Showing posts with label IP Address. Show all posts
Showing posts with label IP Address. Show all posts

06 October 2013

CCNA තිස්එක්වන පාඩම IP address summary and Route summarization

CCNA තිස්එක්වන පාඩම IP address summary and Route summarization (Route Aggregation / Suppernetting)

                 මුලින්ම අපි බලමු කොහොමද IP address summarize කරගන්නනෙ කියල. summary කරනව එහෙමත් නැත්තම් සාරාංශ කරනව කියන්නෙ යම්කිසි දෙයත් කෙටිකර පහසුවෙන් තේරුම්ගතහැකි ආකාරයෙන් ලබාගන්නව කියන එකනෙ. ඒකනෙ ප්‍රවෘත්ති කියල අන්තිමේටම සාරාංශයකුත් කියල දාන්නෙ. network කිහිපයක ඇති IP address (network address) තනි IP address (network address) එකක් බවට පත් කිරීමයි IP address summary කිරීම තුලින් බලාපොරොත්තු වෙන්නෙ. මෙහෙම සාරාංශ කරන IP address බාවිතා කරන්නෙ මොකටද කියල දැනගන්න කලින් දැන්  පියවරෙන් පියවර ඉගෙනගමු IP address summary කරන හැටි.ඉස්සෙල්ලම අමාරු ක්‍රමේ බලමු.

ක්‍රියාකාරකම් 01:
          192.168.64.0/24
          192.168.65.0/24
          192.168.66.0/24
          192.168.67.0/24
      ඉහතින් දක්වා ඇති network address හතර summary (තනි network address එකක් බවට) කර දක්වන්න.
පළමු පියවර:
සියළුම network address දෙකේ පාදයෙන් (binary) ලියාගැනීම.
          11000000. 10101000. 01000000. 00000000
          11000000. 10101000. 01000001. 00000000
          11000000. 10101000. 01000010. 00000000         
          11000000. 10101000. 01000011. 00000000
දෙවන පියවර:
දෙකේ පාදයෙන් ලියු network address සියල්ලන්ගෙන්ම වම්පස  සිට දකුණුපසට ගමන්කිරීමේදී පළමුව හමුවන එකිනෙකට වෙනස්වන  bit කාණ්ඩය හදුනා ගැනීම.
          11000000. 10101000. 01000000. 00000000
          11000000. 10101000. 01000001. 00000000
          11000000. 10101000. 01000010. 00000000         
          11000000. 10101000. 01000011. 00000000

තෙවන පියවර:
වෙනස්වන bit කාණ්ඩයෙන් සෑම network address එකකටම පොදු වු කොටස හදුනා ගැනීම.
          11000000. 10101000. 01000000. 00000000
          11000000. 10101000. 01000001. 00000000
          11000000. 10101000. 01000010. 00000000         
          11000000. 10101000. 01000011. 00000000
හතරවන පියවර:
දැන් ඔබට සෑම network address එකකටම පොදුවු bits pattern එකක් ලැබී ඇත. එය දහයේ පාදයෙන් (decimal) ලියු පසු summary network address එක ලැබේ.
          11000000. 10101000. 010000XX. 00000000
               192    .      168    .      64        .      0
දැන් අපිට summary network address එක ලැබිල තියෙනව. දැන් බලමු කොහොදම මේ ලැබුනු summary network address එකේ subnet mask එක හොයන්නෙ කියල. ඒක හරි ලේසියි. binary(දෙකේ පාදය) වලින් ලියන ලද summary address එකේ වෙනස්වන කොටස  වනතෙක් (XX ලෙස දක්වා ඇති කොටස දක්වා) ඇති bits ගණනෙන් තමයි අපි subnet mask එක හදාගන්නෙ. පහල බලන්න...

දැන් බලමු ලේසි ක්‍රමයට කොහොමද IP address summarize කරන්නෙ කියල.
ක්‍රියාකාරකම් 02:
          200.100.10.0/28
          200.100.10.16/28
          200.100.10.32/28
          200.100.10.48/28
              ඉහතින් සදහන් network හි summary address එක හා එහි subnet mask එක සොයන්න.
පළමු පියවර:
දී ඇති network address සියල්ලන්ගෙන්ම වම්පස  සිට දකුණුපසට ගමන්කිරීමේදී පළමුව හමුවන එකිනෙකට වෙනස්වන  ඉලක්කම් කාණ්ඩය හදුනා ගැනීම.
        .0
        .16
        .32
        .48
දෙවන පියවර:
පළමු පියවරේදී ලියු ඉලක්කම් කාන්ඩ දෙකේ පාදයට (binary) වලට හරවාගැනීම හා සෑම කොටසකටම පොදු වූ bit කාණ්ඩය හදුනාගැනීම.
          . 00000000
          . 00010000
          . 00100000
          . 00110000
තෙනව පියවර:
ඉහතින් ලබාගත් සෑම කොටසකටම පොදු වූ bit කාණ්ඩය දහයේ පාදයට (decimal) වලට හරවා මුලදී නොවෙනස්වු IP address කොටස සමග ලිවීම.
හතරවන පියවර:
summary address එක ඉහලින් තියෙන විදියට හොයාගත්තට පස්සෙ දැන් තියෙන්නෙ ඒකට හරියන subnet mask එක හොයාන්නයි. subnet mask එක හොයන්න යොදාගන්නෙ network bits කියල ඔයාල දන්නවනෙ (මතක නැත්තම් පසුගිය IP address පාඩම් බලන්න). ඒ වගේම දන්නවනෙ IP address එකක් හැදිල තියෙන්නෙ bits 32 කින් කියලත්. ඒ කියන්නෙ bit 8 කාණ්ඩ හතරකින්. දැන් ඒ දැනුම උපයෝගී කරගෙන ලේසියෙන්ම subnet mask එක හොයන්න පුළුවන්. එහෙනම් දැන් කරන්න තියෙන්නෙ නොවෙනස්වු bits එකතුකර එය decimal බවට පත්කර ගැනීමයි.
ඒ අනුව අපිට පහත පරිදි ක්‍රියාකාරකම් 02 සදහා පිලිතුරු ලබාදිය හැකියි.
Summary address : 200.100.10.0/26
Subnet mask : 255.255.255.192

               දැන් අපි දන්නව කොහෙමද IP address summary කරන්නෙ කියල. එහෙනම් දැන් බලමු මේ විදියට summary කරපු IP address එකෙන් ඇති ප්‍රයෝජන හා ඒවා භාවිතයට ගන්නෙ කොහොමද කියල. කලින් කතාකරපු ක්‍රියාකාරකම් වලදි අපි ඇත්තටම කලේ network address summarize කරපු එකයි. network එකක් තුලදි network address බාවිතා කරන්නෙ එක් එක් network වෙන්කර හදුනාගන්නයි. අන්න ඒ නිසාම routing table වලදිත් network address තමයි භාවිතා කරන්නෙ network එක තුල ඇති වෙනත් network හදුනා ගැනීමට. ඉතින් මේ හැමදේටම යොදාගන්න network address summarize කරන එකටම තමයි Route summarization එහෙමත් නැත්තම් Route aggregation කියල කියන්නෙත්.

Route summarization කිරීමෙන් ඇතිවන වාසි.
                      Router සැකසුම් සදහා route summarization යොදාගැනීමෙන් ගොඩක් වාසි ලබාගන්න පුළුවන්. අපි හිතමු එක්  Router එකකට network දහයක් සදහා route assign කරල තියෙනව කියල. එතකොට එම Router එක තවත් Routers සමග සම්බන්ධතාවයන් ගොඩනගාගන්න නම් එහි ඇති network දහය පිළිබද route information අනෙක් Routers සමගත් හුවමාරු කරගන්න සිද්ධ වෙනව. route දහයෙ තොරතුරු අනෙක් Routers සමග හුවමාරු කරගැනීමට සැලකිය යුතු network bandwidth එකක් කැප කිරීමට සිදුවෙනව. ඒ වගේම එම route දහයේ තොරතුරු process කිරීමට Router එකේ CPU බාවිතයත් සැලකිය යුතු මට්ටමකින් කැප කල යුතුයි. එසේම Router එකේ සිට වෙනත් network එකකට data transmit කිරීමේදී ඒ සදහා අවශ්‍ය හොදම route එක routing table එකෙන් තේරීමටත් (routing table එකේ route ප්‍රමාණය වැඩිවන විට තෝරාගැනීම් ප්‍රමාණය වැඩිවේ) යම් කිසි කාලයක් වැය කිරීමට සිදුවෙනව. ඉහතින් කතාකරපු route දහය සදහා එක route එකක් පමනක් තිබුනනම් මෙතෙක් වෙලා කතාකරපු දුර්වලතාවයන් සේරම මගහැරගන්න පුළුවන් නේද. අන්න ඒප්‍රශ්නයට විසදුමක් විදියට තමයි අපි route summarization යොදාගන්නෙ.
                   CCNA දාහතරවෙනි පාඩමේ ඉදල විසිතුන්වෙනි පාඩම දක්වා තිබෙන routing පාඩම් වලදි අපි ඉගෙන ගත්ත Router එකකට සම්බන්ධ network එකක් බිදවැටුනොත් ඒ බව network එකේ ඇති අනෙකුත් සිළුම Routers වලට දන්වනව කියල. තවත් සරලව කියනවනම් Router එකකට සම්බන්ධ network එකක් යම්කිසි හේතුවකින් බිදවැටුනොත් ඒ බව network එක හා සම්බන්ධ අනෙකුත් Routers වලට දන්වනව ඔව්න්ගේ routing table නැවත සකසා ගන්න. ඒ වගේම නැවත එම බිදවැටුනු network එක යථාතත්වයට පත්වුනහම ඒ බවත් අනෙකුත් සියළුම network වෙත දන්වනව. මෙය network එක තුල දිගින් දිගටම සිද්වීමෙන් data transmission වීමේ කාර්යක්ෂමතාවයට බලපෑමක් එල්ල වෙනව. නමුත් අපි network එක තුල ඇති Router සදහා route summarization සැකසුම් කරල තියෙනවනම් එවනි ප්‍රශ්නයක් මතුවන්නේ නැහැ. එයට හේතුව තමයි Router එකක් හා සම්බන්ධ යමකිසි network එකක් බිදවැටුනත් Router එක මගින් summary route information කිසිදු වෙනස්කමකින් තොරව අනෙක් Routers වෙත යැවීමයි. බිද වැටුනු network එක පිළිබදව දැනුවත්ව සිටින්නේ එම network එක directly connected Router එක පමණයි. බිදවැටුනු network එක වෙත යම් කිසි network traffic එකක් පැමිනියහොත් directly connected Router එක මගින් "destination network unreachable" පණිවිඩය source එක වෙත reply එකක් විදියට යවනව. බලන්න කොච්චර සරල කාර්යයක්ද  route summarization මගින් වෙන්නෙ කියල. 

Route summarization වර්ග:
                 auto summary හා manual summary කියල route summarization වර්ග දෙකක් තියෙනව. CCNA routing පාඩම් වලදි කතාකරපු කරුණු මතක තියෙනවනම් auto summary කියන්නනෙ මොකද්ද කියල ඔයාල දැනටමත් දන්නව. classfull routing protocol ඒ කිව්වෙ RIPv1, IGRP වගේ routing protocol auto summary ක්‍රමය බාවිතා කරනව. ඒ වගේම RIPv2, EIGRP යන routing protocol පෙරනිමිතියෙන්ම auto summary සදහා සහය දක්වන නිසයි එම protocol Router සදහා සැකසුම් කරද්දි "no auto summary" කියන command එක භාවිතා කරල route auto summarization වෙන එක අවලංගු කරල දැම්මෙ. auto summary වලදි සිද්ධ වෙන්නෙ සියළුම network address classfull network address විදියට summarize කිරීමයි. 
උදා -:
අපි හිතමු Router එකකට පහත network සම්බන්ධ කරල classfull routing protocol එකකුත් සැකසුම් කරලයි තියෙන්නෙ කියල.
          10.16.0.0/13
          10.24.0.0/13
          172.16.10.0/24
          172.16.11.0/24
          192.168.1.0/28
          192.168.1.16/28
දැන් මෙම සැකසුම් කරපු Router එකේ routing table එක බැළුවොත් අපිට පෙන්නන්නෙ පහත විදියට auto summary කරපු routes ටිකක්.
          10.0.0.0/8
          172.16.0.0/16
          192.168.1.0/24
මෙතනදි කතාකරපු classfull, classless ඒ වගේම VLSM කියන්නෙ මොනවද කියල හරියට තේරෙන්නෙ නැත්තම් route summarization  කියන්නෙ මොකද්ද කියල තේරුම් ගන්නත් අමාරුවෙයි. ඒ වගේ අයට තියෙන්නෙ පහුගිය පාඩම් ටික ආයෙත් මුල ඉදල බලල මේ පාඩමත් එකක් සම්බන්ධ වෙන එකයි. ඉහලින් තියෙන auto summary routes ටික බලපුවාම තේරෙනව Router එකට සැකසුම් කරපු network අයත් class එකට අනුව ඒව summarize වෙලා තියෙන බව.
                       manual summary ගැන කථාකරන්න දෙයකුත් ඉතුවෙලා නැහැ. මොකද අපි මේ පාඩම පටන්ගත්තු වෙලාවෙ කරපු ක්‍රියාකාරකම් තුලින් අපි කලේ manual summarization තමයි. සාරාන්ශව කියනවනම් මෙතනදි සිද්ධවෙන්නෙ calssfull classless බේදයක් නැතුව නිවරදිව summarize කල හැකි network ඛාණ්ඩය හදුනාගෙන summarize කර දැක්වීමයි. පහතින් තියෙන රූප සටහන බලන්න. ඒකෙන් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මොන Routing protocol ද auto summary කරන්නෙ හා manual summary සදහා සහය දක්වන්නෙ කියල.  
                         

Route summarization සැකසුම් කිරීමේදී සැලකිය යුතු කරුණු:

  • Routers වලට routing protocol එක වශයෙන් සැකසුම් කල යුත්තේ classless routing protocol (OSPF, EIGRP, RIPv2, BGP)  පමණක්ය.
  • Routers සදහා network assign කිරීම හා  network පරාසයන් ලබාදීම හොදින් සැලසුම් කර සිදුකල යුතුයි.
  • සැමවිටම දෙකේ පාදයේ අගයක් ගන්නා network ප්‍රමාණයක් summarize කිරීම සදහා යොදාගනීම (2,4,8,16,32,64,128).
  • විශාලතම network එකේ සිට  කුඩා network එක දක්වා පිළිවලින් network address නිර්මාණය කිරීම. මෙය අදාල වන්නේ එකලග පිහිටි (contiguous) network නිර්මාණයේදී පමණි.   ( උදාහරණ: පිළිවෙලින් network 8, network 4, network 2, බැගින් assign කරපු Routers තුනක් තියෙනව කියල හිතන්න. එවිට පළමුව network 8 ඇති Router එකට network address නිර්මාණය කර  දෙවනුව network 4 ඇති Router එක සදහාද තෙවනුව network 2 ඇති Router එක සදහාද network address පිළිවලින් නිර්මාණය කලයුතුයි ).
                       දැන් තියෙන්නෙ Route summarization තේරුම් ගැනීම සදහා ක්‍රියාකාරකමක් කරන්නයි. CCNA විභාගයේදී Route summarazation සදහා ක්‍රියාකාරනම්නම් අඩංගුවෙන්නෙ නැහැ. ඒ වගේම උගන්නන්නෙත් නැහැ. හැබැයි අපි පාඩම මුලදිම කථාකරපු Route කොහොමද summary කරන්නෙ කියන එකනම් දැනගෙන ඉන්න ඕනෙ. මම ක්‍රියාකාරකමේදී Routing protocol එක විදියට බාවිතා කරල තියෙන්නෙ EIGRP, ඒකට හේතුව ඉහතින් පෙන්නල තියෙන වගුව බැළුවනම් තේරුම් ගන්න පුළුවන්නෙ නේද. EIGRP භාවිතයෙන් summary network සැකසුම් කිරීම CCNP Route කොටසට තමයි අයත් වන්නෙ. මෙහිදී EIGRP සරලව භාවිතා කරල තමයි පහල ක්‍රියාකාරකම නිර්මාණය කරල තියෙන්නෙ. 

ක්‍රියාකාරකම් 03:


                 ඉහත තියෙන ක්‍රියාකාරකම ආයතනයක ගාල්ල, නුවර, කුරුණෑගල පිහිටි ශාඛා, කොළඹ පිහිටි උප ප්‍රාධාන ශාඛාවට සම්බන්ධ වී ඉන් පසු උප ප්‍රාධාන ශාඛාව ඉන්දියාවේ පිහිටි මව් ශාඛාවට සම්බන්ධවන ආකාරය දක්වන උදාහරණයක් බව සිතන්න. එවනි අවස්ථාවක එම ශාඛා වල තිබෙන network සම්බන්ධ කරන ලද Routers, අනෙත් network අතර තමන්ගේ සියළු routing information හුවමාරු කරගන්නා විට network එක තුල අපි ඉහල ඡේදයන් වලදි කතාකරපු ගැටළු මතුවෙනව. ඒකට පිළියමක් විදියට තමයි ක්‍රියාකාරකමේ තියෙන network එක summary route යොදාගෙන සකස් කරල තියෙන්නෙ. ක්‍රියාකාරකමේ කොටුවල දාල තියෙන IP address වලින් පෙන්නන්නෙ  එම එක් එක් network එකට අදාල summary network address එකයි. එම එක් එක් summary network address හදාගත්තු විදිය තමයි පහතින් තියෙන්නෙ.     
ගාල්ල ශාඛාව:
නුවර ශාඛාව:
කුරුණෑගල ශාඛාව:
දැන් summary කරපු address ටික EIGRP හරහා අනිත් Routers අතර බෙදාගන්නයි තියෙන්නෙ.මේ සදහා අපි CCNA විසිදෙවනි හා විසිතුන්වන පාඩම් වලින් ඉගෙන ගත්තු EIGRP සැකසුම් වලට තවත් එක් කුඩා command එකක් එකතු කරන්න වෙනව. තවත් මතක තබාගත යුත්තක් තමයි මෙසේ එකතු කරන command එක සැකසුම් කරන්නෙ Router එකේ outbound port (Router එක වෙනත් network හා සම්බන්ධ වෙන ports) වලටයි. තවත් විදියකින් කියනවනම් Router එකෙන් summary route වෙනත් Routers වලට යවන port එකටයි. 
උදාහරණයක් විදියට පළමුවෙන්ම ගාල්ල Router එකේ outbound interface එකට EIGRP summary route සැකසුම් සිදුකරමු.
syntax:
Router(config)#interface <outbound_Interface>
Router(config-if)#ip summary-address eigrp <autonomous_system_number> <summary_address> <subnet_mask> 
උදා:
GALLE(config)#interface ser0/2/0
GALLE(config-if)#ip summary-address eigrp 1 172.16.8.0 255.255.248.0
මේ විදියට නුවර හා කුරුණෑගල Routers වල outbound interfaces වලටත් summary route සැකසුම් කලානම් අපේ ක්‍රියාකාරකම සම්පුර්ණ වෙනව. ඒ විදියට සම්පුරණ කරපු ක්‍රියාකාරම් පහලින් තියෙන  සැබදියන්ගෙන් ඔයාලට බාගන්න පුළුවන්.
*** ක්‍රියාකාරකම EIGRP summary සැකසුම් නොමැතිව.
            ---- Packet Tracer file                ---- Configuration text file
*** ක්‍රියාකාරකම EIGRP summary සැකසුම් සහිතව.
            ---- Packet Tracer file                ---- Configuration text file
උදාහරණයක් විදියට බලමු summary නොකරණ ලද, ඉහත ක්‍රියාකාරකමේ ඉංදියා Router එකේ routing table එක



දැන් බලමු Routers සදහා EIGRP summary සැකසුම් කලාට පසුව ඉංදියා Router එකේ routing table එක.
                      

මේ පාඩමෙන් Route summarization කරන්නෙ කොහොමද summary address එකක් නිර්මාණය කරගන්නෙ කොහොමද හා ඒවා router සදහා සැකසුම් කරන්නෙ කොහොමද කියලත් කතාකලා. ඉහතින් තිබෙන ක්‍රියාකාරකම් බලල අළුතෙන් network නිර්මාණය කරල ඒවට ගැලගෙන විදියට summary route සැකසුම් කරල බලන්න.  මේ පාඩමේ කොතනක හරි අපහැදිලි තැනක් තියෙනවනම් අහන්න. ඒ වගේම වැරදි තැනක් තියෙනවනම් පෙන්නල දෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් අළුත් පාඩමකින් නැවතත් හමුවෙමු.ඔබ සැමට...


***** ජයශ්‍රී *****

27 June 2011

CCNA දොලොස්වන පාඩම Router Interface Configuration [Serial Interface] ii (රවුටරේ මුහුණු)



CCNA දොලොස්වන පාඩම Router Interface Configuration [Serial Interface] ii (රවුටරේ මුහුණු)

          මගේ  IP address පාඩමට කලින් මතකයිනෙ අපි Router එකේ Ethernet interface එක ගැන කතා කලා. අද අපි කතා කරන්නෙ Router එකේ තියෙන Serial interface ගැනයි.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                            Serial interface එක යොදාගන්නෙ Router එකක් තවත් Router එකකට සම්බන්ධ කර ගැනීමටයි, තවත් විදියකින් කියනවනම් එක් එක් Router වල තියෙන network සියල්ලම  එකට සම්බන්ධ කරන්න.  මෙහෙම කිව්වත් හරි සේරම network එකම network එකක් කරන්න (Serial interface හරහා Routers සම්බන්ද කල පමනින්ම සියළුම network එකට සම්බන්ද නොවේ) .
                                             Router එකක Ethernet interface වගේම Serial interface සුත් එක එක වර්ග තියෙනව. DB60 serial interface, Smart serial interface කියන්නෙ ඔවගෙන් කීපයක් තමයි. ඔය කොච්චර වර්ග තිබුනත් Router එක‍ට Serial Interface එක configure කරන්නෙනම් එකම විදියට තමයි. මම කලින් කිව්වනෙ Router එකක් තවත් Router එකකට හෝ කීපයකට සම්බන්ධ කරන්නෙ Serial port හරහා කියල. ඒ විදියට Serial port හරහා Serial cable එකකින් Router දෙකක් සමබන්ධ කලාට පස්සෙ අපි එම interfaces දෙකට මෙහෙමයි IP address assign කරන්නෙ.





                                         Ethernet interface එක Config කරනව වගේමයි නේද මේකත් කරන්නෙ. හැබැයි අපිට තව වැඩක් තියෙනව මේ Serial interface config කරද්දි කරන්න ඕන.නැත්තම් මේ Routers දෙක අතර සම්බන්ධතාවක් අපිට හදාගන්න බැහැ.ඒක තමයි DCE / DTE සැකසුම්. මොකක්ද මේ DCE හා DTE කියන්නෙ. මේකනම් CCNA විභාගෙදි ඔයාගලගෙන් අහන්නෙ නෑ, configure කරන හැටි හා DCE /DTE මොන Ruter එකේ Serial interface   එකද කියල හොයන හැටි විතරයි දැනගෙන ඉන්න ඕන.ඒත් අපි බලමු මේ ගැන තව විස්තර ටිකක් හොයල බලල. 
මේ තියෙන්නෙ එක් Router එකක Serial  interface එකත්
අනිත් Router  එකේ Serial interface එකත් සම්බන්ද කරන
cable එකක්


මේ තියෙන්නෙ එක් Router එකක Smart Serial  interface එකත් අනිත් Router  එකේ Smart Serial interface එකත් සම්බන්ද කරනcable එකක්
මේ තියෙන්නෙ එක් Router එකක Smart Serial  interface එකත්
 අනිත් Router  එකේ  Serial interface එකත් සම්බන්ද කරනcable එකක්
                                                Router දෙකක් serial cable එකක් හරහා සමබන්ද කරද්දි එම cable එක හරහා සම්බන්ධ උන Serial interface දෙකෙන් අනිවාර්යෙන්ම එක Serial interface එකක් DTE (Data Terminal Equipment) හෝ DCE (Date Circuit-termination Equipment) interface එකක් වෙනව. තවත් විදියකින් කිව්වොත් අනිවාර්යෙන්ම ඔය interface දෙකෙන් එක interface එකක් DTE විදියටත් අනිත් interface එක DCE විදියටත් වර්ග වෙනව.
                                                  DTE විදියට Router,Host එකේ Serial interface එකත් DCE විදියට Modem, CSU/DSU (මේකත් එක් උපකරණයක්) එකේ Serial interface එකත් වර්ග වෙනව කියල තමයි කියන්නෙ. තවත් තැනක කියනව සැමවිටම analog signal digital signal කරන පැත්තෙ තියෙන Serial interface එක සැමවිටම DCE වෙනව කියල. හැබැයි දැන් තියෙන Serial cable වලනම් එම cable එකේ මොන පැත්ත්ද DTE වෙන්නෙ මොන පැත්තද DCE වෙන්නෙ තියල සදහන් වෙනව. මේ පහත තියෙන cable එක දිහා බලන්න
 
මේ Serial cable එකේ ලොකු අග්‍රය DCE ලෙසත්
පොඩි අග්‍රය DTE විදියටත් සදහන් වෙනව.
                  ඔය මම උඩින් කියපු ටික තේරුනේ නැත්තම් කමක් නෑ.මේකයි වැදගත්ම දෙය Router දෙකක Serial cable සම්බන්ධතාවයේදී Serial cable එකේ අග්‍ර දෙක සම්බන්ධ වෙන Router දෙකේ එක් පැත්තක් DCE හෝ DTE වෙනවමයි. එතකොට අපිට අවශ්‍ය කරන්නෙ මේ DCE තියෙන පැත්ත හොයාගන්න එකයි. ඒකට හේතුව පස්සෙ කියන්නම්. දැන් බලමු කොහොමද DCE තියෙන පැත්ත  හොයාගන්නෙ කියල. ඒකට කරන්න තියෙන්නෙ එක Router දෙකෙන් එකක "show controllers serial <serial port address>" විදියට command එකක් දෙන එකයි එතකොට මෙන්න මේ විදියට ඔයාලට පෙන්නයි.




                                                 හරි අපිට මේ Router එක ඒකේ Serial interface එක DCE කියල පෙන්නනවනම් අනිත් Router එකේ ‍හොයන්න දෙයක් නෑනෙ ඒ Serial interface එක අනිවාර්යෙන්ම DTE වෙනව. හරි අපිට මේ output එකේ අපේ Serial interface එක DTE කියල පෙන්නුවනම් හොයන්න දෙයක් නෑනෙ අනිත් Routerඑකේ Serial interface එක අනිවාර්යෙන්ම DCE ම තමයි.
                                               ඇයි අපි මෙච්චර වෙලා කියපු DCE Serial interface එක හොයාගත්තෙ. අපි එහෙම හොයාගත්තෙ එකට හේතුව මේකයි, ඔය DCE කියන පැත්තෙ තියෙන Router එකේ Serial interface එකට අපි clock rate එක කියල එකක් assign කරනව. clock rate කියන්නෙ මොකද්ද කියල පස්සෙ කියන්නම්. දැන් බලමු කොහොමද මේ clock rate එක DCE Serial interface එකට assign කරන්නෙ කියල."clock rate" තමයි ඒකෙ command එක.Router එකේ Serial interface එකට clock rate ගොඩක් තියෙනව.මේ බලන්න.
 අපි සාමාන්‍යයෙන් assign කරන්නෙ 56000, 64000 වැනි අගයකුයි. එතකොට අපි මුලින්ම කරපු Router දෙකක් සම්බන්ධ කිරීම මෙන්න මේ විදියට වෙනස් වෙනව.
                                                      හරි දැන් අපි බලමු මොකද්ද මේ clock rate එක කියන්නෙ කියල. Router එකේ DCE end එකට clock rate එකක් සැකසීමෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ Router දෙක අතර serial port හරහා communication එක සිද්ද වෙද්දි එම communication එකේ speed එක හෝ bandwidth එක පාලනය කිරීමයි. මෙතනදි පාලනය කරනව කියල කිව්වෙ මේන්න මෙහෙමයි, අපි හිතමුකො clock rate එක 64000 ට සැකසුව කියල. එතකොට මේ Router දෙකේ serial interfaces හරහා සිදුවන communication එකේ data rate/bandwidth එක උපරිම 64000bit හෝ ඊට වැඩි වෙන්න පුළුවන්. හරි දැන්නම් පාඩමේ ගොඩක් ඉවරයි. ඒ උනාට ඔයාල පහත ක්‍රියාකාරමත් කරල බලන්න.


ක්‍රියාකාරකම් 01: 
  • මෙතනදි මම අරගෙන තියෙන Subnet mask එක ගැන මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවනම්  අහන්න අමතක කරන්න එපා. IP address ක්‍රියාකාරකම් කලානම් බැරිවෙන්න විදියකුත් නෑ. දන්නවනෙ අපි IP Address නාස්තිකරන්නෙ නැති හොද network හදන කොල්ලො කියල.
                                       හරි දැන් අපි හරියට සැකසුම් කලානම්  එක Router එකක ඉදල පුළුවන් වෙන්න ඕන ඒ Router එක හා සම්බන්ධ අනිත් serial interface වලට ping කරන්න මෙන්න මේ වගේ.
                   තව වැදගත් දෙයක් තියෙනව මතක් කරන්න ඒ තමයි Serial interface දෙකක් අතර සම්බන්ධතාවෙ යම් ගැටළුවක් තියෙනවනම් අපි ඒ interface වල තොරතුරු බලන්න ඕන (show interface serial <port address>) එකකොට එන output එකෙන් අපිට හොයන්න පුළුවන් මොකද්ද මේ වෙලා තියෙන හුටපටේ කියල. අන්න එහෙම බලද්දි එන output එකේ උඩින්ම සදහන් වෙලා තියෙන දේ බලල අපිට තේරුම් ගන්න පුළුවන් දේ තමයි මම මේ පහලින්  දක්වල තියෙන්නෙ. 










                                            ඔය උඩින් සදහන් කරපුව ටිකනම් හැබයි කට පාඩම් කරගන්න වෙනව. ඔයාල CCNA විභාගෙ කරන්න යනවනම්. හරි එහෙනම් මේ පාඩමත් ඉවරයි. අපි ඊලග පාඩමේ ඉදල බලමු Routing Protocol ගැන. අමතක කරන්න එපා interface වලට සකසපු IP address හා subnet mask සම්බන්ධ මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න. එතෙක් ඔබට


****ජය ශ්‍රී****

12 June 2011

CCNA එකොලොස් වන පාඩම: Must known IP Address Exercises (easy ලේසි IP Address ක්‍රියාකාරකම්)

CCNA එකොලොස් වන පාඩම: Must known IP Address Exercises (easy ලේසි IP Address ක්‍රියාකාරකම්)
                                                        මෙන්න මේ පාඩම CCNA කරන කට්ටියටම ගොඩක්ම ගොඩක් වැදගත් පාඩමක් වෙනව. ඒකට හේතුව තමයි මේ ක්‍රියාකාරකම් ටික ‍ඔයාලට හරියට කරන්න පුළුවන් තරමෙ දැනුමක් තියෙනවනම් CCNA විභාගයෙදි ඔයාලට වැඩි ලකුණු ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන් වෙනව. මොකද මට තේරුණ හැට්යටනම් මුළු CCNA විභාගෙම රැදිල තියෙන්නෙ මේ IP address කියන එක උඩයි. ඒකයි මමත් වැඩිපුරම මේ IP address ගැනම ඔයාලට මතක් කරමින්ම CCNA පාඩම් මාලාව කරගෙන යන්නෙ. CCNA විභාගයට මුහුන දෙන්න නම් අනිවාර්යෙන්ම IP address ගැන හොද දැනුමක් තියෙන්න ඕන. එතනදි මෙන්න මේ විදියට ඔයාලගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්.
  • Subnet mask එක දීල එම subnet mask එකෙන් අපට කොතරම් IP address ප්‍රමානයක් ලබාගන්න පුළුවන්ද කියල.
  • Subnet mask එක සමග IP address එකකුත් දීල ඒ IP address පරාසය තුල ඇති IP address හා එහි Network ID හා Broadcast ID එක හොයන්න කියල.
  • IP address එකක් CIDR notation එකත් සමග දීල ඉහත ආකාරයේම ගැටළුවක් විසදන ආකාරය. 
  • යම් කිසි Host ප්‍රමාණයක් දීල ඊට සරිලන Subnet mask එක හොයන්න කියල.
  • යම් කිසි Network ප්‍රමාණයක් දීල ඊට සරිලන Subnet mask එක හොයන්න කියල.
                                               ඔයාලට ඒවගේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන හැටි මේ ලිපියෙ මම දාල තියෙන ක්‍රියාකාරකම් ටික තනියම කරද්දි තේරුම් ගන්න පුළුවන් වෙයි කියල මම හිතනව. ඔයාලත් තනියම මේ වගේ ක්‍රියාකාරකම් කරද්දි හොදටම තේරෙයි IP address කොහොමද Network එකකට යොදාගන්නෙ කියල.

වැදගත්: 
           මේ ක්‍රියාකාරකම් සේරම IP address අනාගත්තු, තේරුනේ නැති අය වෙනුවෙන් පැහැදිලිව තේරුම්ගතහැකි විදියටයි හදල තියෙන්නෙ. IP address Expert ලට මේ දිල තියෙන ක්‍රියාකාරකම් හා ඒවට පිළිතුරු ලබාගෙන තියෙන විදිය දීර්ග ක්‍රම වෙන්න පුළුවන්. හැබයි අනිත් අයට මේ විදියට දිගටම ක්‍රියාකාරකම් කලොත් ඔයාලටත් මේ වගේ IP address එකක් දුන්න ගමන්ම හිතෙන්ම ඔය සේරම දේවල් හදාගන්න පුළුවන්. :) : ) : )...
(මේ පාඩමෙදිත් දන්නැති දෙයක් හමුඋනොත් මගේ IP address ලිපි ටික මුල ඉදල බලන්න).
ක්‍රියාකාරකම් : 01














මෙච්චර වෙලා අපි කලේ Class C IP address ක්‍රියාකාරකම්නෙ. දැන් අපි බලමු Class B වලදි මේ වගේ ක්‍රියාකාරකම් කොහොමද කරන්නෙ කියල.



මෙතනින් බාගන්න





ඔන්න දැන් ඔයාලට පුළුවන් තනියම IP Address  ක්‍රියාකාරකම් වල යෙදෙන්න. ඊලග ලිපියෙදි අපි Router එකේ තියෙන Serial Port එක ගැන කථා කරමු. එතෙක් ඔබට 

****ජය ශ්‍රී****


08 June 2011

CCNA දසවන පාඩම Router Interface Configuration i [Ethernet interface] (රවුටරේ මුහුණු)..

                                 ඔන්න හුග දවසකට පස්සෙ ආයෙත් බ්ලොග් එක මතක් උනා.මම හිතුවටත් වැඩියෙ කට්ටිය මගෙ බ්ලොග් කට්ට බලල නොවැ, හරිම සතුටුයි. ඔන්න අද මම දිග ලිපියක් ලියන්න බලාගෙන තමයි මේකට ගොඩවැදුනෙ. එක සැරේ post දෙකක්ම දාන්නත් හිතාගෙන ඉන්නව. හරි වැඩි කතා නැතුව අද පාඩම පටන් ගනිමු. 


CCNA දසවන පාඩම Router Interface Configuration i 
[Ethernet interface] (රවුටරේ මුහුණු)..
                                        අද අපි මේ පාඩමෙන් කතා කරන්නෙ Router එකේ තියෙන මුහුණත් ඒ කිව්වෙ Interfaces අපිට තේරෙන විදියටම කියනවනම් ports ගැනයි. Router එකක තියෙන ports කොහොමද configure කරන්නෙ , එහෙමත් නැත්තම් අපට අවශ්‍ය විදියට සකසා ගන්නෙ කොහොමද කියල මේ ලිපිය බලපුවාම ඔයාලට ටිකක් හරි තේරෙයි කියල මම හිතනව. Router එකක තියෙන  interfaces කිහිපයක් ගැන කලින් පාඩම් වලදි අපි කතාකලා මතකයිනේ (Console port එක හා Auxiliary port එක.) ඒ හින්ද මේ පාඩමේදි ඒ ports ගැන කතාකරන්නෙ නෑ. 

                    Router එකක ප්‍රධාන වශයෙන් Interfaces වර්ග දෙකක් තියෙනව. ඒව තමයි        
  1. -Physical Interfaces.
  2. -Virtual Interfaces
Physical Interfaces  කිව්වම වචෙනෙම තිනයනවනෙ තේරුම.මේ interfaces හරහා තමයි අපි විවිධ devices Router එකට සම්බන්ධ කරන්නෙ. Virtual Interfaces යොදාගන්නව Router එකේ තියෙන Physical Interfaces එකකින් තවත් කුඩා Sub Interfaces හදාගන්න, ඒ වගේම තවත් වැඩ කීපයකටම මේ virtual interfaces යොදාගන්නව. ඔය කලින් කියපු Sub Interfaces හදන කථාව ගොඩක් ප්‍රයෝජනවත් වෙනව Cisco Routers හරහා IP tunnels නිර්මාණය කරද්දි. මොනවද මේ Virtual interfaces එක්ක එන IP Tunnels, වෙනමම පාඩමකින් අපි ඒ ගැන හොයල බලමු.
                                   අපි මුලින්ම බලමු කොහොමද මේ Physical Interfaces අපට අවශ්‍ය ආකාරයට සකසගන්නෙ කියල.මෙතනදි අපිට අවශ්‍ය ආකාරයට කියල කිව්වෙ එම Interface එකට සම්බන්ධ කරන Devices ප්‍රමානය හා ඒවාට assign කරන IP addres අනුව අපිට අවශ්‍ය විදියට Router එකේ ඊට අදාල Interface එක සැකසීමයි. තව දෙයක් තියෙනව මේක හරියට දැනගෙන හිටියෙ නැත්තන් සේරම ඉවරයි. ඒක තමයි, එක් Interface එකකට assign කරපු IP address එකක් {IP address එකත් සමග subnet mask එකක්ද assign කරයි.එමගින් අපට එම Interface එක සමග පාවිච්චි කරන්න පුළුවන් IP address පරාසය හදුනාගන්න පුවවන් (interface එකට සම්බන්ධ කරන්න පුළුවන් devices ප්‍රමානය කියන්නෙ ඔය IP address පරාසයෙ තියෙන assign කළ හැකි IP address ප්‍රමානයයි.උදාහරන බලපුවම ඔයාලට තේරෙයි)}  Router එකේ තවත් Interface එකකට IP adress assign කරද්දි කලින් බාවිතා කරපු IP address එක හා ඒ IP එකට අයත් පරාසයේ (IP range එකේ) ඇති IP address එකක් assign කරන්න නොහැකි වීමයි. ඒ කියන්නෙ තවත් Interface එකකට අපි IP එකක් assign කල යුත්තෙ වෙනත් Interface එකකට assign නොකල හා එම IP address පරාසයට අයත් නොවන IP address එකකුයි. මම කියපු දිග කතාව සාරාංශ කෙරුවොත් මෙහෙමයි එන්නෙ.. එක් Interface එකකට assign කරපු IP address එකක් හා එහි පරාසය ඇතුලත ඇති IP address තවත් Interface එකකට assign කරන්න බැහැ කියලයි. කොහොමද මගෙ සාරාංශ කිරිල්ල :)  
                                     හරි දැන් කථා නැතුව වැඩේට බහිමු. අපි කලින් කථා කරපු විදියට දැන් බලමු එක් එක් Physical Interfaces කොහොමද අපට අවශ්‍ය විදියට සකසාගන්නෙ කියල. මේතන ඉදල  අපි Physical Interfaces දෙකක් ගැන කථා කරනව. ඒව තමයි Ethernet interface එක හා Serial interface යන ඒව. මේ පාඩමෙන් අපි කථා කරන්නෙ Ethernet interface එක ගැන විතරයි.

උදව්: Router එකේ තියෙන සේරම Interfaces හා ඒවාට IP address සකසා ඇත්නම් ඒවාද එම Interface එකට අදාල port address එකද "show ip interface brief" කියන command එකෙන් අපිට පහත විදියට බලාගන්න පුළුවන්.
මම කලින් port address එක කියල කිව්වෙ ඉහත output එකේ interface යටතෙ interface එකට පස්සෙ දකින්න තියෙන 0/0,0/1,1/0,1/1 යන ඒවයි.ඒවගෙන් තමයි Router එක හරියටම එක් එක් interfaces වෙන් වෙන් කරල හදඅනාගන්නෙ. "show run" හරහාද අපිට interface වලට අදාල තොරතුරු ගොඩක් බලාගන්න පුළුවන්. මෙන් මේ විදියට.
Router එකේ අපි දන්නා Interface එකක තොරතුරු විතරක් බලාගන්න යොදාගන්න command එක තමයි මේ "show interface <your interface name> <port address>"
උදා: " show interface fastethernet 0/0"
මේ command එක හරහානම් අපිට ඕනවටත් වඩා ‍interface එක ගැන තොරතුරු පෙන්වනව.
බලන්න Interface එකේ IP adress එකේ ඉදල mac address එක Interface එක ක්‍රියාකාරීව තියෙනවනම් ඒ හරහා ගිය frame ප්‍රමානය,   broadcast කරපු ප්‍රමානය (මේ වචන හරියට තේරෙන්නෙ නැත්තම් මගෙ පසුගිය ලිපි ටික බැලුවොත්නම් හොද‍ට තේරුම් ගන්න පුළුවන් වෙයි) මෙකී නොකි ගොඩක් දේවල් පෙන්නව නේද.. දැන් අපි බලමු මේ Interface එක ගැන ගොඩක් හොදට හොයල බලල.


Ethernet Interface 


                 Routers වල Ethernet interfaces වර්ග කිහිපයක්ම දකින්න පුළුවන්. අපිට ගොඩාක්ම දකින්න පුළුවන් Interfaces තමයි Ethernet හා FastEthernet කියන වර්ග දෙක.මෙතනදි මතකයෙ තබා ගතයුතු කාරනේ තමයි මේ කියන Interfaces දෙකම configure කරන්නෙ එකම විදියට හා වෙනස් වන කරුන වන්නේ මේ එක් එක් Interfaces තොරතුරු යවන හා ලබාගන්නා වේගයේ පවතින වෙනසයි. Router එකේ තියෙන Ethernet interfaces යොදාගන්නෙ Router එකට විශාල Devices ප්‍රමානයක් සම්බන්ධ කරගතහැකි උපාංග සම්බන්ධ කරගන්නයි (පරිගණකයක් උවද කෙලින්ම සම්බන්ධ කල හැකියි.)
                  උදාහරනයක් විදියට Switch, Hub වැනි දේවල් අපිට ගන්න පුළුවන්.දැන් අපි බලමු කොහොමද Ethernet interface එකට IP adress එකක් assign කරල ඒක ක්‍රියාකාරී තත්වයට ගන්න හැටි. මම කලින් උදව් යටතෙ දක්වපු විදියට Router එකේ Interfaces පිළිබද තොරතුරු බලාගෙන අපට IP එක assign කරන්න ඕන Ethernet interface එක හදුන ගන්න ඕන.ඇත්තටම මෙතනදි අපිට අවශ්‍ය වෙන්නෙ අපි තෝරාගත්තු Interface එකේ port address එකයි. ඊට පස්සෙ Router එකේ Global configuration mode එකට ගිහින් පහත විදියට ඔයාලට command එක දෙන්න පුළුවන්.


i)  Router(config)# interface <interface name> <port address>
ii) Router(config-if)# ip address <ip address> <subnet mask>
iii)Router(config-if)#no shutdown


මෙතනදි පළවෙනි command එකේ <interface name> කියන තැනට  interface එක Ethernet ද FastEthernet ද කියල දෙන්න ඕන. <port address> කියන තැන දෙන්න ඕන එක දන්නවනේ. ඊට පස්සෙ දෙවනි command එකේ ip address කියල දීල <ip address> කියන තැනට interface එකට assign කරන IP එක දෙන්න ඕන. <subnet mask> කියන තැනට ඉතින් IP එකට අදාල subnet mask එක දෙන්න ඕන. ඊට පස්සෙ තුන්වෙනි command එකේ විදියට no shutdown කියල දුන්නට පස්සෙ interface එක ක්‍රයාකාරී තත්වයට පත්වෙනව. 
දැන් ඔයාලට ‍මේ interface එක‍ට මම කලින් කියපු උපාංග සම්බන්ධ කරන්න පුළුවන්.(මතකයිනෙ සේරම දේවල් save කලා නේද).
මම ඉහතින් කරපු විදිය තේරුනේ නැත්තම් Packet Tracer වලින් පහත ප්‍රායෝගික ක්‍රියාකාරකම මම කරල තියෙන විදියටම ඔයාලත් කලානම් හොදටම තේරෙයි මම මොකක්ද කිව්වෙ කියල.
ක්‍රියාකාරකම් 01:


(පිංතූරය පැහැදිලි නැත්තම් පිංතූරය උඩ click කරන්න).
                                      මගේ කලින් පාඩම් වල IP address ගැන ටිකක් බැලුවනම් මම මේ දීල තියෙන Subnet mask එක ගැන ඔයාලට හිතාගන්න පුළුවන්. ඒත් මම මෙතන ඉදල ඉහත ක්‍රියාකාරකමත් එක්කම තව ටිකක් වැඩිපුර IP address ගැන පැහැදිලි කරන්නයි යන්නෙ.
                                      ක්‍රියාකාරකම් 01 හි දක්වල තියෙන විදියට Router එකේ ‍fastethernet port එකට දීල තියෙන IP address එක බලන්න, 192.168.100.1 නේද. Class C IP address එකක් කියල දැන් ඔයාලට කියන්න ඕනෙ නෑනෙ. මම Class C IP address එකක් ගන්න හේතුවත් ඔයාල දන්නවනෙ..දන්නැති අයටයි මම ඒකට හේතුව කියල දෙන්නෙ. ක්‍රියාකාරකම් 01තියෙන network එකේ තියෙන්නෙ පරිගණක 5යි,( ඒ කියන්නෙ එතන IP address 5 යි ) එකකොට Router එකේ Ethernet එකට assign කරන IP address එකයි, සේරම IP address 6 යි. දැන් ඔයාලට මම Class C IP address එකක් ගත්තෙ ඇයි කියල පහල බලපුවාම තේරෙයි.


IP Class          Byte Range          භාවිතාකලහැකි IP address ගණන
 Class A             0 -126                           16,777,214
 Class B           128 -191                          65534
 Class C           192 - 223                         254


                                  අපි සාර්ථකව Network එකක් නිර්මාණය කරද්දි ඒ සදහා අරපිරිමැස්මෙන් IP address භාවිතා කලයුතු වෙනව. එතකොට තමයි Network එකේ කාර්යකෂමතාවයයි පාලනයයි පහසු වෙන්නෙ. මට ඕන IP address හයක් හින්ද මම class C එකේ තියෙන IP address එකක් තෝරගත්ත. මම class B එකේ IP address එකක් තෝරගත්තනම් බලන්න නාස්ති වෙන IP address ප්‍රමාණය.
                                          දැන් අපි බලමු Subnet Mask එක ඇයි 255.255.255.248 විදියට මම ගත්තෙ ඇයි කියල. හරි දැන් මට ඕන IP address හයයිනෙ, එතකොට ඒකට අපි 2ක් එකතු කරන්න ඕන. ඇයි අපි 2ක් එකතු කරන්නෙ?.. ආ එහෙම කරන්නෙ අපි යම් කිසි Subnet mask එකක් වෙන්කරගත්තට පස්සෙ ඒකෙන් හැදෙන සෑම Subnet (network) එකක් සදහාම තියෙනව Network ID හා Broadcast ID කියල IP address දෙකක් ( මේ IP address දෙක devices වලට assign කරන්න බැහැ). අන්න ඒ හින්ද තමයි 6 ට 2ක් එකතු කෙරුවෙ. එතකොට අපිට ඕන වෙන IP address ප්‍රමානය 8 ක් වෙනව. දැන් තමා ටිකක් ගනන් හදන හරිය එන්නෙ. ඊට පස්සෙ බලනව 2 කේ කීවනි පාදයද 8 වෙන්නෙ කියල.
මේ තියෙන්නෙ, 2කේ 3න්වෙනි බලය නේද 8 වෙන්නෙ. ඊට පස්සෙ මම IP address පාඩමේ කියපු Network bits හා Host bits කතන්දරයත් මෙතන්ට එනව. ඊටත් කලින් පාඩමේ කිව්ව මතකයිනේ IP address එකක් හැදිල තියෙන්නෙ 32 bit වලින් කියල. ඒ කිව්වෙ 1 ඒවයි 0 වේ ඒවයි 32 කින්. එතකොට 1 ඒව Network bits විදියටත් 0 ඒව Host bits විදියටත් මම ඔයාලය අදුන්වල දුන්න මතකයිනෙ. හරි අපිට අවශ්‍ය IP address ප්‍රමානය Host bits වල දෙකේ බලයෙනුත් අපිට අවශ්‍ය Network ප්‍රමානය Network bits වල දෙකේ බලයෙනුත් අපිට හොයාගන්න පුළුවන්. දැන් අපි හොයාගත්තනෙ 2^3 = 8 කියල.දැන් කරන්න තියෙන්නෙ දෙකේ බලයට සමාන host bits ගානක් පැත්තකින් ලියාගන්නව මෙන්න මේ විදියට.
000
ඊට පස්සෙ මම කිවව මතකනේ bits 8 කින් යුක්ත කාණඩ 4ක් එකතුවෙලා තමයි සම්පූර්ණ IP address එකක් හැදෙන්නෙ තියල. ඒ හින්ද දැන් ඔයාලට කරන්න තියෙන්නෙ බින්දු (0) වලට ඉස්සරහින් bits අටේ කෑලි 4ක් වෙන්න Network bits (1) දාන එකයි. ඔය පහල මම දාල තියෙන්නෙ ලස්සනට...
11111111.11111111.11111111.11111000
ඔය තියෙන්නෙ දැන් අපේ Subnet mask එක bits වලින්.දැන් අපිට කරන්න තියෙන්නෙ මේක decimal එහෙමත් නැත්තම් දහයෙ පාදයට හරවගන්න එකයි. ඒක කරන විදියත් මම IP address පාඩම් මාලාවෙ ඔයාලට කියල දුන්න මතකයිනෙ. කමක්නෑ ආයෙත් බලන්නකො කොහොමද ඒක කරන්නෙ කියල.මුලින්ම පළමු bits අට ගමු.
11111111
දැන් පහත බලන්න මම කොහොමද මේක decimal කරල තියෙන්නෙ කියල.
decimal (දහයෙ පාදයට) කරපුවාම එන්නෙ 255 යි නේද. ඊලග 8bits කාණ්ඩ දෙකත් දහයෙ පාදයට හරපුවාම එන්නෙ 255 ම තමයි.දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නෙ අන්තිම bits ටික විතරයි. ඒ කිව්වෙ
11111000
මේක දහයෙ පාදයට හරවන්නෙ  මේ විදියටයි. හරිම ලේසියි.ඔය මම පල්ලැහැ දාල තියෙන්නෙ ඒ විදිය තමයි.
                              හරි දැන් කරන්න තියෙන්නෙ සේරම දහයෙ පාදයෙ සංඛ්‍යා ටික  එක පේලියකට ලියාගන්න එකයි.මෙන්න මේ විදියට.   255.255.255.248
ඔය ඇවිල් තියෙන්නෙ අපේ Subnet mask එක ලස්සනට. එතකොට අපි ගත්තු IP address තමයි 192.168.100.1 ඉදල 192.168.100.6 වෙනකම් IP addresses, එතකොට කෝ මේ Network එකේ Network ID (Network address) හා Broadcast ID (Broadcast address) එක. ඒක හොයාගන්නෙ මෙහෙමයි. අපි අපේ Host bits වල දෙකේ බලය හෙව්වනේ(8), අන්න ඒ දෙකේ බලයෙ ගුණාකාරයන් Subnet mask එකේ අන්තිම අගය දක්වා ලියාගන්නව. ඒ කිව්වෙ 248 වෙනකම්. හරි දැන් අපි ලියාගමු 8ටේ ගුණාකාර 248 වෙනකම් මෙන්න මේ විදියට. (තවත් විදියක් තියෙනව මේක කරන්න සැම විටම 256 කියන සංඛ්‍යාවෙන් අපේ Subnet mask එකේ වෙනස්වන අගය ඒ කියන්නෙ 248 අඩු කලාම ලැබෙන අගයෙ ගුණාකාර ගත්තාමත් මේ විදියටම කරන්න පුළුවන් [256-248= 8]).

දැන් බලනව අපේ IP address එකේ අන්තිම අගය තියෙන්නෙ මේ සංඛ්‍යා පරාසයේ මොන සංඛ්‍යා 2ක අතරද කියල.(අපේ IP address එකේනම් අන්තිමට තියෙන අගය වෙන්නෙ එක (1)නෙ) එතකොට මේ සංඛ්‍යා අතරනම් 1තියෙන්නෙ 0-8 අකර තියල ඔයාලට පේනව නේද. හරි දැන් අපිට පුළුවන් Network ID එක හා Broadcast ID එක හොයන්න. අපි ගත්තු සංඛ්‍යා පරාසයෙ(0-8) මුලින්ම තියෙන අගය(0) අපේ IP address එකත් එක්ක ගත්තාම එක තමයි අපේ Network  ID එක වෙන්නෙ. ඒ කියන්නෙ 
192.168.100.0 
කියන IP address එකයි. ඊට පස්සෙ අපි ගත්තු සංඛ්‍යා පරාසයේ(0-8)  තියෙන අන්තිම සංඛ්‍යාවෙන් එකක් අඩු කලාම ලැබෙන අගයත් එක්ක තමයි Broadcast ID එක හැදෙන්නෙ.
8 - 1 = 7   ඒ අනුව අපේ Broadcast IP එක වෙන්නේ 
192.168.100.7
කියන IP address එකයි. අපි මේ හොයපු IP adress දෙක අතර තියෙන IP address (ඒ කියන්නෙ 192.168.100.0 ත් 192.168.100.7 ත් අතර තියෙන IP address) තමයි අපිට මේ Interface එකෙන් යන අනිත් devices වලට assign කරන්න පුළුවන්. මෙහෙම Subnet කරපුවාම තියෙන එක් වාසියක් තමයි මේ subnet mask එකම (255.255.255.248) පාවිච්චි කරල අපිට තවත් Network එකක් හදන්න පුළුවන් වීම.
උදාහරනයක් විදියට මෙහෙම ගමු, අපි මුල් අටේ ගුණාකාර set එක අරගෙන දැනටමත් Network එකක් හදල ඉවරයිනෙ. දැන් අපි දෙවනි අටේ ගුණාකාර set එක ගමු. ඒ කිව්වෙ 8-16 ත් අතර set එක. එතකොට මේකෙ Network ID වෙන්නෙ 
192.168.100.8
කියන IP address එකයි. ඒ වගේම Broadcast IP එක වෙන්නෙ 
192.168.100.15 (එකක් අඩු කරනව මතකනේ[16-1=15])
කියන IP address එකයි. එතකොට devices වලට assign කරන්න පුළුවන් IP address වෙන්නෙ 192.168.100.8 ත් 192.168.100.15 ත් අතර  IP address සුයි. හරි දැන් අපි පුරුදු වෙන්නත් එක්ක මේ IP address පරාසයන් 2කම තියෙන ඒ කිව්වෙ Network දෙකක් Router එකට connect කරල Router එක configure කරල බලමු. ඔය පහත තියෙන්නෙ මම ඒ විදියට කරල තමයි.(පිංතූරය පැහැදිලි මදිනම් ඒක උඩ click කරල බලන්න).
                                    ඔයාලත් මේ විදියට Packet Tracer වලින්  Network එක හැදුවට පස්සෙ එක Network එකක තියෙන පරිගණකයක ඉදල අනිත් network එකේ තියෙන පරිගණකයට ping කරල බලන්න reply වෙනවද කියල,

ඔයාලටත් මෙ විදියට  හරියට Replyලැබෙනවනම් ඒ කියන්නෙ ඔයාලගෙ Network එක හොදට වැඩ කියල.
මම මේ කියපු ඔක්කොම දේවල් අන්ඩර දෙමළ වගේ ඇති IP address ගැන කලින් ඉගෙන කෙන නැති අයට හා මගෙ අනිත් IP address ලිපි ටික බලපු නැති අයට.ඒ අය පහත තියෙන මම හදපු .pdf බලන්න. මේක තමයි මම CCNA විභාගෙට පාඩම් කරන්න හදාගත්තු chart එක.ඔයාලටත් මේක බලපුවාම තේරෙයි මම මෙච්චර වෙලා මොනවද කිව්වෙ කියල...
ඔයාලට මේ pdf එක බාගන්න ඕන නම් මෙතනින් බාගන්න.


දැන් මම හිතනව ඔයාලට IP address Ethernet interface එකට config කරන විදිය ගැන සෑහෙන දැනුමක් ලැබෙන්න ඇති කියල. අපි ඊලග පාඩමෙනුත් බලමු exercise කිහිපයකුත් එක්ක CCNA විභාගයට කොහොමද IP address එක්ක සෙල්ලම් කරන්නෙ කියල. එතකම් ඔබ සැමට .......

****ජය ශ්‍රී****                    

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...