24 August 2011

CCNA පහලොස්වන පාඩම Routing ii Dynamic Routing

CCNA පහලොස්වන පාඩම Routing ii Dynamic Routing
                                      
                                        අපිට මේ පාඩමෙන් කතාකරන්න තියෙන්නෙ Default routing උනත් ඒ ගැන Routing අන්තිම පාඩමෙන් කතා කරමු. මේ පාඩමෙන් බලන්නේ Dynamic routing වර්ග හා ඒ එක් එක් Dynamic routing වලට අයත්වන Routing protocol මොනවද කියලයි. මේ පාඩමේදි කලින් පාඩමේ සදහන් කරපු destination network, nexthop වැනි පද ගැන පැහැදිලි කිරීමක් කරන්නෙ නහැ. හරි ඉස්සෙල්ලාම බලමු අපිට දක්නට ලැබෙන Dynamic routing වර්ග මොකවද කියල.


                මම උඩින් පෙන්නල තියෙන රූපෙ කොළ පාට ඊතල වලින් දක්වල තියෙන්නෙ එක් එක් Dynamic Routing වර්ග වලට අදාල CCNA සදහා අවශ්‍ය වෙන Dyanamic routing protocol කිහිපයකුයි. ඇයි මේ Dynamic routing ඕන වෙන්නෙ static routing තියෙද්දි කියන හේතුව දැන් හොයල බලමු. මතකද අපි කතාකලා static routing වලදි සේරම network information හැම Router එකකටම manually command මගින් ඇතුලත් කරන්න ඕන කියල, සහ විශාල network සදහා යොදාගැනීමේදී තියෙන අපහසුතාවයන් පිළිබදව. අන්න ඒ ගැටළු හා අපහසුතාවයන් මගහරවන්න තමයි අපි Dynamic routing පාවිච්චි කරන්නෙ.
                                        Dynamic routing ආවෙ static routing වල  කලින් කියපු දුර්වලතා මගහරවන්න උනත් Dynamic routing වලත් දුර්වලතා නැතුවමත් නෙමෙයි. Dynamic routing වල තියෙන ප්‍රධානම වාසිය තමයි, වේගත්ව (dynamically) Remote network (කලින් පාඩමේ destination network කියල කිව්වෙත් මේවටම තමයි) සොයාබලා ඒ සදහා අවශ්‍ය routes (මාර්ගයන්) ස්වයංක්‍රීයවම routing table එකට ඇතුලත් කර ගැනීම. ඒ කියන්නෙ Router සැකසුම් සදහා අපගේ දායකත්වය ඉතා සුළු ප්‍රමාණයක් පමනයි Dynamic routing බාවිතා කරද්දි අපි Router එකට ලබා දිය යුත්තෙ. කලින් කියපු විදියට Routers තමන්ගෙ routing table හදාගන්නෙ එයාල තම තමන්ගෙ routing table network එකේ තියෙන අනිත් Routers සමග බෙදාගන්න (share) හින්දයි. මෙහෙම බෙදාගනිද්දි Routers බලනව තමන්ගෙ routing table එකේ නැති අනෙක් Routers වලින් ලැබුනු routing table වල ඇති routes මොනවද කියල. එහෙම route එකක් තියෙනවනම් ඒ route එක තමන්ගෙ routing table එකට දාගැනීමෙන් තමයි මේ ක්‍රියාවලිය ස්වයංක්‍රීයවම සිද්ධ වෙන්නෙ. ඔන්න ඕකටම තමයි කියන්නෙ Router බෙදාගෙන කෑම කියල.
                                    මෙහෙම Router වල බෙදාගෙන කන වැඩේ නිතරම සිද්ධ වෙන හින්ද Router එකේ තව වැඩක් වෙනව. ඒව තමයි Dynamic routing වල තියෙන ප්‍රධානම අවාසිත් වෙන්නෙ. Router වලට සැකසුම් කරල තියෙන Dynamic routing protocol හරහා මේ ක්‍රියාවලිය සිද්ධ වෙද්දි Router එකේ CPU/RAM භාවිතය වැඩිවෙනව. ඒ තියන්නෙ Router එකේ performance අඩුවෙනව කියන එකයි. ඒ වගේම routing table එහෙමත් නැත්තම් routing updates  හැමතිස්සෙම network එක හරහා හුවමාරුවෙන හින්ද network bandwidth එකටත් ඒක යම්කිසි බලපෑමක් ඇති කරනව. එතකොට ඉහතින් සදහන් කරපු කරුනු දෙක නිසා Router එක හරහා  data packet  හුවමාරුවීමේ වේගය අඩු වෙන්න පුළුවන්.

අපි උඩින්ම කතාකරපු Dynamic routing වර්ග වල තියෙන routing protocol පහත විදියට අයෙමත් කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්.
මොනවද මේ Classfull routing protocol හා Classless routing protocol කියන්නෙ කියල දැන් අපි බලමු.

**Classfull Routing Protocol:
                                          CCNA පාඩම් මාලාවෙ ක්‍රියාකාරකම් කොටසින් IP address හා subnetting ගැන හොද අවබෝදයක් ලබාගෙන ඇති කියල මම හිතනව. ඒ ගැන හොද අවබෝදයක් නැතුව classfull routing protocol ගැන හොද අවබෝදයක් ලබාගන්න ටිකක් අමාරුයි කියලයි මටනම් හිතෙන්නෙ. මොකද මේ  classfull routing protocol ගැන කතා කරද්දි subnetting කියන කොටස තමයි ගොඩක් වැදගත් වෙන්නෙ. classfull routing protocol subnetting කරපු network වලට සහයෝගය නොදැක්වීම තමයි ඒකට හේතුව.classfull කියද්දිම ඔයාලට මතක්වෙන්න ඕන පහලින් දාල තියෙන subnet mask ටික.

class A:  255.0.0.0   [/8]
class B:  255.255.0.0 [/16]
class C:  255.255.255.0 [/24]

                දන්නවනෙ subnetting කිරීමෙන් IP address කාර්යක්ෂමව යොදාගෙන අපිට network නිර්මාණය කරන්න පුළුවන් කියල. ඉතින් ඔය කලින් කියපු විදියට network නිර්මාණය කිරීමටම අපි තවත් නමක් කියනව. ඒ තමයි VLSM, මේ නම හැදිල තියෙන්නෙ Variable Length Subnet Mask කියන වචන වල එකතුවෙනුයි. බලන්න ඒ වචන වලම තියෙනව නේද අපි subnetting වලින් කරන දේම. subnetting කියන්නෙත් වෙනස් වෙනස් පරාසයන්ගෙ subnetmask යොදාගෙන අපට අවශ්‍ය ප්‍රමාණයට IP address network එක තුල බාවිතා කරමින් කාර්යක්ෂම, ආරක්ෂාකාරී network සෑදීමනෙ. subnetting කියන්නෙත් VLSM නම් classfull routing protocol VLSM සදහාත් සහයෝගය දක්වන්නෙ නෑ කියල ඕනම ගොනෙකුට හිතාගන්න පුළුවන් :)
                                                     දැන් බලමු මොකද classfull routing protocol සහයෝගය දක්වන්නැත්තෙ subnetting කරපු network වලට, එහෙමත් නැත්තම් VLSM වලට. ඒකට හේතුවෙන දුර්වලතාවයන් තුනක් classfull routing protocol වල දකින්න පුළුවන්.


**** 1 
classfull Routing protocol සැකසුම් කරපු Routers ඒ සැකසුම්ම තියෙන අනෙක් Routers සමග routing updates බෙදාගනිද්දි subnet mask එක එම routing updates වල අඩංගු නොවීම පළවෙනි දුර්වලතාවය විදියට අපිට සලකන්න පුළුවන්. subnet mask එක routing update වල නැතිවීම නිසා අනෙක් Routers වලට remote network වල නිවරදි තොරතුරු ලබාගන්න බැරි වෙනව. subnetting කරපු network address එකක සියළු තොරතුරු subnet mask එකෙයි අඩංගු වෙලා තියෙන්නෙ. පහත උදාහරණය බලන්න
උදා:
192.168.10.16 
මේ විදියට network address එකක් විතරක් තියෙද්දි මේක අඩංගු network එක ගැන මොකුත්ම කියන්න බෑ නේද?


192.168.10.16/29  [255.255.255.248]
දැන් බලන්න පහත විස්තර සේරම subnet mask එක උපයෝගී කරගෙන කියන්න පුළුවන්.
Network address      :  192.168.10.16
Subnets (networks)  :  32
Hosts (computers)    :  6
Broadcast address    :  192.168.10.23
මෙන්න මේ හේතුව නිසා classfull routing protocol VLSM සදහා සහයෝගය දක්වන්නෙ නැහැ.


**** 2
Classfull routing protocol  බාවිතා කරන Routers වල directly connected interface වලට සම්බන්ධ සෑම network එකක්ම එකම major network එකකට අයත්නම් ඒ සෑම network එකකටම directly connected interface එකට assign කරල තියෙන IP address එකේ subnet mask එක assign කරගන්නව. කියපු දේ දිග වැඩිනම්, තේරුනේ නැත්නම් පල්ලැහැ රූපෙ දිහා බලන්න.


                                                  කලින් කියපු විදියට Router B එක අපි උදාහරණයට ගමු. ඒකෙ S0 හා S1 කියල directly connected interface දෙකක් තියෙනව. S0 interface එකට අයත් network තමයි දම් පාටින් පෙන්නල තියෙන්නෙ. එතකොට එම network දෙකට අයත් network address වෙන්නෙ
10.3.0.0       
10.1.0.0
ඒ වගේම මේ network දෙකම එක major network එකකට අයත් වෙනව. එහෙම කියන්න හේතුව තමයි 10 ය class A IP address range එකට අයත් වීම (255.0.0.0). එතකොට මේ network දෙකේ major network එක වෙන්නෙ 10.0.0.0, මෙන්න මේ වගේ අවස්ථාවක තමයි directly connected interface එකේ subnet mask එක ඊට සම්බන්ධ සෑම network එකකටම assign කරගෙන routing table එකට දාගන්නෙ. (S1 interface එකත් මේ ආකාරයෙන්ම ක්‍රියාකරනව)
major network එකක් කියන්නෙ මොකද්ද කියල තේරුනේ නැත්තම් පහල තියෙන උදාහරණ ටික බලපුවාම ඒක තේරෙයි.

•  10.8.1.0 and 10.40.5.0 belong to the same major network          (10.0.0.0
•  10.1.4.5 and 11.1.4.4 do not belong to the same major network    (එයට හේතුව 10.1.4.5 හි major network එක වන්නේ 10.0.0.0 හා 11.1.4.4 හි major network එක වන්නේ 11.0.0.0 බැවිනි) 
192.168.1.1 and 192.168.1.254 belong to the same major network (192.168.1.0 
•  192.168.1.5 and 192.167.2.5 do not belong to the same major 
network. (එයට හේතුව 192.168.1.5 හි major network එක වන්නේ  192.168.1.0 හා 192.167.2.5 හි major network එක වන්නේ 192.167.2.0 බැවිනි) 



****3
Classfull routing protocol විසින් VLSM සදහා සහයෝගය නොදැක්වීමට හේතුවෙන තුන්වන කාරනය තමයි දැන් කතාකරන්න යන්නෙ. ඒ තමයි අපි කලින් කතාකරපු විදියට directly connected interface වලට සම්බන්ධ network same major network එකකට අයත් නැත්තම් කෙලින්ම එම network සදහා classfull subnetmask එක Router එක විසින් assign කරගන්නව. එතකොට වෙන්නෙත් subnet කරපු network මෙ‍ම Routers සදහා බාවිතා කරන්න නොහැකි වීමයි.


                                  classfull routing protocol VLSM සදහා සහයෝගය නොදක්වන්න හේතුවෙන කාරනා තුනම අපි දැන් කතාකරල ඉවරයි. ඒත් දැන් මම කියන්න යන්නෙ classfull routing protocol වෙනස්ම විදියකට යොදාගන්න පුළුවන් විදියක් ගැනයි. මේ ක්‍රමය හරහා VLSM එහෙමත් subnetting  කරපු network යම් සීමාවක් යටතේ classfull routing protocol සමග යොදාගන්න පුළුවන්. මෙන්න මේකයි ඒ සීමාව. සියළුම Routers වලට සැකසුම් කරල තියෙන subnet (network) එකම subnet mask එකේ හා එක ලග පිහිටි (contiguous) network නම් එවනි network  classfull routing protocol හරහා එකින් එක සම්බන්ධ කරන්න පුළුවන්. උදාහරණයකින් කියනවනම් මෙහෙමයි.
බලන්න පිංතූරෙ තියෙන network address දිහා. ඒවා subnet mask එක අනුව එක ලග පිහිටි network නිසා classfull routing protocol බාවිතයෙන් එකිනෙක සම්බන්ද කරන්න පුළුවන්. 
                            මෙන්න මේ ටිකත් classfull routing protocol ගැන තියද්දි කතා කරන්නම ඕන. ඒ තමයි classfull IP address network සදහා භාවිතයෙන් විශාල IP address ප්‍රමාණයක් අපතේ යනව (ඒ සදහා පිළියමක් තමයි subnetting කියන්නෙ), ඒ වගේම classfull routing protocol දැන් ලෝකයේ router configuration සදහා යොදාගන්නෙ නැති තරම්.එයට හේතුව තමයි අපි මෙච්චරවෙලා කතාකරපු VLSM සදහා සහය නොදැක්වීම. CCNA පාඩම් මාලාවෙදි classfull routing protocol විදියට RIPv1, IGRP යන dynamic routing protocol ගැන වැඩි විස්තර අපි ඉදිරියේදී කතාකරමු.


**Classless Routing Protocol:
                                       classfull routing protocol වල තිබුනු සේරම දුර්වලතා මගහරවන්න තමයි classless routing protocol බාවිතයට ආවෙ. ඒ අනුව classless routing protocol බාවිතයෙන් VLSM (subnetting කල network) ආකාරයෙන් network සැකසුම් කර ඇති Routers එකින් එක සම්බන්ද කරන්න පුළුවන්. දැන් තේරෙනවනෙ මේ නොකියා කියන්නේ classless routing protocol VLSM සදහා සහයෝගය දක්වනව කියලයි. එය‍ට ප්‍රධානම හේතුව තමයි classless routing protocol Routing updates සමග subnet mask එකත් network එකේ ඇති අනෙක් Routers සමග බෙදාගැනීම. classless routing protocol යටතේ RIPv2,OSPF,EIGRP  යන dynamic routing protocol ගැන ඉදිරියේදී කතා කරමු.


Dynamic routing protocol Router සදහා සැකසුම් කරන ආකාරය සවිස්තරව ඉදිරි පාඩම් වලදී බලමු. එතෙක් ඔබට....


*****ජය ශ්‍රී*****


13 comments:

  1. යකඩෝ.. මේක පට්ට බ්ලොග් එකක්නේ. කොහෙද බං උඹ මෙච්චර කල හිටියේ. ඔන්න අපිත් එනවා නෙට්වර්ක් ඉගෙනගන්න. එකෙන්ම ලියල දාපං. නැත්තං ඉතිං මිණී 3 පෙට්ටි 2. අයෙ ඉතිං පිස්සුවක් ඇතෑ.

    ජය වේවා

    ReplyDelete
  2. @රජිත්
    මයෙ අම්මා... මිනී පෙට්ටි ගැනනම් තාම කතා එපා.තව කොච්චර වැඩ තියෙනවද යකෝ මට.ගොඩක් ස්තුතියි මේ පැත්තෙ ඇවිත් කොමෙන්ටුවක් දැම්මට සහෝ....

    ReplyDelete
  3. උඹ කෝමද බං මෙවුවා ලියන්නේ ? උඹ මේ ලියන හැම පෝස්ට් එකක්ම ප්‍රින්ට් වෙලා මගේ මේඑසේ උඩ ගොඩ ගැහෙවා බං .. උඹ නම් නෙට්වර්කිං කප්පිත්තෙක් ..


    අඩෝ මේ බ්ලොග් එක සිංහල බ්ලොග් කියවනයට දාගනිංකෝ එතකොට තව තව කස්ටිය එයි උඹ වැඩියෙන් ලියයි ..

    ReplyDelete
  4. @හිස් අහසසිංහල බ්ලොග් කියවනයටත් දැම්ම සදරුවෝ ඒත් තාම රිප්ලයි නෑනෙ.කමක් නෑ බං උඹ වගේ එකෙක් ඇවිත් මගෙ බ්ලොග් එක බැලුවත් මට ඒ හොදටම ඇති.

    ReplyDelete
  5. මේ lesson එකට කල්ගත්තා වැඩිද මන්දා

    ReplyDelete
  6. @Buddhika Karunanayaka (itbuddhika)කල් ගත්තනම් වැඩියි තමයි සහෝ.මොකුත් කරගන්න බැරුවයි හිටියෙ මේ විභාගයක් හින්ද.සමාවෙන්න.ඉඩක් ලැබුනු හැටියෙම ලියනව...

    ReplyDelete
  7. wooooooow කාතාකරල වැඩක් නෑ මාර වැඩකාරයෙක් තමයි..... පිස්සු හැදිල ආයෙත් හැදෙනවා....ඔහොම දිගටම යමු....

    ReplyDelete
  8. අයියෙ pop(point of person) ගැන පොඩි විස්තරයක් දාන්නකො

    ReplyDelete
  9. @mandaramaPOP (point of person) ඇත්තටම සහෝ මමනම් මේ ගැන දන්නෙ නෑ.POP(Point of Presence)ගැනනම් ටිකක් අහල තියෙනව. POP (Post Office Protocol)ගැනනම් ඉගෙන ගනත් තියෙනව.මම Google දෙයියගෙන් ඔය ගැන ඇහුවත්පැහැදිලි අදහසක්නම් ද්න්නනෙ නෑ.මට ඒ ගැන දැනගන්න පුළුවන් ලිපි ටිකක් තියෙනවනම් සදහනක් කරන්න.ගොඩක් ස්තුතියි මෙ පැත්තට ඇවිත් දැනුවත් කලාට මොනව හරි දෙයක් ගැන.මමත් දිගටම හොයල බලන්නම් මේ ගැන.

    ReplyDelete
  10. atthatama maru.thnx aiyaaaaaaa.obata gdk pin.....

    ReplyDelete
  11. ela ela digatama karagena yamu....obata jaya

    ReplyDelete
  12. Bro... Awasana Routing network aka major network akata ayath wenawa nada (197.50.25.0) maka gataluwak wen nadda?

    ReplyDelete
  13. @Anonymous
    අවසාන කොටසෙන් කියන්නෙ අපිට subnet කරපු network යම් සීමාවක් යටතේ classfull routing protocol සමග යොදාගැනීමක් ගැනයි.
    මෙතනදි සහෝ කියන network එක එන්නෙ 197.50.25.20 විදියටයි.
    හොදම වැඩේ RIP v1 protocol එක Routers වගට ඔය විදියට IP address දාල test කරල බලන එකයි.ඊට පස්සෙ ඒකෙ "show ip route" ගිහිල්ල බලන්න කොහොමද routing table එකේ route පෙන්නන්නෙ කියල....

    ReplyDelete

වැරදි දෙයක් ලියල තියෙනවනම් පෙන්නල දෙන්න, හරි දෙයක් හරියටම ගත්තනම් හිතුන දෙයක් ලියල යන්න....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...