17 December 2012

CCNA විසි අටවන පාඩම NAT (Network Address Translation)

CCNA විසි අටවෙනි පාඩම NAT (Network Address Translation)
                                         ඔන්න ගොඩ කාලෙකට පස්සෙ ආයෙමත් වෙලාවක් හම්බුන බ්ලොග් එක පැත්තට ඇවිත් ලිපියක් දාන්න.අද අපේ විසි අටවෙනි පාඩමෙන් කතාකරන්නෙ NAT එහෙමත් නැත්තම් Network Address Translation කියන වැදගත් පාඩමක්. වැදගත් කියන්න හේතුවක් තමයි CCNA විභාගයට මේ මාතෘකාව යටතේ ප්‍රායෝගික ප්‍රශ්නයක් (lab question) ඇතුලත් කර තිබීම. හොදට NAT කියන්නෙ මොකද්ද ඒක Router එකකට අවස්ථාවට අනුව සැකසුම් කරන්නෙ කොහොමද කියල තේරුම් ගත්තොත් ලේසියෙන්ම ප්‍රායෝගික ප්‍රශ්නය ගොඩදාගන්න පුළුවන්. NAT ඉගෙන ගන්න කලින් අපිට IP address පාඩම් වලදි මගහැරුනු පොඩි කොටසකුත් මෙතනදි සාකච්චා කරන්න වෙනව. ඒව තමයි Private හා Public IP address. ඉස්සෙල්ම මේ IP address වර්ග දෙක මොක්කද කියල අපි බලමු.
                      අපි දන්නව ඕනෑම network එකකට සම්බන්ද කරල තියෙන උපකරන එකිනෙක සම්බන්ධ වෙන්නනම් IP address එකක් කියන්නෙ අනිවාර්යෙන්ම තිබිය යුතු අංගයක් කියල. ඒ වගේම network එකකදි  එකම IP address එක උපකරන කිහිපයකට assign කරන්න බැහැ කියලත් දන්නවනෙ. අපි හිතුවොත් අපේ network (private network) එකක තියෙන උපකරණයකට assign කරල තියෙන IP address එකක්ම internet (public network) එකට සම්බන්ධ කරල තියෙන උපකරණයකටත් assign කරල තියෙනව කියල. ඒ වගේ අවස්තථාවක private network එක public network එකත් එක්ක සම්බන්ධ වීමේදී අනිවාර්යෙන්ම ඝට්ටනයක් (conflict) ඇතිවෙනව. අන්න ඒකට පිළියමක් විදියට තමයි IANA (Internet Assign Number Authority) මගින් Private හා Public වශයෙන් IP address පරාසයන් දෙකක් වෙන්කරල තියෙන්නෙ.

Private IP address :
           ඉහතින් කතාකරපු තොරතුරු වලට අනුව RFC1918 යටතේ එක් එක් IP address classes වලට පහත ආකාරයට IP address පරාසයන් වෙන් කරල තියෙනව.
            Class A(/8)     : 10.0.0.0         to  10.255.255.255
            Class B(/12)   : 172.16.0.0     to  172.31.255.255
            Class C(/16)   : 192.168.0.0   to  192.168.255.255
ඉහත IP address පරාසයන් තුල පවතින host එකකට assign කල හැකි සියළුම IP address අපට private network එක තුල ඇති උපකරණ සදහා බාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඉහතින් සදහන් කරල තියෙන පාරාසයේ පවතින IP addresses Internet backbone එක තුල මාර්ග ගත (routed) ආකාරයට ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. ඒ කියන්නෙ internet එක තුල ඉහත IP address පරාසයන්ගෙ IP address බාවිතා කරල එහි ඇති උපකරණ එකිනෙකට සම්බන්ධ කරන්න බැහැ කියලයි. CCNA වලදි private IP address පිළිබදව ප්‍රශ්න කිහිපයක් අහන්නත් ඉඩ තියෙනව.

Public IP address:           
               Internet එකට කෙලින්ම සම්බන්ධ networks හා උපකරණ  වලට බාවිතා කරන්න තමයි Public IP address හදුන්වල දුන්නෙ. IP address class A, B, C වලට අයත් IP address පරාසයන්ගෙන් ඉහතින් සදහන් කරපු Private IP address පරාසයන්ට අයත් නැති කොටසට තමයි අපි Public IP address කියල හදුන්වන්නෙ.            
              දැන් අපි හදුනගත්ත මොනවද Private හා Public IP address කියන්නෙ කියල. දැන් බලමු ප්‍රධාන මාතෘකාව උන NAT වලට කොහොමද මේ Private හා Public IP address සම්බන්ධ වෙන්නෙ හා NAT මොනවගේ රාජකාරියක්ද network එක ඇතුලෙ කරන්නෙ කියල. පහතින් දක්වල තියෙන්න NAT ප්‍රයෝජනයට ගන්න පුළුවන් අවස්ථාවන් කිහිපයක් (පහතින් දක්වල තියෙන අවස්ථාවන් තේරුනේ නැතත් අවුලක් නැහැ.ක්‍රියාකාරකම් කරද්දි හොදට තේරෙයි කොහොමද මේ අවස්ථාවන් NAT සමග ක්‍රියාත්මක වෙන්නෙ කියල).
  • Internet access කිරීම සදහා ප්‍රමාණවත් Public IP address ප්‍රමාණයක් ඔබගේ network එකකට නොමැති අවස්ථාවක.
  • ඔබගේ network එක තවත් ඒ හා සමානම (එකම subnet එකට අයත්, සමාන IP address ranges බාවිතා වන) network එකක් සමග සම්බන්ධ කරන අවස්ථාවක.
  • Internal IP address පරාසය outside network වලට සැගවීමට අවශ්‍ය අවස්ථාවක.
                            ඉහතින් කියපු අවස්ථාවන්ට අමතරව තවත් විශේෂිත අවස්ථාවන් කිහිපයකට NAT සැකසුම් Routers සදහා යොදාගන්න පුළුවන්. NAT Routers සදහා සැකසුම් කරන ආකාරයන් තුනක් තියෙනව.
  1. Static NAT
  2. Dynamic NAT
  3. NAT overloading (PAT)
Static NAT:
         අපිට අවශ්‍යයිනම් එක් IP adress එකක් තවත් වෙනස් IP address එකකට map (ගලපන්න) කරන්න නම් මේ ක්‍රමය වඩාත් සුදුසුයි(one to one mapping). වැදගත්ම දේ තමයි එක් වරකට එක් IP address එකක් තවත් IP address එකකට map කිරීම තමයි Static NAT වලින් කරන්නෙ. අපි හිතමු inside network එකේ උපකරණ 10 තියෙනව කියල, එහෙමනම් Router එකට  එකිනෙකට වෙනස් වු Static NAT සැකසුම් 10 කරන්න වෙනව (සැමවිටම map කරන්නේ එකම IP address එක බව මතක තියා ගන්න).
බොහෝවිට  Static NAT සැකසුම් යොදාගන්නේ inside network එකේ ඇති උපකරණයක් outside network එකට  access කිරීමට අවශ්‍ය අවස්ථාවකදීයි. උදාහරණයක් විදියට private network එකේ ඇති ඇති mail server එක පමනක් public network එකට access කිරීමට අවස්ථාව සලසා දීම දක්වන්න පුළුවන්. මේ ගැන වැඩිවිස්තර සහිතව NAT ක්‍රියාකාරකම් වලදී කතා කරමු.

Dynamic NAT:
           මෙහිදීත් සිදුවන්නේ අපි කලින් කථා කරපු static NAT වලදී සිද්ධඋන IP address map කිරිල්ලම තමයි. ඒත් Dynamic Nat වලදී එම map කිරීම කරන ආකාරයේ වෙනස්කම් කිහිපයක් තියෙනව. Dynamic NAT වලදී බාවිතා වෙනව IP address pool එකක්. ඒ කියන්නෙ NAT mapping සදහා කලින්ම වෙන්කරල තියෙන යම් කිසි IP address සංඛ්‍යාවක් නැත්තම් පරාසයක්.හරියට පහලින් පෙන්නල තියෙනව වගෙයි.
ගොඩක් වෙලාවට Dynamic NAT අපි භාවිතා කරන්නෙ inside network එකේ users ලට outside network එකේ යම් කිසි උපකරණයක් access කරන්න අවශ්‍ය උනහමයි. උදාහරණයකින් කියනවනම් inside network එකේ users ලට ඕන public network එකේ තියෙන web server එකක් හා mail server එකක් access කරන්න. අන්න ඒ වගේඅවස්ථාවක IP address pool එකක් සහිත Dynamic NAT අපිට Router එකට සැකසුම් කරන්න පුළුවන්. 

NAT overloading (PAT):
            කලින් කථා කරපු NAT අවස්ථා දෙකේදිම සිද්ධවුනේ Router එක මගින් inside network එකේ තියෙන  IP address එකකට outside network එකේ IP address එකක් map කිරීමයි. ඒත් අපිට inside network එකේ ඇති IP address ගණනට සාපේක්ෂව map කිරීම සදහා ප්‍රමානවත්  outside IP address ප්‍රමානයක් නොමැති විටකදි තමයි NAT overloading එහෙමත් නැත්තම් PAT (Port Address Translation) අවශ්‍ය වෙන්නෙ.
                         මෙහි තියෙන විශේෂත්වය තමයි inside network එක outside network එක වෙත ගමන් කිරීමේදී සිදුවන NAT translation එහෙමත් නැත්තම් inside IP address outside IP address වලට map කිරීමේ ක්‍රියාවලිය සදහා එක් outside IP address එකක් පමණක් ප්‍රමානවත් වීම. එයට හේතුව තමයි PAT වලදී සිද්ධ වෙන්නෙ එකම IP address එකට එකිනෙකට වෙනස් වු port assign කරමින් inside IP address outside network එකට යොමු කිරීමයි.එකනේ අපි මේකට Port Address Translation කියලත් කියන්නෙ.මේ ක්‍රමය තමයි බොහෝදුරට යම් private network එකක් public network(internet) එක හා සම්බන්ධ වෙන්න යොදාගන්නෙ.එයට හේතුව තමයි මෙම ක්‍රමයේදී එක් public IP address එකක් හරහා සියළු Private network උපකරණ වලට public network එක සමග සම්බන්ධතාවය ගොඩනගාගත හැකි වීම. PAT ගැනත් සවිස්තරව ක්‍රියාකාරකම්වලදී කථා කරමු.

NAT addressing terminology (NAT address වර්ග):
             NAT ගැන පැහැදිලිව ඉගෙන ගන්නනම් අනිවාර්යෙන්ම NAT address වර්ග ගැන හොද අවබෝදයකුත් තියෙන්න ඕන. NAT සැකසුම් කිරීමේදී හා ගැටළු නිරාකරණයේදී NAT address පිළිබද දැනුම ගොඩක් ප්‍රයෝජනවත් වෙනව.
සැලකිය යුතුයි: පහලින් ඇති දේ ඔබට හරියටම තේරුම් ගත නොහැකි උවත් අවුලක් නැත. NAT ක්‍රියාකාරම් වලදී මෙම NAT address ඔබට "show" command එක හරහා පහසුවෙන්ම බලාගත හැකිවන අතරම තේරුම් ගතද හැකිය.අනිවා..
  • Inside local: inside network එකේ ඇති උපකරණ වලට assign කර ඇති IP address NAT තුලදී inside local ලෙස හදුන්වනව.
  • Inside Global: outside network එකට inside network එකේ ඇති උපකරණ හදුනිගැනීමට (inside network එකට ඇතුළු වීමට බාවිතා කරන) IP address NAT වලදී inside global විදියට හදුන්වනව.
  • Outside local:  inside network එකට outside network එකේ ඇති උපකරණ හදුනාගැනීමට (outside network එකට ඇතුළු වීමට බාවිතා කරන) IP address NAT වලදී outside local විදියට හදුන්වනව
  • Outside Global:  outside network එකේ ඇති උපකරන වලට assign කර ඇති IP address NAT තුලදී outside global විදියට හදුන්වනව.

මෙතෙක් වෙලා අපි කතාකරපු දේවල් වල නොතේරුනු තැනක් තිබුනොත් අහන්න. වැඩිදුරටත් NAT ක්‍රයාකාරකම් පාඩමේදී මේ පිළිබද ඔබට හොදින් වැටහෙනු ඇත. එහෙනම් ඉක්මනින්ම NAT ක්‍රියාකාරකම් තුලින් හමුවෙමු. ඔබ සැමට...

***** ජය ශ්‍රී *****

36 comments:

  1. machan CCNA exam ekedi ප්රායෝගික
    ප්රශ්න (lab questions) ahanawa kiwwe? Eka kohomada karanne? Apita exam eka liyanna neweida tiyenne?

    ReplyDelete
  2. @Anonymousමචං CCNA exam එකේදි එන්නෙ MCQ(Multiple Choices Question) එහෙමත් නැත්තම් ටික් කරන්න.
    ඊට අමතරව lab question 3 හෝ 4 කුත් දෙනව.ඒ කියන්නෙ Router කිහිපයකින් සඅදිච්ච network එකක් දීල එකට අනුව දීල තියෙන අවශ්‍යතාවයට ගැලපෙන විදියට NAT හෝ ACL සැකසුම් එම Routers වලට කරන්න කියනව. ඒ සදහා එක් එක් Router වල CLI(command Line interface) එක අපි open කරගෙන සැකසුම් කරන්න ඕන.ඒකට තමයි lab Question කියල කියන්නෙ....

    ReplyDelete
  3. @Buddhika Karunanayakaගොඩක් කාලෙකට පස්සෙ නේද?
    ස්තුතියි සහෝ මේ පැත්තට ආවට...

    ReplyDelete
  4. Machan mama hithuwa uba job1 set unata passe blog eka atha arala kiyala.kawadawath meka atha arinna epa machan api uba ekka innawa.

    ReplyDelete
  5. කාලෙකින් අයියා! ජය වේවා!!

    ReplyDelete
  6. ela niyamai...
    ekamanata frame realy tikath dnna dr,,,,,,

    ReplyDelete
  7. @මාධව - மாதவ - Madhawa
    ඔව් මල්ලී වෙලාවක් ලැබෙන හැටියට කොහොමහරි ලිපියක් දානව..

    ReplyDelete
  8. @TnS Distributorsගොඩක් ස්තුතියි යාළුවා...

    ReplyDelete
  9. කයිවාරු පප්පෙක් නොවී පාඩම් මාලාව දිගටම ගෙන යෑම ගැන ස්තූතියි.ජාලගත කිරීම් ගැන ඒ හැටි අවබෝධයක් නැති අපි වගේ මෘදුකාංග සංවර්ධයන්ට මෙන්ම අනෙක් සියල්ලන්ටමත් සෑහෙන වැදගත් මෙවන් දේවල්.දිගටම ලියන්න.ජය වේවා..

    ReplyDelete
  10. ela machan pateta therenawa thanks wewa ubata :D

    ReplyDelete
  11. නියම වැඩක් යාළුවා .. අපි සැමදා ඔබ ලගින් .. දිගටම කරගෙන යමු .. පුලුවන්නාං VLAN ගැනත් Thread එකක් දාන්න.. It's a big help brother..ඔබගේ සියලුම කටයුතු සාර්ථක වේවා..

    ReplyDelete
  12. sahooo latency kiyanne mokadda kiyala kiyanada puluwanda ??? loku help 1k

    ReplyDelete
  13. @Anonymousසහෝ network එකක bandwidth,Latency කියන්නෙ එම network එකේ speed එක මනින ප්‍රධාන මිනුම් දෙකක්.මෙතනදි latency එක විදියට අපි හදුන්වන්නෙ delay එහෙමත් නැත්තම් source එකේ ඉදල destination එකට data transmit කරද්දි එම data එක කොපමන වේගයකින් හා කාර්යක්ෂමතාවයකින් destination එක විසින් ලබාගන්නවද කියන එකයි.අපි හැම තිස්සෙම බලන්න ඔනෙ network එකක latency අවම කරගන්නයි.

    ReplyDelete
  14. Ikmantama meke part 2th danada practical akka api balan innawooooo

    bump++++++

    ReplyDelete
  15. puluwan ikmaning melesson 1e practical tikath danda puluwannam loku udawwak sahooooo...
    mama CCENT exam karanada inne next wek anthima.
    eta kalin puluwannam lokuma loku help1k.

    jaya wewa api digatama balanawa

    ReplyDelete
  16. @Networkදිසා
    අලුත් ලිපි ටිකට ස්තූතියි සහෝදරයා! අපිත් මේ දවස්වල ෆයිනල් වලට ලෑස්ති වෙනවා! උදව් විදියට අපිට ලැබ් ක්වෙෂ්චන්ස් ගන්න ලින්ක් ටිකක් දෙන්න පුලුවන්නං ගොඩක් තුති!

    මේ කරන දේවල් ඕනවටත් වැඩියි සහෝ! පුලුවන්නං නිදහස් වෙලාවල ඒ ලින්ක්ස් ටිකක් දාන්න!! අපිට ගොඩක් ප්‍රෙයා්ජනවත් ඒවා!!

    ReplyDelete
  17. @මාධව - மாதவ - Madhawa
    සහෝ මට sure site එකක link එකක් තමයි පහතින් කියෙන්නෙ
    http://www.9tut.com/
    ප්‍රශ්නෙ කියෝල ඒක practical කරල comment ටිකත් කියවල බලපන්.අනිව ගොඩයනව...

    ReplyDelete
  18. RFC1918
    meke theruma mokadda ban? mokadda meken wenne ???????????

    ReplyDelete
  19. sahoo ihatha rupasatahan 3ma dakwala thiyna udaharana anuwa,
    privert network 1 sadahath aran thiyenen public ip addras ne (192.10.10.1 / 192.10.10.40 ) , itin inter net 1 accesses karaddi meka prshnayak wenne nedda (conflit wemak ) ???????????????????????????? aka nisa
    privert network sadaha privert ip yodanda one nedda ??????

    ReplyDelete
  20. @Anonymous
    සහෝ කියන රූප සටහන් තුනu වරදක් නැහැ.මොකද ඒව වෙනමම public IP එකකට MAP වෙලා යන හින්ද. ඒ උනත් අනිවාර්යෙන්ම අපි private network එකට private IP address තමයි assign කරන්න ඕනෙ. අත් වැරදීමක් සහෝ.සමාවෙන්න මම හදල දාන්නම් රූපසටහන් ටික. ගොඩක් සුතුතියි වැරද්ද පෙන්නල දුන්නට...(අනිත් පාඩමේ තියෙන රූප සටහනුත් මේ විදිටයයි තියෙන්නෙ.මට වෙලාවක් ලැබුනු විගස නිවරදි කරන්නම් යාළු.එහෙත් NAT හරහා සිදුවන ත්‍රියාවලියට එහි බලපෑමක් නැත map නීම සිදුවන නිසා)

    ReplyDelete
  21. @Anonymousඇයි යකෝ link එක click කරල බලන්න එපැයි.
    බොක්කෙ ඉදල හොයන්න ඕනෙනම් මේ ලින්කුවත් බලන්න
    http://en.wikipedia.org/wiki/Internet_Standard

    ReplyDelete
  22. ඔයාගේ Blog එකේ තිබුණු ගොඩක් දේවල් මට වගේම මගේ යාළුවොත් බැලුවා...අපි හැමෝම A/L ගොඩ ගියේ ඔයාගේ දැනුම අපි එක්ක බෙදා ගත්තු හින්දනේ...ඔයාගේ මේ උතුම් වැඩේට අපේ ශිර්ෂ ප්‍රණාමය...
    Great...Thank you!

    ReplyDelete
  23. @DNSR
    ගොඩක් සුතුතියි නංගා.
    ඔබ සැමගේ අනාගත වැඩකටයුතු සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව...

    ReplyDelete
  24. Pin sidda wenawa machan me wada....
    Aththata mamath CCNA karanna inne..
    Umbata GODAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAK PIN....

    ReplyDelete
  25. machn CCNA karanna hoda institute ekak kiyahanko...aye ccna complete karanna kochchara withara time ekakui cost ekakui yaida kiyalath danganna onii....'BUDU SARANAI' machan

    ReplyDelete
  26. @Anonymous සහෝට පසුගිය පාඩම්වල comment බැළුවනම් තේරෙයි මොනවගේ institute එකක්ද සහෝට ගැලපෙන්නෙ කියල.
    සාමාන්‍ය network දැනුමක් තියෙනවනම් winsys හොදයි මොකද එ කට්ටියගෙ ගාන අඩුයි fast කරනව හැබැයි සමහර පාඩම් අතඇරලත් යන වෙලාවන් තියෙනව.
    ඔයාට විජය පරිගණක ගත්තනම් එක එක institute වල ගනන් බලාගන්න පුළුවන්.
    time එක කොච්චර යනවද කියලනම් කියන්න බෑ සහෝග
    තමන් මහන්සි වෙන හැටියට තමයි ඒක තීරණය වෙන්නෙ....
    CCNA exam fee එකනම් දැන් 35000-40000 අතර වෙන්න ඕනෙ

    ReplyDelete
  27. ei mchn den blog eka update wenne neththe...? plz mchn puluwan nam e switching lessons tika danna....

    ReplyDelete
  28. Outside Local සහ Outside Global දෙකෙහි නිර්වචන හුවමාරු විය යුතුයි

    ReplyDelete
  29. @Hasitha Ganepola
    ගොඩක් ස්තුතියි සහෝ වැරැද්ද පෙන්නල දුනට.
    මම ඒක නිවරදි කරන්නම්.තවත් මෙහි ඇති ලිගිවග වැරදිඅ අඩුපාඩු ඇත්නම් කාරුණිකව සටහනක් දමන්න..

    ReplyDelete
  30. මේක අහම්බෙන් හම්බ උනේ. සුපිරි වැඩක් Good Luck.

    ReplyDelete
  31. Oyage denuma godak vatinava. Tharaha ganne netnam apata practice karanna puluvan coding tikak Danny ho Web site gena link denna puluvanda. Mama hoya gatta site vala thiyena eva matanam holman vage. Ane.... Pls. .......

    ReplyDelete
    Replies
    1. මම මේකෙ හැම ක්‍රියාකාරකමකම කේඩින් පැකට් ට්‍රෙිසර් ෆයිල් එකක්ම දාල තියෙනව සහෝ. සහෝට :උපකාරක : කියල තියෙන ටැබ් එකට ගියානම් තව තොරතුරුජ ටිකක් බලාගන්න පුළුවන්.
      http://networkdisa.blogspot.com/p/blog-page_28.html

      Delete
  32. loku udawuwak,godak pin

    ReplyDelete

වැරදි දෙයක් ලියල තියෙනවනම් පෙන්නල දෙන්න, හරි දෙයක් හරියටම ගත්තනම් හිතුන දෙයක් ලියල යන්න....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...