11 September 2013

CCNA තිස්වන පාඩම Dynamic NAT Configuretion

**මෙහි පළවු සියළු ලිපි පිළිවෙලින් පටුනක ආකාරයෙන් බලාගැනීමට අවශ්‍යනම් පිටුවේ ඉහලින් ඇති 'පටුන' නැමති ටැබය ක්‍රියාත්මක කරන්න.

CCNA තිස්වන පාඩම Dynamic Nat Configuration 
                                     මාස අටකට විතර පස්සෙ ඔන්න අද තමයි බ්ලොගේට ලිපියක් දාන්න සැට් උනේ.ලිපියක් දැම්මත් නැතත් ටෙක්නිකල්/අධ්‍යාපනික බ්ලොග් එකක් වෙලත් හිට්ස් වලින්නම් කිසිම අඩුවක් වෙලානම් නෑ කියල බ්ලොග් එක දිහා බලපුවාම තේරෙනව. හරි එහෙනම් අද පාඩම පටන් ගමු. අද අපිට බලන්න තියෙන්නෙ Dynamic NAT හා NAT overload (PAT) කොමද Router එකට සැකසුම් කරන්නෙ කියලයි. ඉස්සෙල්ලම මේ පාඩම බලන අය ඉන්නවනම් කලින් NAT පාඩම් දෙක පහල ලින්කු වලින් ගිහින් බලලම එන්න....
                               ඔයාල කලින් පාඩම් දෙක කියවලනම් දැන් හොදට තේරෙනව මොනවගේ ක්‍රියාවලියක්ද NAT වලදි සිද්ධ වෙන්නෙ කියල. ඒ වගේම මේ පාඩමෙන් අපිට කතාකරන්න තියෙන Dynamic NAT හා NAT overloading (PAT) වලදි සිද්ධ වෙන ක්‍රියාවලියත් විසිඅටවන පාඩමේදි සාරාන්ෂව කතාකරල තියෙනව. දැන් ඒ ගැන වැඩිදුර හා NAT  සැකසුම් කිරීම ගැන මෙතන ඉදල කතාතරමු.

Dynamic NAT:
             අපි දැනටමත් දන්නව public IP address කියන්නෙ මොනවද private IP address කියන්නෙ මොනවද ඒවා භාවිතා කරන්නෙ කුමන network වලදිද කියල. Dynamic NAT වලදි සිද්ධ වෙනනෙ inside network (private network) එකේ ඉදල public network එක හා සම්බන්ධ වීමට අවශ්‍ය public IP address, inside network එකේ ඇති private IP address වලට map කර public network එක හා සම්බන්ධ වීමට අවස්ථාව සැකසීමයි.

****පහල ඡේදයේ ඇති කරණු ඔබට සම්පුණයෙන් අවබෝද නොවුවාට    අවුලක් නැත. NAT ක්‍රියාකාරකම් වලදී ඒ පිළිබද පැහැදිලිවම අවබොධයක් ලබාගත හැකියි.
               මෙම map කිරීම සදහා public IP address ලබාගන්නෙ Router එකේ කලින් සැකසුම් කරපු public IP address pool එකකිනුයි. ඒ වගේම බොහෝ dynamic NAT සැකසුම් වලදි මේ public   IP address pool එකෙන් public IP address ලබාදෙන්නෙ  private network එකේ ඇති යම්කිසි අවසරලත් පරිගණක කාණ්ඩයකටයි. එම අවසරලත් පරිගණක කාණ්ඩය තෝරාගැනීමට අපි dynamic NAT සැකසුම් කිරීමේදී ACL (Access Control List) යොදාගන්ව. ඒ කියන්නෙ සාමාන්‍ය NAT සැකසුම් කීරීමක් සදහා ACL දැනුමත් අවශ්‍ය වෙනව. 
පහලින් තියෙන ක්‍රියාකාරකම කරද්දි තේරුම් ගන්න පුළුවන් ඉහළ ඡේදයෙන් අපි කතාකලේ මොනවද කියල. ඊට කලින් තව දෙයක් තියනව කියන්න. ඒ තමයි මෙම dynamic Nat ක්‍රමය ප්‍රායෝගිකව යොදාගැනීමක්නම් කලාතුරකින් තමයි දකින්නට ලැබෙන්නෙ.මොකද මෙහිදී private network එකේ ඇති සෑම පරිගණකයක් සදහාම public network එක access කිරීමේදී public IP එකක් map කරන්නට සිදුවෙන හින්ද.උදාහරණයකින් කියනවනම් මෙහෙමයි...
                          අපි හිතමු පරිගණක 100 ක් තියෙන network එකක පරිගණක 50 ක් සදහා internet (public network) එක access කරන්න අවසර දීල තියෙනව කියල.මේ පරිගණක 50 එකපාරම internet access කිරීමටනම් NAT ip address pool එකේ public IP address 50 ක්ම තිබිය යුතු වෙනව. තවත් අවස්ථාවක් උදාහරණයට ගනිමු.
           private network එකේ තියෙන පරිගණක 50 ට  internet (public network) එක access කරන්න අවසර දීල තියෙනව නමුත් එම ආයතනය සතුව තියෙන්නෙ public ip address 20 යි. ඒ කියන්නෙ NAT pool එකේ තියෙන්නෙ private ip address වලට map කරන්න පුළුවන් public ip address 20ක් කියන එකයි. හැබැයි මේ ආයතනයේ සියළුදෙනාම එකවර internet access කරන්නෙත් නැහැ. ඒ කියන්නෙ 20 ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් එකවර internet access කරනවනම් ප්‍රශ්ණයක් නැතුව ඒ කාර්යය කරන්න පුළුවන්. අපි හිතමු දැනටමත් එම ආයතනයේ 20 දෙනෙක් internet access කරමින් ඉන්නව කියල. එවිට තවත් අයෙක් internet access කිරීමට උත්සහ කලොත් ඔහුට හෝ ඇයට කලින් map කල public ip address එකක් නිදහස් වනතුරු බලාසිටීමට සිදුවෙනව. එමනිසා තමයි මම කිව්වෙ මේ ක්‍රමය එතරම් සාර්ථක ක්‍රමයක් නෙමෙයි කියල ඉහත අවස්ථාවන් හා සසදද්දි.
Dynamic NAT සැකසුම් කිරීම:
              අපි ඉහලින් කතාකරපු විදියට Access control list එකක් සාදාගැනීම හා IP address pool එක සාදාගැනීම තමයි dynamic NAT සැකසුම් කරද්දි වඩාත් අවදානය යොමුකලයුතුම කරුණ වන්නෙ.standard ACL එකක් හදන හැටි කට්ටියම දන්නවනෙ.දන්නෙ නැත්තම් පසුගිය CCNA පාඩම් මාලාව බැළුවනම් දැනගන්න පුළුවන්.එහෙනම් අපි පියවරෙන් පියවර බලමු කොහොමද dynamic NAT සැකසුම් කරන්නෙ කියල.
1. Standard Access Control List එකක් සාදා ගැනීම:
                       මෙතනදි අපි කරන්නෙ public IP address pool එක access කිරීමට යම්කිසි  පරිගණක කාණඩයකට අවසර ලබාදීමයි.
syntax:
Router(config)#access-list <access-list number[0-99]> permit <IP address or network address> <Wildcard mask
උදාහරණය:
Router1(config)#access-list 1 permit 192.168.1.0 0.0.0.15 

2. IP address pool එක සෑදීම:
                public network එක access කිරීම සදහා අවශ්‍ය public IP address ගබඩා කර ඇති කොටස තමයි මෙහිදී නිර්මාණය කරන්නෙ.
syntax:
Router(config)#ip nat pool <pool name> <start and end ip address> netmask <subnet mask>
උදාහරණය:
Router1(config)#ip nat pool net_Access 60.0.0.1 60.0.0.6 netmask 255.255.255.248

3. Access Control List එක හා IP address pool එක එකිනෙකට සමබන්ධ කිරීම:
                  කලින් සෑදූ ACL එක මගින් අවසරලත් පරිගණක සදහා IP address pool එක access කිරීමට සම්බන්ධතාවය ගොඩනෑගීම තමයි මෙහිදී කරන්නෙ.
syntax:
Router(config)#ip nat inside source list <access list number> pool <pool name>
උදාහරණය:
Router1(config)#ip nat inside source list 1 pool net_Access
                       මෙම පියවර තුනෙන් පස්සෙ  static NAT වලදි වගේම NAT inside හා NAT outside interfaces සැකසීම තමයි ඊටපස්සෙ කරන්න තියෙන්නෙ. කලින් පාඩම බැළුවනම් ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි. 

ක්‍රියාකාරකම:
        inside (private) network එකේ ඇති 192.168.1.0 network එකේ ඇති පරිගණක වලට public network එකේ ඇති web server එක access කිරීමට අවස්ථාව සැලසීම. 
  ඉහතින් සදහන් කරල තියෙන පියවරයන් යටතේ එහි ඇති command භාවිතයෙන් මෙමෙ ක්‍රියාකාරකම packet tracer තුල නිර්මාණය කරල තියෙන හැටි පහතින් ඇති සබැදියන්ගෙන් බාගෙන බලන්න.
ඉහත ක්‍රියාකාරකමේදී අපි කතාකරපු විදියටම private network එකේ ඇති පරිගණක public network එකට යද්දි IP address pool  එකෙන්  public IP address එකක් map කරගෙනද යන්නෙ කියල තහවුරු කරගන්න පුළුවන් පහත command එකෙන් බලන්න.
Router1#debug ip nat
මේ debug command එක Router  දීමෙන් "IP NAT debugging is on" කියල පෙන්නාවි.ඉන්පසු අපි private network එකේ ඉදල  public network එකට network traffic එකක generate කරන්න ඕන. ඒ සදහා  private network එකේ ඇති පරිගණකයකින් public network එකේ ඇති web server එකට ping කරන්න. 
දැන් ඔබට Router එකේ debugging information පහත විදියට පෙන්නාවි.
ping කිරීමෙදි සිදුවෙන්නෙ source එකේ ඉදල destination දක්වා ICMP packet හතරක් යැවීමයි. එම packet destination එකට ලැබුනු විගස එයින් source වෙතreply ICMP packet එවනව. අන්න ඒ හින්ද තමයි මෙතනදි NAT mapping අටක්ම පෙන්නන්නෙ. පහත රූපසටහන් බලන්නකො වඩාත් පැහැදිලිව තේරුම් ගන්න.
දැන් අපි Dynamic NAT සැකසුම් කරන හැටි බැළුව. දැන් තියෙන්නෙ dynamic NAT වල තවත් කොටසත් වන NAT overloading එහෙමත් නැත්තම් PAT (Port address Translation) ගැන කතාකරන්නයි.

NAT overloading (PAT - Port Address Translation) :
                                ඉහතින් කතාකරපු dynamic NAT ක්‍රමයේ තියෙන අඩුපාඩු හා දුරුවලතා මගහරවන්න තමයි PAT හදුන්වල දුන්නෙ. NAT පළමු පාඩමේදිත් (CCNA විසිඅටවන පාඩම) NAT overloading ගැන හැදින්වීමක් කරල තියෙනව. එහි කරුණුත් මතකයිනම් මෙහි සැකසුම් ලේසියෙන්ම Router එකට කරන්න පුළුවන්. අපිට එක් public IP address එකක් තිබුනත් මෙම ක්‍රමය හරහා private network එකේ සියළු දෙනාටම public network එක access කරන්න පුළුවන් විදියට Router එකට සැකසුම කරන්න පුළුවන්. මුල්ම NAT පාඩමේ කතාකරපු විදියට Router එක විසින් private IP address වලට  Router එකට assign කරපු public IP address එකට එකින් එක වෙනස් වූ port numbers assign කරමින් තමයි public network එක access කිරීමට අවස්ථාව ලබාදෙන්නෙ. පහල රූපයෙන් දක්වල තියෙන්නෙ ඒ ක්‍රියාවලියයි...
රූපය බලන්න කලින් අපි බලමු මේ source port හා  destination port number කියන්නෙ මොනවද කියල. ඒ ගමන්ම මේකත් මතක තියාගන්න, IP address එක හා port එක සම්බන්ධ කර පවතින් අවස්ථාවට කියනව socket එකක් කියල.
උදා:-  20.13.0.1:25

Source Port number:  TCP/IP network එකක් තුල ඇති network එක හා සම්බන්ද සියළුම උපකරණ සදහා ඉහත සදහන් protocol එක මගින් අනුපිළිවෙලකට (sequence) අනුව number එකක් assign කරයි. යම් උපකරණයක් network එකට packet එකක් මුදාහරින අවස්තාවේදී ඉහතින් සදහන් කල පරිදි TCP/IP protocol එක මගින් assign කරන number එක source port number එක වශයෙන් එම packet එකට ඇතුලත් කරයි. source port number එකක් assign කිරීමෙන් බලාපොරොත්තු වන්නේ නිවරදිව user session (කුමන උපකරනය හරහා පැමිනි network traffic එකක්ද යන්න) එක හදුනා ගැනීමයි. 

Destination Port number: මේ port numbers අපි "well known port numbers" කියලත් හදුන්වනව. ඒ කියන්නෙ server application සදහා යොදාගන්න port තමයි destination port number විදියට යොදාගන්නෙ. (0-1023) අතර port numbers internet application සදහා වන port numbers විදියට හදුන්වනව. 
උදා:- port no: 80 for HTTP
ඒ වගේම (1024-49151) අතර port vendor specified port විදියට හදුන්වනව. ඒ කියන්නෙ torrents, video/audio streaming සදහා යොදාගන්නෙ ඉහතින් සදහන් කරපු port numbers පරාසයයි.
හරි එහෙනම් දැන් රූපය බලන්න.......
දැන් හොදටම තේරෙනව නේද මෙච්චර වෙලා  අපි තකාකරපු NAT overload එහෙමත් නැත්තම් PAT වල කාර්යය බාරය ගැන. ඉහත ආකාරයෙන් සිදුවෙන සෑම  NAT translation එකකම record එකක් router එකෙහි මතකයේ තබාගන්නව. ඒ මතකය ප්‍රෙයෝජනයට අරගෙන තමයි public network එකේ ඉදල එන reply එක private network එකේ ඇති නියමිත පරිගණකය වෙත යවන්නෙ.

NAT overload (PAT) සැකසුම් කිරීම:
                         ඉහතින් ක්‍රිරියාකාරකම් යටතේ කථාකරපු ප්‍රායෝගික ක්‍රියාකාරකමම NAT overload ආකාරයටත් සැකසුම් කරමු. dynamic NAT සැකසුම් කිරීමේදී  ඉගෙන ගත්තු command හා එම පියවරයන් ඒ විදියටම අපිට PAT සදහාත් යොදාගන්න පුළුවන්. command වලදි එක් අවස්ථාවකදී විතරයි සුළු වෙනස්කමක් කල යුතු වන්නෙ. 
1. Standard Access Control List එකක් සාදා ගැනීම:
                       මෙතනදි අපි කරන්නෙ public IP address pool එක access කිරීමට යම්කිසි  පරිගණක කාණඩයකට අවසර ලබාදීමයි.
syntax:
Router(config)#access-list <access-list number[0-99]> permit <IP address or network address> <Wildcard mask
උදාහරණය:
Router1(config)#access-list 1 permit 192.168.1.0 0.0.0.15 

2. IP address pool එක සෑදීම:
                public network එක access කිරීම සදහා අවශ්‍ය public IP address එක හදුන්වාදීම.මෙතනදී අපි එක් public IP address එකක් පමණක් යොදාගන්නා නිසා start and end IP address විදියට එකම IP address එක තමයි යොදන්නෙ.
syntax:
Router(config)#ip nat pool <pool name> <start and end ip address> netmask <subnet mask>
උදාහරණය:
Router1(config)#ip nat pool net_Access 60.0.0.1 60.0.0.1 netmask 255.255.255.0

3. Access Control List එක හා IP address pool එක එකිනෙකට සමබන්ධ කිරීම:
                  කලින් සෑදූ ACL එක මගින් අවසරලත් පරිගණක සදහා IP address pool එක access කිරීමට සම්බන්ධතාවය ගොඩනෑගීම තමයි මෙහිදී කරන්නෙ. මෙහිදී තමයි මම කලින් සදහන් කරපු වෙනස්කම සිදු වෙන්නෙ. ඒ තමයි command එකේ අන්තිමේට overload කියන කෑල්ල එකතු කිරීම.
syntax:
Router(config)#ip nat inside source list <access list number> pool <pool name> overload
උදාහරණය:
Router1(config)#ip nat inside source list 1 pool net_Access overload

කලින් කරපු ක්‍රියාකාරකම NAT overload විදියට සරකසුම් කරල පහලින් දාල තියෙනව. ඒ ටික බාගෙන ඔයාලත් ක්‍රියාකාරකම් කරල බලන්න.

dynamic NAT වලදි debug information බැළුව වගේ PAT වලදිත් අපිට බලන්න පුළුවන් කොහොමද private IP address, public IP address වලට මාරුවෙන්නෙ කියල. ඒ සදහා පහත command එක යොදාගන්න පුළුවන්.
Router1#show ip nat translations
කලින් ක්‍රියාකාරකමේදි වගේම  අපි network traffic එකක් ආරම්බ කරලයි මේ command එක හරහා NAT translation එක බලන්න ඕන. ඒ සදහා සරලව ඔයාලට පුළුවන් ping request එකක් web server එකට යවල පසුව ඉහත command එක ගහල බලන්න. දැන් පහත විදියට output එකක් දකින්න ලැබේවි.

කලින් කථාකරපු destination port numbers, source port numbers පැහැදිලිව ඉහත output එකෙන් බලාගන්න පුළුවන්.තවත් පැදිලිව පහල පිංතූරයෙන් බලාගන්න පුළුවන්.
network එකේ තියෙන පරිගණකයකින් එහි web interface එක සරහා public network එකේ තියෙන web server එකට ගිහින් බ්ලන්න.එවිට ඉහත රූපසටහනේ විදියටම NAT translation එකක් දැකගත හැකිවේවි.
show ip nat translations මගින් දැන් ඔබට පහත ආකාරයට output එකක් බලාගතහැකි වේවි.
මෙතනදි පාට කරල පෙන්නල තියෙන්නෙ HTTP සදහා වන port එක (80) destination port එක විදියට network එක තුල ගමන්ගන්නා ආකාරයයි.
                             අපි මුල සිට පළවු NAT පාඩම් වලින් NAT කියන්නෙ මොකද්ද එය Router එක තුල ක්‍රියාත්මක වෙන ආකාරය, network එක තුල හැසිරෙන ආකාරය හා Static,Dynamic,PAT කොහොමද Router සදහා සැකසුම් කරන්නෙ කියල සාකච්චා කලා. මෙතනින් CCNA NAT පාඩම ඉවර වෙනව. තේරුනේ නැති දෙයක් තියෙනවනම් අනිවාර්යෙන්ම අහන්න. මම වැරදි දෙයක් ලියල තියෙනවනම් නිවරදි කරන්න. එහෙනම් ඊලගට Route summarization හා IP summary කරන්නෙ කොහොමද කියල අළුත් පාඩමකින් කතාකරමු. එතෙක් ඔබ සැමට....

***** ජය ශ්‍රී *****
                                 

50 comments:

  1. කාලෙකින් මේ පැත්තෙ එන්ට හිතුනු එක නම් නියමයි..අලුත් ලිපියක් දානකං අපි බලන් ඉන්නව..දිගටම මේකට අදාල සියල්ල ලියලා ඉවර කරලම නවත්තමු..ජය වෙවා

    ReplyDelete
  2. @Rajitha Anuradha
    අනිවාර්යෙන්ම සේරම වෙලාව ලැබෙන හැටියට ලියල තමයි නවත්තන්නෙ සහෝ.ගොඩක් ස්තුතියි කොමෙන්ටුවට....

    ReplyDelete
  3. CCNP route monahari liyala thiyenwada

    ReplyDelete
  4. networks hacking genath lipiyak 2 wath liyanna adahasak ehema nedda aiye? :D

    ReplyDelete
  5. බොහොම වැදගත් ලිපි ටික.
    අද තමයි මේ ඔක්කොම දැක්කේ. ඔක්කොම සේව් කරගත්තා.
    ඉතුරු ටිකත් දාන්න.

    ReplyDelete
  6. @Anonymous
    තියෙන network එක හරියට බලාගෙන ඉදපන් සහෝ ආයෙ මොකටද හැකිං...

    ReplyDelete
  7. kohamada internet ip ekak publik ip godak ekka nat karanne

    ReplyDelete
  8. @Kapila Rabukpitiya
    මට සහෝගෙ ප්‍රශ්නෙ පරහරදිලි මදි.
    මොකද්ද internet IP එකක් කියල අදහස් කලේ.public IP එකක්ද?

    ReplyDelete
  9. Machan network disa ccnp karanna uba danna honda thanak thiyenawanan kiyapanko

    ReplyDelete
  10. @Anonymous
    මෙතන හොදයි අතන හොදයි කියලනම් කියන්න බැහැ සහෝ.දැන් සහෝ CCNA කරලනෙ ඉන්නෙ CCNP වල Route exam එක මුලින්ම කරන්න පටන්ගන්න.ඒකෙන් 80% විතර තියෙන්නෙ CCNA වල ඉගෙන ගත්තුවගෙන් Advanced කොටස් ටිකක්.winsys එකේ ගානනම් අඩුයි අපේ මහන්සිය උපරිමේට දාල ගොඩදාගන්න පුළුවන්.ලංකාවෙ CCNP අපි හොදට කරනව කියල කව්රුවත් කියන්නෑනෙ

    ReplyDelete
  11. බොහොම ඉස්තුති තොරතුරුවලට මට ccna පාස් වෙන්න මේ බ්ලොග් එකේ ලිපි සැහෙන්න උදව් වුනා. මන් දැනටමත් ccnp route එක පටන්ගත්තා selfstudy කරල ගොඩදාගන්න අමාරුයි ඔයා කිව්වා වගේ සැහෙන්න advance මන් practical වලට පාවිච්චි කරන්නේ gns3 ccnp route කියල cisco press පොතක් බලනවා, මේ ගැන ඔයා දන්නවනේ එකයි ඔයාගෙන්ම ccnp ගැනත් අදහසක් ගන්න හිතුවේ.

    ReplyDelete
  12. @Anonymous
    CCNP කරද්දි කොහොමත් GNS3 තමයි පාඩිච්චි කරන්න වෙන්නෙ.මොකද ඒකෙ තියෙන සමහර Route configuration packet tracer වල කරන්න බැහැ.ඉදිරි ගමනට සුබ පැතුම්

    ReplyDelete
  13. yalu mama me month end eke CCNA Exam KAranawa.mata ekata Help ekak denna puluwanda,mama monada karanna ona,saha passpapers & oyage blog ekan goda daganna puluwan weda kiyala

    ReplyDelete
  14. @Anonymous
    මගෙ බ්ලොග් එක බලලනම් සහෝ CCNA එක ගොඩදාගන්න බැහැ.මොකද තව පාඩම් ගොඩක් තියෙනව CCNA සම්බන්ධව දාන්න Examcollection.com
    එකෙන් CCNA වලට අදාල dummies බලන්න.විෂය කරුණු නැතුවනම් dummies බලල වැඩක් නැහැ සහෝ.
    http://www.digitaltut.com/ පැත්තෙත් ගිහින් බලන්න...

    ReplyDelete
  15. ccnp liyapuwa neddo.......

    ReplyDelete
  16. hapooii parana exam1 expire ne me mase 31n ? :( aluth exam 1e thawa sehena kotasak wedipura dala. edenawa affaaaa......................... :( aiyage pihita thamai itn.... :D

    ReplyDelete
  17. aluth exam1ta wedi pura akathu karala thiyena topics tikath danada aiye

    ReplyDelete
  18. @Anonymous
    සහෝ ලග full syllabus එක තියෙනවද. තියෙනවනම් මට mail එකක් දාන්න (ncdisa@gmail.com)

    ReplyDelete
  19. ok man dannam full syllbus 1e mail1k

    ReplyDelete
  20. mama last week ccna kara l mrks 841 pass kiyala reslt eka awa eth tam cisco walim mail ekak awe ne

    ReplyDelete
  21. @Anonymous
    ඔයා exam කරපු testing center ැකට කෝල් කරල බලන්න.ඔයාගෙ තොරතුරු හරියටම ඒ කට්ටිය enter කරල තියෙනවද කියල දැනගන්න

    ReplyDelete
  22. ada mail eka awa id ekai cert ekai enna kochchra kal yaida,,,mata salli dila ganna beida ikmnta

    ReplyDelete
  23. @Anonymousසල්ලි දීල ගන්න දෙයක් නෑ සහෝ cisco එකෙන් ඉක්මනින්ම certificate එවනව

    ReplyDelete
  24. Aiya, oyata godak thanks me wage blog ekak karan yanawata.man CCNA kala.exam eka gada dagatthe oyata pin sidda wenna.man kale maasa 3.5ka certificate couse ekak.eke eka eka ewa godak kiyeuwa.networking gana witharai kiyeuwe natthe.ip addres,routing me serama therum gatthe oya nisa.bauddayek widiyata oyata denna puluwan watinama de pin.oyata godak pin hamotama me karana udauwata.oyata jayawewa.
    CCNA exam eka re-new unane aiya.danata exam collection.com eke thiyena vce wala thiyenne prashna 264k withara.oyagen ahana kenekta kiyanna.danata enne e 264n karakila prashna 50-60 athara gaanak.api mokatada ape salli suddata nikan puja karanne fail wela.habai kal yaddi oya prashna ganana wadiwei.....man oyata mail ekakuth daannam aiya....thanks...oyatath JAYA SRI

    ReplyDelete
  25. @Anonymous
    ගොඩක් සුතුතියි සහෝ මේ විදියට ස්තුති කරල සුබ පැතුවට.
    සහෝගෙත් සියළුම අනාගත කටමුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවෙන්න කියල මගෙනුත් සුභ පැතුම්.....

    ReplyDelete
  26. මාත් CCNA කරන්න ආසාවෙන් ඉන්නෙ මට අයියගෙ EMAIL එක දෙනවද විස්තර දැන ගන්න ඔනෙ මට

    ReplyDelete
  27. niyamai desa,man ccna karanna inne ,mara watinawa me lipi tika,

    jayawewa machan.ubana niyama porak,best of luck machan

    ReplyDelete
  28. Good Job Bro..........
    Your Doing Very Well......
    Oyata Godak Pin Dan Dawasata Kalin Thamai Oyage Notes Tikak Mata Lebuna Yaluwek Dunna Godak Lesi Understand Karanna......God Bless U Bro

    ReplyDelete
  29. Mata Kiyala Denna How To Download These Files as a PDF............

    ReplyDelete
  30. @Mohamed Ramzi Mohamed Shareeff
    thanks brother for your comments
    to downloads lessons as pdf in right side pane one of the widget has name with "ඔබට අවශ්‍ය ලිගි pdf ලෙස රඅගෙන යන්න" use that one'''

    ReplyDelete
  31. Aiye oya ccna sinhalen kiyala dena ekanam lokuma loku pinak. mata podi deyak denaganna one. aiye switching wala configuration gena sadahanak nene. man keewe VLAN, Port security, SSH, Portfast,STP,RSTP .....etc ane mewa genath kiyala dennako aiye,

    ReplyDelete
  32. @Anonymous
    switching ගැන පාඩමක් දාන්න ඕනෙ සහෝ..
    ඒත් ඉතින් වෙලාවක් හොයාගන්න තමයි අමාරු

    ReplyDelete
  33. Thanks reply kalata.man saho kenek newe aiye. mama May mula exam danna hithan inne. Exam situation eka gena wisthara dannawanam kiyannako aiye. e wagema exam ekata labs config karanna enawa neda. awa practices wenna diagram thiyana site ekak dannawanam kiyannako. kalin exam ekata apuwa. man 9 tuts karanawa. saho kenek dala tibune vce wala prshna 264k gena. e 9 tuts da?

    ReplyDelete
  34. @Anonymous
    9tuts වල simulation හොදයි. ඒ simulation කරද්දි ඒ ගැන දාල තියෙන comments බලන්න සමහර අය ඒවගෙ network diagram දාල තියෙනව.
    dummies වලට examcollection.com(http://www.examcollection.com/200-120.html) බලන්නගහොදට ඒවගෙ තියෙන comments කියවල හොද dummyයත් තොරගෙන බලන්න.එක dummyයක් විතරක් බලන්නත් එපා අඩුම තරමෙ dummy 3ක්වත් බලන්න.පිලිතුරු සංසන්දනය කරල බලන්න එක එක dummies වල. good luck sis..

    ReplyDelete
  35. Thanks aiye, Jara sri !!!

    ReplyDelete
  36. 1. Aiye OSPF, EIGRP, RIP ekata ekathu karala ena diagram CCNA walata nedda? Ewa CCNP level ekeda thiyenne?
    2. Exam ekata enne loku labsda config karanna ? Kalin exam ekata config karanna apu labs balaganna site ekak nedda?

    ReplyDelete
  37. @Anonymous
    1. CCNA වලටනම් එහෙම diagram නැහැගහැබැයි ඉතින් ඔයාට ඕනනම් packet tracer එකෙන් උනත් එ් විදියට අත්හදාබලන්න පුළුවන්.

    2. exam එකට ලොතු labs එන්නෙ නැහැ config කරන්න.පහල ලින්කුවෙන් ගිහින් බලන්න එාක තියෙන labs බොහෝදුරට exam එකට එනව නැතත් ඒ වගේ ඒව හරි එකව. ඒ labs යින් තියෙන comments හොදට කියවල බලන්න.
    http://www.9tut.com/

    ReplyDelete
  38. Hi aiye. man ada exam kala. Dannawada mage thiyanawa 958 k marks. aththatama oyata godak godak pin. aththatama man godak dewal igana gaththa oyage me web site eken. ithin oyage me web sit eka wenuwen man monada karanna one oyata udawwak widihata.

    Thank you so much aiye, (sister)

    ReplyDelete
  39. @Anonymous
    මොනවත් උදව්වක් විදියට කරන්න ඕනෙ නැ නංගො.කරල තියෙන ප්‍රාර්ථනාව හොදටම ඇති. ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව...

    ReplyDelete
  40. Oyageth hema wedakma hodin karagena yanna puluwan wenna kiyala hadawathinma mamath oyata wish karanawa aiye.

    Jaya sri!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  41. godak sthuthi mewage wadak karanna hithuwata api wenuven oyata jayen jaya.. .

    ReplyDelete
  42. This is awesome work machan..Keep it up.

    ReplyDelete
  43. Aiye godak isthuthi me padam walta, puluwnnm ipv6 waltath denwada?

    ReplyDelete
    Replies
    1. Thanks saho.
      issarahata balamu IPv6 ganath liyanna

      Delete
  44. saho,
    ACL haduwata ai ACL port ekakata assign karanne naththe?

    ReplyDelete
    Replies
    1. padama mula idala balagenaawanam pahadili karala tiyenawa saho kohomada ACL eka interface sadaha assign karanne kiyala

      Delete

වැරදි දෙයක් ලියල තියෙනවනම් පෙන්නල දෙන්න, හරි දෙයක් හරියටම ගත්තනම් හිතුන දෙයක් ලියල යන්න....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...