Showing posts with label මගේ සිතුවිලි. Show all posts
Showing posts with label මගේ සිතුවිලි. Show all posts

20 August 2012

C# සිංහලෙන්ම පාඩම් සෙට් එකක්.

C# සිංහලෙන්ම පාඩම් සෙට් එකක්.
                         CCNA පාඩම් මාලාවට තිත තියන්න නෙමෙයි ඔන්න මේ වැඩේ කරන්නෙ. මම BIT කරනවනෙ ඉතින් මටත් හිතුන C# තනියම ඉගෙන ගන්න ඕන කියල. BIT වලදි programming ඉගෙන්නුවට C# උගන්නන්නෙ නෑනෙ ඉතින්. මට යාළුවෙක් ලග තිබිල විජය පරිගණක සගරාවෙ ගිය C# පාඩම් මාලාවෙ සේරම පාඩම් ටික හම්බුන. ඉතින් මමත් නිකම් ඉන්න වෙලාවට බලන්න කියල ඒ කොල ටික scan කරල pdf කරගත්ත. ඉතින් අපිට තනියම කාල පුරුද්දක් නෑනෙ (දැනුම විතරයි හරිද බොලව්) ඒක හින්ද  පහල තියෙන සබැදියන්ගෙන් ඔයාලටත් පුළුවන් ඒ පාඩම් ටික බාගන්න. එහෙනම් ඉක්මනින්ම CCNA පාඩම් මාලාවෙ Extended Access Control list configuration සමග ඊලග පාඩමෙන් හමුවෙමු.......

පසු සටහන: සබැදියන් තුනට අපු traffic වැඩි නිසා dropbox මගින් තාවකාලිකව අවලංගු කර ඇත. තවත් දින කීපයකින් උත්සහ කර බලන්න.


දැඩි ඉල්ලීම පරිදි mediafire වලට upload කරන ලදි.පහත සබැදියන්ගෙන් බාගන්න..

***** ජය ශ්‍රී *****

14 October 2011

CCNA පාඩම් මාලාවට විරාමයක්.

                                                              හෆොයි, ඔන්න මටත් ජොබක් සෙට් උනා.. ගෙදරට වෙලා සතියකට සැරයක් බ්ලොග් එකට පෝස්ට් දාපු මට දැන් ඉතින් බෝඩ් වෙලා කඩෙන් කෑම කකා ජොබ් එකත් කරගෙන ඉන්න වෙනව. හැබැයි බ්ලොග් එකනම් පොඩ්ඩක්වත් අමතක කරන්නෙ නෑ ඕන්. මයෙ තියෙන මේස කොම්පීතරේ  ඔය බෝඩින් ගානෙ රින්ගවන්න මට හිතදෙන්නෙ නෑ. ඒක හින්ද ඔඩොක්කු කොම්පීතරයක් ගන්නකම් තමයි පෝස්ට් ලියන එක ටිකක් ප්‍රමාද වෙන්නෙ. ඔන්න ඉතින් මේ කොල්ලට ගෙදරින් ප්‍රතිපාදන වෙන්වෙලා තියෙනව කියල ආරන්චියි අළුත්ම ඔඩොක්කු කොම්පීතරේකට. ඊට පස්සෙ ඉතින් ආයෙත් මේ කොල්ල සුපුරුදු පරිදිම පාඩම් මාලාව පටන් ගන්නයි හිතාගෙන ඉන්නෙ.
                                        ඉන්ටව් හැට හුට හමාරකට ගිහින් අන්තිමටම තල්ලු නැතුව එක එකාගෙ ලියුම් නැතුව මට සැට් උනා සහයක ජාලාකරන  පාලක තනතුරක්. ඒ කිව්වෙ Assistant Network Administrator කියන එකනෙ. හැබැයි එතනන් බොහොමයක් අළුත් දේවල් ඉගෙන ගන්න පුළුවන් තැනක්. කොහොමහරි අළුත් දේවල් ඉගෙන ගන්න ගමන් ජොබ් එකත් කරන ගමන් දැන් කරගෙන යන BIT ඩිග්රී කෑල්ලත් ගොඩදාගන්න එක තමයි මේ කොල්ලගෙ බලාපොරොත්තුව. 
                           ඔන්න විරාමයක් කිව්වට නිකම්ම යන්න අදහසකුත් නෑ. මම හදපු පොඩි දෙයක් තියෙනව කට්ටියන්ටම බලන්න දෙන්න. මම A/L කරල ගෙදර ඉන්න කාලෙ කරපු පොඩි වැඩක් . ගෙදර කොම්පීතරේකුත් තිබුන හින්ද මමත් පොඩි පොඩි වැඩ ටිකක් කලා. ඒකෙන් එකක් තමයි මම දැන් දෙන්න යන්නෙ. ulead video editing එකෙන් තමයි මේ ශ්‍රව්‍ය දෘශ්‍ය අච්චාරුව මම කලේ. මේ වගේ තව ගොඩක් තියෙනව මම හදපු. මොනවද තව කතා මෙන්න එහෙනම් බලන්නකෝ ජැකී චෑන් ලංකාවට ඇවිත් සන්ෆලවර්ස්ලගෙ සිංදුවකට නටපු හැටි.




                                           හරි එහෙනම් ඔන්න අපි ගියා. ඉක්මනින්ම CCNA පාඩම් මාලාවෙන් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබ සැමට  

                                  ****** ජය ශ්‍රී ******      


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...