18 September 2011

CCNA දහ අටවන පාඩම Routing v (RIP configuration)

CCNA දහ අටවන පාඩම Routing v (RIP configuration)
                                                  මේ පාඩම පටන්ගන්නෙ කලින් ලිපියෙදි කතාකරපු RIP (Routing Information Protocol) එක කොහොමද Router එකට සැකසුම් කරන්නෙ කියලයි. ඊට කලින් අපිට දා හත්වන පාඩමේදි මගඇරුනු RIPv1 හා RIPv2 ගැන වෙන වෙනමත් ටිකක් කතාකරන්න තියෙනව. කලින් පාඩම බලපු නැති කට්ටිය ඉන්නවනම් මෙතනින් ගිහින් ඒ පාඩම බලලම මේ පාඩමට එන්න. අපි කලින් පාඩමේදි කතා කරපු RIP වල තියෙන හැම ලක්ෂණයක්ම RIPv1 හා RIPv2 වල තියෙනව. දැන් අපි බලන්න යන්නෙ මේ version දෙකට තියෙන වෙනස් ලක්ෂණත්, RIPv1 හා RIPv2 Router එකට සැකසුම් කරන විදියත් ගැනයි. 
  • RIPv1 :
                      කලින් පාඩමේ RIP වල තිබුනු ලක්ෂණ වලට අමතරව RIPv1 එකේ දකින්න තියෙන විශේෂ ලක්ෂණ වෙන්නෙ මේවයි.
  1. RIPv1 කියන්නෙ classfull routing protocol  එකක්.(classfull ගැන දැනගන්න ඕනනම් CCNA පහලොස්වන පාඩම බලන්න)
  2. RIPv1 වලදි routing updates අනිත් Routers වලට යවන්න යොදාගන්නෙ 255.255.255.255 කියන broadcast IP address එකයි. (broadcast කියන්නෙ මොකද්ද කියල දැනගන්න මෙතනින් ගිහින් transmission පාඩම බලන්න) 
හරි දැන් තියෙන්නෙ අපිට RIPv1 Router වලට  සැකසුම් කරල Router වල තියෙන network අතර සමබන්ධතාවයක් ගොඩනගාගන්නෙ කොහොමද කියල බලන්නයි. මුලින්ම බලමු RIPv1 එක සැකසුම් කරන්න යොදාගන්න command මොනවද කියල. distance vector routing protocol ගැන කතාකරද්දි කිව්ව මතකයිනේද Router සදහා මේ protocol සැකසුම් කිරීම ගොඩක් පහසුයි කියල. එහෙනම් මෙන්න මේවයි අපිට ඕන වෙන command ටික.
Router(config)# router rip
Router(config-route)#network <network address>   
දෙවනි command එකේ <network address> කියන තැනට දාන්න ඕන අපි සැකසුම් කරන Router එකේ directly connected network වල network address.එහෙනම් පල්ලැහැ තියෙන ක්‍රියාකාරකම කරන ගමන්ම බලමු කොහොමද RIPv1 Router එකට සැකසුම් කරන්නෙ කියල. 
                                      ඔයාලට කැමති විදියට IP address බාවිතා කරල ඉහත විදියට network එක හදාගන්න (ඔයාලගෙම විදියකට හදාගත්තත් කමක් නෑ, මම  කරල පෙන්නන්නෙ ඉහත රුපෙ තියෙන විදියටයි). Router වලට network හදද්දි ටිකක් සැලකිලිමත් වෙන්න. මොකද RIPv1 classfull routing protocol එකක් හින්ද VLSM වලට සහයෝගය දක්වන්නෙ නැහැ. එහෙමත් නැත්තම් subnet කරපු network අතර සම්බන්ධතාවයන් ගොඩනගාගන්න යොදාගන්න බැහැ. කියපු දේ තේරුනේ නැති කෙනෙක් ඉන්නවනම් ආයෙත් පසුගිය routing පාඩම් ටිකනම් බලන්නම වෙනව. නැත්තම් මේ පාඩම තේරෙන්නෙම නැතිවෙයි. එත් එක්කම මම දාල තියෙන IP address ගැන මොකක්හරි ප්‍රෂ්ණයක් තිබුනොත් අහන්නත් අමතක කරන්න එපා.
                                 උඩින් පෙන්නල තියෙන ක්‍රියාකාරකම කරන්න ඉස්සෙල්ල මුලින්ම කරන්න ඕන දේ තමයි Router වල interface වලට IP address සැකසුම් කරල serial interface වලට clock rate සැකසුම් කරල ඒ සැකසුම් Router එකේ ගබඩා කරගන්න එකයි (මේ සියළු දේවල් කරන හැටි පසුගිය පාඩම් වලින් විස්තර කරල තියෙනව). හරි දැන් එහෙමනම් ඉස්සෙල්ලම Router1 වලට RIPv1 සැකසුම් කරමු.
              Router1 වල RIPv1 සැකසුම් දැන් ඉවරයි. දැන් ඔයාලට ගැටළුවක් ඇති ඇයි Router1 එකේ තියෙන network වල හරි network address එක මෙතනට දාල නැත්තෙ කියල. හරියට මම පහලින් පෙන්නල තියෙනව වගේ.
                                   ඒකටත් හේතුවක් තියෙනව. ඒක තමයි RIPv1  වලදි routing update සමග subnet mask එක advertise නොකරන නිසා (classfull routing protocol වල ලක්ෂණයකි), අපි හරි network address එක දමා Router එකට RIPv1 සැකසුවත් RIPv1 එය advertise කරන්නෙ  classfull network address එකක් විදියටයි. එමනිසා අපිට කෙලින්ම RIPv1 සැකසුම් කරද්දි ලේසියෙන්ම IP address එක අයත් වන class එකේ network address එක Router එකට සැකසුම් කරන්න හැකිවෙනව. ඔයාලට කැමතිනම් subnet mask එකට ගැලපෙන විදියට network address එක Router එකට සැකසුව කියල Router එක තරහ වෙන්නෙ නම් නෑ. එහෙමත් RIPv1 වැඩකරනව.
දැන් අපි උඩින් කතාකරපු දේවල් ටික මතක් කරගෙනම Router2 එකට RIPv1 සැකසුම් කරමු.
                                           හරි දැන් අපි Router දෙකටම RIPv1 සැකසුම් කරල ඉවරයි. දැන් කරපු සැකසුම් Router එකේ ගබඩා කරල  එක් Router එකක ඉදල තවත් Router එකකට data packet හරි ping කරල හරි බලන්න. ඒ වගේම දැන් අපිට පුළුවන් Router වලට කරපු RIPv1 සැකසුම්  නිසා Routing update මගින් Router තමන්ගෙ Routing table එක හදාගෙන තියෙන හැටිත් බලන්න. show ip route කියන command එක තමයි ඒකට පාවිච්චි කරන්නෙ. හරි දැන් අපි බලමු Router1 වල routing table එක.
 දැන් පේනව නේද RIP routing update මගින් Router2 වල තියෙන network වලට අදාලව routes Router1 එකේ හැදිල තියෙන හැටි. ඒ වගේම Router එක විසින්RIP update වලින් ලබාගත්තු route විතරක් show ip route rip කියන command එකෙන් බලාගන්න පුළුවන්. 
Router එක හරහා RIP routing update සිද්ධවෙන හැටි අපිට සජීවීවම debug ip rip කියන command එක හරහා බලාගන්න පුළුවන්.
මතක තියාගන්න මේ විදියට debug තොරතුරු බලද්දි Router එක නොකඩවා (අපි නවත්වන තුරු) update වීම් පෙන්වනව. ඒක නවත්වන්න නම් undebug all කියන command එක බාවිතා කරන්න වෙනව. දැන් බලමු කොහොමද ‍අපි මෙච්චර වෙලාම Router එකට කරපු RIP සැකසුම් පමනක් Router එකෙන් අයින් කරන්නෙ කියල. හරි ලේසියි, no router rip කියන command එක විතරයි ඒකට අපිට ඕන වෙන්නෙ. මේ command එක Router එකට දුන්න ගමන්ම RIP configuration සියල්ලම නැතිවෙලා යනව. හරි දැන් අපි RIPv1 ඇති කරන තැනේ ඉදල නැති කරන තැන වෙනකම්ම කතා කලා. ඒ වැඩේම RIPV2 වලටත් කරලම බලමු.

  • RIPv2 :
                           RIPv2 වලට විතරක් අවේනික වුනු ගතිලක්ෂණ තමයි දැන් බලන්න තියෙන්නෙ. කලින් කතාකරපු RIPv1 වලට වඩා ගොඩක් පහසු විදියට network එක තුල RIPv2 එක යොදාගන්න පුළුවන්. ඒකට හේතු තමයි පහලින් පෙන්නල තියෙන්නෙ.
  1. RIPv2 කියන්නෙ classless routing protocol එකක්. ඒ කියන්නෙ VLSM වලට සහයෝගය දක්වන එහෙමත් නැත්තම් අපිට අවශය විදියට subnet කරපු network Router හරහා එකින් එක සම්බන්ද කරන්න පුළුවන් routing protocol එකක්.  
  2. RIPv2 වලදී routing update අනෙක් Routers වලට යවන්න යොදාගන්නෙ 224.0.0.9 කියන multicast address එකයි.
දැන් තියෙන්නෙ RIPv2 Router එකට සැකසුම් කරන්නයි. ඒකටත් මම පහලින් තියෙන network එක උදාහරණයක් විදියට අරන් තමයි සැකසුම් කරල පෙන්නන්නෙ. කලින් කිව්ව වගේ ඔයාලගෙම network design එකක් අරන් RIPv2 සැකසුම් කරන්න බලන්න. 
                            හරි දැන් මේ network එකේ තියෙන Router වලටත් කලින් ක්‍රියාකාරකමේ කෙරුව වගේම interfaces හා clock rate සැකසුම් ඔයාල හදාගන්න. මෙතනදි මම පෙන්නන්නෙ RIPv2 Router එකට සැකසුම් කරන හැටි විතරයි. පහලින් දාල තියෙන්නෙ RIPv2 සැකසුම් සදහා අවශ්‍ය වෙන command ටික.
Router(config)# router rip
Router(config-router)#version 2 
Router(config-router)#network <network address>
Router(config-router)#no auto-summery
      දැන් බලමු මේ command එකින් එක මොනවද කියල. router rip කියන එකෙන් Router එකට දන්වනව RIP protocol සැකසුම් කරන බව හා version 2 කියන එකෙන් එය RIPv2 බවත් Router එකට දන්වනව. network කියන command එක ගැනනනම් අපි කලිනුත් කතා කලානෙ. හැබැයි මෙතනදිනම් subnet mask එකට ගැලපෙනම network address එක දාන්න වෙනව.මොකද RIPv2 classless routing protocol එකක් හින්ද. ඊලගට තියෙන්නෙ වැදගත්ම command එක. no auto-summery කියන command එක හින්ද තමයි Router එක විසින් network address එක classfull විදියට නොගෙන අදාල subnet mask එකේ විදියට ගන්නෙ. අපි no auto-summery කියන command එක RIPv2 වල බාවිතා කලේ නැත්තම් subnet කරපු network තියෙන Routers එකින් එක සම්බන්ධ කරන්න බැරිවෙනව (ඒකට හේතුව වෙන්නෙ RIPv2 විසින් network address එක classfull විදියට summarize කිරීමයි). ඒ කියන්නෙ නැවතත් අපි RIPv1 ම Router වලට සැකසුම් කලා හා සමාන වෙනව.දැන් Router  වලටකලින් කතාකරපු command යොදාගෙන සැකසුමු කරමු.
*ඉස්සෙල්ලාම Router1 වලට සැකසුම් කරමු...
*Router2 සැකසුම්...
*Router3 සැකසුම්...
RIPv2 වලදිත් අපි RIPv1 වල අන්තිමට කතා කරපු command ටික බාවිතා කරල routing table එක බැලීම, debuging තොරතුරු බැලීම වැනි දේ කරන්න පුළුවන්. උදාහරණයක් විදියට Router1 වල තොරතුරු බලමු.
**show ip route හරහා Router1 වල routing table එක බැලීම
                            මේ විදියටම show ip router rip හරහා routing table එකේ තියෙන RIP route පමණක්ද, debug ip rip කියන command එක හරහා RIPv2 තුල සිද්ධවෙන කටයුතුත් අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම no router rip වලින් කලින් වගේම RIP සැකසුම් නැතිකරල දාන්නත් පුළුවන්. දඅන්නම් RIPv1 හා RIPv2 සැකසුම් Router වලට කරන හැටි අපි ඉගෙන ගෙන ඉවරයි. RIP වලදි කරන්න පුළුවන් තවත් පොඩි සැකසුම් ටිකක් දැන් බලමු. මම කලින් පාඩමේදි RIP routing loop ඇතිවෙන එක වලක්ව ගන්න යොදාගන්න timers වගයක් ගැන කිව්ව මතනයි නේද. අන්න ඒ timers වල පෙරනිමිති අගයන් එහෙමත් නැත්තන් default අගයන් තමයි මම එතන දාල තිබ්බෙ. ඒ අගයන් අපි කැමති විදියට පහත විදියට වෙනස් කරගන්නත් පුළුවන්.


RIP passive interface:
                       RIP වලදී Router එකට තවත් පොඩි සැකසුමක් අපිට කරන්න පුළුවන්. ඒ තමයි RIP passive interface සැකසුම. මොකක්ද මේ passive interface එකෙන් කරන්නෙ, passive අකාරයට සැකසුම් කරපු interface එකකින් Routing updates එම interface එක හා සම්බන්ධ අනිත් Routers වලට යැවීමෙන් වලකිනව. නමුත් ඒ interface එක හරහා අනෙක් Routers වලින් එවන routing update ලබාගැනීමනම් සිදුකරනව. පහත තියෙන විදියට තමයි RIP වලදි Router එකකට passive interface එකක් සකසන්නෙ.
Router එකකට RIP සැකසුම් වලින් පසු  passive-interface default යන command එක ගැසුවොත් එම Router එකේ සියළුම interfaces passive interfaces බවට පත්වෙනව.


දැන්නම් අපි මේ පාඩම හරහා RIP වලදී කතාකලයුතු සියළුම දේ කතාකලා කියලයි මටනම් හිතෙන්නෙ. මට මගඇරුන දෙයක් තියයෙනවනම් ඒ ගැන කියන්න. ඒ වගේම මේ පාඩමට අදාල තවත් ගැටළු තියෙනවනම් අහන්නත් අමතක කරන්න එපා. එහෙන්ම ඊලග පාඩමෙන් තවත් Dynamic Routing protocol එකක් සමග හමුවෙමු.එතෙක් ඔබට 


 ***** ජය ශ්‍රී ******

26 comments:

  1. CCNA ලිපි 18ම කියෙව්වා. පට්ටයි. මමත් CCNA කරන්න ගන්නවා ලබන මාසෙ ඉදන්. එක පාරටම සේරම තෙරුනේ නම් නෑ. බොහොම පින් මේ උදව්වට

    ReplyDelete
  2. @අසංකමුල ඉදලම බලන්න සහෝ. එතකොට අනිවාර්යෙන් තේරෙයි.මොකද මේ පාඩම් එකකට එකක් සම්බන්දයි.තේරුනේ නැතිදෙයක් ති‍බුනොත් අහන්න.දන්න හැටියට කියල දෙන්නම්.

    ReplyDelete
  3. මේ පෝස්ට් ටික දැක්කේ අහම්බෙන්.... ගොඩාක් ස්තූතියි....

    ම්ම්මම්් ඒවගේම පුළුහන්නම් CCNA වලට හොද තැනක් කියනවද...
    බොහෝමත්ම ස්තූතියි....

    ReplyDelete
  4. @෴ හසියා ෴
    මමනම් CCNA කලේ winsys එකෙන්.හැබැයි ගාන අඩුයි දවස් හයයි class තිබුනෙ.දවස් 6ට ගොඩක් දේවල් කලා.networking ගැන දැනුමක් නැතුවනම් දවස් හයේ කෝස් එකට ගිහින් වැඩක් නෑ. වෘතීය පුහුනු අදිකාරියෙන් කරන CCNA කෝස් එකකකුත් තියෙනව.ඒකනම් හැබැයි හොදටම හොදයි කියල තමයි කියන්නෙ http://vtasl-cisco.com/.

    ReplyDelete
  5. බොහෝමත්ම ස්තූතියි සහෝ....
    මං බලන්නම්....

    ReplyDelete
  6. මාත් VTA මම කලේ IT ඊලගට කරන්න CCNA මේක එකේ රු40000 වෙනවා..VTA මේක ගොඩක් හොදයි..ලංකාවේ cisco උගන්වන් අවසර අරන් තියෙන ආයතන 8යි තියෙන්නේ.එකෙන් එකක් තමා VTA.ලංකාවේ ගොඩක් cisco උගන්වනවා කියලා බොරු කරන තැන් ගොඩක් තියෙනවා.https://www.academynetspace.com/index_noflash.php?rId=13&tId=2&go.x=19&go.y=12

    ReplyDelete
  7. "R 122.0.0.0/8 [120/1] via 192.168.10.2, Serial0/0"
    machan mekan kiyawena de mokadda kiyala kiyanna puluwanda mata one

    122.0.0.0/8,192.168.10.2,Serial0/0 moke mokadda kiyala dena ganna

    ReplyDelete
  8. @Anonymous
    "R 122.0.0.0/8 [120/1] via 192.168.10.2, Serial0/0"
    R වලින් කියන්නෙ RIP කියල.
    122.0.0.0/8 වලින් කියන්නෙ අපි දාපු 122.31.0.0./19 කියන network එක RIP වලදි VLSM වලට සහයෝගය නොදක්වන නිසා class A වල Default Subnet mask එකට හරව ගත්තු IP එකයි.
    [120/1] කියන්නෙ 120 RIP වල administrative distance එක.1 කියල තියෙන්නෙ metrix(hop count) එක.
    192.168.10.2, serial 0/0 කියන්නෙ Router 1 වල nexthop එක වන 192.168.10.2 Router1 වල serial 0/0 කියන interface එක හරහා සම්බන්ද වෙනව කියලයි. මම දැන් ඔය උඩින් කියල තියෙන ඒව සේරම එකතු කරල තමයි Router එක පාර හොයාගන්නෙ

    ReplyDelete
  9. @Networkදිසා

    hee heeee gonata wage theruna :lol
    ne ha machao elatama theruna CCNA walata oya show comads walin kiyana dewal godak wadagath wenawa neda...

    ReplyDelete
  10. niyamai hodata therenawa

    ReplyDelete
  11. patta machao patta.... uba nao sirama buwek... digatamna karagena yamu.... jaya sri

    ReplyDelete
  12. clz 1e rip karapu dawase mata clz yanada hambune na machoo....
    onna ubata pin sidda wenda rip yanthan goda dagatha.....

    ube adyapana katauthu thawa thawath sarthaka wenda kiyala onna mama prarthana karanawa....!!!!!!!!!!

    ReplyDelete
  13. aiya kohomada ripv2 waladi router1 , me wage subnet 1kadi( 10.0.0.0/29 ) hariyatama meka aithi subnet1 hoya ganne ??? mokada mekedi api nework1 widiyata denne ( )#network 10.0.0.0 ne . ethakota kohomada meka class C wala 1k kiyala aduna ganne ?? . 10.1.4.0 wage unanam awlak na, ethakota network posion1e network bits 3ma pendama ena hinda. eth 10.0.0.0 waladi pehedili thawayak na ne 2nd & 3rd network posion walatath " 0 " ma ena hinda clz 1 hoya ganada ?? poddak pehedili karanawada ??

    ReplyDelete
  14. @Anonymous
    RIP v2 වලදි අපි "no auto-summary" command එකෙන් අපි සැකසුම් කරන network එක classfull විදියට නොගෙන classless විදියට ගන්නව. අපි යම් network එකක් advertise කරන්නනෙ අපි එම Router එකේ interface එකකට සරකසුම් කල IP address එකකට අනුවයි.
    උදා:-
    #interface serial 0
    #ip address 10.0.0.1 255.255.255.248
    දැන් අපි මේ network එක advertise කරන්නෙ
    #network 10.0.0.0 විදියටයි.
    මෙතනදි Router එක "no auto-summary" command එකත් සමගින් ඊට සම්බන්ධ interface එකේ sunet mask එක refer කරල network එක advertise කරනව.

    ReplyDelete
  15. amaaaaaaruma kotasak kiyala hithan hitapu kotasa gamak nathuwama goda da gaththa.. therenawa supiriytama. thnx bro..... digatama liyamu. godaaaaaaaaaaaaaaaaaaaaaaaak tnx ;)

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. Greatlake ake karala Aagena Ubata Pinsidda vena Great ake karagena Yanava

    ReplyDelete
  18. @Asantha Dilan
    එල එල දිගටම ග්‍රේට් එකේ කරගෙන යමන්

    ReplyDelete
  19. පින් සිද්ද වෙනවා මෙ කරන දෙට..මම ccna ගොඩදාගත්තෙ මෙ post ටික නිසා..ඉපදෙන හෑම ආත්මෙකම ඉගනිමට හොද දක්ශයෙක් වෙන්න කියලා ප්‍රර්තනා කරනවා

    ReplyDelete
  20. @lakshan gunarathna
    ගොඩක් ස්තුතියි සහෝ.
    ඔබගෙත් ඉදිරි වැඩකටයුතු සර්වාප්‍රතාරයෙන්ම සාර්ථකටවන්න පැතුම්...

    ReplyDelete
  21. RIP, EIGRP, OSPF වල තියෙනවනෙ default-information originate කියල/ඒක ගැන ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද

    ReplyDelete
  22. @Anonymous
    පහල ලින්කුවෙන් ගිහින් බලන්න සහෝ.. හොදින් පැහැදිලි කරල තියෙනව
    http://www.freeccnaworkbook.com/workbooks/ccna/configuring-rip-default-information-originate

    ReplyDelete
  23. Ayye me blog eka new syllabus ekata anuw update ekak dunnot watinawa mokada api dane ccna karanne

    ReplyDelete

වැරදි දෙයක් ලියල තියෙනවනම් පෙන්නල දෙන්න, හරි දෙයක් හරියටම ගත්තනම් හිතුන දෙයක් ලියල යන්න....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...