28 March 2011

CCNA හතරවන පාඩම Network Devices Behavior (Network එකට අත ගැසීම)

Network Devices Behavior (Network එකට අත ගැසීම)
                                        Network එකකට විතරක් නෙමෙයි ඔය මොන දේට අත හරි ඇගිල්ල හරි ගහන්න කලින් ඒ පිළිබදව හොද දැනීමකින් වැඩේට බහිනවනම් අතපය කඩාගන්නැතුව වැඩේ ගොඩ දාගන්න පුළුවන්. මේ පාඩමෙන් අපි බලන්න යන්නෙ Network එකේ තියෙන devices කිහිපයක ගති ලක්ෂණයි.

Hub
මෙන්න මේකට තමයි Hub එක කියල කියන්නෙ(මේකට විතරක් නෙමෙයි තව එකඑක විදියට Hub තියෙනව)දැන් බලමු මේ device එකේ ගති ලක්ෂණ මොනවද කියල.
මුලින්ම කියන්න ඕන දේ තමයි මේ device එක හරහා data communicate කරද්දි කිසිම security එකක් නැහැ.ඒ වගේම තමයි මේක half duplex device එකක්(ඔය duplex ගැන ආයෙ කියන්න ඕනෙ නෑනෙ). මම කලින් CCNA පාඩමේ කියපු විදියට මේ device එක වැඩකරන්නෙ physical layer එකෙයි.තව එකක් තමයි මේක unmanageable deviceඑකක්,කෙටියෙන් කිවිවොත් Hub එක අපිට settings කරන්න බෑ.තවත් Hub එකේ තියෙන අවාසියක් තමයි Hub එක හරහා data transmit කරද්දි ඒ data Hub එකත් එක්ක සමිබන්ධ අනිත් device වලිනුත් බැලීමේ හැකියාව තියෙනව. 
                    Hub එකට ගහල(attach) සේරම device තියෙන්කන එකම collision domain එකක සහ Hub එක කියන්නෙ only one broadcast domain එකක්.ඔය collision domain එකක් කියල කිව්වෙ උදාහරණයකින් කියනවනම් මෙන්න මෙහෙම එකක්, හිතන්නකො Hub එකට data packet එකක් ආව කියල ඊට පස්සෙ Hub එක කරන්නෙ ඒ data packet එක Hub එකේ  port වලට සම්බන්ද කරල තියෙන හැම device එකකටම එක පාර යවනව එකයි(broadcast කිරීමක් තමයි මෙතනදි කරන්නෙ ඒකනෙ නිව්වෙ only one broadcast domain එකක් කියලත්).මෙහෙම එකපාර data යවද්දි ඊට සම්බන්ධ සෑම device එකක් අතරම network Bandwidth එකත් බෙදිල යනව, අන්න ඒක හේතුවක් වෙනව network එකේ කාර්යක්ෂමතාව අඩුකරන්න.
                                        collision domain එකෙයි broadcast domain එකෙයි තියෙන වෙනස තමයි collision domain එක  broadcast domain එකට වඩා කුඩා වීම.ඒ වගේම තමයි collision domain එකක් පිහිටන්නෙ broadcast domain එකක් ඇතුලෙයි. Hub එක ගැන කතාකරන්න තව දේවල් තියෙනව, Hub එක හරහා data communicate කරද්දි සමහර වෙලාවට collision (ඝට්ඨනයන්) ඇතිවෙනව.collision එකක් ඇතිවෙන්නෙ මෙන්න මෙහෙමයි.Hub එකට සම්බන්ධ device එකකට වඩා වැඩිගණනක් එකවර data send කරන්න ගියාම තමයි මේක වෙන්නෙ. 
  
Hub එකට collision අදුනගන්න පුළුවන් හැකියාව තිබුනත් ඒක වලක්වා ගන්න හැකියාවක් නෑ.ඒකට හේතුව තමයි Hub එකට කිසිම තීරණ ගැනීමේ හැකියාවක් නැතිකම.මෙන්න මේකත් මතක තියාගන්න Hub එක කියන්නේ Repeater එකේ multi port device එකක් කියල.


  • මෙන්න මේකත් exam එකට යද්දි මතක තියාගෙන යන්න. CSMA/CD (Carrier Sense Multiple Access with Collision Detection)කියල access method එකක් තියෙනව Layer 2 එකේදි පාවිච්චි කරන Collision හදුනාගැනීමට හා වැලැක්වීමට.මෙන්න මෙතනින් ඒක ගැන පොඩ්ඩක් හොයල බලන්න. මෙන්න Hub එකේ  Symbol එක.
Switch
     Switch එක ගැන කතාකරද්දි මුලින්ම කියන්න ඕන දේ තමයි security එක. අපිට  Switch එක හරහා ආරක්ෂාකාරී ‍විදියට data transmit කරන්න පුළුවන්.ඒ වගේම full duplex device එකක් ඒ නිසාම Collision ඇති වෙන්නෙත් නෑ. Switch එක ඉතාමත් වේගයෙන් data transmit කරනව. එහෙම කරන්නෙ Switch එකේ තියෙන හැම port එකකටම වෙන්වුනු (dedicated) bandwidth එකක් තියෙන හින්දයි.මේකෙ තියෙන අනිත් වාසිය තමයි transmit කරන data බැලීමෙ හැකියාව තියෙන්නෙ source computer එකට හා destination computer එකට පමනයි.
               අනිත් එක තමයි Switch එක unicast හා multicast කරන device එකක්(Switch සමහර අවස්තාවල broadcast කිරීමක් කරනව destination MAC address එක MAC address table එකේ තිබුනෙ නැතිනම්).ඒ වගේම manageable device (අපට configuration කරන්න පුළුවන්) එකක්.මතක‍යිනෙ Switch එක කියන්නෙ layer 2 එකේ තියෙන device එකක් කියල.Switch එක Destination MAC address දිහා බලල තමයි තීරන ගන්නෙ.දැන් බලනව ඇති  මේ MAC address table එකයි තීරණ ගන්නව කියපු කථාවයි මොකක්ද කියල.මෙන්න මේකයි සිද්ධිය, Switch එක MAC address table එක හදාගන්නෙ source MAC address එක දිහා බලල මෙන්න මේ විදියට.
A computer (MAC address 0260.8c01.1111) එකට ඕන frame එකක් යවන්න C computer (MAC address 0260.8c01.2222 එකට, මුලින්ම frame එක A computer එකේ ඉදල E0 port එකෙන් Switch එකට ඇතුල් වෙනව ඊට පස්සෙ Switch එකේ buffer (මතකනේ තාවකාලික මතකයක් කියල) එකේ මේ frame එක තියාගෙන මුලින්ම කරන්‍ නේ source computer එකේ {A computer (MAC address 0260.8c01.1111) MAC address එක හා ඊට අදාල Switch එකේ port එක MAC address table එකට ඇතුල් කර ගන්න එකයි. ඊට පස්සෙ එම Switch එකේ MAC address table එකේ බලනව මේ  Destination MAC address {C computer (MAC address 0260.8c01.2222 )} එක තියෙනවද කියල, නැත්තම් Switch එකේ frame එක පැමිනි port එකෙන් හැර  අනිත් සේරම port හරහා මේ frame එක යවනව(broadcast).පහලින් තියෙන උදාහරෙනෙත් බලන්නකෝ. මේකත් බලන්නකෝ...
                   අපි හිතමු D computer එකට ඕන උනා කියල C computer එකට frame එකක් යවන්න, මෙතනදිත් Switch එක  මුලින්ම කරන්නෙ ඒ frame එක buffer එකේ තියාගෙන source computer එකේ MAC address ( 0260.8c01.4444) එකයි  ඊට අදාල Switch එකේ port එකයි MAC address table එකට දාගන්න එක. ඊට පස්සේ destination MAC address එක MAC address table එකේ බලල  ඒකෙ නැත්තම් frame එක පැමිනි port එකෙන් හැර අනිත් සියළුම port හරහා frame එක යවනව.(මේ රූපෙ පොඩි වැරද්දක් තියෙනව ඒක තමයි MAC address table එකේ දෙවනි address එක හැදෙන්න ඕන මේ විදියට E3: 0260.8c01.4444)
ඔන්න ඔය විදියට MAC address table එක හැදෙන්නෙ.මේ MAC address table සම්පුර්ණ උනාම ඊට පස්සෙ වෙන data transmission වෙන්නෙ Unicast transmission එකක් විදියටයි.මෙන්න Switch එකේ Symbol එක.(Bridge එකත් මේ හා සමානම ලක්ෂණ තියෙන එකක් කියල මතක තියාගන්න.)
Router
   පළමු දේ තමයි Router එක කිසිවිටකවත් network එක තුල broadcast කිරීමක් කරන්නෙ නෑ.Router එක network address හා interfaces යොදාගෙන Routing table හදාගෙන තියාගන්නව. ඒ වගේම තමයි Router එක network එකේ තියෙන broadcast domain ප්‍රමානය වැඩිකරනව. අනිත් එක තමයි Router එකට පුළුවන් packet යවන්න එක  broadcast domain එකක ඉදල තවත්  broadcast domain එකකට.


                                දන්නවනේ Router එක layer 3 එකේ තියෙන device එකක් කියල. අපි  CCNA වලදි වැඩියෙන්ම කතාකරන්නෙ Router එක ගැනයි.ඒක හින්ද  Router එක ගැන තවත් post එකකින් මීට වැඩිය හොදට කතා කරමු.මෙන්න  Router එකේ  Symbol එක.


ඔන්න ඔය device ගැන හරියට බලාගත්තනම් Network එක කෙසේවෙතත් CCNA exam එකනම් ගොඩ දාගන්න පුළුවන් වෙයි.

එහෙනම් ඊලග පාඩමෙන් හමුවෙමු ඔබ සැමට 
*****ජය ශ්‍රී*****
***switch එකේ source mac address එක සම්බන්දව මාව නිවරදි කල කල සහෝට මගේ ස්තුතිය.

44 comments:

  1. Dhanushka PrabhathApril 21, 2011 at 6:13 PM

    Thanks machan

    ReplyDelete
  2. මම නම් මේක දැක්කෙ අද ... මම ගොඩිාක්ම කැමති මාතෘකාවක්
    ඉතා අශාවෙන් පෙරේතකමින් කියෙව්වා.....
    තව තවත් දැනුම ලැබේවා....

    ReplyDelete
  3. @Buddhika Karunanayaka (itbuddhika)
    ප්‍රාර්ථනාවට ගොඩක් ස්තුතියි, දිගටම බලන්න.

    ReplyDelete
  4. machan , switch eka mulinma balanne source mac address eka CAM table eke thiyenawada kiyala neda, source MAC eka nethnam eka CAM table ekata dagena eta passe thamai destination MAC eka balanne..eta passe broadcast yawana kathandareth kiyannako..oyage me lipi pela harima wedagath thanks

    ReplyDelete
  5. @Anonymousමම මෙතන කියල තියෙන්නෙ "ඒ ගමන්ම තව වැඩක් කරනව" කියල.switch එක තුල බොහෝ දුරට ඔය සදහන් කරල තියෙන ක්‍රියාවලිය වෙන්නෙ එකවර.
    broadcast යවනව කියල කිව්වෙ switch එක හදාගත්තු macaddress table එකේ destination mac එකට අදාලව port එකක් map වෙලා නැත්තම් තමයි.හරියට පහල තියෙන අවස්ථාවකදි වගේ..
    The following list provides a quick review of the basic logic a switch uses:

    A frame is received.
    If the destination is a broadcast or multicast, forward on all ports except the port on which the frame was received.
    If the destination is a unicast, and the address is not in the address table, forward on all ports except the port on which the frame was received.
    If the destination is a unicast, and the address is in the address table, and if the associated interface is not the interface on which the frame arrived, forward the frame out the one correct port.
    Otherwise, filter (do not forward) the frame.

    ReplyDelete
  6. Broadcast eka gena kiwwata stutiy.mulinma balanne Source MAC address eka kiyana eka harima wedagath mama hithanne..Mokada eka samahara welawata CCNA question ekak.welawakata destination MAC eka balanneth nathi awastha thiyenawa.(When port security is concerned).dekama ekata wenawa kiyala kiyanna amarui neda.obe lipi pela wadath niweradi wenna eka tikak heduwanam hondai kiyalai mage adahasa.then please delete my comments since they are not further useful

    ReplyDelete
  7. @Anonymousසෙහා් හරි තමයි.
    මම තව ටිකක් බලද්දි මටත් හම්බුනා සියල්ලටම කලින් source mac එක learn කරනව කියල.මම එ්ක නිවරදි කරන්නම්.comment එක මකන්න ඔ්ෙන නෑ සෙහා් වැරද්දක් ෙපන්නල දීල තිෙයනව මම එ්ක නිවරදි කරල තිෙයනව එච්චරයි.ෙගාඩක් ස්තුතියි සෙහා් වැරද්ද ෙපනන්ල දුන්නට.

    ReplyDelete
  8. patta machan ada mn ube padam 3 baluwa mata mara help ekak me blog eka.jaya...........

    ReplyDelete
  9. uba me karana deta saho ubata pin.....

    ReplyDelete
  10. @asela
    ගොඩක් ස්තුතියි සහෝ මේ පැත්තෙ ඇවිත් කොමෙන්ටුවක් දැම්මට

    ReplyDelete
  11. A/L ict walata networking lipi danna. eka laku pinak.

    ReplyDelete
  12. @chamara
    සහෝට පුළුවන්නම් මට A/L වලට අදාල network කොටසෙ විශයනිර්දේශය එවන්න පුළුවන්ද

    ReplyDelete
  13. machan niyamaye..........................................................................
    patta.................................................................

    ReplyDelete
  14. ethakota hub 1k use karana kota data link layer,transport layer 1 function karanne PC 1nda?

    ReplyDelete
  15. @chinthaka jayasekara
    අපි hub එකක් පාව්ච්චි කරනව කියන්නෙ ඉතා කුඩා single broadcast domain එකක් තමයි manage කරන්න තියෙන්නෙ.එතකොට hub එකෙන් කරන්නෙ physical layer කාර්යයි.
    මොහිදි best route හොයන්න වගේ කටයුතු අවශ්‍ය වේන්නෙ නැහැ.
    data link layer එකේ කාර්යය කරන්න NIC එක PC එකේ තියෙනව.
    ඒ වගේම මෙහිදී network Layer එකෙන් ලොගු කාර්යයක් සිද්දවෙන්නෙ නැහැ.එම කාර්යයත් pc එක හරහා වෙනව.PC එකත් අපිට Router එකක් විදියට function කරන්න පුළුවන්ග
    උදාහරණයක් විදියට pc command prompt එකේ route print ගැහුවොත් අපට pc එකේ route ටික බලාගන්න පුළුවන්.ඒ වගේම PC එකට එක එක network සදහා route assign කරන්නත් පුළුවන්ග

    ReplyDelete
  16. Suppa Suppa.............. අඩේ.. මට මගේ ජීවිතයේ හමුබවුණු අධ්‍යාපණික Blogs අතරින් තවත් අංක 1 බ්ලොක් එකකි.. මම ආසම පැතිකඩකි.. නියමයි අයියේ... බොහොම පින්.. මේ කරන සත්කාරයට..... දිනේවා.. දිනේවා.... දිනේවා................

    ReplyDelete
  17. අය්යේ bridge එකකින් මොකක්ද වෙන්නේ?

    ReplyDelete
  18. @Buddhika Nuwan
    bridge එකෙන් වෙන්නෙත් switch එකෙන් වෙන කිර්යමයි සහෝ. හැබැයි සමහර hub එකට තියෙන ගති ලක්ෂණත් bridge තියෙනව.

    ReplyDelete
  19. @Saranath Ishara
    ගොඩක් සුතුතියි සහේ කොමෙන්ටුවට

    ReplyDelete
  20. I habe been using your blog content for my teaching. It wasbvery useful.may you have a long journy through the IT feild.thanks bro

    ReplyDelete
  21. Great work...................Thanks alot

    ReplyDelete
  22. layer 2 switch walai layer 3 walai wenasa mokakda , functionality eka kohomada ??

    ReplyDelete
  23. @esala geeth
    පාඩම් ටික ඉස්සරහට බලාගෙන ගියානම් සහෝට පැහැදිලිව වෙනස හොයාගන්න පුළුවන්. සරළව කියනවනම් layer 3 switch එකකින් router එකෙන් සිදුකරන කාර්යයනුත් සිදුකරගන්න පුළුවන් වෙනව.

    ReplyDelete
  24. හබ් එකේ සහ ස්විච් එකේ කාර්යභාරය පිළිබඳව කල පොස්ට් එකට ස්තුතියි. netacademy හි ඇති නොමිලේ පැවැත්වෙන ccna bridging course එක පිළිබඳවත් පාඩමක් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි.
    ජය ශ්‍රී!!!

    ReplyDelete
    Replies
    1. තව ලියන්න පාඩම් ෙගාඩක් තිෙයනව සෙහා්. හැම ෙද්ටම ෙවලාව තමයි ප්‍රශ්ෙන

      Delete
  25. පඩම් ටිකනම් superb, අයියෙ වැඩිය දන්නැති නිසයි අහන්නේ network ingineers ලගෙ job filed එක ගැන පොඩ් විස්තරයක් කියනවද, job එකට ගිහිල්ල මොනාද වැඩියෙන්ම කරන්න තියෙන්නෙ, night වැඩ එහෙම තියෙනවද,ජොබ් එක stress ද,salary එක එහෙම කොහොමද??????......
    Plz....කියන්නකො වැඩිය දන්නැති නිසයි ඇහුවෙ

    ReplyDelete
    Replies
    1. network engineers, network administrators, it managers wage job walata apply karanna puluwan.company eka anuwa tamai stressda night karanna wenawada nadda wage dewal teranaya wenne.
      monaunath oya me field eke issarahata yanawanam degree ekaknam dan aniwaryai.
      e atharama hoda experience ekakuth labaganna one.

      Delete
    2. Ccna එක්ක bit එක කරොත් හොදයිද අයියෙ, ccna විතරක් කරල පොඩි ජොබ් එකක් හොයගන්න පුලුවන් වෙයිද bit එක කරන්න සල්ලි ටිකක් හොයාගන්න

      Delete
    3. BIT godak software development walata bara degree ekak.tikak vithara amarui (mamath BIT kala) habai anith degree walata sapakshawa gana adui.BIT karanawanam oyata software side ekata yomuwenna.network side ekata wada mata hitana hatiyata software side ekata opportunity wediy.

      Delete
  26. Thnks අයියෙ ඔයා නම් දෙයියෙක්...

    ReplyDelete
  27. හරි, කියවනවා

    ReplyDelete
  28. D wala idan C walata yawanna one kiyalane tynne ethakota port number eka E2 neweida?

    ReplyDelete
  29. අයියෙ port forwarding කියන්නෙ මොකක්ද කියලා කියලා දෙන්නකෝ..port කියන්නෙ මොකක්ද වත් දන් නෑ😓

    ReplyDelete
  30. The governments of most countries pay a lot of attention to the health and medical care of the elderly population of the country. Such programs accounts for providing preventive, rehabilitative and curative services to the elderly people. churchs chicken diabetes

    ReplyDelete
  31. Very Much Valuable this Lesion . God Bless/Triple Gem .. and Ayubowan...to Mr DIsa. --Indika

    ReplyDelete

වැරදි දෙයක් ලියල තියෙනවනම් පෙන්නල දෙන්න, හරි දෙයක් හරියටම ගත්තනම් හිතුන දෙයක් ලියල යන්න....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...