CCNA දහ නවවන පාඩම Routing vi (Interior Gateway Routing Protocol)
මේ පාඩමෙන් අපිට කතාකරන්න තියෙන්නෙ කලින් Routing පාඩම් වලදි කතා කරපු Dynamic routing protocol වර්ගීකරණයේ තියෙන Distance vector Routing protocol කොටසට අයත් classfull routing protocol එකක් වෙන IGRP (Interior Gatewar Routing Protocol) එක ගැනයි. මේ පාඩම බලන්න කලින් පහතින් තියෙන සබැදියන්ගෙන් ගිහින් පහුගිය පාඩම් ටිකනම් බලන්නම වෙනව.නැත්තම් මේ පාඩම විතරක් බැලුවට CCNA කරන්න ඉන්න අළුත් එක්කෙනෙකුටනම් මොකුත්ම තේරෙන්නෙ නැතිවෙයි.
IGRP ගැන කතාකරද්දි මුලින්ම කියන්න ඕන දේ තමයි මේ routing protocol එකට Distance vector routing protocol ලක්ෂණත් classfull routing protocol ලක්ෂණත් පෙරන්මිතියෙන්ම අඩංගු වෙනව. ඒ හින්දයි මුලින්ම කිව්වෙ පසුගිය පාඩම් ටික බලලම මේ පාඩමට එන්න කියල. IGRP එක ගැන කෙටියෙන් කිව්වොත්, උඩින් සදහන් කරපු ලක්ෂණ හින්ද routing loop ඇතිවීම IGRP වලදි දකින්න පුළුවන්. ඒ වගේම routing loop ඇතිවීම වලක්ව ගන්න යොදාගන්න ක්‍රමවේදයනුත් IGRP වලදි කලින් පාඩම් වලදි කතා කෙරුව වගේම යොදාගන්නව. තව දෙයක් තියෙනව IGRP ගැන කියන්න, ඒ තමයි IGRP එක cisco ලටම අයිති protocol එකක්. ඒක හින්ද අපිට IGRP වලට කියන්න පුළුවන් cisco proprietary protocol එකක් කියලත්. එහෙන්ම දැන් බලමු IGRP වල ලක්ෂණ මොනවද කියල. මේ පාඩමේදි කලින් Routing පාඩම් වලදි කතාකරපු routing protocol වල ලක්ෂණත් තියෙන හින්ද ගොඩක් විස්තරත් ඇතුව ඒ ලක්ෂණ පැහැදිලි කරන්නෙ නෑ. කෙටියෙන තමයි ඒ ගැන පැහැදිලි කරල තියෙන්නෙ. හරි මෙන්න මෙව්ව තමයි IGRP වල ගතිලක්ෂණ.
- IGRP එකත් classfull Routing protocol එකක් හින්ද සම්පූර්ණ routing table එකම සෑම තත්පර 90 කට වරක් අනෙක් Routers වලට routing update විදියට යවනව.
- IGRP වල Administrative distance එක වෙන්නෙ 100.
- Network එකක් තුල hops 100 දක්වා පමනයි IGRP පෙරනිමිතියෙන් සහයෝගය දක්වන්නෙ. හැබැයි අපිට පොඩි command එකක් පාවිච්චි කරල උපරිම hops 255 දක්වා ඒක වැඩි කරගන්න පුළුවන්, ඒ කියන්නෙ IGRP උපරිම hops 255 දක්වා සහයෝගය දක්වනව කියලයි.
- IGRP වල metric එක (අනෙක් network වෙත ලගාවෙන්න හොදම මාර්ගය තෝරාගන්නා ක්‍රමය) වෙන්නෙ ප්‍රධාන වශයෙන් distance එකයි. මේ distance එක ගණනය කරන්න bandwidth එක හා delay of the line කියන දේවල් බාවිතා කරනව. ඊට අමතරව reliability,load සහ MTU කියන ඒවත් metric එක ගණනය කරන්න යොදාගන්නව.
IGRP වල අනිත් ලක්ෂණ බලන්න කලින් කොහොමද මේ metric එක ගණනය කරන්නෙ කියල පොඩ්ඩක් හොයල බලමු. මෙතනදි කියන්න දෙයක් තියෙනව, ඒ තමයි IGRP වලදි metric එක ගණනය කරන විදිය ටිකක් විතර සංකීර්ණ එකක්. ඒක හින්ද මම පහලින් පෙන්නල තියෙන්නෙ සරල විදියට IGRP මගින් bandwidth එක යොදාගෙන අනෙක් network වලට ලගාවෙන්න පුළුවන් හොදම මාර්ගය එහෙමත් නැත්තම් best path එක හොයාගන්න විදියයි. අනික Router එක ස්වයංක්‍රීයවම මේ සේරම ගණනය කිරීම් කර ගන්නවනම් අපි මොකටද ඕක හොයන්න ඔච්චරම මහන්සි වෙන්නෙ නේද. හරි දැන් පහලින් තියෙන රූප සටහන දිහා පොඩ්ඩක් බලමු....
කලින් කියපු විදියට IGRP වලදි bandwidth එක යොදාගෙන metric එක ගණනය කරන හැටි සරලව මේ උදාහරණයෙන් බලමු. Router 1 වල network1 එකේ තියෙන පරිගණයකට ඕන Router3 එකේ network2 වල තියෙන පරිගණකයකට data packet යවන්න. දැන් Router1 එකට network2 වෙත යන්න උඩින් තියෙන රූපෙ විදියටනම් මාර්ගයන් 3ක් තියෙනව.
1. Router1 ----> Router2 ----> Router3
128kbps + 128 kbps = 256 kbps
2. Router1 ----> Router3
64kbps = 64kbps
3. Router1 ----> Router5 ----> Router4 ----> Router3
256kbps + 256kbps + 256kbps = 768kbps
හරි ඔය උඩින් පෙන්නල තියෙන්නෙ ඒ මාර්ගයන් 3න හා මාර්ගයන් වල bandwidth වල එකතුවත් එක්කයි. දැන් IGRP බලනව මොකද්ද වැඩියෙන්ම bandwidth තියෙන මාර්ගය කියල.ඊට පස්සෙ තමයි අනිත් අතුරු කාරණා ටිකත් බලල IGRP තීරණය කරන්නෙ මොකක්ද හොදම මාර්ගය network 1 වල ඉදල network2 වලට යන්න. අපේ උදාහරණය විදියටනම් හොදම මාර්ගය වෙන්නෙ තුන්වෙනි මාර්ගයයි, මොකද එකෙ තමයි වැඩිම bandwidth එකක් තියෙන්නෙ. IGRP වලදි metric එක ගණනය කරන්නෙ highest bandwidth and lowest delay වල එකතුවෙන් කියල සරලව මතක තියාගන්න.ඔයාලට හරියටම IGRP වලදි metric එක ගණනය කරන හැටි CISCO මාමලාගෙන්ම අහගන්න පුළුවන් පහල තියෙන සබැදියෙන් ගිහින්.
http://www.cisco.com/en/US/tech/tk365/technologies_tech_note09186a008009405c.shtml#findingmetric
http://www.cisco.com/en/US/docs/ios/12_0/np1/command/reference/1rigrp.html
දැන් අපි බලමු මගින් නවත්වපු IGRP වල තියෙන අනිත් ලක්ෂණ මොනවද කියල..
කලින් කියපු විදියට IGRP වලදි bandwidth එක යොදාගෙන metric එක ගණනය කරන හැටි සරලව මේ උදාහරණයෙන් බලමු. Router 1 වල network1 එකේ තියෙන පරිගණයකට ඕන Router3 එකේ network2 වල තියෙන පරිගණකයකට data packet යවන්න. දැන් Router1 එකට network2 වෙත යන්න උඩින් තියෙන රූපෙ විදියටනම් මාර්ගයන් 3ක් තියෙනව.
1. Router1 ----> Router2 ----> Router3
128kbps + 128 kbps = 256 kbps
2. Router1 ----> Router3
64kbps = 64kbps
3. Router1 ----> Router5 ----> Router4 ----> Router3
256kbps + 256kbps + 256kbps = 768kbps
හරි ඔය උඩින් පෙන්නල තියෙන්නෙ ඒ මාර්ගයන් 3න හා මාර්ගයන් වල bandwidth වල එකතුවත් එක්කයි. දැන් IGRP බලනව මොකද්ද වැඩියෙන්ම bandwidth තියෙන මාර්ගය කියල.ඊට පස්සෙ තමයි අනිත් අතුරු කාරණා ටිකත් බලල IGRP තීරණය කරන්නෙ මොකක්ද හොදම මාර්ගය network 1 වල ඉදල network2 වලට යන්න. අපේ උදාහරණය විදියටනම් හොදම මාර්ගය වෙන්නෙ තුන්වෙනි මාර්ගයයි, මොකද එකෙ තමයි වැඩිම bandwidth එකක් තියෙන්නෙ. IGRP වලදි metric එක ගණනය කරන්නෙ highest bandwidth and lowest delay වල එකතුවෙන් කියල සරලව මතක තියාගන්න.ඔයාලට හරියටම IGRP වලදි metric එක ගණනය කරන හැටි CISCO මාමලාගෙන්ම අහගන්න පුළුවන් පහල තියෙන සබැදියෙන් ගිහින්.
http://www.cisco.com/en/US/tech/tk365/technologies_tech_note09186a008009405c.shtml#findingmetric
http://www.cisco.com/en/US/docs/ios/12_0/np1/command/reference/1rigrp.html
දැන් අපි බලමු මගින් නවත්වපු IGRP වල තියෙන අනිත් ලක්ෂණ මොනවද කියල..
- IGRP සැකසුම් කරපු Routers 255.255.255.255 කියන broadcast address එක තමයි routing update අනිත් Routers වලට යවන්න උපයෝගි කරගන්නෙ.
- කලින් පාඩම් වලදි RIP යටතෙ අපි කතා කෙරුව timers හතරක් ගැන. අන්න ඒ timers ඒ විදියටම IGRP වලදිත් බාවිතා වෙනව. හැබැයි පොඩි වෙනස්කමකුත් එක්ක. ඒ තමයි IGRP timers වල කාලයේ පවතින වෙනස.ඒ කිව්වේ IGRP timers RIP timers වලට වඩා වැඩි කාලයකින් යුක්ත වීමයි (timers ගැන කලින් පාඩම් වලදි විස්තරත් එක්කම කතාකරල තියෙනව). පහතින් තියෙන්නෙ IGRP වල පෙරනිමිතියෙන්ම සැකසිල තියෙන timers වල අගයනුයි.
- Update timer - තත්පර 90
- Invalid timer - තත්පර 270
- Hold - down timer - තත්පර 280
- Flush timer - තත්පර 630
- IGRP සැකසුම් කරපු Router අතර routing update හුවමාරු වෙන්නෙ එකම Autonomous system number එකකින් එම Routers වලට IGRP සැකසුම් කරල තිබුනොත් විතරයි. ඒ කිව්වේ Autonomous system number එක අසමාන විදියට network එකේ Router වලට සැකසුම් කරල තියෙනවනම් ඒ Routers අතර routing update හුවමාරු වෙන්නේ නෑ. කියපු දේ තේරුනේ නැතත් අවුලක් නෑ. මේ ඇටේ නම්බරේ මොකක්ද කියල ක්‍රියාකාරකම් කරද්දි ඔයාලට හොදටම තේරෙයි.
Router(config)# router igrp < autonomous system number >
Router(config-route)#network <network address>
ඔය command තමයි IGRP සැකසුම් කරන්න බාවිතා කරන්නෙ. පළවෙනි command එකේ තියෙන autonomous system number කියන තැනට 0 -65536 අතර කැමති ඉලක්කමක් දාන්න පුළුවන්. වැදගත්ම දේ තමයි ඒ ඉලක්කමම තමයි network එකේ IGRP සැකසුම් කරන අනිත් හැම Router එකකටමත් දැමිය යුතු වීම. එහෙම දැම්මෙ නැත්තන් වෙන වැඩේ මම කලින්ම කිව්වනේ. එහෙනම් දැන් තියෙන්නෙ ක්‍රියාකාරකම කරල බලන්න..
තව පොඩි IGRP සැකසුමක් ඉතුරුවෙලා තියෙනව කතා කරන්න, ඒ තමයි පාඩම මුලදි කියපු IGRP පෙරනිමිතියෙන් hops 100 දක්වා විතරයි සහයෝගය දක්වන්නෙ හා පොඩි සැකසුමකින් ඒක උපරිම hops 255 දක්වා සහයෝගය දක්වන විදියට සකසන්න පුළුවන් කියල කියපු කතාව. ඒක කරන්නෙ මෙහෙමයි..
මේ ක්‍රියාකාරකමේදිත් කලින් පාඩම් වලදි කලා වගේම ඔයාලට කැමති IP address දාල Router වලට මුලික සැකසුම් කරගන්න. ඒ කිව්වෙ interface සැකසුම්, serial interface වලට cock rate set කිරිම වාග් දේවල්. හැබැයි IGRP කියන්නෙ classfull routing protocol එකක් හින්ද ක්‍රියාකාරකමට IP address දාද්දි ඒක ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න (කලින් පාඩම් වලදි මේ ගැන කතා කරල තියෙනව).හරි දැන් අපි උඩ තියෙන ක්‍රියාකාරකමට අදාල Routers වලට IGRP සැකසුම් කරමු.
Router1 සදහා IGRP සැකසුම්.
Router2 සදහා IGRP සැකසුම්.
Router3 සදහා IGRP සැකසුම්.
දැන් ක්‍රියාකාරකමේ තියෙන Router සේරටම IGRP සැකසුම් කරල ඉවරයි. එක Router එකක ඉදල අනිත් Router වල network වලට data packet යවල හරි ping කරල හරි බලන්නෙ අපි කරපු IGRP සැකසුම් හරිද කියල.තව පොඩි IGRP සැකසුමක් ඉතුරුවෙලා තියෙනව කතා කරන්න, ඒ තමයි පාඩම මුලදි කියපු IGRP පෙරනිමිතියෙන් hops 100 දක්වා විතරයි සහයෝගය දක්වන්නෙ හා පොඩි සැකසුමකින් ඒක උපරිම hops 255 දක්වා සහයෝගය දක්වන විදියට සකසන්න පුළුවන් කියල කියපු කතාව. ඒක කරන්නෙ මෙහෙමයි..
මේ පොඩි command එකෙන් පස්සෙ IGRP සැකසුම් කරපු Router එක උපරිම hops 255 දක්වා සහයෝගය දක්වනව. දැන් බලමු IGRP සැකසුම් වල තොරතුරු බලාගන්න පුළුවන් command ටිකක්.
**IGRP route විතරක් routing table එකෙන් බලා ගැනීම.
Router1#show ip route igrp
**IGRP debugging (routing update සිදුවන ආකාරය) තොරතුරු බැලීම.
Router1#debug ip igrp transaction
Router1#debug ip igrp events
දැන්නම් IGRP සැකසුම් සේරම කතා කරල ඉවරයි. ඉවර නෑ තව එකක් ඉතුරුවෙලා තියනව කතා කරන්න.ඒ තමයි IGRP සැකසුම් Router එකෙන් ඉවත් කරන විදිය.ඒක කරන්නෙ මෙහෙමයි..
Router1(config)#no router igrp 10 (මතක ඇතුව command එකේ අවසානෙට IGRP සැකසුම් කරද්දි දාපු ඇටේ නම්බරේම දාන්න)
දැන්නම් IGRP ගැන කතාකරල ඉවරයි. තව අපිට තියෙන්නෙ OSPF හා EIGRP කියන routing protocol දෙක ගැන කතාකරන්න විතරයි. එතකොට CCNA routing පාඩම් ටික ඉවර වෙනව. ඊට පස්සෙ ACL එහෙමත් නැත්තම් access control list ගැන අපි කතා කරමු.තවත් අළුත් පාඩමකින් හම්බවෙනකන් කට්ටියටම..
***** ජය ශ්‍රී *****
Ela Machan............
ReplyDeletewedee niyamai
mama meeka copy karagannada...?
@Anonymouscopy කරගනින් මචෝ මගෙන් අවුලක් නෑ.මේවත් FOSS වගේ තමයි.
ReplyDeleteමාත් හිටගෙන කොප්පක් ගහගත්තා . දැනට නම් මට මේක තේරුම් ගන්ඩ බෑ අමාරුයි ඉදිරියේදී මම නෙට්වර්කින් පාරක් ඉගනගන්න හිතාන ඉන්නවා එතකොට වත් මට මෙවුවා ඕන වෙයි නේ
ReplyDelete@හිස් අහසඑල එල ඉදිරියේදිත් අපෙන් ෆුල් සැපෝට් උබේ නෙටිවර්කින් පාරට....
ReplyDeleteදිසා පං මල්ලි
ReplyDelete@Buddhika Karunanayaka (itbuddhika)හුග කාලෙකින් මේ පැත්තෙ නේද? මොකද්ද මේ පං කතාව.....
ReplyDeleteයහළුවා ඔයා කරන්නේ ලොකු සේවයක් මමත් නෙට්වොර්ක් කොස් එක්කක් කොරා එක කරේ එන්ග්රිසි වලින් මට සමහර තැන් තේරුණේ නැහැ මට පෙන්න හොද තැනක් මට එගේනගන්න හම්බුනා වගේ දිගටම යමු අය්යා මේ බ්ලොග් එක නවතා දමන්න නම් එපා...
ReplyDeleteGOOD LUCK...
@දමිත් සමීර එදිරිසිංහඅනිව මචෝ නවත්තන්නෙනන් නෑ.දිගටම ලියනව, වෙලාවක් තියෙන හැටියට.ගොඩක් ස්තුතියි කොමෙන්ටුවට
ReplyDeleteසුපිරි වැඩක මචෝ ,අනේ මචෝ EIGRP ගැනත් ඉක්මනට එකක් දාන්නකෝ,(මචෝ පුළුවන් නම් ප්‍රශ්න ටිකකුත් දැම්මොත් සැහෙන්න වටිනවා ..!!) GOOD LUCK :))
ReplyDeletekeep it up!!!!!!!!!
ReplyDeletemachn router 2 walata 192.168.10.0 kiyana network ip aka igrp danne nette ai?
ReplyDelete@Umesh Chathushka Vithanage
ReplyDeleteගොඩක් සුතුතියි සහෝ වැරුද්දක් පෙන්නල දුන්නට.අනිවා එතෙන්ට සහෝ කියපු network එක දාන්න ඕනෙ.නැත්තං හරියට Routing info exchange වෙන්නෙ නෑනෙ.ආයෙත් පොඩක් සුතුතියි වැරැද්ද පෙන්නල දුන්නට.මම නිවරදි කරන්නම්.
ඔව් උමේෂ්ට වැරදි පෙන්නල දේනන ඔ්නෙ..නැත්නම් ආයෙ ආයෙ කරනව..ගිහින් එන්නම්..
Deletehafooiii madei kola mage pakert tracere IGRP na lu :(
ReplyDelete5.1 walin uda vertion wala IGRP enne nalu :(
Router(config)#router ?
bgp Border Gateway Protocol (BGP)
eigrp Enhanced Interior Gateway Routing Protocol (EIGRP)
ospf Open Shortest Path First (OSPF)
rip Routing Information Protocol (RIP)
@Anonymous
ReplyDeleteඑහෙනම් GNS3 පාවිච්චි කරන්න.ඒකට 5.1 කලින් ආපු IOS එකක් load කරගන්න වෙයි.හැබැයි මචෝ මටත් sure නෑ ඒකෙ තියෙන සමහර images support කරනවද කියල.ඕක ප්‍රාෙයා්ගිකව කලේ නැති උනා කියලනම් එච්චර අවුලක් නෑ සහෝ...
sahoo mata poddak kiyanawada IGRP thiyana pakert tracer vertion1kl
ReplyDeleteGNS3 use karala beluwa sahoo but aka paw denda gatha config karan yanakota parana IOS hindada manada routers strac wenawane :(
ReplyDelete@AnonymousGNS 3 සමහර පරණ IOS වලට support කරන්නෙ නෑ සහෝ...
ReplyDeleteකෙලින්ම EIGRP වලටම බැහින්න ගොඩක් ලොකු වෙස්කමක් නෑ config කරද්දි.
thanks machan...
ReplyDeleteehema karana1 thamai den karanada wenne :D
@Networkදිසා
Machan show command wala thiyana show ip route rip
ReplyDeletekiyana thana harida akata anna ona show ip route igrp nawada maka poddak baluwath hodai machoo
@Anonymous
ReplyDeleteඅනිව සහෝගග
show ip route rip නෙමෙයි show ip route igrp කියල තමයි එන්න ඕනෙ.
ගොඩක් ස්තුතියි වැරැද්ද පෙන්නල දුන්නට.
මම නිවරදි කරන්නම්
patta loku help ekak
ReplyDeleteIGRP is no longer available in CISCO IOS. Please note it in your Post :)
ReplyDeleteThanks for this fantastic Blog!