CCNA තිස් හත්වන පාඩම Inter VLAN Routing
VLAN මුල් පාඩම් වල සිට මේ දක්වා පාඩම් වලදි අපි ඉගෙන ගත්තෙ කොහොමද එකම වර්ගයේ (VLAN ID එක සමාන වන) VLAN අතර සම්බන්ධතාවය ගොඩනගන්නෙ කියල. නමුත් අපට අවශ්‍යය උවහොත් අසමාන VLAN අතර (VALN ID වෙනස් වන) සම්බන්ධතාවයක් ගොඩනගන්න, එය සපුරාගන්නේ කෙසේද. අන්න ඒ ප්රෂ්ණයට දෙනු ලබන විසදුම මේ පාඩම ඔස්සේ අවබෝධ කර ගනිමු.
කලින් පාඩම් වලදි ඉගෙන ගත්තු ආකාරයට එකම switch එකෙහි VLAN කිහිපයක් තිබුණත් එම VLAN network එක තුල හැසිරෙන්නෙ එකිනෙකට වෙනස් වු broadcast domain (separate broadcast domain) විදියටයි. එම නිසා අපට එකිනෙකට වෙනස් වු VLAN අතර සම්බන්ධතාවයක් VLAN සැකසුම් කරන ලද switch එක හරහාම ගොඩනගා ගැනීමට නොහැකි වෙනව. මෙන්න මේ නිසාම තමයි layer-3 device එකක් මේ කාර්යය සදහා යොදාගැනීමට සිදුවන්නෙ. මෙසේ VLAN අතර සම්බන්ධතාවයක් ගොඩනගාගැනීම තමයි Inter VLAN routing ලෙස හදුන්වන්නෙ. inter VLAN routing (VLAN අතර දත්ත හුවමාරුව) සදහා CCNA විශය මාලාව තුල ක්‍රම දෙකක් හදුන්වා දෙනව.
- Router on a Stick (ROAS) ක්‍රමවේදය.
- Layer-3 switches යොදාගැනීම.
ඉහත ක්‍රම දෙක හදුන්වන නම් වලින්ම වැටහෙනව inter VLAN routing සදහා layer-3 සහයෝගයක් අත්‍යඅවශ්‍ය වෙන බව. මෙතන් සිට ක්‍රියාකාරකම් සමගින් මේ එක් එක් ක්‍රමවේදයන් ගැන වැඩිදුරටත් විමසා බලමු.
Router on a Stick ක්‍රමවේදය:
සරලව මෙහිදී සිදුවන්නේ switch එකක ඇති VLAN අතර සම්බන්ධතාවය Router එකක් හරහා ගොඩනැගීමයි. පහල ක්‍රියාකාරකම අාධාරයෙන් මේ පිළිබදව අවබොධයක් ලබා ගනිමු.
ක්‍රියාකාරකම්01:
බාගත කරගන්න-: packet tracer file (සැකසුම් කිරීමට පෙර)
packet tracer file (සැකසුම් කල පසු)
සැකසුම් අඩංගු text file-: Router
core
switch1
switch2
switch3
ඉහත ක්‍රියාකාරකමෙහි core switch එක VTP domain එකක් ලෙස ක්‍රියාකර switch1,2,3 වලට VLAN සැකසුම් බෙදාහරියි. Router එක switch අතර විසිරී පවත්නා VLAN අතර (එකිනෙකට අසමාන) සම්බන්ධතාවය ගොඩනැගීමට යොදාගෙන ඇත. සැකසුම් කිරීමට පෙර packet tracer file එක බාගත කරගෙන එක් VLAN එකක සිට VLAN ID වෙනස් VLAN එකකට ping කර බලන්න. උදාහරණයක් විදියට switch1 වලට සම්බන්ධ VLAN2(stores) computer එකේ සිට switch3 එකෙහි ඇති VLAN4(IT) computer එකට ping කර බලන්න. ping වීම සිදුවන්නේ නැහැ නේද. එයට හේතුව තමයි layer3 මැදිහත්වීමකින් තොරව inter VLAN routing සාර්ථක කර ගැනීමට කොහැකි වීම. කලින් switch පාඩම් හරහා VTP සැකසුම් හොදින් අවබෝධකරගත් නිසා මෙම ක්‍රියාකාරකමෙහි දැකිය හැකි Router එකෙහි සැකසුම් පමණක් පැහැදිලිව විමසා බලා switch අතර inter VLAN routing සිදුවන ආකාරය තේරුම් ගනිමු.
inter VLAN routing සදහා Router සිදුකරනු ලබන VLAN සැකසුම් පහත ආකාරයට පෙළගැස්විය හැකියි...
1. Router හා switch සම්බන්ධ වන interfaces නිවරදිව සැකසීම.
switch එකක් Router එකක් හා සම්බන්ධ වන්නේ trunk port එකක් හරහායි. එනම් ක්‍රියාකාරකමේ විදියටනම් core switch එකේ fa0/4 interface එක trunk ආකාරයට 802.1q සම්මතයට අනුව දත්ත හුවමාරු කරගැනීම සදහා සැකසුම් කර තිබිය යුතුයි. ඒ වගේම Router එකේ interfaces එක පෙරනිමිතියෙන්ම disable තත්වයේ පවතින නිසා එම interface එක enable කල යුතුයි.
2. Router sub interfaces නිර්මාණය කිරීම.
Router වල sub interface පිළිබදව CCNA පාඩම් මාලාවෙ මුල් පාඩම් වලදි අපි කතා කලා මතක ඇති. මෙහිදී Router එකෙහි switch එක හා සම්බන්ධ වන interface එක පාදක කරගෙන sub interface නිර්මාණය කිරීමෙන් බලාපොරොත්තු වන්නෙ එක් VLAN එකකට තවත් VLAN එකක් හා සම්බන්ධ වීමට දොරටුවක් සකසා දීම වැනි ක්‍රියාවකුයි. Router interface එක තුලින් එක් එක් VLAN වලට වෙන් වෙන් වශයෙන් sub interfaces නිර්මාණය කොට ඉන්පසුව එම sub interfaces වලට 802.1Q සම්මතය සැකසුම් කොට VLAN එක අයත්වන network segment එකට අදාල IP address එකක් එම sub interface සැකසුම් කිරීම තුලින් සාර්ථකව Router එක හරහා VLAN අතර සම්බන්ධතාවය ගොඩනැගීමය හැකිවෙනව.
ඉහත සැකසුම් වල මුලින්ම fa0/0.2 ලෙස sub interface එකක් VLAN2 සදහා නිර්මාණය කර එයට 802.1Q සම්මතය සැකසුම් කිරීමෙන් අනතුරුව එම sub interface එකට අදාල VLAN ID එක සදහන් කරනු ලබයි. ඉන්පසුව VLAN2 network segment එකට අදාල IP address එකක් එම sub interface එකට assign කොට ඇත. ඒ ආකාරයටම fa0/0.3 VLAN3 සදහාද fa0/0.4 VLAN4 සදහාද ඉහතින් සදහන් කල ගුණාංග අනුව සැකසුම් කර ඇත.
3. Switch හා සම්බන්ධ device වලට අදාල default gateway සැකසුම් කිරීම.
default gateway සැකසුම් switch හා සම්බන්ධ device වලට නිවරදිව සැකසුම් කලේ නැතිනම් කොතරම් හොදින් VTP සැකසුම් හා sub interfaces වලට අදාල සැකසුම් සිදුකලද VLAN අතර සම්බන්ධතාවයක් ගොඩනගාගැනීමට නොහැකි වෙනව. මෙහිදී එක් එක් VLAN එකට සම්බන්ධ devices වලට default gateway ලෙස සැකසුම් කරන්නේ එම VLAN එකට අදාලව Router එකෙහි නිර්මාණය කරන ලද sub interface එකට අදාල IP address එකයි.
උදාහරණයක් ලෙස switch1 හි VLAN2(Accounts) හා සම්බන්ධ computer එකට default gateway එක ලෙස සැකසුම් කල යුත්තේ Router එකෙහි VLAN2 වලට අදාලව නිර්මාණය කරන ලද sub interface(fa0/0.2)එකෙහි IP address එකයි.
මේ ආකාරයෙන්ම VLAN2 හා VLAN3 වලට අදාල devices වලටත් sub interface එකට සැකසුම් කරන ලද IP address එක default gateway එක ලෙස සැකසුම් කල යුතු වෙනව.
4. සැකසුම් නිවරදිදැයි පරීක්ෂා කිරීම.
ඉහතින් සදහන් කල ආකාරයට Router හා VLAN වලට සම්බන්ධ device වලට අදාල සැකසුම් සමග කලින් පාඩම් වලදී ලබාගත් දැනුම මත switch සදහා කරන ලද VTP සැකසුම් නිවරදි නම් දැන් අපට පුළුවන් වෙනව සමාන හෝ අසමාන VLAN අතර සාර්ථකව සම්බන්ධ තාවයක් ගොඩනගාගන්න. එය පරීක්ෂා කිරීම සදහා මුලින්ම එක් VLAN එකක සිට VLAN ID එක අසමාන VLAN එකක ඇති computer එකකට ping කර බලමු. ඒ වගේම tracert කියන command එක හරහා අපට පුළුවන් data packet එකක් source එකේ සිට destination එක දන්වා ගමන් ගත් මාර්ගය පැහැදිලිව හදුනාගන්න(network සම්බන්ධ ගැටළු විසදීමේදී මෙම tracert command විශාල කාර්යබාරයක් ඉටු කරනු ලබනව).
උදාහරණයක් ලෙස switch1 හි පිහිටා ඇති VLAN2(Accounts) හා සම්බන්ධ computer එකේ සිට switch3 හි පිහිටා ඇති VLAN4(IT) හා සම්බන්ධ computer එක වෙත ping හා tracert command බාවිතයෙන් ලැබෙන output වෙත අවධානය යොමු කරමු. (ඔබටත් මෙය "packet tracer file සැකසුම් කල පසු" බාගත කරගෙන අත්හදා බැලිය හැකියි)
ping කිරීම සාර්ථක වෙලා නේද. ඒ කියන්නෙ වෙනස් VLAN අතර network එක හරහා සම්බන්ධතාවයක් නිර්මාණය වී ඇති බවයි. ඉහත output එකෙහි tracert command එක හරහා 10.0.0.3 වෙත data packet ගමන් කල මාර්ගය දක්වල තියෙනව. හොදින් බලන්න එම data packet ගමන් කරඇත්තේ Router එකෙහි VLAN2 වලට අදාලව නිර්මාණය කරන ලද sub interface (fa0/0.2 192.168.0.11) එක හරහා නේද.
පහතින් දක්වල තියෙන්නෙ awitch1 වල ඇති VLAN2 සිට switch3 හි පිහිටා ඇති VLAN2 වෙත කරන ලද tracert කිරීමක output එකකුයි.
මෙහි destination එකට ගමන් ගත් මාර්ගය sub interface එක හරහා ගමන් කරල නැහැ. එයට හේතුව එකම වර්ගයේ VLAN අතර සම්බන්ධතාවයක් ගොඩනගාගැනීමට අපට layer3 සහයොගයක් අවශ්‍ය නොවීමයි. VLAN tag උපයෝගී කරගෙන switch හරහාම එකම වර්ගයේ VLAN අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම එයට හේතුවයි. ROAS ක්‍රමවේදය වරතමානයේදී බොහෝදුරට inter VLAN routing සදහා යොදාගන්නේ නැහැ. එයට හේතුව layer3 switch හරහා පහසුවෙන්ම මෙම කාර්යය සිදු කරගත හැකිවීමයි.
Layer-3 switches යොදාගැනීම.
layer3 switch නිසා අමතර Router එකක් inter VLAN routing සදහා යොදාගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. එම නිසා මෙම ක්‍රමය සාර්ථකව හා පහසුවෙන් inter VLAN routing සදහා යොදාගත හැකියි. ROAS වලදී Router එකෙහි sub interface නිර්මාණය කලද layer3 switch තුළදී එසේ sub interface නිර්මාණය කිරීමක් සිද්ධවනනේ නැහැ. ඒ වෙනුවට switch virtual interface (SVI) යනුවෙන් එක් එක් VLAN වෙනුවෙන් වෙන්වු interface එකක් නිර්මාණය කර එයට VLAN network segment එකට අදාල IP address එකක් සැකසුම් කිරීම තමයි සිද්ධ වෙන්නෙ. පසුව මෙම IP address එක තමයි VLAN හා සම්බන්ධිත device වලට default gateway එක ලෙස යොදාගනු ලබන්නේ.
ක්‍රියාකාරකම්02:
packet tracer file (සැකසුම් කල පසු)
සැකසුම් අඩංගු text file-: Layer3-Switch
switch1
switch2
switch3
මෙම ක්‍රියාකාරකමෙහි Layer3-Switch එක තුල VLAN නිර්මාණය කර එම සැකසුම් අනෙක් switch වෙත බෙදාහැර ඇත. එහි VTP server එකකට කරනු ලබන සාමාන්‍ය සැකසුම් සිදුකර ඇති අතර විශේෂයකට ඇත්තේ switch virtual interface (SVI) නිර්මාණය කර ඒවාට IP address සැකසුම් කර තිබීම පමණි. පහතින් දැක්වෙන command හරහා layer3 switch එකක් තුල පහසුවෙන්ම SVI නිර්මාණය කර ගත හැක.
switch(config)#interface vlan <VLAN ID>
switch(config-if)#ip address <IP Address> <subnet mask>
උදා-:
layer3-Switch(config)#interface vlan 2
layer3-Switch(config-if)#ip address 192.168.0.11 255.255.255.0
ඉහත උදාහරණයෙන් දක්වා ඇත්තේ VLAN2 සදහා SVI එක නිර්මාණය කිරීමයි. layer3 switch එකට සිදුකරණු ලැබු සියළු සැකසුම් පහල ආකාරයට පෙළගැස්සවිය හැකියි.
ඉහතින් දක්වා ඇති layer3-switch සැකසුම් වල පළමුවෙන්ම "ip routing" ලෙස command එකක් දැකිය හැකියි. එයට හේතුව බොහෝ CISCO layer-3 switches වල Routing පහසුකම පෙරනිමිතියෙන්ම disable වී පැවතීමයි. මෙම command එක මගින් layer-3 switch එකෙහි routing පහසුකම enable(ක්‍රියාකාරී) තත්වයට පත්කර ඇත. මෙම ක්‍රියාකාරකම අවසානයේදීත් ping හා tracert command බාවිතයෙන් VLAN අතර සම්බන්ධතාවය පවතවාගන්නේ කෙසේදැයි විමසා බලන්න. මෙහිදීත් සමාන VLAN අතර සම්බන්ධතාව layer3 switch එක මගින් සාමාන්‍ය switch එකක ආකාරයෙන්ම පවත්වාගන්න අතර අසමාන VLAN අතර සම්බන්ධතාවය SVI හරහා සිදුකරනු ලබයි.
switch පාඩම් හයක් ඔස්සේ network එකක් තුල switch හරහා සිදුකරගත හැකි කාර්යයන් කිහිපයක් ගැනම කථා කලා. දැන් ඔබට පුළුවන් switch-iii පාඩමේදී සදහන් කල මහල් තුනකින් සමන්විත ගොඩනැගිල්ලක ඇති department අතර සම්බන්ධතාවය VLAN ඔස්සේ පහසුවෙන් නිර්මාණය කරගන්න. එහෙනම් තවත් අළුත් පාඩමකින් හමුවන තුරු ඔබ සැමට..

*****ජය ශ්‍රී*****
අයියේ පාඩම සිරාවටම තේරුනා .පොඩි අවුලකට තියෙන්නේ ලේයර් 3 ස්විට්ච් එකේ පෝර්ට් Trunk නොකලේ ඇය් කියල ?????
ReplyDelete@Anonymous
ReplyDeleteමෙතනදි layer3 switch එකේ trunk port නිර්මාණය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ සහෝ.layer3 switch එකේ SVI (Switch Virtual Interface) නිර්මාණය කරන්නෙ ඒ සදහායි.
Very usefull lesson.Mchn ..VPN gana igena gana puluwan hoda site 1k danawada?
ReplyDeletePatta....Mchn VPN ganath podi lesson 1k daapanko.???
ReplyDeleteඅය්ය පොඩි කේස් 1ක් තියෙනවා access list වල .. access list එකේ මොකක් හරි traffic 1ක් මුලින් බ්ලොක් කලා කියමුකෝ . ඊට පස්සේ එහෙමම තියෙද්දී ආපහු අර traffic (Same Access List ) එක permit කරනවා. එතකොට access list එකේ වැඩ කරන්නේ මුලින් දාපු deny rule එකද? නැත්නම් පස්සේ දාපු පෙර්මිට් rule එකද? පොඩ්ඩක් තරහ නැතුව පැහැදිලි කරලා දෙනකෝ ??
ReplyDelete@Anonymous
ReplyDeleteACL සැමවිටම ක්රියාකරන්ෙන ඉහල සිට පහලටයි. යම් කිසි rule ඒකක් මගින් ඉහලින් deny කරපු network traffic ඒකක් ඒම list ඒෙක්ම පහලින් allow කලද ඒම network traffic ඒක allow ෙනාෙව්...
බොහෝම ස්තූතියි පැහැදිලි කිරීමට . අය්ය දැන් CCNA Syllabus 1ක් ඔක්කොම වගේ cover වෙලා නේද තියෙනේ?තව තියෙනවද? ඔයාට ගොඩක් පින්.. .. මම මේ දවස් වල ඩුබායි ඇවිල්ලා ඉන්නේ ජොබක් සෙට් කරගන්න( Related to Networking ). හම්බුනු ගමන් අය්යට mail 1ක් දානම් මගෙ contacts . මේ පැත්තේ ඕන හෙල්ප් 1ක් දෙන්නම්.
ReplyDelete@Anonymous
ReplyDeleteගොඩක් සුතුතියි සහෝ.
උදවිවක් ඕනෙ උනොත් කියන්නම්කො.
CCNA විෂය මාලාවට අදාල සේරම පාඩම් නම් බ්ලොග් එකෙන් සම්පූර්ණ කරල නැහැ. තව WAN,VPN,IPV6 වගේ subject කිහිපයක් ඉතුරු වෙලා තියෙනව...
ගොඩක් ස්තුතියි ඔයාගේ මේ මෙහෙවරට .. දිගටම කරගෙන යන්න.
ReplyDeleteමගෙන් උන්සුම් සුභ පැතුම්. තව මගේ පොඩි ගැටලුවක් තියෙනවා ඒ්ක මම ඉදිරිපත් කරන්නම් ඔයාට පුලුවන්නම් උදව්වක් කරන්න
මාව සම්බන්ද කරන්න ඔනිනම් මෙකට මැසේජ් ඒකක් දාන්න https://www.facebook.com/amith.indika.1
මෙකයි ගැටලුව
NET WORK ගැන ප්‍රශ්ණයක්
යාලුවනේ දන්න කෙනෙක් ඉන්නවනම් මට කියනවද මෙක කරන්නේ කොහොමද කියලා මෙකයි ප්‍රශ්ණය
network swich ඒකක් තියෙනවා ඒ්කට router 2ක් සම්බන්ද කරලා තියෙනවා ඒකක් ADSL Router ඒකක් අනෙක VPN ROUTER ඒකක් දැන් මෙ router 2 ක සම්බන්ද කරලා තියෙන network swich ඒකට සම්බන්ද කරලා තියෙන computer ඒකට පහත රුපයේ පරිදි
ip ඒක 192.168.0.3
subnet mask 255.255.255.0
default getway 192.168.1.1
dns server 203.115.0.46
dns server 203.115.0.47
ලෙස සකස් කර අැති විට adsl router ඒක හරහා internet පහසුකම් ලබා ගත හැක
ඒලෙසම අනෙක් රුපයේ පරිදි
ip ඒක 12.5.10.3
subnet mask 255.255.255.0
default getway 12.5.10.1
dns server 203.115.0.46
dns server 203.115.0.47
ලෙස සකස් කර අැති විට VPN router ඒක හරහා අප අායතනයේ online program ඒකට log විය හැක.(කොළඹ ප්‍රධාන කාර්යාලයෙ අැති server ඒකට)
නමුත් ඒවිට internet පහසුකම් ලබා ගත නොහැක.
ඒලෙස internet පහසුකම් ලබා ගැනිමට අවශ්ෂ නම් ඉහත පරිද නැවත ip ෙවනස් කල යුතුය (192.168.0.3 ) නමුත් ඒවිට online program ඒකට යා ෙනාහැක
ඒකම පරිඝණකෙය් මෙම කාර්යන් දෙකටම සෙකසුම් සකස් කර ගන්නේ කෙසේද ?
දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න. ලොකු උදව්වක්
Nethmi Nimeshika's photo.
Nethmi Nimeshika's photo.
@amith indika
ReplyDeleteසහෝගෙ රූප සටහන් දෙකනම් බලන්න බැහැ.පැහැදිලි උත්තරයක් දෙන්න ncdisa@gmail.com එකට mail එකක් දාන්න.
මටත් ඔය වගේම ගැටළුවක් ආව network card දෙකක් ගහල තියෙන පරිගණකයක් එක network card එකක් ඔස්සේ LAN එකටත් අනෙක් network card එක හරහා WAN එකටත් සම්බන්ධ වෙන්න ඕන උනහම.
සහෝගෙ ගැටළුවට සරල විසදුමක් තියෙනව. ඒ තමයි පරිගණකයට සාමාන්‍ය LAN IP සැකසුම් සැකසුම් කරල (192.168.0.xx) එම පරිගණක වලට static route add කරණ එක. ඒක කරණ හැටි පහල ලින්කුවෙන් ගියොත් බලාගන්න පුළුවන්.
http://technet.microsoft.com/en-us/library/cc757323(v=ws.10).aspx
http://www.sevenforums.com/tutorials/320978-static-routes-create-remove.html
උදාහරණයක් විදියට සහෝගෙ VPN network එක පහත පරිදි පරිගණකයට static route එකක් විදියට ඇතුලත් කරන්න පුළුවන්
route add -p 12.5.10.0 mask 255.255.255.0 12.5.10.1
@amith indika
ReplyDeleteමේ ආකාරයෙන් static route add කිරීමෙන් සිදුවන අවාසි කිහිපයක්ද ඇත.
This comment has been removed by the author.
ReplyDelete@Lakshan Udana
ReplyDeleteඑක කියල දෙන්නනම් video එකක් කරන්න වෙනව සහෝ.youtube බලන්න packet tracer ගැන ගොඩක් tutorial දාල තියෙනව...
Routers & Switch wala "Genetic"kiyala thiyana awa use karata aulak nadda??
ReplyDeleteNormally monawa use karoth da hoda???
@Lakshan Udana
ReplyDelete"Generic" routers බාවිතා කලාට ප්‍රශ්ණයක් නැහැ. අනෙක් routers බලන්න. ඒවගේ අවශ්‍ය ports නැත්තම් add කරගෙන සැකසුම් කරල බලන්න
කෝ තාම අලුත් අවුරුද්දේ කොල්ලගෙන් තාම අලුත් පාඩමක් වැටුනේ නෑනේ .. අපි මෙහෙ බලන් ඉන්නවෝ :)
ReplyDeleteඅළුත් පාඩමක් දාල තියෙන්නෙ සහෝ..
Deleteඅයියා පොඩි case 1ක් තියෙනවා .. අපි packet tracer එකෙන් කරපු network එකක් monitor කරන්න wireshark යොදා ගන්න පුලුවන්ද?
ReplyDelete@Anonymous
ReplyDeletepacket tracer වලින් කරපු network එකක් මම දන්න හැටියටනම් wireshark වලින් monitor කරන්න බැහැ.
GNS3 වලින් කරපු network එකක්නම් ඒකට අදාල virtual NIC එක තෝරල දීල packet tracer මගින් monitor කරන්න පුළුවන්.
padam tikanam supirima thamai
ReplyDeleteAyya aluth padamak enne nadda lagadi???
ReplyDelete"Spanning Tree Protocol" gena
@Mali roxඑල එල එහෙනම් දිගටම බලමු..
ReplyDelete@Lakshan Udanaවෙලාවක් ලැබුණුගමන් අළුත් පාඩමක් දානන්ම් සහෝ....
ReplyDeletesaho...oyage post godak man kiyewwa aththatama godk wadagath.english references kochchara thibbath sinhalen kiyala dena nisa hodata tharenawa..aththatma godak pin.
ReplyDeletemamath ccna kranna inne.puluwan nam ithiri post tikath danawada?
වෙලාව හම්බෙන හැටියට ඉතිරි පාඩම් ටිකත් දාන්නම් සහෝ...
DeletePlease keep writing and we are waiting bro !!!
ReplyDeletea macho..uba ta thanx machan mewage post ekaka daapu ekata..ubanam elakiri porak bn...machanmamath ccna karanna hithan innawa hoda thanak kiyapanko .......mama basic hardware crs ekakuth kala..
ReplyDeletekasun ccna karanna nam greatlake eka hodai
ReplyDeleteah..greatlake eka koheda thynne? visthara tikaka kiyannako....
ReplyDeletekasun oya me number ekata call karala ahanna eyala hema vistharayakma kiyay 0753744744
ReplyDeletetnx saman...
ReplyDelete@Saman Manchanayaka
ReplyDeleteනියමයි යාළුවා.කට්ටියට ප්‍රශ්ණයක් ආවම උදවු කරන එක ලොකු සහයෝගයක්.
machn mn mewagna aluth.... network engineer job role 1di uta circuit hadana wage wadat tiyenwda
ReplyDelete@Anonymous
ReplyDeleteනෑ, එහෙම දේවල් තියෙන්නෙ electronic engineerලටනෙ. network engineers ලට තියෙන්නෙ network එකට අදාල ගැටළු නිරාකාරණය කිරීම් වැනි කටයුතුයි.
anee thanx digatama karagena yanna me wade. loku udawwak wenawa mewa
ReplyDeleteI must appreciate the way you have expressed your feelings through your blog!
ReplyDeletehow cdn works
vpn genath dannakooooooooooooooo
ReplyDeleteමේ කරන වැඩේට උඹට පිං මචෝ. දිගටම ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteඅළුත් අවුරුද්දෙ තීම් එකත් අළුත් වෙලා. අමුතු relax ගතියක් ඇවිල්ල තියෙනවා මචං. එළ. ජය වේවා
ReplyDeleteඑහෙනම් ඉතින් ඒ ගතියෙන්ම අළුත් අවුරුද්ද පටන් ගමු.....
Deleteyou are welcome
ReplyDeletemata CCna okkama note tika mail ekak dannako plz machoo oyage fb ekata mail eka dala ati
ReplyDeletenetworkdisa saho. oya switch padam valta pavichchi karapu packet tracer version 1 mokadda. version 5 valata syntax veda karanne nene!
ReplyDeleteThis comment has been removed by the author.
Deleteuse packttracer 6.3. you can use networkdisa's files in switch lessons. syntax worked
Deletehttp://getintopc.com/softwares/network/cisco-packet-tracer-6-3-free-download/
thanks saho
Deleteoyatath sthuti me denuma beda harinavata. jaya veva. oyage denuma thava thava vardanaya vevaaa
ReplyDeletegodak sthutiy saho
DeleteGreat work! Thanx DISA...
ReplyDeleteIf you're trying to lose pounds then you have to try this totally brand new personalized keto plan.
ReplyDeleteTo create this keto diet service, licenced nutritionists, fitness couches, and top chefs joined together to develop keto meal plans that are productive, painless, cost-efficient, and enjoyable.
Since their launch in early 2019, 1000's of clients have already completely transformed their figure and health with the benefits a great keto plan can give.
Speaking of benefits: clicking this link, you'll discover eight scientifically-proven ones provided by the keto plan.
Do this hack to drop 2lb of fat in 8 hours
ReplyDeleteWell over 160k men and women are losing weight with a easy and SECRET "water hack" to burn 2 lbs each night while they sleep.
It is effective and it works on anybody.
You can do it yourself by following these easy steps:
1) Hold a clear glass and fill it up half the way
2) Then learn this awesome HACK
so you'll become 2 lbs skinnier when you wake up!