08 April 2011

පස්වන පාඩම Internetwork Operating System [IOS] (Router එකට වැඩේ දෙමු)

 Internetwork Operating System [IOS]
                             මම හතරවන පාඩමෙන් කිව්ව මතකයිනෙ CCNA වල වැඩියෙන්ම කතා කරන්නෙ Router එක ගැනයි කියල. ඔන්න දැන් තමයි Router එක හරියටම අත පත ගාල පොඩි ගේමක් දෙන්න හදන්නෙ. මේක IOS කියල මගුලක් මාතෘකාවට ලියල Router එක ගැන කියන්නෙ මොකද කියල දැන් හිතෙනව නේද. මේන්න මේකයි කාරණය CISCO Internetwork Operating System (IOS) කියන්නෙ CISCO Routers වල හා සමහර Switches(උදා:catlyst 2950) වල තියෙන kernel එකයි. දන්නවනෙ  kernal එක කියන්නෙ මෙහෙයුම් පද්ධතියක තියෙන ප්‍රධානම හා අත්‍යවශම අංගය කියල. ඒ කිව්වෙ මෙහෙයුම් පද්ධතියත් දෘඩාංගත්(අපි hardware කියන්නෙත් මේවටම තමයි) අතර සම්බන්දතාවය ඇතිකරන එක කියල. අපිට cisco IOS එකට CLI (Command Line Interface) එකක් හරහා සම්බන්ද වෙන්න පුළුවන්. දැන් තියෙන cisco ලගෙ Routers හා Switches වලට GUI (Graphical User Interface) විදියටත් අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒත් අපි CCNA (640-802) විභාගය කරනවනම් CLI එක හරහා Routers හා Switches වල Configuration කිරීමටයි දැනගෙන ඉන්න ඕන. CLI එකෙන් වැඩ දාන්න ඉගෙන ගත්තට පස්සෙ GUI එක නිකම්ම හුරුවෙනව හරියට කජු කනව වගේ. දන්නවනෙ කජු කන තත්වයට පත්කරන්න සෑහෙන ගේමක් දෙන්න ඕන කියල.කජු කඩල ඒව කපල, සුද්ද කරල මහන්සි වෙන්න එපැයි කජු කන්න හදාගන්න, ඊට පස්සෙ කන එක ගැන කියන්න ඕන නෑනෙ.අන්න ඒවගේ තමයි CLI එකත් පොඩ්ඩක් බර දාල ඉගෙන ගත්තට පස්සෙ GUI එක කජු කනව වගේ වෙන්නෙ.
                          දැන් අපි බලමු මොනවද cisco IOS එකේ තියෙන වැදගත්කම්, කාර්යයන් මොනවද  කියල.

  • Network Protocol ස‍ම්බන්ධයෙන් වැඩ කටයුතු කිරීම(Protocol හදුනාගැනීම, එක් එක් Protocol හා සම්බන්ධ වීම වනි කටයුතු)
  • ජාලයන් අතර වේගයෙන් තොරතුරු හුවමාරු කලහැකි සම්බන්ධතාවයන් ගොඩනැගීම.
  • අවසරයක් නොමැති සම්බන්ධතාවයන් වැලක්වීම හා ආරක්ෂාකාරී ලෙස ජාලය පවත්වාගෙන යාම.
  • පහසුවෙන් Network එක පුළුල් ක්රීමට හා අනවශ්‍ය සම්බන්ධතාවයන් නැති කිරීමට පහසුකම් සැපයීම.
  • ජාලයෙහි ඇති වෙනත් උපකරණ හා පහසුවෙන් හා ආරක්ෂාකාරී ලෙස සම්බන්ධ වීමට පහසුකම් සැපයීම.
                            අපට CLI ආකාරයට Router එකට ක්‍රම කිහිපයකින්ම සම්බන්ධ වෙන්න පුළුවන්. 
  • පළමු ක්‍රමය තමයි (ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නෙත් මේ ක්‍රමයයි) Router එකේ Console port එකත් පරිගණකයේ Com port (serial port)එකත් console cable එකක් හරහා සම්බන්ධ කිරීමෙන්.

මෙන්න CISCO original Console Cable එකක් 
‍මම CCNA පළමු පාඩමේ කියපු Rollover cable එකෙනුත් මේ වැඩේ කරන්න පුළුවන්.Rollover cable එකේ එක පැත්තක් Router එකේ Console port එකටත් අනිත් කෙළවර පරිගණකයේ Com port (serial port)එකට පොඩි පරිවර්තකයක් (converter එකක්) පාවිච්චි කරල සම්බන්ධ කිරීමෙනුත් අපට CLI ආකාරයට Router එකට සම්බන්ධ වෙන්න පුළුවන්.
                          මේ ආකාර දෙකෙන් එක විදියකට Router එක හා පරිගණකය අතර සම්බන්ධතාව ගොඩනගාගත්තට පස්සෙ අපි Hyper Terminal (Start > All Programs > Accessories > Communication > Hyper terminal) window එක ලබාගන්න ඕන.(Hyper terminal වලට අමතරව අපට වෙනත් third party softwares පාවිච්චි කරන්න පළුවන්) ඊට පස්සෙ Hyper Terminal එකේ එන dialog boxes වල පහත තියෙන විදියට settings හදන්න.
Connection Name එක කැමති නමක් දෙන්න
Connect using යන තැනට cable එක සම්බන්ධ port එක තෝරල දෙන්න
com properties dialog box එකේ settings මේ විදියට හදන්න.
ඔන්න ඔය විදියට settings කලාට පස්සෙ අපේ Router එකට CLI හරහා සම්බන්ධ වෙන්න පුළුවන්.
  •  අපිට Router එකේ IOS හා සම්බන්ධ වෙන්න පුළුවන් දෙවන ක්‍රමය තමයි Router එකේ Auxiliary port එකෙන්.මේ Auxiliary port එකම තමයි අපි භාවිතා කරන්නෙ Modem Router එකට සම්බන්ධ කරන්නත්. ඉතින් අපි dial up modem එකක් මේ port එකට සම්බන්ධ කරල Network එකෙන් පිට( out of the band)ඉදල උනත් Router එකේ IOS හා සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට Hyper Terminal එකේ connect to window (දෙවන window) එකේ එන settings අපි Router එකට සම්බන්ධ කරපු dial up modem එකේ තියෙන settings අනුව වෙනස් කරන්න ඕන.
  • IOS හා සම්බන්ධ වෙන්න පුළුවන් තුන්වෙනි ක්‍රමය තමයි Telnet.(Telnet ගැන වැඩි විස්තර පසුව කති කරමු) අපිට Router එකේ ඕනෑම active port එකක් හරහා Telnet අකොරයට IOS හා සම්බන්ධ වෙන්න පුළුවන්.මේකත් ඔය ගමන්ම මතන තියාගන්න SSH (Secure SHell)කියන්නෙ Router එකට Telnet ආකාරයට සම්බන්ධ වෙන්න පුළුවන් ආරක්ෂිත ක්‍රමයක්(මේක protocol එකක්, මේ protocol එකෙන් network එකේ තියෙන devices දෙකක් අතර ආරක්ෂාකාරී ලෙස තොරතුරු හුවමාරු කරගන්න පුළුවන්.මේකෙ port number එක තමයි TCP port 22).               

 Router එක ගලවමු (Internal Component of a Router) 
මේක දැකල බයවෙන්න එපා.CCNA වලදි Router එකේ දෘඩාංග ගැන අහන්නෙ නෑ. ඒත් අපි හොදටම දැනගතයුතු එකක් තමයි Router එකේ Memory එක ගැන.Router එකේ ප්‍රධාන Memory වර්ග හතරක් තියෙනව.
  1. RAM
  2. NVRAM
  3. Flash
  4. ROM
RAM
Random Access Memory, Router එකේ මේ කොටසෙ තමයි Router එක on කල වෙලාවෙ ඉදල ක්‍රියාත්මක වෙන (Running configuration file) කාර්යයන් ගබඩා වෙලා තියෙන්නෙ. ඒ වගේම තමයි caching (තාවකාලිකව මතකයේ ගබඩා කර තබාගතයුතු දේවල් ඒ කිව්වෙ routing table,packet buffering,packet queues,ARP cache ,fast switching cache වගේ දේවල්)එක තියෙන්නෙත් මේකෙම තමයි. තවත් වැදගත්ම කාරණයක් තමයි RAM එක කියන්නෙ volatile memory එකක්. ඒ කියන්නේ විදුලිය නැති උන ගමන්ම RAM එකේ ගබඩා වෙලා තිබුනු ඒවත් මැකිල යනව එක.හරියටම කිව්වොත් Router එක off කරපු ගමන් RAM එකේ තියෙන ඒවත් නැති වෙලා යනව.

NVRAM
Non Volatile Random Access Memory නමින්ම තේරෙනවනෙ මේ කොටසෙ ගබඩා වෙලා තියෙන ඒව විදුලිය නැති උනා කියල මැකිල යන්නෙ නෑ.මේ කොටසෙ ගබඩා වෙලා තියෙන්නෙ Router එක ආරම්බයේදි විය යුතු කාර්යයන් (Startup Configuration File) ඒ කිව්වෙ අපි Router එකට කරපු settings ගබඩා කලානම් ඒව තියෙන්නෙ මේ NVRAM එකේ තමයි. උදායරණයකක් විදියට කියනවනම් Router එකේ port වලට assign කරපු IP addresses ගන්න පුළුවන්.

Flash
Flash memory එකේ තමයි අපේ කතා නායකය ඒ කිව්වෙ CISCO IOS image file එක කියෙන්නෙ. තව Operating System Configuration ඒ වාගේම Backups ගබඩා වෙලා තියෙන්නෙත් මෙතනයි. Flash memory එක EEPROM (Electronically Erasable Programmable Read Only Memory) එකක්. ඒ නිසාම අපිට මේ memory එක නැවත නැවත අළුත් කරන්න පුළුවන්.

ROM
ROM එක කරන්නෙ පරිගණකයේ තියෙන BIOS එක කරන වැඩේට සමාන වැඩක්. ඒ කිව්වේ Router එකට විදුලිය ලැබුනු ගමන් Router එකේ තියෙන දෘඩාංග හරහා Router එක ක්‍රියාකාරී තත්වයට පත් කිරීමයි. තවත් තේරෙන්නම කියනවනම් POST (Power On Self Test) එක කරන එකයි. තව එකක් මතක තියාගන්න Mini IOS කියල කොටසකුත් මේ ROM එකේ තියෙනව කියල.

Router එක boot වෙන අනුපිලිවෙළ.
  1. POST එක මගින් දෘඩාංග load කිරීම.
  2. Bootstrap code ROM එක හරහා load කැරීම.
  3. Router එකේ Flash එක හරහා  IOS එක  load කිරීම.
  4. NVRAM එකේ තියෙන Startup configuration  load කර එය  Running configuration වශයෙන් RAM එකට Copy කිරීම.



CCNA හයවන පාඩමෙන් හමුවෙමු... 
සුභම සුභ සිංහළ අළුත් අවුරුද්දක් වේවා !!!!!!!!!!!!!!!!!


26 comments:

  1. නියමයි. හැමදාම බලනවා.

    ReplyDelete
  2. @ රනී
    Thanks bro වෙලාවක් ලැබුනු විගස ලියනව

    ReplyDelete
  3. Dhanushka PrabhathApril 21, 2011 at 6:16 PM

    Ela machan

    ReplyDelete
  4. Aiye com Prop window eke yata paragraph vala yata words print wela nane

    ReplyDelete
  5. ගොඩක් වැදගත් ලිපියක්..
    ජය වෙවා !!!!!!!

    ReplyDelete
  6. thanks wewa bro patta wedak

    ReplyDelete
  7. mama adai hariyta dana gathe "kaju kanawa wage" kiyana eke theruma....
    "...හරියට කජු කනව වගේ. දන්නවනෙ කජු කන තත්වයට පත්කරන්න සෑහෙන ගේමක් දෙන්න ඕන කියල.කජු කඩල ඒව කපල, සුද්ද කරල මහන්සි වෙන්න එපැයි කජු කන්න හදාගන්න, ඊට පස්සෙ කන එක ගැන කියන්න ඕන නෑනෙ.අන්න ඒවගේ තමයි....."

    ReplyDelete
  8. ගොඩක් වටින උත්සහයක් අය්යේ..තමන් දන්න දේ අනිත් අයට කියල දෙන මේ පිනෙන් ඔයාට තව ගොඩක් දේවල් ඉගෙනගන්න වාසනාව ලැබේවා!!

    ReplyDelete
  9. ubata godak pin koluwo me karana sathakarayata...

    digatama karagena yamu...

    ReplyDelete
  10. meka num niyamai, niyama wadak,, thanks..........................

    ReplyDelete
  11. පට්ටම පට්ට වැඩක්. මටත් යහළුවෙක් කීවේ මෙ සුපිරි වැඩේ ගැන. ගොඩක් පින්...........

    ReplyDelete
  12. bootstrap kiyanne mokakda sahooo?

    ReplyDelete
  13. @Dikka
    bootstrap කියන්නෙත් mini IOS එකේම කොටසක් සහෝගමේ ලින්කුවෙන් ගිහින් පොඩ්ඩක් කියවල බලන්න
    http://www.ciscopress.com/articles/article.asp?p=101658

    http://www.orbit-computer-solutions.com/Cisco-Routers-Boot-Process.php

    ReplyDelete
  14. ඔයාට තව ගොඩක් දේවල් ඉගෙනගන්න වාසනාව ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ගොඩක් සුතුතියි සහෝ.

      Delete
  15. Disa, power off kalama RAM memory clear wenakota routing table clear wenawanam power on kalama nawatha routing table hadaganna router ekata siduwenawa neda ?

    ReplyDelete
  16. පොස්ට් එකට ස්තූතියි බ්‍රෝ.windows අලුත් වර්ෂන් වලභාවිතා කල හැකි ටර්මිනල් softwares මොනවද කියා පැහැදිලි කර දෙන්න.

    ReplyDelete
    Replies
    1. දැන්නම් ෙගාඩක් ෙතවන පාර්ශවීය මෘදුකාංග ෙගාඩක් තිෙයනව සෙහා්.
      ෙගාඩක් ජනප්‍රියයි "Putty".

      Delete

වැරදි දෙයක් ලියල තියෙනවනම් පෙන්නල දෙන්න, හරි දෙයක් හරියටම ගත්තනම් හිතුන දෙයක් ලියල යන්න....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...