10 March 2011

IP Address Classes

IP Address Classes 
අප භාවිතාකරන IP Address ජාත්‍යන්තර සම්මතයකට අනුව පංතීන් කිහිපයකට බෙදා ඇත. මෙම IP Address  Classes නිර්මානය කිරීම සදහා පදනම්කරගෙන ඇත්තේ Network එකක විශාලත්වයයි. ඒ කියන්නේ කුඩා Network සදහා එක් පංතියක්ද, මධ්‍ය පරිමාන Network සදහා එක් පංතියක්ද, මහා පරිමාන  Network සදහා එක් පංතියක්ද වශයෙනි. ඒ අනුව ප්‍රධාන වශයෙන් අපට   IP Address  Classes තුනක් දකින්න පුළුවන්.

  1.  Class A: 1-126           උදා -10.50.230.23
  2.  Class B: 128-191       උදා - 172.16.2.221
  3.  Class C: 192-223       උදා - 192.168.50.10
IP Address එකක ඇති පළමු සංඛ්‍යා කාණ්ඩය මගින් අපට  IP Address Classes එක හදුනාගන්න පුළුවන්..දැන් අපි බලමු එක් එක් IP Address Classes එකට ඇතුලත් කළහැකි Host ප්‍රමානය හා Network  ප්‍රමානය. ඒක පැහැදිලිව තේරුම් ගන්න නම් මගේ කලින් පෝස්ට්එකේ තිබුනු Network ID  හා Host ID කියන්නෙ මොකක්ද කියල පැහැදිලිව තේරැම් ගන්න ඕන.
  • Network IDIP Address එකක Network ID මගින් එම IP එක assign කර ඇති Host එක කුමන  Network එකට අයත් දැයි පෙන්වයි. එසේම Network එකකදී  IP Address එකක  Network ID එක නොවෙනස්ව පවතී.
  • Host ID IP Address එකක Host ID එක ලෙස හදුන්වන්නේ Host එකකින් එකකට IP Address එකෙහි ‍වෙනස්වන කොටසයි.මෙය සැමවිටම එකම Network එකක් තුල එක් එක් Host එකට assign කරන IP එකෙහි වෙනස් විය යුතුයි.  
‍‍  "සෑමවිටම Network එකක  IP Address  එකෙහි Network ID එක   නොවෙනස්වන අතර Host ID එක සැමවිටම වෙනස්වේ"


44 comments:

  1. මචෝ මේක මීට වඩා ටිකක් විස්තරාත්මක උනානම් හොඳයි නේද? නෙට්වර්ක් අයිඩී එක මොකක්ද හොස්ට් අයිඩී එක මොකද්ද කියන එක උදාහරණ දුන්නානම් මරු..

    ReplyDelete
  2. @ක්සැන්ඩර් | Xanderමචෝ පාඩම් ටික පිළිවලට බලාගෙන ගියානම් ඉදිරි ගාඩම් වලදි මේ ගැන කතාකරල තියෙනව.උදාහරණයක් විදියට පහල තියෙන පාඩමේ තවත් මේ ගැන ව්ස්තරයක් තියෙනව.http://networkdisa.blogspot.com/2011/03/ip-address-class-network-id-host-id.html
    ගොඩක් ස්තුතියි අදහසට.

    ReplyDelete
  3. එල,එල,මැක්සෘ

    ReplyDelete
  4. පට්ට මචං...
    ගොඩක් ස්තුති මේ කරන දේට...
    ගොඩක් දේවල් ඉගෙන ගත්තා..
    උඹට පිං මචං..

    ReplyDelete
  5. @සේරමදේවල්උඹල ඔහොම කියද්දි ලියන්නත් ආසයි බං. ඒත් වොලාව තමයි නැත්තෙ.අතඅරින්නෙ නෑ මචෝ වෙලාවක් ලැබුන ගමන් තව පාඩම් ටිකක් දාන්නම්. ගොඩක් ස්තුතියි කොමෙන්ටුවට....

    ReplyDelete
  6. 0යි 127යි ගන්නේ නැති හේතුවක් තියෙනවා නේද....

    ReplyDelete
  7. @Anonymous127 nam api loopback address ekak vidiyatai pavichchi karanne.network troubleshooting wladi me gana wedi dura katha karamu

    ReplyDelete
  8. ඔය හොස්ට් එකයි නෙට්වර්ක් එකයි වෙනස් වෙන්නේ සබ්නෙට් මාස්ක් එකෙන් නේද ?

    ReplyDelete
  9. @මධුරංගඔව් අපි assign කරන subnet mask එක අනුව අපිට host id එක හා network id එක වෙන් වෙන් වශයෙන් අදුනගන්න පුළුවන්

    ReplyDelete
  10. බොහොම ස්තුති මෙහෙම මේ වැඩේට

    ReplyDelete
  11. බොහොම ස්තුතියි අයියා..තැන්ස්......!

    ReplyDelete
  12. niyamai machan apita godak deval igenaganna labuna

    ReplyDelete
  13. නියමයි මමත් ඉගෙන ගන්න ආසයි මේවා.ඔයාට ගොඩාක් ස්තුති ලිපි ඉදිරිපත් කරනවට.මල්ලියා එතකොට ඇයි අපිInternet එකටConnect උනා කියමුකො එතකොටIP එකයි ආයDisconect කරලා ConnectවෙනකොටIP එකයි වෙනස් වෙන්න හේතු මොනවද?(මම මෝඩ ප්‍රශ්ණයක් ඇහුවද දන්නේ නැහැ)

    ReplyDelete
  14. @Unknown
    කෝමද යකෝ එක මෝඩ ප්‍රෂ්ණයක් වෙන්නෙ.සහෝ දන්නවනේ internet කියන්නෙත් network ගොඩකින් හැදිච්ච ලොකු network එකක් කියල.
    ඒ වගේම තමයි අපිට ඒ network එකට connect වෙන්න ඕනෙනම් අනිවා IP address එකකුත් අවශ්‍ය වෙනව.අපි සාමාන්‍යෙයන් පාවිච්චි කරන internet connetion වලට internet එක හා සම්බන්ධ වෙන්න අවශ්‍ය IP address ISP(Internet Service Provider) ලබාදෙන්නෙ Address pool එකකිනුයි.
    ඒ කියන්නෙ සරලව කියනවනම් ඔයා connection එක ඉල්ලද්දි pool එකේ තියෙන IP address එකක් ඔයාගෙ computer එකට assign වෙනව.ආයෙත් ඔයා Disconnect කරල connect කරද්දි අර Pool එක් තියෙන වෙනත් IP address එකක් ඔයාගෙ computer එකට assign වෙනව.
    මෙක ටිකක් විස්තර ඇතුව කතාකරන්න ඕන එකක් සහෝ.ඔය කලින් කියපු ක්‍රියාවලියෙදි තමයි අපිට DHCP severs වල අවශ්‍යතාව, එතකොට ඒවගෙ process වෙන IP renew,expired වගේ configuration ත් බලපාන්නෙ.
    (හුග කාලෙකට පස්සෙ බ්ලොගේට ආපු එකෙක් මට මල්ලි කියල කිව්වෙගඒ කියන්නෙ මගේ බ්ලොගේ අයියලත් බලනව කියල නොවැ :)))

    ReplyDelete
  15. elama ela macho. ubata pin.

    ReplyDelete
  16. එතකොට 223-255 පරාසයේ තියෙන අයි පී ඇඩ්රස් අයිතිවෙන තව ක්ලාස් එකක් තියෙනවද?

    ReplyDelete
  17. @Sameera
    224-239 - multicast address range

    240-255 - reserved for experimental purpose

    ReplyDelete
  18. එල bro. දිගටම කරගෙන යමු.

    ReplyDelete
  19. elazzzzzz niyamai digatama karagena yanda

    ReplyDelete
    Replies
    1. අනිවා.. දිගටම බලමු...

      Delete
  20. එල මචන් ස්තුතියි......

    ReplyDelete
  21. නියමයි @ක්සැන්ඩර් | Xander කිව්වා වගේ විස්තර කරලා තිබුන නම් පට්ටම ඉස්සරහට ඇති කියල හිතනවා

    ReplyDelete
    Replies
    1. අනිවා.. ෙත්රුෙන් නැති තැනක් කිබුෙනාත් අහන්න.

      Delete
    2. disa aiyaaa...mt help akak krannko..10.0.0.0/8 .meke 500 host per network hoyanne kohomda.

      Delete
    3. Great work keep it up wish you all the best bro

      Delete
  22. Disa ayye, Activities tika dismissed welane... :(

    ReplyDelete
    Replies
    1. saho me link eken gihin ona resource serama download karaganna

      https://www.mediafire.com/folder/enube7nd78mey/Blog

      dropbox wala public folder facility eka ain karala ekai links weda karanne nathe.lagadima links tika dala blog eka upload karannamko

      Delete
  23. 10.0.0.0/8 meke 500 host per network hoyanna kiyala tiyenwa....kawuru hari mt help karannko..meka hada ganna...plzzz??

    ReplyDelete
    Replies
    1. 10.0.0.0/8 me vidiyata deela 500 host per network hoyanna ba saho.
      mokada 255.0.0.0 awama(class A default subnet mask) 2^24 = host address sankyawak labenawa.
      10.0.0.0 class A address ekak unata apita subnet mask eka wenas keremen 500 host per network hoyanna puluwan.
      2^9 = 512 (ehenam mekata host bits 9 awashai)
      11111111.11111111.11111110.00000000
      255.255.254.0
      500 host per network sadaha pilitura wanne

      10.0.0.0/23

      Delete
  24. kisima knnk mukuthma kiyne nanee..

    ReplyDelete
    Replies
    1. accident ekak welai innesaho.ekai pilithuru denna bariune.apahadili thanak tibunoth ahanna

      Delete
  25. VLMS gana mt terenne naa..a gana sinhala videos nadda ..

    ReplyDelete
    Replies
    1. VLSM gana padamal dala tiyenne saho.
      patuna balanna

      Delete
  26. machan class eke masa 6kata iganaganna bari una dewal ube me palaweni lesson 5n iganagaththa thnakyou so mutch kiyanna wachana na mcn

    ReplyDelete
  27. Ip address hadan viya kiyala denda.

    ReplyDelete
  28. 2021 still worthy. Thank you so much

    ReplyDelete

වැරදි දෙයක් ලියල තියෙනවනම් පෙන්නල දෙන්න, හරි දෙයක් හරියටම ගත්තනම් හිතුන දෙයක් ලියල යන්න....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...