04 January 2013

CCNA විසිනවවන පාඩම NAT Configuration

**මෙහි පළවු සියළු ලිපි පිළිවෙලින් පටුනක ආකාරයෙන් බලාගැනීමට අවශ්‍යනම් පිටුවේ ඉහලින් ඇති 'පටුන' නැමති ටැබය ක්‍රියාත්මක කරන්න.
CCNA විසිනවවන පාඩම NAT Configuration 
                                  අපි විසිඅටවෙනි පාඩමෙන් මුලික NAT වර්ගීකරණයන් හා ඒවාගේ විශේෂ ලක්ෂණ ගැන සාකච්ඡා කලා. මේ පාඩමේදි කලින් පාඩමේදි සදහන් කරපු මුලික NAT සංකල්පයන් තුන කොහොමද Router එක සදහා සැකසුම් කරන්නෙ සහ එය source හා destination අතර ගමන්කරන්නේ කොහොමද කියලත් බලමු. මෙහිදී කරන සියළු ක්‍රියාකාරකම් ඔයාලට බාගත කරන්න පුළුවන් වෙන විදියට packet tracer file එකක් විදියටත් Router සදහා කරපු සියළු සැකසුම් පැහැදිලිව තේරුම් ගැනීම සදහා command සහිතව text file විදියටත්   ලබාගන්න පුළුවන්. කලින් පාඩමේදීම private IP address හා Public IP address ගැනත් ඉගෙන ගත්තු හින්ද මේ පාඩමේදී කරන ක්‍රියාකාරම් වලදී ඒ දැනුමත් ගොඩක් වැදගත් වේවි ක්‍රියාකාරකම් හොදින් තේරුම් ගැනීමට. ඒකට හේතුව තමයි බොහෝදුරට NAT සැකසුම් සිදුවෙන්නෙ public හා private network පාදක කරගෙන වීමයි (public network එකේ සිට private network එකේ තිබෙන උපකරණ access කිරීමටත් private network එකේ සිට public network එක access කිරීමටත්).

Static NAT හැසිරීම හා සැකසුම් කිරීම:
         කලින් පාඩමේදී static NAT ගැන මුලීක හැදින්වීමක් කලා. ඒ අනුව අපි දැන් දන්නව private network එකේ තියෙන යම්  උපකරණයක් public network (internet) හරහා directly access කරන්න තමයි Static NAT බොහෝදුරට යොදාගන්නෙ කියල. සරල උදාහරණයකින් static NAT වල ක්‍රයාකාරීත්වය විමසා බලමු.
       ඉහත රූපසටහනේ තියෙන විදියට public network එකේ අය internal network එකේ තියෙන web server එක හදුනන්නෙ 20.0.0.4 විදියටයි (අපි කලින් පාඩමේදි කතාකලා මතකයිනෙ private network address public network එකේදි පාවිච්චි කරන්න බැහැ කියල, ඒක හින්ද public network එකට private network එකේ උපකරණ අප විසින් public IP address එකකින්ම හදුන්වා දිය යුතුයි ). අපි හිතමු internal network එකේ තියෙන web server එකට internet එක හරහා network request (incoming packet) එකක් එනව කියල. එම request එක NAT configured Router එකට ආවට පසසෙ Router එක බලනව එම request එකේ තියෙන destination IP address(20.0.0.4) එකට NAT table එකේ NAT mapping එකක් තියෙනවද කියල. උදාහරණෙ විදියටනම් 20.0.0.4 කියන IP address එක 192.10.10.3 කියන private IP address එකට map වෙලයි තියෙන්නෙ. තවත් සරලව කියනවනම් 20.0.0.4 IP address එකට එන සෑම network traffic එකක්ම Router එක තුලදි 192.10.10.3 කියන IP address එක වෙත යවනව. මේ සෑම map වීමක්ම NAT table එකේ record එකක් විදියට තියාගෙනයි ඉන්නෙ.
                        තවත් විස්තර ඇතුව එම උදාහරණයම පියවරෙන් පියවර පහත රූප සටහනත් සමග බලමු.


  1. ඉහත රූප සටහනේ විදියට public network එකේ තියෙන 50.0.0.1 computer එකෙන් private network එකේ තියෙන web server (192.10.10.3) එක access කරන්න request එකක් යවනව. මෙතනදි destination එක විදිටය web server එකට assign කරල තියෙන IP address එක දෙන්න බැහැ. ඒක හේතුව තමයි private network එකේ බාවිතා වෙනනෙ private address range එකට අයත් IP address නිසාත් එම IP address public network එක තුල routed(මාර්ග ගත) ආකාරයට යොදාගත නොහැකි නිසාත්ය (මේ පිළිබදව පැහැදිලිව කලින් පාඩමේදි සදන් කරල තියෙනව). අන්න ඒ නිසාම තමයි අපිට NAT සැකසුම් මාර්ගයෙන් web server එක සදහා public IP address එකක් map කිරීමට සිදුවෙලා තියෙන්නෙ. දැන් NAT සැකසුම් මගින් private network එකේ ඇති web server එක සදහා public IP address එකක් map කර ඇති නිසා, public network එකේ ඇති උපකරණයකට  map කල public IP එක හරහා private network එකේ ඇති web server එක හා සම්බන්ධ වෙන්න පුළුවන්. තවත් සරලව කියනවනම් public IP එක වෙතට එන network traffic NAT සැකසුම් කරල තියෙන Router එක විසින් එම public IP address එකට map කර ඇති private IP address එක වෙත යවනව.
  2. destination IP address එක 20.0.0.4 විදියට NAT configured Router එකට ආවට පස්සෙ Router එක Static NAT table එකේ බලනව මෙම public IP address එක සදහා map කරන ලද Private IP address එකක් තියෙනවද කියල. අපේ උදාහරණයෙ විදියටනම් map වෙලා තියෙන්නෙ 192.10.10.3 කියන web server එකේ IP address එකයි. ඒ අනුව දැන් Router එක 20.0.0.4 කියන destination IP එක 192.10.10.3 විදියට මාරු කරල web server එක වෙත යවනව. දැන් source computer එකේ ඉදල destination computer එක වෙතට request එක ඇවිත් ඉවරයි.
  3. web server එක වෙතට request එක එවපු computer එකට reply එකක් යැවීම ගැන මෙතන ඉදල කථා කරමු. දැන් reply එක යැවිය යුතු computer එක තමයි destination එක වෙන්නෙ. එතකොට source computer එක වෙන්නෙ කලින් destination එක වෙලා තිබුනු අපේ web server එකයි. මේ විදියට source එක destination එකත් destination එක source එක විදියට මාරුවීමක් තමයි මේ අවස්ථාවෙදි සිද්ධ වෙන්නෙ.
  4.  මේ reply packet එක NAT configured Router එක වෙතට ආවට පස්සෙ NAT table එකේ තියෙන විදියට reply packet එක සදහා private IP address එකට map කරන ලද, public IP address එක source IP එක විදියට assign කරනව. ඊට පස්සෙ එම reply packet එක public interface එක හරහා public network එක තුලට ඇවිත් destination එක හොයාගෙන යනව.
                          ඔන්න ඔය විදියට තමයි static NAT වලදි Router එක හරහා සිද්ධ වෙන කටයුතු අපිට දැකගන්නට ලැබෙන්නෙ. දැන් ඔයාලට තේරෙනව ඇති Static NAT වලදි IP address map වීම දෙපැත්තටම සිද්ධ වෙනව කියල. ඒ කිව්වෙ data packet එකක් private  network එකේ ඉදල public network එකට යද්දි private IP address එක public ip address එකකට map වීමත් data packet එකක් public network එකෙන් private network එකට පැමිණීමේදී NAT සැකසුම් කරණ ලද public IP address එක private IP address එකට map විමත් සිද්ධ වෙනව කියල.

Static NAT සැකසුම් කිරීම:
     මේච්චර වෙලා කථාකරපු static NAT හරි ලේසියෙන්ම එක් command එකක් හා සෑම NAT සැකසුමකටම පොදු වු තවත් command  දෙකක් එකතු කරල  Router එකට සැකසුම් කරන්න පුළුවන්.දැන් බලමු ඒ commands මොනවද කියල..
1.  Router (config) # ip nat inside source static <intside/private ip address> <map IP address>
         මේ command එකේ ip nat කියන කොටස ඕනෑම NAT (static,dynamic,PAT) සැකසුමක් කිරීමේදී පොදු කොටසක්. ඉන්පසු තියෙන inside source static කියන කොටසෙන් Router එක හදුනගන්නව මේක static NAT බව. <inside/private ip address> යටතට දාන්න ඕනෙ අපේ private/inside network එකේ ඇති NAT සැකසුම් මගින් map කිරීමට බලාපොරොත්තු වන IP address එකයි. <map IP address> යන කොටසට කලින් අපි කතාකරපු IP address එකට map කල යුතු IP address එක දැමිය යුතු වෙනව.
ඊලග command එක ගැන ඉගෙන ගන්න කලින් පහලින් තියෙන රූප සටහන බලල ඉන්න.
NAT සැකසුම් කිරීමෙදි අපි හදුනාගන්න ඕන NAT සැකසුම් කරන Router එකේ මොන interfaces ද inside හා outside විදියට සලකන්නෙ කියල. මේ හදුනාගැනීම static, dynamic, PAT යන සෑම NAT සැකසුමක් සදහාම පොදුයි. ඒ වගේම dynamic හා PAT සැකසුම් කිරීමේදීත් අපට මේ හදුනාගැනීමෙන් ලබාගන්නා command දෙක අනිවාර්යෙන්ම යෙදිය යුතු වෙනව.
NAT Router interfaces සදහා සැකසුම් කිරීම:
Router එකේ interfaces වලින් කුමන interface එකද NAT inside ආකාරයටත් NAT outside ආකාරයටත් ක්‍රියාකරන්නෙ කියල Router එකට හදුන්වාදීමක් තමයි මෙතනදි කරන්න ඕනෙ. මෙම සැකසුම් කරන්න ඕනෙ අදාල interface එකේ configuration mode එකේදියි.
NAT inside ආකාරයට සැකසීම.
Router (config-if) #ip nat inside
NAT outside ආකාරයට සැකසීම.
Router (config-if) #ip nat outside

දැන් අපි static NAT සැකසුම් කිරීම සදහා අවශ්‍ය commands ගැන කථාකරල ඉවරයි. දැන් ක්‍රියාකාරකම් වලට යමු.

Static NAT ක්‍රියාකාරකම:
වඩාත්පැහැදිලිව තේරුම් ගැනීම සදහා පහත ගොනු දෙක බාගන්න.
***** configuration text file
                      මේ ක්‍රියාකාරකමේදි කරල තියෙන්නෙ Router 1 හි inside network එකේ ඇති web server (10.0.0.2) එක සදහා 100.0.0.2 IP address එක static NAT සැකසුම් මාර්ගයෙන් map කිරීමයි. ඉහතක්‍රයාකාරකමේ Router අතර සම්බන්ධතාවය ගොඩනගාගැනීමට static routing බාවිතාකර ඇත.
පරීක්ෂා කිරීම:
outside network එකේ ඇති computer එකක web browser  එකේ 100.0.0.2 හරහා ඔබට 10.0.0.2 IP address assign කර ඇති web server එක access කල හැකි විය යුතුයි.
මේ වන විට NAT හදුනාගැනීම static NAT වල ක්‍රියාකාරීත්වය, සැකසුම් කිරීම අවසන් කරල තියෙනව. NAT පාඩමේ අවසානය සදහා තව අපිට කථාකරන්න තියෙන්නෙ dynamic NAT හා NAT overload (PAT) ගැන පමණයි. static NAT වලදී ලබාගත් දැනුම පාදක කරගෙන අනිත් NAT අවස්ථාවන් දෙකත් දැන් ඔබට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. 
    රැකියාව හා BIT අවසන් වසර නිසා අනෙක් NAT පාඩම තරමක් ප්‍රමාදවිය හැකි බැවින් පහතින් ඇති පැහැදිලිව NAT ගැන හදුවාදෙන you tube video තුන(මම හදපුව නෙමෙයි) නරබා තේරුම් ගන්න.
video 01
video 02
video 03 
කේසේ හෝ අනෙක් පාඩම් (ඉතිරි NAT පාඩම්ද ඇතුළුව) සමග අනිවාර්යෙන්ම අයෙත් හමුවෙමු. එතෙක් ඔබ සැමට..
***** ජය ශ්‍රී *****

70 comments:

  1. patta machooo thanks wewa mage exam1ta kalin meka demmata ubata

    ReplyDelete
  2. ah amathaka una ,,,,BIT 1e final year 1 th 1n ma goda yanada kiyala api onna suba pathanawa

    ReplyDelete
  3. dan ccna witharak karana ayata job adui neda..?

    ReplyDelete
  4. @Anonymousjob නම් තියෙනව සහෝ ඒත් එතනින් එහාට යන්නනම් තවත් සුදුසුකම් ඕන වෙනව ගොඩක්...

    ReplyDelete
  5. thawa monada danaganna ona...oya fild eke enna nisa a gana tikak kiyanawada..? mokada ccna karala passe monada karanna ona kiyala danagena enna eka hodaine...tnx bro,,,,,,

    ReplyDelete
  6. ccna exam ekedi "?" mark conf t wage short command use karanna denawada?

    ReplyDelete
  7. machoo comletma CCNA course1 iwara wenda thawa kochara wage post ganak thiyenawada danada ???????????????? denata kocharak wage cover wela thiyenawada me blog 1n ???????????? plz anzer machan....

    ReplyDelete
  8. Intermediate System-to-Intermediate System (IS-IS)

    machan CCNA walata meka genath thiynawada ???????????

    ReplyDelete
  9. machan me blog 1e routing kotasata thawa godak dewal thiyanawada karanada ????????

    switching nam CLZ1e kara LAN modul1ta ath routing igena gathe ube bolg1 bala machooo. loku help 1k una. ubata godak pin machan .!!!!!!!!!!!!!!
    awagema BIT exam 1ka 1n ma goda yanada kiyalath prartha karanawa.

    ReplyDelete
  10. @Anonymousසමහර වෙලාවට conf t වැඩකරනව. කෝකටත් හොදයි සම්පූර්ණම command එක ගහල වැඩ කරණ එක..

    ReplyDelete
  11. @AnonymousCCNA කියන්නෙ එක course එකක් විතරයි networking සම්බන්ධව තියෙන.තව ගොඩක් courses තියෙනව මේ field එකේ.linux,microsoft sever side වගේ.මේ මොනව කිබුනත් හොදට වැඩ පුළුවන් වීමත් අනිවාර්යයි.ඊට අමතරව IT field එකට සම්බන්ධ degree එකකුත් තියෙනවනම් ඉතින් හොදටම හොදයි..

    ReplyDelete
  12. @Anonymousතවනම් lesson ගොඩක් තියෙනව සහෝ..
    switching,WAN,wireless වගේ.....මම හිතන්නෙ blog එකෙන් 50% විතර cover වෙලයි තියෙන්නෙ

    ReplyDelete
  13. @Anonymousis-is ගැන නැහැ සහෝ..
    CCNP-Route course එකෙනුත් IS-IS අයින් කරලයි තියෙන්නෙ...ඒ උනාට ඒකෙන් පුශ්ණයක් අහන්නත් පුළුවන්

    ReplyDelete
  14. @Anonymous
    Routing කොටසෙනම් 90% විතර ඉවරයි සහෝගඅනිත් ටිකත් දැන්ම බැරිඋනත් පුළුවන් විදියට දාන්න ඉබන්නම් සහෝ.ස්තුකියි ප්‍රාර්ථනාවට

    ReplyDelete
  15. Networkදිසා godak sthuthi sahoo anzer1k dunnata.. puluwan ikmanata routing wala anith 10% ye ithuru kotasath danda balanada idak lebena sahooge wedawalata badawak nokaragena ehenam .

    jayawewa.....
    iriri weda katauthu siyallakma sarwaprakarayenma sarthaka wewa..................!!!!!!!!!!!

    ReplyDelete
  16. sahoo podi getaluwak thiynawa poddak pehedili karanawada ???

    ihatha pehedili krimedi B/R 1e se 0/0 walata assign wela thiyena 20.0.0.3 kiyana public ip address 01 kohomada ethanata assing une ????

    mama adahas keruwe webserver1e privert ip1 map wenda ona a 20.0.0.3 kiyana public ip1ta nemeida ????

    samanyen ape home use karana router 1kadi unath kelinma , api pc 01 ta use karapu privert ip address1k NAT wenne ape router 1e anith pethte port1ta(wan port01e) assing wela thiyana public ip address1ta neda ???????

    poddak pehedili karala denda loku help1k ethana tikak pehedili na mata ...

    ReplyDelete
  17. adai dekke machooo
    sehena deyak thiynawa wage ganada mula idala kiyawanada ona mama kalin CCNA kara eth smhara dwal mathaka na.
    Ada mama ACL & NAT kiyewwa pattama thiyanawa...... api subapathanawa uba me karala thiyenne pattama wedak. mokada mama addekimen dannawa CCNA karanawa kiyala godak thenwala patta pal boru karanne .
    ape unta self study parak wath daganada kaddath ba .
    itin uba me karana wede Network feeld1ta ena aluth kollo seramalla wenuwen karapu sirama wedak..
    ubata jaya wewa kiwwa ehenam ..!!!!

    ReplyDelete
  18. machan meka methanata dala prashnayak nam nemei .eth poddak pehedili karala denawada ??

    CSU/DSU kiyanne mokadda aken kerenne mokadda

    ReplyDelete
  19. @Anonymous
    සහෝ කියන විදියට එක පාරින්ම outside port එකට assign කරල තියෙන public IP එක කෙලින්ම inside network එකේ තියෙන host එකකට map කරන්න පුළුවන්.

    ඒත් මම මෙතනදි පැහැදිලිවම Static NAT MAP වීම පෙන්නන්න ඕන හින්දයි ඒ විදියට දාල තියෙන්නෙ.practical environment එකකදිනම් සහෝ කියනව විදියට කෙලින්ම outside interface එකට එන traffic යම්කිසි port එකකට විශේෂණය කරල අපිට specific internal ip address එකකට යොමුකරන්න පුළුවන් port forwarding හරහා.

    හැබැයි dynamic NAT වලදී address pool එකත් සමග Internal private IP address map කිරීමේදී සහෝගෙ ක්‍රියාවලිය වලංගු වෙන්නෙ නැහැ.ඒ හින්ද මේ විදියට ඉගෙන ගන්න එක ඉදිරි පාඩම්වලදි තේරුම් ගැනීමට පහසුවක් වේවි...

    ReplyDelete
  20. @Anonymous
    මේක පොඩ්ඩක් බලන්න සහෝ..
    https://learningnetwork.cisco.com/thread/28073

    ReplyDelete
  21. machan static nat 2 pethatama yodaganada puluwanda ???
    thiyari kelledi kiyala thiyenne ape privert network 1e thiyana web server1k wage deyak , public network 1e unta access karana meka yodaganawa kiyalane. but practical 1e di
    karala thiyenne internet 1e thiyana webserver1k access privrt usersla access karana 1e ne .aka gena poddak pehedila karala denawada ?????????

    ReplyDelete
  22. sahoo static NAT sadaha ACL yodagenimak wena awastha thiynawada ? thiynawanam a mona wage awasthada ??

    ReplyDelete
  23. sahoo puluwan ikmanta NAT wala ithuru padam2th danda...............

    ReplyDelete
  24. sahoo R1 (B/R) 01 ta conect wela thiyena interface ( fa0/0 , se 0/0 ) methanadi api hadunwala denda one nedda r2 ta ip nat inside da ip nat out sideda kiyala ????

    ()#int fa 0/0
    ()#ip nat inside
    ()int se 0/0
    ()#ip nat outside

    menna me widiyata ??? mama clz 1e karanakota mehema thamai igennuwe poddak pehedili karanawada ???

    ReplyDelete
  25. @Anonymous
    Static NAT දෙපැත්තටම MAP වෙනව. ඒක හින්දම එකට කියනව two way mapping කැයලත්.මේ ගැන පැහැදිලි සදහනක් මම කරල තියෙනවනෙ.
    හොදට බලන්න සහෝ practical එකේදි මම ලෙන්නල තියෙනව කොයි පැත්තද private network එක කොයිපැත්තද public network එක කියල.හොදට practical එකට අදාලව දාල තියෙන ඍුප සටහන බලන්න.එකෙ ලියල තියෙන දේ හොදට බැළුවොත් තේරෙයි කොයිපැත්තද inside,outside කියල.

    ReplyDelete
  26. @Anonymous
    policy based Static NAT configure කරද්දි අපිට Static NAT සමග ACL යොදාගන්නජ පුළුළුන්.පහත ලින්කුවෙන් ගිහින් වැඩි විස්කර බලන්න...
    http://www.cisco.com/en/US/docs/security/asa/asa82/configuration/guide/nat_static.html

    ReplyDelete
  27. @Anonymous
    ඇයි එහෙම හදුන්වල දෙන්න අවශ්‍ය වෙන්නෙ. Router 2 සදහා අපි NAT සැකසුම් කරල නැහැනෙ.NAT සැකසුම් කරන Router එකට පමනයි NAT inside හා outside සැකසුම් කරන්න අවශ්‍ය....

    ReplyDelete
  28. Me WAN encapsulation krama3 gena podi witharayak kiyanawada machan ,

    me akin aken wenne monawada , mewage wenaskam monawada kiyana dewal gena loku help1k

    01 Point to point (Dedicated)
    02 Circuit Switched
    03 Packet Switched

    ReplyDelete
  29. macahan specialy yata 2 gena kiyapan point to point nam ecarama getaluwak na

    ReplyDelete
  30. machan frame relay gena poddak sistara karanawada (sinhalen). english walin thibuna awa therune na beluwata :(

    ReplyDelete
  31. @Anonymous
    සහෝ මම වෙලාවක් ලැබුනු ගමන්ම පිළිතුරු දෙනන්නම්.සමාවෙන් ජොබයි විභාගයි හින්ද මේ දවස්වල හෙල්ලෙන්නවත් බැරුව ඉන්නෙ...

    ReplyDelete
  32. aiye CCNA walata " BGP " thiyanawada ????

    ReplyDelete
  33. @Networkදිසා

    hari saho thanks wewa.... wibahage elatama godayawa uba aniwa !!!!

    ReplyDelete
  34. @Anonymous
    එල එල අනිව විභාගෙ ඉවරඋන ගමන් ආයෙත් හම්බෙමු....

    ReplyDelete
  35. ane aiiye ccna iwarak karanna hode mama network paththata hari kamathi oyata ape ccna piya alama thama

    ReplyDelete
  36. macho CCNA online exam 1edi apita ciscola lakunu ganak denawada apita mulinma ??
    ( 200 ganak hari 300 ganak hari ). ehema denawanam ethakota api exam 1ta marks 500- 600 athara wage gathama eathida ara mulinma dena ganath akathu wenawanam ??? poddak kiyaopanko machooo

    ReplyDelete
  37. @Anonymous
    එහෙම ලකුණු දෙන විදියක් නෑ සහෝ. අපිම තමයි ප්‍රශ්න වලට පිලිතුරු දීල ලකුණු බලාගන්න ඕන.

    ReplyDelete
  38. ayye mama CCNA complete kala oyata pinsidda wenna.. bohoma sthuthi... oyata wadi waidyen igena ganna labewa!!!!!!!! CCNA job mona hari thibboth kiyanawada?? dan ithin job hoyanawa..loku udawwak.. Charith, Makola

    ReplyDelete
  39. දිසා මල්ලි .................හොද මල්ලියා වගේ මට MCTS (70-640 Active directory) part එක කරන්න help එකක්
    ගන්න පුළුවන් site එකක link එකක් දාන්නකෝ.......CCNA වල
    9tut වගේ හෙල්ප් එකක් ගන්න පුළුවන් එකක් .............අනේ මට කරන ලොකු උදඋවක්‌ සහෝ ......................


    මල්ලිගේ බ්ලොග් එක බලලා මන CCNA වලට ලොකු හෙල්ප් එකක් ගත්තා .ඒ ගැනත් මල්ලිට ස්තුතිවන්ත වෙන්න ඕන .........



    thanks මල්ලි ..............

    ReplyDelete
  40. macho mama networking gana melo hasarak karala naha namuth ada wenakota thaniyama mail server ekak wage unath dhaganna hakiyawa hadagatthe mewage tutorial kiyawala..mage dhanumata mata sahoge blog eka loku help ekak una..ubata godak pin..uba danna de hariyata kiyala dila me kara de godak wadagath...ube anagathayata jaya wewa..

    ReplyDelete
  41. ඔබටත් අප හා එක්විය හැකියි.පිවිසෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete
  42. ane wasthuwe aluth padam dennakoOOOOOOOOO

    ReplyDelete
  43. The handles can be a easily padded rubber as well as the dumbbells are significantly much more compact
    than the SelectTech 1090s.

    Here is my webpage - free weights for sale

    ReplyDelete
  44. puluwannum ikmanata SWITCHING padam tika patangamuda loku help ekak specially Spanning tree,VTP wage ikamanata danna puluwannada....

    ReplyDelete
  45. Whenever you take into consideration that any training
    devices must be witnessed as an financial investment in your total wellbeing and also your longevity then you
    definately realize that there is no fantastic purpose why everyone should not insert a Bowflex elliptical machine to
    their house health club devices.

    Look at my site: www.getfitnstrong.com

    ReplyDelete
  46. Health and fitness is the primary cause above every one of these, but these are
    some entertaining approaches to stay determined whilst during the health club.


    Here is my blog post :: http://www.getfitnstrong.com/adjustable-dumbbells/

    ReplyDelete
  47. If you would like to experiment, even so, start looking all over the decide bin at your local new
    music shop and also your guaranteed to search out some jumbo oversized picks too as some tiny tear
    drops for you to enjoy with.

    Stop by my web blog - dumbbells for sale

    ReplyDelete
  48. budu aiyeeee godak thankuuuu wewa............................... ane ithuru padamuth ikmantama dendakooooooooo

    ReplyDelete
  49. @Anonymous
    බුදු මල්ලිෙයා් ෙවලාවක් ලැබුන ගමන්නම දාන්නම්

    ReplyDelete
  50. මම ccna exam කරන්න ඉන්නෙ. 640 -802 / 120 -200 මෙ 2 න් මොන exam 1ක කරන එකඩ හොද?

    ReplyDelete
  51. @NewsLine
    640-802 තමයි ccna exam එකගඅනිත් නම්බරයෙන් කියන exam එක මොකද්ද කියලවත් මමනම් දන්නෙ නැහැ සහෝ..

    ReplyDelete
  52. macho Anik Padm tikat me september exam ekata redy wenna danna puluwanda...

    ReplyDelete
  53. disa mallata apiwa mathaka beri welada manda :(
    janawari walin passe post 1k wath dala na ne maye affeee...
    ane ratharane.... anith padam tikath wigahing dapankoooo......
    wireless padamak puluwannam ikmanatama dahankoooo....

    ReplyDelete
  54. Machoooooooo Nat wala ithuru padam tikkath puluwan nam dapan koo... loku help ekk..!!

    ReplyDelete
  55. දෑනට කරපු උදව් වලට ගොඩක් ස්තුතීය වගෙම අනික් පඩම් ට්කත් ඉක්මනින්ම දන්න කියල ඉල්ලනව.

    ReplyDelete
  56. @Anuruddika wijayarathna
    දාපු පාඩම් සේරම ටික කියවල ඉවරයි වගේ නේද?
    එල එල බලමු ඉක්මනින්ම පාඩමක් දාන්න.

    ReplyDelete
  57. aiye mokadda supernet kiyanne ??? udaharanekuth akama poddak pehedili karala denawada ???

    ReplyDelete
  58. @Anonymoussupernet කියන්නෙ IP asddress වලදි අපි ඉගෙන ගන්න ඕන දෙයක්.හරි මම blaukgu supernet ගැන පාඩමක් දාන්නම්...

    ReplyDelete
  59. ane ratharan malliyeeee ithuru nat padam 2th danadako........... kadden kiya dewal therenne na wasthuweeeee :(
    kiyana thenakata wadinnam malliyeeeeeeeeeeeeeeeeeeee

    ReplyDelete
  60. aiyoooo masa 7k gihilla disa malayooooooo... alth padam danda patan gandoooooooo....... :( plzzzzzzzzzzzzzz )

    ituru nat padam + WAN & framrelay me padam tika puluwan ikmaning dandoooooo

    ReplyDelete
  61. ccna hama lesson ekakama danawa neda saho??????????

    ReplyDelete
  62. @asela
    වෙලාවක් හම්බෙන විදියට තමයි දාන්න වෙන්නෙ සහෝ...

    ReplyDelete
  63. අයියේ super-netting ගැන කියල දෙන්න පුලුවන්ද ?

    ReplyDelete
  64. @KandyBoy.lk
    NAT පාඩම ඉවරඋන ගමන් Supernetting ගැන දාන්නම් සහෝ....

    ReplyDelete
  65. දිසා අයියා Class C private address 192.168.0.0 to 192.168.255.255 කියන range එකේනෙ තියෙන්න ඕන(පෙර පාඩමෙන් ) ..නමුත් රූප සටහනේ 192.10.10.3 private address 1ක් විදියට ගත්ත එක හරිද?

    ReplyDelete
  66. @Anonymous
    රූප සටහනේ තියෙන විදිය ගැන මම සැලකිලිමත් වෙලා නැහැ සහෝ. ක්‍රියාකාරකම් වලනම් පැහැදිව private IP යොදාගෙන තියෙනව නේද.
    වැරදීමක් වෙලා තියෙන්නෙ, අපහසුතාවයට පත්උනානම් සමාවන්න.....

    ReplyDelete
  67. හරි අය්යා බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට .. මම ඔයාගේ ඔක්කොම පාඩම් හරියටම බැලුවා .නියමයි .. ගොඩක් පින් සිද්ධ වෙනවා . පුලුවන්නම් VPN ගැනත් ඉක්මනට දමන්න .. මාරම වැදගත් job 1ක කරන් යනකොට .. නිතරම බාවිතා වෙනවා ..

    ReplyDelete
  68. configuration text file eka download karanna bene ayya

    ReplyDelete

වැරදි දෙයක් ලියල තියෙනවනම් පෙන්නල දෙන්න, හරි දෙයක් හරියටම ගත්තනම් හිතුන දෙයක් ලියල යන්න....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...