07 March 2012

CCNA විසි තුන්වෙනි පාඩම Routing x (Enhanced Interior Gateway Routing Protocol) EIGRP සැකසුම් කිරීම.

CCNA විසි තුන්වෙනි පාඩම Routing x (Enhanced Interior Gateway Routing Protocol) EIGRP සැකසුම් කිරීම.

                                       CCNA විසි දෙවෙනි පාඩමෙන් අපි කතා කලා EIGRP වල හැසිරීම DUAL algorithm එක මගින් කොහෙමද best path එක තෝරගන්නෙ යනාදී දේවල්. අද අපිට මේ පාඩමෙන් බලන්න තියෙන්නෙ කොහෙමද EIGRP  network එකේ තියෙන Router සදහා සැකසුම කරන්නෙ කියලයි. පහතින් පෙන්නල තියෙන්නෙ EIGRP කරන්න අපිට අවශ්‍ය වෙන command වල syntax ටිකයි.


Router(config)#router eigrp <autonomous system number>
Router(config)#network <nnetwork address>
Router(config-router)#no auto-summary


                          පළවෙනි command එකෙන් තමයි Router එක මගින් EIGRP සැකසුම් හා එයට අදාල අනෙකුත් තොරතරු හදුන ගන්නෙ. ඒ වගේම පළවෙනි command එකේ තියෙන autonomous system number කියන කොටසට 1 - 65535 අතර ඕනම අගයක් භාවිතා කරන්න පුළුවන්. අනිත් එක තමයි network  එකේ EIGRP සැකසුම් කරන හැම Router එකකම මේ autonomous system number එක සමාන වෙන්න ඕන, හරියට IGRP වලදි වගේම. පටලව ගන්න එපා OSPF සැකසුම් කරද්දි තමයි මෙතනට දාන අගය අනෙක් Router සැකසුම් කරද්දි දාන අගයත් එක්ක සමාන වෙන්න ඕන නැත්තෙ, අනික අපි එනදි භාවිතා කරන්නෙ process ID කියල එකක්නෙ.
                            දෙවනි command එකෙන් කරන්නෙ සැකසුම් කරන Router එකේ directly connected networks, EIGRP මගින් network එකේ තියෙන අනිත් EIGRP සැකසුම් කරපු Routers වලට බෙදාහරින්න හදුන්වල දෙන එකයි. මෙතනදි network address කියන තැනට අපි දාන්න ඕන සැකසුම් කරන Router එකට directly connected (Router එකේ interfaces අයත් වෙන network ) වල network address එකයි.
                  තුන් වෙනි command  එකෙන් වෙන්නෙ EIGRP වල පෙරනිමිතියෙන්ම එන IP address summarization කිරීම වලක්වන එකයි. IP address summary කරන එකෙන් වෙන්නෙ එකම පරාසයෙ subnet කරපු networks Classfull විදියට හදුනාගනීමයි. තවත් විදියකින් කියනවනම් no auto-summery කියන command එක හින්ද තමයි Router එක විසින් network address එක classfull විදියට නොගෙන අදාල subnet mask එකේ විදියට ගන්නෙ. අපි no auto-summery කියන command එක EIGRP වල බාවිතා කලේ නැත්තම් subnet කරපු network තියෙන Routers එකින් එක සම්බන්ධ කරන්න බැරිවෙනව (ඒකට හේතුව වෙන්නෙ  EIGRP විසින් network address එක classfull විදියට summarize කිරීමයි). 
උදා:- 172.12.0.0/19
         172.12.32.0/19
         172.12.64.0/19
         172.12.96.0/19
                   උඩින් දීල තියෙන විදියට Router කිහිපයකට එකම class එකේ subnet කරපු network සැකසුම් කරල තියෙනව කියල හිතන්න.දැන් අපි මේ Routers වලට EIGRP සැකසුම් no auto-summery කියන command එක නැතුව සැකසුම් කලානම් ඔය network සේරම 172.12.0.0/16 විදියට තමයි EIGRP මගින් network එකේ බෙදාහරින්නෙ. ඒකට හේතුව තමයි 172 වලින් පටන් ගන්නෙ class B IP address හින්ද subnet mask එකත් class B වල default subnet mask එක වෙන 255.255.0.0 (/16) විදියටම ගැනීම.


දැන් අපි ක්‍රියාකාරකම් කරල බලමු කොහොමද කලින් බලපු command පාවිච්චි කරල Router සැකසුම් කරන්නෙ කියල. මේ ක්‍රියාකාරකමට ගැලපෙන විදියට ඔයාල කැමති IP address දාල කරන්න. IP address ගැටළුවක් එහෙම තිබුනොත් අහන්නත් අමතක කරන්නත් එපා..මම මෙතන කරල තියෙන ක්‍රියාකාරකමට අදාල IP address ඒ network වලට හරියටම ගැලපෙන විදියට නෙමෙයි දාල තියෙන්නෙ. subnetting ගැන තව ටිකක් ඔයාලට තේරුම් ගන්න තමයි මේ ක්‍රියාකාරකමේදි ඒ විදියට IP address සැකසුම් කරල තියෙන්නෙ.
ඔයාලට පුළුවන් පල්ලැහැ තියෙන packet tracer file කියන තැනින් උඩින් කරල තියෙන ක්‍රියාකාරකම ඔයාලගෙ  පරිගණකයට බාගෙන ඒක packet tracer වලින් විවෘත්ත කරගෙන බලන්න. ඒ වගේම ක්‍රියාකාරකමේ තියෙන Routers වලට මම කරපු සැකසුම් අනිත් ලින්ක් එකෙන් ගිහින් ඒකෙ තියෙන text document එක බාගෙන බලන්න පුළුවන් 
උදාහරණයක් විදියට පහලින් පෙන්නල තියෙන්නෙ ක්‍රියාකාරකමේ තියෙන Router2  වලට සැකසුම් කරල තියෙන හැටියි. අනිත් Routers වලට ඔයාල උඩින් තියෙන link වලින් බාගත්තු file 2 ක දිහා බලල තනියම සැකසුම් කරල බලන්න.
Router2:
                           Router2 සැකසුමේදි මම autonomous system number එක විදියට දාල තියෙන්නෙ 50. ඒ හින්ද අනිත් Router  වලටත්  EIGRP සැකසුම් කරද්දි අනිවාර්යෙන්ම autonomous system number එක විදියට 50 දැමිය යුතුම වෙනව. ඊට පස්සෙ Router2 වලට directly connected network වල network address  තමයි දාල තියෙන්නෙ. මේ විදියට Routers සේරම සැකසුම් කලාට පස්සෙ ping command එක පාවිච්චි කරල බලන්න ඔයාල configure කරපු network එකින් එක සම්බන්ද වෙනවද කියල.
දැන් අපි බලමු network එකේ Routers වලට කරපු EIGRP සැකසුම් වල නිවරදිතාව පරීක්ෂා කරන්නෙ කොහොමද කියල.
**Router#show ip eigrp neighbors මේ command එකෙන් EIGRP සැකසුම් කල Router එකේ neighbor table එක බලාගන්න පුළුවන්.
මෙතනින් අපිට බලන්න පුළුවන් Router2 වල එක් එක්  serial interface එකට directly connected Routers එම serial interface එකේ next hop එක විදියට පෙන්නල තියෙනව.

**Router#show ip eigrp topology කියන command එකෙන් EIGRP වලින් හදපු topology table එක බලාගන්න පුළුවන්.
  මෙතනින් පෙන්නල තියෙනව නේද එක් එක් network එකට යන්න පුළුවන් best path ඒවගෙ metric එකත් එක්කම. දන්නවනෙ මෙතන තියෙන සේරම route වලට කියන්නෙ feasible successor route කියල. 

**Route#show ip eigrp route මේ command එක හරහා අපිට බලන්න පුළුවන් අපි EIGRP සැකසුම් කරපු Router එකේ EIGRP routing table එක. router එකේ මුළු routing table එකම බලන්න ඕන නම් Router#show ip route කියන command එක යොදාගන්න පුළුවන්.
කලින් පාඩමේ කතාකරපු විදියට මෙතන තියෙන route වලට කියන්නෙ successor route කියලයි. උඩින් තියෙන table එකේ [90/*******] විදියට පෙන්නල තියෙන තැන 90 කියන්නෙ EIGRP වල administrative distance එකයි. තරු ලකුනින් සදහන් කරල තියෙන තැන දාල තියෙන ඉලක්කම් වලින් පෙන්නන්නෙ ඒ roue එකේ metric එකයි. ඔයාලට පුළුවන් topology table එකයි EIGRP routing table එකයි සන්සන්දනය කරල බැළුවොත් තවත් වැඩිපුර තොරතුරු ටිකක් හොයාගන්න..
පහලින් තියෙන command වලිනුත් වෙන්නෙ මොනවද කියල ඔයාල හොයල බලන්න. මේ command නම් ගොඩක් දුරට ගන්නෙ EIGRP වල troubleshooting වලට.

Router#debug eigrp fsm

Router#debug eigrp packet

Router#debug eigrp neighbor

Router#debug ip eigrp notifications

EIGRP පාඩමත් මෙතනින් ඉවර වෙනව.  ඊලග පාඩමෙන් අපි කතා කරමු default Route කියන්නෙ මොනවද කියල. 

ඔබ සැමට
*****ජය ශ්‍රී*****

36 comments:

  1. කියවන්න කලියෙන් මම කරන්නේ උඹගේ ලිපිය කොපි කරලා වර්ඩ් ලියවිල්ලක් මතට පේස්ට් කරගන්න එක නෙව ..

    ස්තුතියි බං..

    ReplyDelete
  2. ලොකු සේවයක් කරන්නේ සිංහලෙන් මේ වගේ පාඩම් පල කරලා...ජය !!!

    ReplyDelete
  3. @හිස් අහසහුග කාලෙකින් නේද.
    පේස්ට් බැරිනම් මෝව් හරි කරගනින් බං.මට මොකෑ ඉතිං.
    එල ඈ..

    ReplyDelete
  4. @ඔබ නොදු‍ටු ලොවක්
    ගොඩක් ස්තුතියි සහෝ..
    comment එකක් කියන්නෙ ලොකු හයියක් මට.

    ReplyDelete
  5. මම මේක කියවන්න ගත්තෙ අද ගොඩක් වට්නවා tx lot..

    ReplyDelete
  6. මම ඔයාගේ නොට් ඔක්කම ගත්තා pdf . මම ccna කරනවා ගොඩක් පින්.මම හැමොටම දෙනවා මේ නොට් පිරින් කරලා හරි...

    ReplyDelete
  7. @chandanaමචෝ පුළුවන්නම් උබ ගත්තු PDF ටික file shearing එකකට upload කරල මට ලින්කුව එවපන්කො.ගොඩදෙනෙක් මෙකෙ pdf ඉල්ලනව ඒකයි....

    ReplyDelete
  8. මමත් ccna කරන කෙනෙක් (with chandana)ගොඩක් thanks.වෑඩෙ දිගටම කරගෙන යන්න සියලු ශක්තිය,දහිරිය,වසනාව ලෑබෙවා

    ReplyDelete
  9. http://www.sahithya.lk/archives/907
    මේක දැක්කද....?

    ReplyDelete
  10. @ඔබ නොදු‍ටු ලොවක්ගොඩක් ස්තුතියි සහෝ..
    මම මේක දැක්කෙ දැනුයි.මට ගොඩක් සතුටුයි මම කවමදාවක්වත් හිතුවෙ නෑ මම ලියන දෙයක් මෙච්චර ජනප්‍රිය වෙයි කියල..
    කොල්ලො මට දීපු පිංම ඇති මට මම ගැන ආඩම්බර වෙන්න...ආයෙත් ගොඩක් ස්තුතියි සහෝ මට මේ ලින්කුව පෙන්නුවට

    ReplyDelete
  11. sahoo mata cisco router series gana podak dana ganna one podi help ekak denawada

    ReplyDelete
  12. @Anonymousකොහොමද සහෝ මම උදව් කරන්න ඕන. පොඩ්ඩක් පල්ලැහැ ලින්කුවෙන් ගිහින් බලන්න.
    http://www.nusanetwork.com/index.php?option=com_content&view=article&id=50&Itemid=34
    මේ pdf එකත් බාගෙන බලන්න
    http://www.cisco.com/en/US/prod/collateral/routers/ps5855/prod_brochure0900aecd8019dc1f.pdf

    ReplyDelete
  13. @Networkදිසා
    @Anonymousකොහොමද සහෝ මම උදව් කරන්න ඕන. පොඩ්ඩක් පල්ලැහැ ලින්කුවෙන් ගිහින් බලන්න.
    http://www.nusanetwork.com/index.php?option=com_content&view=article&id=50&Itemid=34
    මේ pdf එකත් බාගෙන බලන්න
    http://www.cisco.com/en/US/prod/collateral/routers/ps5855/prod_brochure0900aecd8019dc1f.pdf
    thanks machan meka thamai mama hoya hoya hitiye jatya wewa macho

    ReplyDelete
  14. @Anonymousකොහොමද සහෝ මම උදව් කරන්න ඕන. පොඩ්ඩක් පල්ලැහැ ලින්කුවෙන් ගිහින් බලන්න.
    http://www.nusanetwork.com/index.php?option=com_content&view=article&id=50&Itemid=34
    මේ pdf එකත් බාගෙන බලන්න
    http://www.cisco.com/en/US/prod/collateral/routers/ps5855/prod_brochure0900aecd8019dc1f.pdf
    thanks machan

    ReplyDelete
  15. Thanks macho,Thanks ubage kalaya kapakarala may lepe blog 1kata danawata thanks. =REPT("Thanks",100)

    ReplyDelete
  16. meka packet tracer file eka neha kiyanawa yaluwa podak eka link eka danawada

    ReplyDelete
  17. @Networkදිසා

    thanks macho labana sathiye CCNA karanna yanne tikak baiyai ban kela waida kiyala

    ReplyDelete
  18. Machana mama me blog 1ta adai awe.mekanam niyamai.mama me wade digatama karagena yanna labewa kiyala suba pathanawa.

    ReplyDelete
  19. @Anonymousවෙලාවක් ලැබුන ගමන් ලියනව සහෝ...

    ReplyDelete
  20. thank you ayyaaaaaaaaaa

    ReplyDelete
  21. EIGRP in an IPv4 environment, and configure EIGRP for IPv6 mokakda machan me deke wenasa.

    ReplyDelete
  22. @Anuruddika wijayarathna
    හරිම සරලයි මචෝ.
    eigrp ipv4 environment එකට අනුව සැකසුම් කිරීම සහ IPV6 වලට අනුව සැකසුම් කිරීම තමයි වෙනස.
    EIGRP IPV6 වලදි සැකසුම් කරන්න හර් ලේසියි සහෝ...පහල ලින්කුවෙන්ච ගිහින් සැකසුම් කරල හැටි බලන්න.
    http://www.cisco.com/en/US/docs/ios-xml/ios/ipv6/configuration/15-2mt/ip6-eigrp.pdf

    ReplyDelete
  23. no auto summary command1 dunnath....show run1 dunnama...summerize karala pennanne.....ai a?

    ReplyDelete
  24. @Nadeesha
    show ip route
    show ip route eigrp
    command වලින් බලන්න summarize කරලද පෙන්වන්නෙ කියල

    ReplyDelete
  25. පට්ටයි මචන් පට්ටයි අද කාලේ සල්ලි වලට හෙම දේම තීරනය කරද්දි උබෙ දනුම නොමිලෙම අපි වගෙ එව්න්ට දෙනවා..හදවතින්ම උබට සුබ පතනව මචො...

    ReplyDelete
  26. @Anonymous
    ගොඩක් සුතුතියි සහෝ කොමෙන්ටුවට

    ReplyDelete
  27. දිගටම කරගෙන යන්න ගොඩක් පින්

    ReplyDelete
  28. වැක්න්.ා help එක් CCා න්...

    ReplyDelete
  29. Aiya etethkot api eigrp waldi router id eki wildcard mask eki use krnwan ai a

    ReplyDelete
    Replies
    1. EIGRP waladi Wildcard mask eka use karanawa interface wlata assign karala tiyenawa networks specifically mention karanna.
      Router ID eka use karana vidiya pahala linkuwen giyanam pahadiliwama balaganna puluwan

      https://www.cisco.com/c/m/en_us/techdoc/dc/reference/cli/nxos/commands/eigrp/eigrp-router-id.html

      Delete
  30. fd value eka manually change karanna komada bro

    ReplyDelete

වැරදි දෙයක් ලියල තියෙනවනම් පෙන්නල දෙන්න, හරි දෙයක් හරියටම ගත්තනම් හිතුන දෙයක් ලියල යන්න....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...