12 September 2011

CCNA දාහත්වන පාඩම Routing iv (Routing Information protocol)

CCNA දාහත්වන පාඩම Routing iv (Routing Information protocol)
                                                      මේ පාඩමේ ඉදල අපි කතාකරන්න පටන්ගන්නෙ එක් එක් වර්ගීකරණයට අයත් Routing protocol ගැන වැඩිදුර විස්තරයි. ඒ වගේම ඒ routing protocol, Router එකට සැකසුම් කරල network එකේ තියෙන අනෙත් Routers සමග සබග සම්බන්ධතාවක් ගොඩනගාගන්නෙ කොහොමද කියලත් මේ පාඩමෙන් බලන්න පුළුවන්. මුලින්ම අපි කතාකරන්නෙ Distance vector Routing protocol වලට අයත් වෙන routing protocol එකක් ගැනයි.ඒ තමයි අපේ මුල්ම routing protocol එක වෙන  RIP (Routing Information Protocol).                             
                                          RIP එකට Distance vector Routing protocol යටතේ කතාකරපු ලක්ෂණ සේරම අන්තර්ගත වෙනව. ඒ ලක්ෂණ මතක නැත්තන් මෙතනින් ගහින් ඒ ලිපිය බලලම මේ පාඩමට එන්න. RIP වල සංස්කරණයන් එහෙමත් නැත්තන් සිංහලෙන් කියනවනම් version දෙකක් තියෙනව. ඒ තමයි RIPv1 හා RIPv2. පළමු අවස්තාවෙ තිබිච්ච දුර්වලතා මගහරවන්න තමයි දෙවනි සංස්කරණය එහෙමත් නැත්තන් RIPv2 හදුන්වල දීල තියෙන්නෙ. හරියට IPv4 වලට පස්සෙ IPv6 හදුන්වල දුන්න වගේ. මුලින්ම අපි බලමු RIP වල තියෙන විශේෂ ලක්ෂණ, ඊට පස්සෙ බලමු RIPv1 හා RIPv2 වල දකින් තියෙන විශේෂ ලක්ෂණ වෙන වෙනම මොනවද කියල. දැනටමත් දන්නවනෙ RIP වල Distance vector Routing protocol ලක්ෂණ පෙරනිමිතියෙන්ම තියෙනව කියල. දැන් අපි බලමු ඒ මෙනවද කියල.
  • මුලින්ම කියන්න ඕන දේ තමයි RIP වල Administrative distance එක වෙන්නෙ 120. (Administrative distance එක කියන්නෙ මොකක්ද කියල මේ පාඩම බැලුවොත් ඔයාලට තේරෙයි. බලපු කට්ටිය ආයෙත් ඒ පාඩම බලල මොංගල් වෙන්නැතුව මේ පාඩම විතරක් බලන්න:)  
  • RIP වලදී Metric value එක ගණනය කරගන්න යොදාගන්නෙ hop count ප්‍රමානයයි (hop එකක් කියන්නෙ network එකේ තියෙන Router එකක් කියල මතක තියාගන්න). උඩ තියෙන සබදියෙන් තියෙන පාඩම බලලනම් තියෙන්නෙ දැන් ඔයාල දන්නව metric value එක තමයි යොදාගන්නෙ best path (අනෙත් Routers වලට ලගාවීමට හොදම මාර්ගය) තෝරගන්න. RIP වලනනම්  පහල තියෙන රූපෙ විදියට තමයි metric value එක මාර්ගයෙන් best path එක තෝරගන්නෙ.
    දැන් බලන්න network 1 ඉදල network 2 එකට data packet එකක් යවන් ඕන කියල හිතමු. මේ network එකේනම් ඒ සදහා පාරවල් 3ක් තියෙනව. (පහලින් hop විදියට දක්වල තියෙන්නෙ source network එකේ ඉදල destination network එකට ගමන් කිරීමේදී පසුකල යුතු Routers ප්‍රමාණයයි. )

    1.Router 1-----> Router 2-----> Router 3 = 2 hops
    2.Router 1-----> Router 3 = 1 hop
    3.Router 1-----> Router 5-----> Router4-----> Router 3 = 3 hops
                                          
                         දැන් මෙතනදි අඩුම hop count එකක් තියෙන path එක තමයි best path එක විදිය‍ට RIP සැකසුම් කරපු Router එක තෝරග්න්නෙ. මේ network එකේදිනම් Router 1 තෝරගන්නෙ අංක 2 path එකයි.
    • RIP සහය දක්වන්නෙ උපරිම 15 hops (RIP සුකසුම් කරන network එක තුල තියෙන් පුළුවන් උපරිම Routers ප්‍රමාණය 15 ක් හෝ ඊට අඩු විය යුතුයි) තියෙන network සදහා පමනයි. 16 hops කියන්නෙ infinity metric එකක්. ඒ කියන්නෙ 16 hops තියෙන path (route) එකකින් කවදාවත් RIP හරහා  data packet තවත් network එකකට යවන්න බැහැ. ඒ කියන්නෙ data packet එක hop 15 වෙන් පස්සෙ discard (අවලංගු) කරනව. network unreachable තියන්නෙත් ඔයවගේ අවස්ථාවක තමයි. 
    • RIPවල දකින්න පුළුවන් අනිත් වැදගත්ම කාරණය තමයි සෑම තත්පර 30 කට වරක් full routing table එකම directly connected Routers සමග බෙදාගැනීමයි.(directly connected Routers මොනවද කියල Static routing යටතේ අපි කතාකලා මතකයි නේද) අන්න ඒ බෙදාගෙන කෑම හරහා තමයි RIP සැකසුම් කරපු Routers අනෙක් Routers වල තියෙන network වලට යන්න route තමන්ගෙ routing table එකට දාගෙන full convergence network එකක් හදාගන්නෙ. ඔය කලින් කියපු බෙදාගෙන කෑම ගැනනම් මම ගොඩක් දේවල් කියල තියෙනව. පල්ලැහැ රුප සටහනත් බලන්නකො එතකොට නියමෙටම තේරෙයි.


                                     
                කලින් පාඩමේදි මම සදහන් කලා Distance vector Routing protocol වල තියෙන ප්‍රධානම දුර්වලතාවයක් තමයි routing loops කියල. RIP එකත් Distance vector Routing protocol එතත් වෙන හින්ද RIP වලත් routing loop ඇතිවෙනව. නමුත් RIP විසින් routing loop වලක්ව ගන්න ක්‍රමවේදයන් කිහිපයක්ම අනුගමනය කරනව. දැන් බලමු ඒ ක්‍රමවේදයන් මොනවද කියල.
    • RIP timers:
                              RIP වල timers කිහිපයක්ම තියෙනව. අපි දැනටමත් එක timer එකක් ගැන කතාකරලත් ඉවරයි, ඒ තමයි RIP මගින් routing update ලබාගන්න පාවිච්චි කරන update timer (තත්පර 30) එක. මේ timer එකනම් routing loops නැතිකිරීම සදහා බාවිතා නොවුනත් මම මෙතනදි සදහන් කලේ එයත් RIP තුල බාවිතා වෙන එක timer එකක් හින්ද. දැන් බලමු අනිත් RIP timers මොනවද කියල.
    1. Invalid Timer -:RIP වලදි invalid timer එක පෙරනිමිතියෙන්ම සැකසිල තියෙන්නෙ තත්පර 180 ලෙසයි. routing table එකට යම් network එකකට අදාල route එකක් ආපුවාම මේ timer එක start වෙනව. ඊට පස්සෙ මේ timer එකේ කාලය වන තත්පර 180 ක් ඇතුලත එම network එකට අදාල route එක update උනොත්  (අනිවාර්යෙන්ම RIP වලදි සෑම තත්පර 30 කට වරක් routing update සිදුවන නිසා යම් network එකකට අදාල route එකක් routing table එක තුලදි සෑම තත්පර 30 කට වරක්ම update වේ. එසේ update නොවන්නේනම් එයින් කියන්නේ එම network එක විසංන්දි වී ඇති බවයි) නැවතත් Invalid timer එක reset වෙනව (මුල සිට ආරම්බ වෙනව). හැබයි තත්පර 180 ක් ඇතුලත එම route එක update උනේ නැත්තම් invalid timer එක මගින් කරන්නෙ එම route එකට infinity metric (16 hops) එකක් assign කරල routing update මගින් අනිත්  Routers වලටත් යැවීමයි. ඒ වගේම එම route එක invalid timer එක මගින් hold-down තත්වයට පත්කරනව.
    2. Hold-Down Timer -:මේ timer එකෙත් පෙරනිමිතියෙන්ම අගය වෙන්නෙ තත්පර 180 යි. invalid timer එක මගින් යම් කිසි route එකක් hold-down තත්වයට පත්කලාට පස්සෙ මේ timer එක start වෙනව. ඒ වගේම තමයි මේ කාලය ඇතුලත මේ route එකට අදාලව එන කිසිම update එකක් routing table එකට දාගන්නෙත් නැහැ. යම් කිසි route එකක් hold-down තත්වයට පත්වෙන්න හේතු කීපයක් තියෙනව. පළමුවෙනි හේතුව තමයි අපි උඩින් කතාකරපු invalid timer එක අවසන් වී තිබීම. දෙවනි හේතුව වෙන්නෙ වෙනත් Router එකකින් routing update එකක් ආවොත් infinity metric (network unreachable) එකක් සමග ඒ route එකත් hold-down තත්වයට පත්කරනව. තුන්වෙනි හේතුව තමයි දැනට අපේ routing table එකේ තියෙන route එකක metrics  (hop count) එකට වඩා වැඩි අගයක් ගන්නා එම route එකටම අදාල update එකක් වෙනත් Router එකකින් ආවොත් එම route එකත් hold-down තත්වයට පත්කරනව.
    3. Flush Timer -:මේ timer එකේ පෙරනිමිතියෙන් අගය වෙන්නෙ ත්තපර 240 යි. hold-down timer එකත් සමගම තමයි flush timer එකත් start වෙන්නෙ. ඒ කිව්වේ යම්කිසි route එකක් hold-down තත්වයට පත්උනාට පස්සෙ එම route එකට අදාලව hold-down timer එකත් flush timer එකත් එකවරම ක්‍රියාත්මක වෙනව. එතකොට hold-down timer එක ඉවර වෙද්දි flush timer එකේ ඉතුරුවෙලා තියෙන්නෙ තත්පර 60 යි (240 - 180 = 60) මේ තත්පර 60 ඇතුලත කාලය garbage collection interval කියලත් කියනව. මේ කාලය ඇතුලතත් Router එක විසින් අනෙක් Routers වලට දන්වනව මෙය network unreachable  route එකක් කියල.අවසාන වශයෙන් flush timer එකේ ඉතුරුවෙලා තිබුනු තත්පර 60ත් ඉවර උනාට පස්සෙ එම route එක routing table එකෙන් ඉවත් කරල දානව.
    ඔන්න ඔය විදියට තමයි RIP විසින් timers යොදාගෙන routing loop  ඉවත් කරගන්නෙ. timers වලට අමතරව RIP විසින් පහත ක්‍රමවේදයනුත් routing loop ඉවත් කිරීමට යොදාගන්නව.
    • Split Horizon : ‍මේ ක්‍රමවේදයෙන් කරන්නේ Router එකක් යම් කිසි network එකකට අදාලව වැරදි route එකක් එහි neighbor Routers වලට යවපුවාම එම neighbor Routers නැවතත් එම route එක එවපු Router එක පැත්තට එම වැරදි route එකට අදාල update යැවීමෙන් වළකිනව. තවත් විදියකින් කියනවනම් වැරදි route එකක් ලබාගත්තු(receive) interface එකකින් නැවත එම route එකට අදාලව update යැවීමෙන්(send) වලකිනව.හරියට මෙන්න මේ වගෙයි.



    • Route Poisoning : මේ ක්‍රමයෙන් routing loop නැති කරන්නේ මෙහෙමයි. Router එකක යම් network බිදවැටුනොත් ඒ network එකට අදාල route එකට infinity metric එකක් (ඒ කියන්නෙ hop count එක 16 විදියට සකස් කිරීම. මම කලින් කිව්ව මතකනෙ hop 16 කියන්නෙ RIP තුලදී ලගා නොවිය හැකි path එකක් කියල) යෙදා neighbor Routers වලට routing update සමග යැවීමයි. එතකොට අනෙක් Routers තමන්ගෙ routing table එකට එම වැරදි route එක දාගත්තත් data packet යවන්න බැරිවෙනව. ඒ කියන්නෙ වැරදි route හරහා data packet යාමෙන් සිදුවන routing loop එක නැතිවෙනව කියන එකයි.
    • Triggered Update:මේ ක්‍රමවේදයෙන් කරන්නෙ Router එකක  network එකක් බිදවැටුනු ගමන්ම ඊට අදාල route එකට infinity metric එකක් assign කරල ඒ වෙලාවෙම අනෙකුත් Routers වලටත් දැනුම් දීමයි. මෙහිදී Router එක update timer එක  (තත්පර30) ගතවෙනතෙක් බලාගෙන ඉන්නේ නැහැ. එවෙලාවෙම network එකේ තියෙන අනෙක් Routers වලටත් එම route එක යවල ඒ හරහා යන data packet නවතා දමනව.
    • Poison Reverse : මේ ක්‍රමයත් RIP සැකසුම් කරපු Routers අතර සිද්දවෙන routing loop මගහරවාගන්න යොදාගන්නව. split horizon ක්‍රමවෙදයට විරුද්ධ ආකාරයත් route poisoning ක්‍රමයෙත් එකතුවෙන්‍ තමයි මේ routing loop ඉවත් කරගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන්නෙ. පොඩ්ඩක් හිතල බලන්න, එතකොට තේරෙනව මොකද්ද poison reverse කියන්නෙ කියල.
                                       දැන්නම් RIP වල routing loop ඉවත් කර ගන්න බාවිතා කරන ක්‍රමවේදයන් සේරම අපි බලල ඉවරයි. මේ පාඩමෙන්ම RIP Router වලට සැකසුම් කරන හැටි ලියන්න හිටියත් දැන්නම් ලිපිය ගොඩක්ම දිග වැඩියි. ඒක හින්ද ඊලග ලිපියෙන් ඉක්මනින්ම අපි RIPv1 හා RIPv2 වල තියෙන වෙනස්කනුත් ඒවා Router සදහා  සැකසුම් කරන හැටි  බලමු. ඊට කලින් අමතර කරුනක් විදියට මේකත් මතක තියාගන්න. RIP අනෙක් Routers වලට routing update යවන්න භාවිතා කරන port එක තමයි UDP port 520. මේ පාඩමේ වැරදි තැන් තියෙනවනම් මට පෙන්නල දෙන්න, ඒ වගේම තේරුනේ නැති තැනක් තියෙනවනම් අහන්නත් අමතක කරන්න එපා.දන්න විදියට කියල දෙන්න බලන්නම්. එහෙනම්  ඊලග පාඩමෙන් ඉක්මනින්ම හමුවෙමු. එතකන් කට්ටියන්ටම

    ***** ජය ශ්‍රී *****

    24 comments:

    1. ela macho.ohoma yan....:)

      ReplyDelete
    2. poison reverse eka wenna waradi route ekak awoth eka senderta ma yawana saha anek neighbours lata yawanne nethuwa ekada split horizen eka anith virudda kriyawaliyata anuwa..

      ReplyDelete
    3. @Anonymousසරලවම මෙහෙමයි වෙන්නෙ සහෝ.වැරදි routes එන Router එකට එ්කෙන් අපු routes වලට RIP වලට සහය දක්වන් නැති metric එකක් දාල routing updates සමගම ඒ sender router එකටත් යැවීමයි මෙතනදි කරන්නෙ.

      ReplyDelete
    4. split horizon waladi waradi route eka apu paththata ayet update yawanne na kiyanwane,

      etkaota ehama karanne router eka kohomada danaganne meka waradi route ekak kiyala

      ReplyDelete
    5. @Anonymous
      ඔයාට මෙතනදි සිදුවෙන ක්‍රියාවලිය හරියටම තේරෙන්නෙ Dynamic Routing protocol config කරන කොටයි.හරියටම split horizon එකෙන් සිද්ධ වෙන්නෙ originate routing update යවන interface එකෙන් එම network වලට අදාල කසිම update එකක් නොගැනීමයි.
      RIP වලදි මේක සිද්ද වෙන හැටි මේ ලින්කුවෙන් ගිහින් බලන්න.තේර්නේ නැත්තම් අහන්න පුළුවන් විදියට කියල දෙන්නනම්.
      http://www.defaultrouteuk.com/technical/articles/index.php?categories=split-horizon

      ReplyDelete
    6. Route Poisoning VS Triggered Update kiyana me 2 athara thiyena wenasa mokadda balapuwama 2ma thiyenne akama dene ??
      poddak wenasa pehedili karala denawada

      ReplyDelete
    7. @Anonymous
      මම හිතන්නෙ සහෝ තමයි දිගටම පාඩම් වලට ඇනෝ comment දදා ප්‍රශ්න අහන්නෙගප්‍රශ්න අහන එක හොදයි ඒත් එකට පිලිතුරක් ලබාදුන්නම එක් තේරුනාද නැද්ද ඒක වැරදිනම් මොහෙමයි මට හිතෙන්නෙ කියලවන් ප්‍රති උත්තරයක් දෙනවනම් ගොඩක් වටිනව නේද.
      අනිත් එක තමයි සහෝ පාඩම අන්තිම හරිය හොදින් කියවන්න..
      අන්තිමේට පැහැදිලිවම කියල තියෙනව poisoning වලදි කරන්නෙ down වෙලා තියෙන route එකට infinity metric එකක් assign කරල Routing update සමග යවනව කියලයි (එතකොට තේරුම් ගන්න ඕන ඒ යන්නෙ periodic update සමගයි කියල).
      triggered update වලදි කරන්නෙ down වෙච්ච route එකට infinity metric එකක් assign කරල ඒ වෙලාවෙම අනිත් Routers වලට යවන එකයි.

      ReplyDelete
    8. @Networkදිසා

      samawenda sahoo mata apahu reply karana 1 gena wediya ganak une na.. mama prshana wagayak nam ehuwa thamai digatama wage.
      mama aluthenui meka kiyawanada gathe sathi 2 3 k wage eathulatha bagayakatath wada iwara kara gatha sahota pinsiddidda wenda...
      tikak awl wage thibunu then thami ehuwe hodatama wisadagena issarahata yanada ona hinda...

      sahota aken karadarayak unanam ayeth sama wenda kiyala ilnawa....

      ReplyDelete
    9. @Anonymous
      නෑ නෑ කරදරයක් උනේ නෑ සහෝ..
      ප්‍රශ්න අහද්දි මමත් ඒ ගැන හොයනව එතකොට මගෙත් දැනුම වැඩිවෙනවනෙ..
      මටනම් හිතුන එක දිගට කියවගෙන යනව කියල ඒකනෙ පාඩම් වල අන්තිම කොටස් අහිටයම කියවල තිබුනෙ නැත්තෙ :)
      ප්‍රශ්නයක් තිබුනොත් අහපන් සහෝ ඒක අවුලක් නෑ...

      ReplyDelete
    10. thanks wewa... sahoo
      awlak wena thenak thibunoth ahannam...
      @Networkදිසා

      ReplyDelete
    11. සහෝ...මැද තියන රූප සටහන් දෙකක්ම පෙන්නන්නෙ නෑනේ.

      ReplyDelete
    12. @Anonymous
      මැද තියෙන්නෙ රූප සටහන් දෙකක් නෙමෙයි සහෝ ගග
      embedded කරපු pdf දෙකක්ගටික වෙලාවක් යයි load වෙන්න.

      ReplyDelete
    13. එල එල දැන් හරි.ගොඩක් වටිනව මේ post ටික.මාත් දිගටම කියවනව.

      ReplyDelete
    14. niyamai machan , api thawamath ube blog eken yapenawa...

      ReplyDelete
    15. ane me dala thiyana activities baganne kohomada ?plz help me

      ReplyDelete
      Replies
      1. Dropbox eken public access ain karala saho.
        mama hadannam

        Delete
    16. සහෝ පහත මා උපුටා ගත් ජේදයේ,
      ______________________________________________
      (Split Horizon : ‍මේ ක්‍රමවේදයෙන් කරන්නේ Router එකක් යම් කිසි network එකකට අදාලව වැරදි route එකක් එහි neighbor Routers වලට යවපුවාම එම neighbor Routers නැවතත් එම route එක එවපු Router එක පැත්තට එම වැරදි route එකට අදාල update යැවීමෙන් වළකිනව.)
      ______________________________________________

      "යම් කිසි network එකකට අදාලව වැරදි route" එකක් කියන කොටස "යම් කිසි network එකකට අදාලව route" එකක් යනුවෙන් නිවැරදි විය යුතු යැයි මාගේ අදහස. මාගේ අදහස වැරදි නම් නිවැරදි කරලා දෙන්න.

      ස්තුතියි......!!!

      ReplyDelete
      Replies
      1. මම හිතන්ෙන "වැරදි" කියන වචනය තෙයන්න ඔ්ෙන කියලයි.
        යම් කිසි network එකකට අදාල කිව්වාම අැයි එතනදි එ් router එක පැත්තට නැවත එම පාත් එකට අදාලව route යවන්ෙන නැත්ෙත කියල හදුන ගන්ෙන "වැරදි" කියන වි ෙශ්ෂණය හින්දයි.
        සෙහා්ට අැයි එෙහම හිතුෙන කියල කිව්ෙවාත් සෙහා්ෙග ප්‍රශ්ෙන පැහැදිලිවම මට ෙත්රුම් ගන්න පුළුවන් ෙවයි.

        Delete
    17. ගොඩක් පිංසිද්ද වෙනවා සහෝ මේ බ්ලොග් එක ඔයා ලියලා තියෙනවට ගොඩාක් වටිනවා මේක ❤❤❤

      ReplyDelete

    වැරදි දෙයක් ලියල තියෙනවනම් පෙන්නල දෙන්න, හරි දෙයක් හරියටම ගත්තනම් හිතුන දෙයක් ලියල යන්න....

    LinkWithin

    Related Posts Plugin for WordPress, Blogger...