Internetwork Operating System [IOS]
මම හතරවන පාඩමෙන් කිව්ව මතකයිනෙ CCNA වල වැඩියෙන්ම කතා කරන්නෙ Router එක ගැනයි කියල. ඔන්න දැන් තමයි Router එක හරියටම අත පත ගාල පොඩි ගේමක් දෙන්න හදන්නෙ. මේක IOS කියල මගුලක් මාතෘකාවට ලියල Router එක ගැන කියන්නෙ මොකද කියල දැන් හිතෙනව නේද. මේන්න මේකයි කාරණය CISCO Internetwork Operating System (IOS) කියන්නෙ CISCO Routers වල හා සමහර Switches(උදා:catlyst 2950) වල තියෙන kernel එකයි. දන්නවනෙ kernal එක කියන්නෙ මෙහෙයුම් පද්ධතියක තියෙන ප්‍රධානම හා අත්‍යවශම අංගය කියල. ඒ කිව්වෙ මෙහෙයුම් පද්ධතියත් දෘඩාංගත්(අපි hardware කියන්නෙත් මේවටම තමයි) අතර සම්බන්දතාවය ඇතිකරන එක කියල. අපිට cisco IOS එකට CLI (Command Line Interface) එකක් හරහා සම්බන්ද වෙන්න පුළුවන්. දැන් තියෙන cisco ලගෙ Routers හා Switches වලට GUI (Graphical User Interface) විදියටත් අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒත් අපි CCNA (640-802) විභාගය කරනවනම් CLI එක හරහා Routers හා Switches වල Configuration කිරීමටයි දැනගෙන ඉන්න ඕන. CLI එකෙන් වැඩ දාන්න ඉගෙන ගත්තට පස්සෙ GUI එක නිකම්ම හුරුවෙනව හරියට කජු කනව වගේ. දන්නවනෙ කජු කන තත්වයට පත්කරන්න සෑහෙන ගේමක් දෙන්න ඕන කියල.කජු කඩල ඒව කපල, සුද්ද කරල මහන්සි වෙන්න එපැයි කජු කන්න හදාගන්න, ඊට පස්සෙ කන එක ගැන කියන්න ඕන නෑනෙ.අන්න ඒවගේ තමයි CLI එකත් පොඩ්ඩක් බර දාල ඉගෙන ගත්තට පස්සෙ GUI එක කජු කනව වගේ වෙන්නෙ.
දැන් අපි බලමු මොනවද cisco IOS එකේ තියෙන වැදගත්කම්, කාර්යයන් මොනවද කියල.- Network Protocol සම්බන්ධයෙන් වැඩ කටයුතු කිරීම(Protocol හදුනාගැනීම, එක් එක් Protocol හා සම්බන්ධ වීම වනි කටයුතු)
- ජාලයන් අතර වේගයෙන් තොරතුරු හුවමාරු කලහැකි සම්බන්ධතාවයන් ගොඩනැගීම.
- අවසරයක් නොමැති සම්බන්ධතාවයන් වැලක්වීම හා ආරක්ෂාකාරී ලෙස ජාලය පවත්වාගෙන යාම.
- පහසුවෙන් Network එක පුළුල් ක්රීමට හා අනවශ්‍ය සම්බන්ධතාවයන් නැති කිරීමට පහසුකම් සැපයීම.
- ජාලයෙහි ඇති වෙනත් උපකරණ හා පහසුවෙන් හා ආරක්ෂාකාරී ලෙස සම්බන්ධ වීමට පහසුකම් සැපයීම.
අපට CLI ආකාරයට Router එකට ක්‍රම කිහිපයකින්ම සම්බන්ධ වෙන්න පුළුවන්.
- පළමු ක්‍රමය තමයි (ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නෙත් මේ ක්‍රමයයි) Router එකේ Console port එකත් පරිගණකයේ Com port (serial port)එකත් console cable එකක් හරහා සම්බන්ධ කිරීමෙන්.