Data Encapsulation & Decapsulation
Data Encapsulation කියන්නේ OSI layers වල උඩම layer එකේ ඉදල අන්තිම layer එක දක්වා data ගලායන ක්‍රියාවලියටයි.ඒක මෙහෙමත් කියන්න පුළුවන් data එකකට එක් එක් layer එකේදි කරන එකතු කිරීම් (මොනවද කරන එකතු කිරීම් කියල මේ post එක කියවපුවාම තේරෙයි).තේරෙන්නම කියනවනම් සිද්ධිය මේකයි, අපි එක් computer එකක ඉදල තවත් computer එකකට data යවද්දි ඒ data network එක හරහා යැවීමේදි සිද්ධවෙන දේට සරලවම Data Encapsulation කියල කියන්න පුළුවන්.
Data Decapsulation කියන්නෙ අපි ඔය උඩින් කතාකරපු එකේ අනිත් පැත්තට සිද්ධවෙන ක්‍රියාවලියටයි. ඒ කිව්වෙ OSI layers වල පල්ලැහැම layer එකේ ඉදල උඩම layer එක දක්වා network එක හරහා අපේ computer එකට ලැබෙන data එකක් user ට view කිරීම දක්වා සිද්ධ වෙන දේටයි.
**මෙන්න මෙහමයි OSI layers වලදි Data Encapsulation එක සිද්ධවෙන්නෙ**
7. Application Layer: user desktop එක හරහා කරන click කිරීම් type කිරීම් (යවන data වලට අදාලව) යන ඒවයි මේ layer එකට Data Encapsulation වලදි අදාල වෙන්නෙ.සිංහලෙන් කියනවනම් user interaction එකයි.
6. Presentation Layer: මේ layer එකේදි වෙන්නෙ data compression කිරීම් encryption කිරීම් සහ එක් එක් data ඊට අදාල format (text,jpeg,mpg.......) වලට දැමීමයි.
5. Session Layer: ඔය උඩ layer දෙකේ සිද්ධවෙච්ච දේවල් අනුව එම data එක network එක හරහා යවන්න පුළුවන් තත්වයෙන් session layer එක තුල පවතිනව.
4. Transport Layer: මෙන්න මෙතන ඉදල තමයි Encapsulation වල ගේම පටන් ගන්නෙ. session layer එකෙන් ආපු data එකට segment header එකක් එකතු කරල data එක segment එකක් බවට පත් කරනව. මොකද්ද මේ segment header එක.මේකෙ තමයි Source port number එකයි Destination port number එකයි තියෙන්නෙ.(මම CCNA දෙවනි පාඩම post එකේදි port number ගැන කිව්ව මතකනෙ) ඔය port number වලින් තමයි Host to Host communication එකේදි කුමන protocol එක හරහා කුමන data එකක්ද ආවෙ කියල අදුනගන්නෙ.කෝකටත් මේ protocol ටිකයි ඒවගෙ port number ටිකයි මතක තියාගන්නකෝ CCNA exam එකට ඒක ගොඩක් වැදගත් වෙයි.
3. Network Layer: මේ එකේදි layer එකේදි Transport layer එකෙන් ආපු segment එකට source IP address එකයි (data යවන computer එකේ IP address එක) destination IP Address (data ලබාගන්න computer එකේ IP addressඑක) එකයි එකතු කරල segment එක Packet එකක් බවට පත් කරනව.මේ layer එකේදි හැදෙන Packet එකටම තමයි Datagram එකක් කියලත් කියන්නෙ.
Packet (Datagram) |
2. Data Link Layer: මේ layer එකේදි network layer එකෙන් ආපු packet එකට Layer Header එකක්(source & destination MAC address එකයි මේකෙ තියෙන්නෙ) හා Layer Trailer එකක්(මෙකෙ අඩංගු වෙනව Frame Check Sequence[FCS] කියල එකක්) එකතු වෙලා packet එක Frame එකක් බවට පත් වෙනව. මම ඔය උඩින් FCS කියල එකක් කිව්ව නේද අන්න ඒක තියෙන්නෙ ඔය Frame එක සඹ්පූරණද කියල තහවුරු කරගන්නයි. තව ටිකක් කියනවනම් මේ FCS එකේ අංකයක් තියනව, ඒක හදාගෙන තියෙන්නෙ source computer එනකන් යන Frame එකේ තියෙන data යම්කිසි ආකාරයක ගනණය කිරීමක්(calculation) කරලයි. මේක Data Decapsulation එකේදි මාර විදියට වැදගත් වෙනව.
Frame |
1. Physical Layer: ඔය එක එක layer වලින් වැඩ දාල අන්තිමේටම හැදුනු Frame එක කිසිම ගතියක් නැතුව Physical layer එකෙන් ඔය computer එකට තේරෙන භාශාව කියන bit වලට convert කරල computer එකට සම්බන්ධ කරල තියෙන cable (wireless ව වෙන්නත් පුළුවන්) හරහා transmit කරනව. කෙටියෙන් නිව්වොත් Frame එක bit කරල යවනව(send......)
- මෙන්න සිද්ධිය කෙටියෙන්,
Data.....Segment..... Packet.... Frame..... Bit
ඔන්න ඕකටයි Data Encapsulation කියන්නෙ....
**මෙන්න මොහමයි OSI layers වලදි Data Decapsulation එක සිද්ධවෙන්නෙ** (මොනව සිද්ධ වෙන්නද උඩින් කථාකරපු එකේ අනිත් පැත්ත තමයි මෙතනදි වෙන්නෙ.)
1. Physical Layer: ඔන්න ඉතින් source computer එකේ Physical Layer එකෙන් ආපු bit destination computer එකේ Physical Layer එකෙන් අරගෙන අනිත් layer එකට යවනව.
2. Data Link Layer: දැන් උඩ layer එනකන් ආපු bit මේ layer එකේදි Frame එකක් බවට පත්වෙලයි තියෙන්නෙ.source computer එකේදි Frame එකට එකතු කරපු layer header එකයි layer trailer එකයි මෙතනදි පරීක්ෂාකරගෙන (destination එක හරිද කියල check කරගනිනව.ඒ කියන්නේ ආපු Frame එක මේ computer එකටම එවපු එකක්ද කියල, ඕක ඉතින් layer header එකේ තියෙන mac address එකෙන් කරගන්න පුළුවන්නෙ.)ඒව හලල දානව.ඒ කිව්වෙ කපල දානව.මෙතනදි වෙන තව සිද්දියක් තියෙනව එක තමයි layer trailer එක check කර ගන්න විදිය.මෙන්න මෙහෙමයි ඒක වෙන්නෙ මම කලින් කියපු විදියට layer trailer එකේ තියෙන Frame Check Sequence[FCS] එකේ ඉලක්කම destination computer එකට ලැබුනු Frame එකේ data වල FCS එක calculate කලාම එන ඉලක්කමත් එක්ක සමාන උනේ නැත්තම් මුළු Frame එකම අයින් කරල අළුත් Frame එකක් ආයෙ request කරනව.කියල වැඩක් නෑ නේද මුංගෙ check කිරිල්ල. ලංකාවෙත් යුද්දෙ තියෙන කාලෙ අපේ පොලිස් මාමල ටික ඔහොම්මම check කෙරැවනම් කොළඹ පැත්තෙ ඔය එක බෝම්බයක්වත් පුපුරන්නෙ නෑනෙ.(හැබැයි ඉතින් පොලිස් මාමලගෙ FCS එක සමාන උනේ නැත්තම් අනිව අයෙත් ඉතින් බෝම්බයක්ම request කරනව).
3. Network Layer: data link layer එකේදි Frame එකේ L/H එකයි L/T එකයි අයින් කලාට පස්සෙ ඒක Packet එකක් බවට පත්වෙලා තමයි Network layer එකට එන්නෙ. ඊට පස්සෙ මෙතනිනුත් IP/H එක පරීක්ෂාකරගත්තට පස්සෙ ඒකත්(IP/H ) අයින් කරල දානව.
4. Transport Layer: උඩදි IP/H එක අයින් කලාට පස්සෙ ඒක segment එකක් වෙලා තමයි මේ layer එකට එන්නෙ.ඊට පස්සෙ S/H (TCP / UDP Heder) එකේ port numbers බලල ඒ port හරහා data එක විතරක් අනිත් layer එකට යවනව.
5. Session Layer: මෙතනදි connection එක තියාගෙන data අනිත් layer එකට යවනව.
6. Presentation Layer: මෙතනදි data encrypt කර තියනවනම් ඒවා decrypt කිරීමත් compress හෝ uncompress කිරීමත් user ගෙ කැමැත්ත අනුව කරන්න පුළුවන්.
7. Application Layer: මෙන්න හොදම හරිය. user interaction එක මත data view කිරීම edit කිරීම වැනි දෑ කරන්න පුළුවන්.
- මෙන්න සිද්ධිය කෙටියෙන්,
Bit..... Frame..... Packet.... Segment..... Data
ඔන්න ඕකටයි Data Decapsulation කියන්නෙ...
පට්ට මචන්!
ReplyDeleteThanks machan, mewa liyanawata umbata pin
ReplyDeleteඑල නියමට පොස්ට් එක ලියල තියෙනවා....
ReplyDeleteනියමයි, හරිම සරලව තියනවා
ReplyDeleteThanks..
sira bn
ReplyDeleteMeke watina kama kiyala wdak na...... Mamath CCNA karanna asi Bayai.... Mokada 30000k ne... me Blog eka hodata kiyawala Therum aran CCNA karanna Patangannawa.... Oyage me wade Kiyala nima karanna bari tharam watinawa...... Obata Pin..."Network Disa"
ReplyDeleteඑල එල තැන්කිව් වේවා කට්ටියන්ගෙම කොමෙන්ටු වලට.....
ReplyDeleteaiya deiyek neme dewalayak
ReplyDelete@madusha chathuranga
ReplyDeleteඑහෙනම් පඩුරක් දාල යමන් මචෝ...:)
Great...!!!
ReplyDeleteThis is an excellent effort dear, keep continuously writing
ReplyDeleteමචෝ encapsulation කියන එක මට තේරෙන විදිහට හරියට බෙහෙත් tablet capsule එකක් වගේ ... බෙහෙත් tablet පිට capsule එකෙන් ඇතුලේ තියන එව්වා හංගලා නි තියෙන්නේ අන්න ඒ වගේ දෙයක්.... application layer එකේදී data structure eke complexity එක,යුසර් ගෙන් හයිඩ් කරන එක ,යුසර් දන ගන්න ඕනි නැති එව්වා හයිඩ් කරන එක තමා encapsulation කියන්නේ........ උබේ බ්ලොග් එකෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.... ජය වේවා... දිගටම ඔහොම ලියාගෙන යමු... උබට ගොඩාක් ස්තුති.....
ReplyDelete@Suranga Premakumaraencapsulation කියන්නෙ ක්‍රියාකලියනට සහෝ.ම්‍හෙි අවසන් ප්‍රතිඵලය විදියට තමයි user ට data access කරන්න ලැබෙන්නෙ. හැබැයි එම data access කරන අාකාරය user පාවිච්චි කරන application එක මත වෙනස් වෙනව. encapsulation ක්‍රියාවලියෙ සමහර අවස්ථාවන් අපිට එ සදහා සුවිශේෂ වු application වලිනුත් බලන්න පුළුවන්.
ReplyDeleteඋදා:- wireshark
ATHTHATAMA MATA HARI SATHUTUI OYAGE KAPAKIRIMA GANA API WAGE AYATA NETWORKING KIYALA DENNA
ReplyDeleteMAMA NAM NETWORKING WALA "AYANNAWATH" DANNENA. EHINDA MATA ME OKKOMA THERENNE NA ETH MAMA ASAI MEWA IGENA GANNA.
SAMAWELA AMATA KIYANAWADA OYAKIYNA "OSI" LAYER EKA APITA ALLALA BALANNA PULUWANDA NATHNAM PAHADILIKIRIMATA YODAGANNA MANAKKALPITHA MODEL EKAKDA KIYALA.
MOKADA COMPUTER EKE THIYENNE CIRCUITS NISA
@Ns Wickramasinghe
ReplyDeleteOSI layers කියන්නෙ යම් න්‍යාත්මකව පැහැදිලි කිරීමක්.නැතුව තනිකරම දෘඩාංගයක්වත් (hardware) මෘදුකාංගයක්වත් (software) නෙමෙයි.
දෘඩාංග මෘදුකාංග සංකලනයෙන්තමයි osi layers වල සැකැස්ම අපි හදුනාගන්නෙ හා පැහැදිලි කරගන්නෙ.
පොඩ්ඩක් පාඩම් ටික මුල ඉදලම කියවල බලන්නකෝ අවබෝධ කරගන්න පුළුවන් වෙයිගගොඩක් ස්තුතියි සහෝගෙ කොමෙන්ටුවට
pattai machn..thanks
ReplyDeletethank you!!!
ReplyDeleteනියමයි !!!
ReplyDeletethank you sooo much!!!!! :)
ReplyDeletesupiri ban...........thanks lot........
ReplyDeletethnkxx mcn :)
ReplyDeletethanks macahna supiri... tiyna ekknek mata vce exam cmlter eka new vsion eka crk eka denwada?
ReplyDeleteමමත් VCE simulator crack version එකක් හෙව්ව හම්බඋනේ නම් නැහැ.
Deleteතියෙන ඒවත් පරණ වර්ශන්.අළුත් ඒවට සපොර්ට් කරන්නෙ නැහැ.
මම කලේ android simulation කරන්න පුළුවන් software එකක් වෙන bluestack insatall කරගෙන
http://www.bluestacks.com/
එ්කට luckey pacher එක දාල A+ vce simulator එක දාල google drive වලට vce file upload කරල බලපු එකයි.පහලින් luckey patcher එකයි A+ vce එකයි බාගන්න
https://dl.dropboxusercontent.com/u/28616332/Visual%20Cert%20MAnager/Stuff.rar
SUPIRI...
ReplyDeleteelZ
Deleteඑළකිරි පාඩමක් බ්‍රෝ. ස්තුතියි.
ReplyDeleteniyamai niyama wadak
ReplyDeleteelZ
Deleteසහෝ මට මේක පාඩම කියවන කොට ආපු ප්‍රශ්නයක්. පුලුවන්නම් මෙය මට පැහැදිලි කර විසදා දෙන්න. බොහොම ස්තුති......!!!
ReplyDeleteData Decapsulation වලදී Data Link Layer එකේ එන Frame Check Sequence number එක Source එක පැත්තේදී calculate කලාම එන ඉලක්කමත් එක්ක සමාන උනේ නැත්තම් මුළු Frame එකම අයින් කරල අළුත් Frame එකක් ආයෙ request කරනව නම් Data Alteration Attack එකක් හැකර් කෙනෙක් දුන්නොත් වලට අපිට පුළුවන් වෙනවා නේද firewall, utm වගේ network security system එකක් නැතුව data ටික protect එක කරගන්න. මොකද Data Alteration Attack එකකදී data modification එකක් වුනහම අනිවාර්යෙන්ම Frame Check Sequence [FCS] number එක destination එක පැත්තේදී calculate කලාම එන ඉලක්කම වෙනස් වෙන නිසා අනිවාර්යෙන්ම මුළු Frame එකම අයින් කරල අළුත් Frame එකක් ආයෙ request කරන නිසා.
" අපිට පුළුවන් වෙනවා නේද firewall, utm වගේ network security system එකක් නැතුව data ටික protect එක කරගන්න."
Deleteme tika mata pahadili na saho.
FCS bits similar naththam thamai frame eka aye request karanne.api hithamu attacker frame eka catch karala FCS nathuwa frame eke data eka modify kala kiyala duplicate frams transfer karana gaman. ethakota oya kiyapu de mekata adala wenne na neda
elama thami aiya
ReplyDeleteela ela
Deletegodak sthuthi disa, oya me karana wade godaaaak watinawa...
ReplyDeleteThanks saho
Deleteදැං තමා බල්ල වගේ හිටිය කොල්ලට OSI ලේයර් ටික තේරුනේ.. පිං මචෝ උඔට
ReplyDeleteඑතෙකාට දැන් බල්ල ෙකාල්ල ෙවලාද?
Deleteඑල මෙචා් එල
හිමිහිට කියවනවා, බලන්ගියහම ලොකුවැඩ කොටසක් පොඩි වේලාවකදි සිද්ද වෙනවා නෙද?
ReplyDeleteඅනිවාර්ෙයන්ම
Deleteme karanne loku udawuwak,wachanayen kiyanna bari tharam...godak pin me karana sewayata...
ReplyDeleteCCNA past papers ganna thanak kauru hari danawada???
ReplyDeletehttp://networkdisa.blogspot.com/p/blog-page_28.html
DeleteHodai
ReplyDeleteThere are many other computer institutes which provide diploma in networking but their diplomas are not given much significance in big companies. They only prefer candidates from a well known institute. CCNA course in Pune
ReplyDelete