance එකෙන් කියල.
  • EIGRP කියන්නෙ CISCO proprietary protocol එකක්. 
  •  EIGRP වල metric එක, තව විදියකින් කියනවනම් අනෙක්  Network වලට ලගාවෙන්න මාර්ගයන් තෝරගන්න ක්‍රමය ටිකක් සංකීරණ එකක්. composite metric, bandwidth සහ delay කියන ඒව තමයි මේ සදහා යොදාගන්නෙ. CCNA  වලදි metric එක ගනනය කරන හැටි අහන්නෙ නැති උනත් මෙතනින් ගිහින් ඔයාලට පුළුවන් කොහොමද metric එක ගනනය කරන විදිය excel sheet එකකින් බලාගන්න.  
                              EIGRP වල තව තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියල දැන් එකින් එක බලමු. EIGRP එකත් OSPF routing protocol එක වගේම පියවරයන් කීපයකට පස්සෙ තමයි EIGRP සැකසුම් කරපු  Routers මගින් ඒක් එක් destination network වලට අදාල routes තමන්ගෙ routing table එකට දාගන්නෙ.
    • පියවර 1: Neighbor discovery - මේ පියවරේදි කරන්නෙ EIGRP සැකසුම් කරපු Routers මගින් hello messages 224.0.0.10 කියන multicast IP address එක ඔස්සේ network එකේ තියෙන අනෙක් Routers වලට යවල එම Routers වලින් hello message එකට එවන ප්‍රතිචාර මත neighbor කෙනෙක් විදියට හදුනා ගැනීමයි.(hello messages/packet ගැන වැඩිදුර දැනගන්න පසුගිය OSPF පාඩම බලන්න.) 
    • පියවර 2: Topology exchange- neighbor Routers අදුනගත්තට පස්සෙ full routing table එකම neighbors ල අතර හුවමාරු කරගන්නව. ඊට පස්සෙ Routers විසින් එක් එක් neighbor routing table වලට අනුව සම්පුර්ණ routing table එක හදාගත්තට පස්සෙ Routers අතර හුවමාරු වෙන්නෙ partial update එහෙමත් නැත්තම් ඒ ඒ අවස්තාවන් වලදි Routers වල සිදුවෙන වෙනස්කම් විතරයි (update contain only changes). ඒ කියන්නෙ no broadcast, no periodic update නිසා විශාල bandwidth එකක් network එක තුලදි EIGRP routing update සදහා වැයවෙන්නෙ නෑ කියන එකයි.
    • පියවර 3: Choosing routes- මේ අවස්ථාවෙදි සිද්ධ වෙන්නෙ metric එක බාවිතා කරල routing table එකෙන් best path එක තෝරගනන එකයි. මෙතනදි අඩුම metric අගය තියෙන route එක තමයි best path එක විදියට ගන්නෙ. EIGRP වල best path හොයාගන්න metric එක භාවිතා කලාට Diffusing Update Algorithm (DUAL) කියන ක්‍රමෙව්දෙයන් තමයි destination network එකට යන්න සුදුසුම route එක තෝරල routing table එකට දාන්නෙ. ඒක EIGRP වල දකින්න තියෙන විශේෂ ලක්ෂණයක්.
                                 හරි දැන් අපි උඩින් කෙටියෙන් කතාකරපු දේවල් ටිකක් සවිස්තරව බලමු. මුලින්ම EIGRP protocol එකේදි පාවිච්චි කරන packet/ messages වර්ග හා ඒවගෙන් කෙරෙන කාර්යයන් මොනවද කියල බලමු.
    • Hello: neighbor Routers අදුනගන්න තමයි hello packet යොදාගන්නෙ. network එක තුල hello packet multicast කිරීමක් තමයි කරන්නෙ (multicast, unicast, broadcast ගැන දැනගන්න මෙතනින් යන්න). මතකනෙ OSPF වලදිත් අපි hello packet ගැන කතා කලා. හැබැයි එතනදි කතා කරපු hello packet වලයි EIGRP වලදි දැන් කතා කරන hello packet වලයි ක්‍රියාකාරීත්වයෙ පොඩි වෙනසක් තියෙනව. එ තමයි OSPF වලදි වගේ hello packet වල timers EIGRP වලදි සමාන විය යුතු නොවීම. 
    • Update:  Router එකකට සම්බන්ධ යම් network බිදවැට්නොත් ඒ ගැන අනිත් Routers වලට එසැනින් දන්වන්න තමයි update packet පාවිච්චි කරන්නෙ. මේවා unicast හා multicast යන ක්‍රම දෙකටම Routers අතර හුවමාරු වෙනව. update packet network එක තුල හුවමාරු වෙන්නෙ RTP  කියන protocol එක හරහායි. 
    • Ack: මේ message එකෙන් කරන්නෙ යම්කිසි update එකක් ලැබුනු බවට ඒ update එක එවපු Router එකට Acknowledgement එකක් යැවීමයි. මේක කිසිම data එකක් අඩංගු නැති hello packet එකක් විදියටත් හදුන්වනව. network එක තුල මේ වර්ගයේ packet unicast වීමකුයි සිද්ධ වෙන්නෙ. Ack packet අනිත් Routers වලට යන්නෙ UDP  protocol එක භාවිතා කරලයි.දන්නවනෙ UDP කියන්නෙ unreliable protocol එකක් කියල. 
    • Query: EIGRP සැකසුම් කරපු Router එකකට destination network එකකට යන්න route එකක් හොයාගන්න බැරිඋනහම තමයි මේ Query packet Routers විසින් යොදාගන්නෙ. අපි උඩින් කතාකරපු Diffusing Update Algorithm (DUAL) එක තමයි Query packet network එකේ neighbor Routers වලට යවල ඒ හරහා destination network එකට ලගාවෙන්න මාර්ගයක් හොයල දෙන්නෙ.
    • Reply: අපි කලින් කතාකරපු Query packet neighbor Routers වලට යැව්වට පස්සෙ එම Routers වල Query එවපු Router එක හොයන destination network එකට යන්න route එකක් තියෙනවනම් ඒ බව දන්වල query එවපු Router එකට unicast කරන packet වලට තමයි Reply කියල කියන්නෙ.  
    මොකද්ද මේ Advertise Distance (AD) හා Feasible Distance (FD) කියන්නෙ..=5
    :::Advertise Distance (AD):- අපි EIGRP සැකසුම් කරපු Router එකේ neighbor Routers වල ඉදල destination network එකට තියෙන route(මාර්ගයෙ) අගය එහෙමත් නැත්තම් metric එක තමයි AD එක විදියට සලකන්නෙ.කියපු දේ තේරුනේ නෑ නේද. පහල රූපය හොදට බලන්න. මෙතන තියෙන සේරම Routers වලට EIGRP සැකසුම් කරල තියෙනව කියලත් හිතන්න. ඒ වගේම මම අංක වලින් දාල තියෙන්නෙ එක් එක් route වල metric එක කියලත් හිතන්න.

    අපි දැන් සැකසුම් කරන Router එක තමයි Router1 කියන්නෙ. Router 1 වල neighbor Routers වෙන්නෙ Router2 සහ Router4 යි.  Router1 වල තියෙන Network1 වලට ඕන වෙලා තියෙනව Network2  එ එකට data යවන්න. එතකොට Network2 එක අපේ destination network එක වෙනව. හරි දැන් අපිට බලන්න පුළුවන් මොකද්ද AD එක කියන්නෙ කියල.  මම මුලින්ම කිව්වනෙ neighbor Routers වල ඉදල destination network වලට යන route එකේ අගය(metric) තමයි Advertise Distance වෙන්නෙ කියල. මේ උදාහරෙන විදියට AD තමයි පහලින් පෙන්නල තියෙනනෙ.
                       Route                               Advertise Distance (AD)
    Router1-->Router2-->Router3                        30
    Router1-->Router4-->Router3                        60

    :::Feasible Distance (FD):- අපි දැන් ඉන්න Router එකේ ඉදල (ඉහලින් තියෙන උදාහරනෙ විදියටනම් Router1) neighbor Routers වලට තියෙන අගයත් AD එකේ අගයෙත් එකතුවට තමයි FD එක කියල කියන්නෙ. කලින් උදාහරනෙ විදියට අපිට ලබාගන්න පුළුවන් FD එක තමයි පහලින් තියෙන්නෙ.
                       Route                               Advertise Distance (AD)        Feasible Distance 
    Router1-->Router2-->Router3                        30                                    50 (20+30)     
    Router1-->Router4-->Router3                        60                                  100 (40+60)

                           EIGRP වලදි අපි කලින් කතා කරපු විදියට AD හා FD  හොයාගත්තට පස්සෙ  Diffusing Update Algorithm (DUAL) වැඩ පටන් ගන්නව. DUAL කරන්නෙ destination network එකට යන්න පුළුවන් කියල අදුන ගත්තු route ටික එක table එකකට දානව. ඒ table එකට කියන්නෙ Topology Table එක කියලයි.ඒ වගේම topology table එකේ තියෙන route වලට කියන්නෙ Feasible Successor කියලයි. කලින් උදාහරෙන විදියටනම් පහලින් පෙන්නල තියෙන්නෙ Router1 වල Topology Table එකයි.
    ::Topology Table::
                       Route                               Advertise Distance (AD)        Feasible Distance (FD)
    Router1-->Router2-->Router3                        30                                    50 (20+30)     
    Router1-->Router4-->Router3                        60                                  100 (40+60)


                  ඊට පස්සෙ topology table එකට දාපු route අතරින් destination network එකට යන්න වඩාත් සුදුසුම route එක අරගෙන වෙනමම table එකකට දානව. ඒ table එකට කියන්නෙ Routing Table එක කියලයි. එකෙ තියෙන route වලට Successor කියල කියනව. අපේ උදාහරනෙ විදියටනම් Router1 වල Routing Table එක හැදෙන්නෙ පහත විදියටයි.
    :::Routing Table:::
                       Route                               Advertise Distance (AD)        Feasible Distance (FD)
    Router1-->Router2-->Router3                        30                                    50 (20+30)     

                              Topology table හා Routing Table වලට අමතරව  Neighbor Table කියල table එකකුත් EIGRP මගින් හදාගන්නව. එකෙ තියෙන්නෙ neighbor Routers වල තොරතුරුයි. අපි උදාහරනෙට ගත්තු Router1 වල Neighbor Table එක වෙන්නෙ පහත විදියටයි.
    ::Neighbor Table::
                      Next Hop Router                    Interface
                          Router2                                  E1
                          Router4                                  E0

                                   හරි දැන් අපි ඉහතින් උදාහරෙනෙත් එක්ක කතා කරපු ටික සාරාංශයක් විදියට ගත්තොත් මේ විදියට කියන්න පුළුවන්. EIGRP මගින් table තුනක් හදාගන්නව ඒව තමයි.
    1. Topology Table:-මේ table එකේ තියෙන්නෙ destination network වලට යන්න පුළුවන් සියළුම routs. මේකෙ තියෙන routes වලට තමයි කියන්නෙ feasible successor route කියල.
    2. Routing Table:-උඩින් කතා කරපු table එකේ තියෙන routes වලින් destination network වලට යන්න පුළුවන් හොදම route ටික තමයි  මේ table එකේ තියෙන්නෙ. successor route කියලයි ඒවට කියන්නෙ.
    3. Neighbor Table:-සියළුම neighbor Routers වල තොරතුරු තමයි මේ table එකේ තියෙන්නෙ. DUAL මගින් මේ table එකේ තියෙන Routers වලට query packet යවල තමයි යම් කිසිම route එකක් නොමැති අවස්ථාවක neighbor routers වලින් අවශ්‍ය destination network එකට අදාල route හොයාගන්නෙ.

                                   DUAL algorithm එකෙන් සිද්ධ වෙන කාර්යය අපිට මේ විදියටත් කියන්න පුළුවන්. ඒ තමයි network එකේ යම කිසි destination network එකකට යන best path (successor) එක EIGRP routing table එකේ නැති වෙලාවට DUAL බලනව topology table එකේ ඒ destination network එකට යන්න පුළුවන් ඊලග route එක (feasible successor) මොකක්ද කියල. feasible successor එකක් තියෙනවනම් ඒක routing table එකට දානව successor route එක විදියට. topology table එකේ feasible successor එකක් තිබුබෙ නැත්තම් neighbor table එකේ තියෙන Routers වලට query packet යවල බලනව එම neighbor Routers වල ඉදල destination network එකට route තියෙනවද කියල. එහෙම route හම්බුනොත් ඒ route ඔක්කොම topology table එකට දාල එයිනුත් හොදම route එක තෝරගෙන(අඩුම metric එකක් ඇති route එක) ඒක routing table එකට දාල ඒ හරහා destination network එකත් සමග සම්බන්ධතාවය ගොඩනගාගන්නව.හරියටම කිව්වොත් කොල්ලො කෑලි ටෝක් කරල පට්ට කෑල්ලක් දාගන්නව වගේ සීන් එකක්. හැබැයි ඒ සීන් වලදි කොල්ලට metric එක වැරදුනාට DUAL වලනම් එහෙම වෙන්නෙ නෑ කියලත් මතක තියා ගන්න.
                           දැන් අපි EIGRP  න්‍යායික කරණු ගොඩක් දුරට කතා කරල ඉවරයි. ඊලග පාඩමෙන් බලමු කොහෙමද EIGRP  Router සදහා සැකසුම් කරන්නෙ කියල. ඔයාල තව ටිකක් EIGRP වලදි metric එක ගනනය කරන හැටි DUAL මගින් feasible successor අතරින් successor එක හොයාගන්න හැටිත් ජංජාලෙ පීරල පොඩ්ඩක් හොයල බලන්න. වැරදි තියෙනවනම් කියන්න ඒ වගේම තේරුනෙ නැති දෙයක් තියෙනවනම් අහන්නත්  අමතක කරන්නත් එපා. එහෙනම් ඊලග පාඩමෙන් ඉක්මනින්ම හමුවෙමු.


      ඔබ සැමට
     *****ජය ශ්‍රී *****

    LinkWithin

    Related Posts Plugin for WordPress, Blogger...