01 April 2012

CCNA විසිහතරවෙනි පාඩම Routing xi (Default Routing )

CCNA විසි හතරවෙනි පාඩම Routing xi (Default Routing) The gateway of Last resort
                                           අපි routing පාඩම් දහකින්ම කතා කලා network එකේ තියෙන Routers අතර තොරතුරු හුවමාරු කරගන්න එම Routers අතර සම්බන්ධතාවයන් කොහොමද routing protocol හරහා ගොඩනගන්නෙ කියල. එහෙනම් තවත් මොකටද මේ default routing කියල එකකුත් routing වලට යොදාගන්නෙ. පල්ලැහැ තියෙන පිංතූරය ටිකක් බලන්න..
                        WAN port එක හරහා Router එක internet connect වෙලා තියෙනව. ඒ වගේම LAN හරහා internal network එකත් එක්ක Router එක සම්බන්ධ වෙලා තියෙනව. මේ වගේ වෙලාවක අපි කොහොමද LAN එකේ අයට Router එක හරහා internet සම්බන්ධතාවය ලබාදෙන්නෙ. හරිම ලේසියි ඒ වගේ වෙලාවට තමයි default routing ප්‍රයෝජනයට ගන්නෙ. default routing හින්ද ඒ වැඩේ ගොඩක් පහසුවෙන් කරන්න පුළුවන්. 
                                    කරන හැටි දැනගන්න කලින් දැන් බලමු මොකද්ද මේ default routing කියන්නෙ කියල. සරලව කිව්වොත් මේවගේ දෙයක්.අපි හිතමු Router එකට Static routing   හා dynamic routing කරල තියෙනව කියල. ඒ වගේම ඒ Router එකට default routing  සැකසුනුත් කරල තියෙනව. දැන් Router එකේ තියෙන computer එකකට ඕන වෙනත් network එකක තියෙන  computer එකකට data යවන්න. හැබැයි ඒ destination network එකට යන route (මාර්ගය) එක static විදියටවත් dynamic විදියටවත් router එකේ අඩංගු වෙලා නැහැ. අන්න ඒ වගේ වෙලාවට තමයි default route එක වැඩ පෙන්නන්නෙ. තවත් තේරෙන විදියට කෙටියෙන් කියනවනම් මෙහෙමයි. අපි Router එකකට default routing සැකසුම් කරල තියෙනවනම්,  යම් කිසි network එකකට යන්න route එකක් නැති වෙලාවට default routing ඔස්සේ තමයි Router එක නියමිත මාර්ගය හොයාගෙන යන්නෙ.
Default route සැකසුම් කිරීම:
            default route ක්‍රම කීපයකටම Router එකට සැකසුම් කරන්න පුළුවන්. මෙතනදි මම පෙන්නල තියෙන්නෙ ක්‍රම දෙකක් විතරයි..
පළමු ක්‍රමය:
Router(config)# ip route 0.0.0.0 0.0.0.0 <output interface>
දෙවන ක්‍රමය:
Router(config)# ip route 0.0.0.0 0.0.0.0 <next hop IP adddress>
මේ විදියට IP address එකට හා subnet mask එකට බිංදු දාන එකෙන් කියන්නෙ, ඕනෑම IP address එකක් ඕනෑම subnet mask එකකට අයත්වන output interface එකෙන් හෝ next-hop එක හරහා යවන්න කියලයි.
                දැන් අයෙත් උඩින් තියෙන රූපයට යමු. දන්නවනෙ internet කියන්නෙ network ගොඩකින් හැදිච්ච විශාල network එකක් කියල. සිංහලෙන් කියනවනම් ජාල ගොඩකින් හැදිච්ච ජංජාලයක්. එතකොට Router එකක LAN එකට internet එක සම්බන්ධ කරන්න ඕනනම් අපිට සිද්ධ වෙනව විශාල network ප්‍රමානයක් සදහා route Router එකට ඇතුලත් කරන්න. ඒ විදියට කරන්න බැරිහින්ද තමයි default route සැකසුම් Router එකට කරන්නෙ. ඇත්තටම default route එකෙන් කරන්නෙ destination network එකකට data packet එකක් යවද්දි එම destination network එකට යන route එක Router එකේ routing table එකේ තිබුනෙ නැත්තන් ඒ data packet එක යන default route එක හරහා යැවීමයි. ඒක හින්ද තමයි default route එකට Gateway of last resort කියල කියන්නෙත්.
                                ඉහලින් තියෙන රුපෙ විදියට නම් අපි ඒ router එකට default route එකක් සැකසුම් කරල තියෙන්නෙ කියල හිතමු. දැන් LAN එකේ තියෙන computer එකකින් internet access කරන්න හදනවනම්  මුලින්ම router එක බලනව computer එකෙන් එවන data packet එකේ destination network එකට යන route එක routing table එකේ තියෙනවද කියල. එහෙම නැත්තම් default route එකේ output interface එක විදියට සැකසුම් කරල තියෙන interface එක හරහා එම data packet එක පිටවෙනව (රූපෙ විදියටනම් internet එකට තමයි data packet එක යන්නෙ.ඒ කියන්නෙ LANඑකේ අයට internet access කරනන පුළුවන් කියලයි).

                          default route ගැන කතා කරද්දි අමතක කරන්න බැරි දෙයක් තමයි Stub Routers කියන්නෙ. අපි ගොඩක් වෙලාවට network එකේ තියෙන stub Routers වලට තමයි default route සැකසුම් කරල අනෙක් network සමග සම්බන්ධතාවයන් ගොඩනගාගන්න පහසුකම් සලස්වල දෙන්නෙ. තවත් විදියකින් කියනවනම් එක්  Router එකක ඉදල network එකේ තියෙන අනෙක් Routers වලට සම්බන්ද වෙන්න පුළුවන් එක් interface එකක් පමනක් නම් Router එකට තියෙන්නෙ ඒ Routers වලට කියනව stub Routers කියල. තවදුරටත් කෙටිකරල කියනවනම් Router එකකට තියෙන්නෙ එක exit port(interface) එකක්නම් ඒ වගේ Routers වලට තමයි කියන්නෙ stub routers කියල.මේ උදාහරණය බලන්න..
                         ඉහලින් තියෙන රූපයෙ රවුම් කරල පේනනල තියෙන්නෙ එක් එක් Router වලට අයත් වන exit port යි. එතනදි Router1 වලට exit port 2ක් තියෙනව. එ කියන්නෙ Router2 Stub Router එකක් නෙමෙයි කියලයි. ඒ වගේම Router2 හා Router3 වලට තියෙන්නෙ එක exit port  බැගින්. ඒ නිසා එම Routers දෙකම stub Routers විදියට හදුන්වන්න පුළුවන්. ඒ හින්දම එම Router දෙකට සාර්ථකව default route සැකසුම් කරන්න පුළුවන්.
   මෙච්චර වෙලා කියපු දේවල් මඤ්ඤං වගේනම් පල්ලැහැ තියෙන ක්‍රියාකාරකම කලාම තේරෙයි කොහොමද default route stub Routers වලට සැකසුම්කරන්නෙ කියල. 
මෙන්න බාගන්න:
                        ඉස්සෙල්ලම ඔයාලට කරන්න තියෙන්නෙ ඉහත රුපයෙ තියෙන විදියට network එක packet tracer වලින් ඇදගෙන ඔයාලට කැමති IP address යොදාගෙන network එක නිර්මානය කරගන්න එකයි. එහෙමත් නැත්තන්  කෙලින්ම උඩින් තියෙන ලින්කුවෙන් ගිහින්  Packet tracer file එක බාගෙන විවෘත්ත කරගන්න. හරි දැන් අපි බලමු ඉහල රූප සටහනේ තියෙන network එකට කොහොමද default routing කරන්නෙ කියල.  
                  Router1 වලට static හෝ dynamic routing සැකසුම් කරල නැහැ. ඒ හින්ද Router1 වලට Router2 වල තියෙන 120.10.12.0/29 හා 120.10.12.8/29  යන network සමග ස්ම්බන්ධ විමේ හැකියාවක් නෑ.තවත් විදියකින් කියනවනම් ඒ network මොනවද කියලවත් Router1 දන්නෙ නෑ (කිසිම routing සැකසුමක් නැති අවස්තාවක directly connected network විතරයි Routing table එකේ තියෙන්නෙ). පහතින් පෙන්නල තියෙන්නෙ කිසිම routing සැකසුමක් කරපු නැති Router1 වල routing table එකයි.
පේනව නේද routing table එකේ කිසිම route එකක් නැහැ Router 2 වල තියෙන network වලට. ඒ වගේම Router1 වලට Router2 එකේ තියෙන network වලට ලගාවෙන්න  පුළුවන් Router1 වල serial 0/0 interface එක හරහා විතරයි. ඒකට හේතුව තමයි Router1 වලට තියෙන්නෙ එක exit interface එකක් විතරයි අනෙක් network හා සම්බන්ධ වෙන්න.  ඒ හින්ද පහතින් තියෙන විදියට default route එකක් Router1 වලට කරන්න පුළුවන්.
මේ විදියට default route සැකසුම් Router1 වලට කලාට පස්සෙ Router1 විසින්  Directly connected network වලට  හැර අනෙක් සියළුම network සදහා එන traffic 192.168.100.2 කියන next hop IP address එක වෙතට ( serial 0/0 හරහා පිටතට) යවනව. මේ විදියටම අපිට පුළුවන් default routing සැකසුම් Router2 වලටත් පහත විදියට කරන්න.
                                            මම මේ ක්‍රියාකාරකමේදි 12.0.0.2 IP address එක assign කරල තියෙන්නෙ web server එකකට. උදාහරණයක් විදියට අපි මේ විදියට හිතමු. Router2 තියෙන 120.10.12.2 කියන පරිගණකයට ඕන 12.0.0.2 (web server එක)  access කරන්න. පළමුවෙන්ම 120.10.12.2 Router2 වලට request එකක් යවනව 12.0.0.2 කියන web server එක access කරන්න ඕන කියල. එතකොට Router එක බලනව තමන්ගෙ routing table එකේ 12.0.0.0 network එකට route එකක් තියෙනවද කියල (මේ ක්‍රියාකාරකමේදි Router2 වලට static හෝ dynamic routing සැකසුම් කරල නැති හින්ද 12.0.0.0 වලට  route එකක් Router2 වල නැහැ) එම නිසා default route එක හරහා 12.0.0.2 කියන request serial 0/0 වලින් Router2 එලියට යවනව.
                                    Router2 වලින් එලියට යවපු request එක කෙලින්ම යන්නෙ Router1 වලට (Router2 serial 0/0 වලට directly connected වෙලා තියෙන්නෙ Router1 නිසා) යවනව. Router1 වලට ආව request එක එම Router1 වල routing table එකේ තියෙනවද කියල බලනව. ඒකෙ 12.0.0.2  web server එකට route එක තියෙන නිසා එම request එක ඒ වෙතට යවනව.ඔන්න ඔය විදියට තමයි default route network එක තුල තියෙන Router අතර ක්‍රියාත්මක වෙන්නෙ. ඔයාලට පුළුවන් Router2 එකේ තියෙන පරිගණකයක web browser එකකින්  12.0.0.2  access කරල බලන්න පහතින් තියෙන විදියට.
ඔයාල මීට වඩා  ටිකක් සංකීර්ණ network නිර්මාණය කරල ඒවට අපි  පාඩම් 10 විතර ඉගෙන ගත්තු routing protocol සැකසුම් කරල බලන්න .මේ පාඩමින් CCNA වලදි කථාකරපු Routing පාඩම් ටික ඉවර උනත් තවත් CCNA වලදි  අළුත් පාඩමකින් අපි හමුවෙමු.


මෙවර  ICTA සහයත් සමග අසෙනිය කුසුම සාහිත්‍ය සංසදය මගින් පැවැත්වු සිංහල බ්ලොග් තරගාවලියේදි හොදම අධ්‍යාපනිකබ බ්ලොග් අඩවියට හා හොදම තාක්ෂණික බ්ලොග් අඩවියට Networkදිසා බ්ලොගයත් නාම යෝජනා ලබල තිබුන. ඔබ සැමගේ සහයෝගය නිසා මම ලබපු ලොකු ජයග්‍රහනයක් ඒක. එහෙනම් අළුත් පාඩමකින් හමුවෙමු.
ඔබ සැමට.....


****** ජය ශ්‍රී ******

39 comments:

  1. Thanks machan ........ :)

    ReplyDelete
  2. Niyami..... Sihalen thiyena nisaaa Thawath Niyamai.....

    ReplyDelete
  3. @Anonymousස්තුතියි දෙන්නගෙම කොමෙන්ට් වලට...

    ReplyDelete
  4. ගොඩක් ස්තුති මචන් වෙනද වගේම පට්ටේටම තියනවා ,,

    අලුත් පොස්ට් 01ක් දානකන් බලාගෙන උන්නේ.....

    අනිත් ඒවත් ඉක්මනටම දාපන්,,,

    ජය හෝ (prasad)!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  5. ජයවේවා superb (Kushan)

    ReplyDelete
  6. @Anonymousවෙලාවක් හම්බවුනු ගමන්ම පෝස්ටුවක් දානව සහෝ. ජොබයි විභාගයි එක්ක වෙලාවක් හොයාගන්න එක තමයි අමාරුම වැඩේ....

    ReplyDelete
  7. මේ පාඩම් ටික මාර වටිනවා මට. ccna වල අමාරු තැන් ඔක්කෝම මං පැහැදිලි කරගන්නේ මේකෙන්...

    ReplyDelete
  8. @prasanna86kඅඩෝ එහෙනම් උබටයි ගෝල්ඩ් ෆිෂ් කියන්නෙ ආ...
    එල එල..

    ReplyDelete
  9. @ඔබ නොදු‍ටු ලොවක්22 කොහෙද බං.මම මොකුත් දන්නෙ නෑනෙ.මේ දවස් ටිකේ වැඩ පොඩි වෙලාවක් හම්බඋන ගමන්ම තමයි මේ පෝස්ට් එකත් දැම්මෙ බං..

    ReplyDelete
  10. macho mata native vlan wala wena seen eka podak pahadili karala denna puluwanda methana barinam mail ekak ewanna puluwanda pradee.zone56@yahoo.com

    ReplyDelete
  11. @Anonymousමේ ලින්තුවෙන් ගිහින් බලන්න සහෝ.මේ දවස්වල විහාගෙ හින්ද වැඩ ටිකක් වැඩියි.පස්සෙ ලිපියක් දාන්නම් ඒ ගැන
    http://www.orbit-computer-solutions.com/VLAN-and-Trunking.php

    ReplyDelete
  12. thanks yaluwa exam ekata jaya wewa!

    ReplyDelete
  13. මචන් මම අද තමයි blog1 දැ‍ක්කේ...උබ නම් මචන් සිරාම කොල්ලෙක් බන්...මේක කියාගන්න බැරි ලොකු උදව්වක් බන් අපි හැමෝටම...උබල වගේ එවුන්ට කවදත් හරි යනවා මචන්...බොක්කෙන්මයි කියන්නේ මේ...දිගටම කරගෙන යමු මචන්.

    ReplyDelete
  14. @තරින්ද මොනව කියන්නද බං...
    උබේ වචන ටිකම මට ඇති..

    ReplyDelete
  15. blog ekanam niyamai.hodata terenawa...
    telecommunication karanawanam CCNA karana 1 IT fild eke ennawata wada hodada.natham wadak nadda?

    ReplyDelete
  16. @AnonymousTelecommunication Field එක ගැනනම් මම එච්චරම දන්නෙ නෑ.ඒත් IT field එකෙන් දැන් ඉස්සරහට යන්නම් අනිවාර්යෙන degree එකක් තියෙන්නම් ඕන කියලයි මම හිතන්නෙ professional qualification එක්ක...

    ReplyDelete
  17. "192.168.100.0/30 is subnetted, 1 subnets"
    methana 1 subnet kiyala adahs karanne mokadda saho router 2 ekata eth 1/0 ekanuth faet0/0 ekanuth network 2k sambanda wenawa neda

    ReplyDelete
  18. @Anonymousෙමතනදි 192.168.100.0/30 කියන්ෙන 255.255.255.252 කියන subnet එකට අයත් එක network එකයිතිෙයන්ෙන කියලයි සෙහා්.ඔයා කියල තිෙයන interface වලින් Router2 වලට connect ෙවලා තිෙයන්ෙන ෙවන network ෙදකක්.එ්ක හින්ද එක ෙම් subnet එකටසම්බන්ධයක් නැහැ.

    ReplyDelete
  19. @Anonymousෙමතනදි 192.168.100.0/30 කියන්ෙන 255.255.255.252 කියන subnet එකට අයත් එක network එකයිතිෙයන්ෙන කියලයි සෙහා්.ඔයා කියල තිෙයන interface වලින් Router2 වලට connect ෙවලා තිෙයන්ෙන ෙවන network ෙදකක්.එ්ක හින්ද එක ෙම් subnet එකටසම්බන්ධයක් නැහැ.

    ReplyDelete
  20. machan meke ccna 17 routing lesson eka nahane puluwannam eka dapan thanks

    ReplyDelete
  21. @Anonymousමෙන්න දාහත්වෙනි පාඩමේ post එක
    http://networkdisa.blogspot.com/2011/09/ccna-routing-iv-routing-information.html
    මෙකෙ pdf viewer එකේ පොඩි අවුලක් තියෙනව වගේ.පස්සෙ පොඩ්ඩක බලල දාන්නම්

    ReplyDelete
  22. @thanks a lot machan

    ReplyDelete
  23. machan igrp paket tracer eke wada nahane,ubata a gana monawa hari upadesak denna puluwanda

    ReplyDelete
  24. @AnonymousIGRP packet tracer පරන version වලනම් වැඩ කලා.උළුත් ඒවගෙ වැඩ කරන්නෙ නෑ මචෝ.ඒ කියන්නෙ IGRP දැන් බාවිතා වෙන්නෙ නැති තරම් කියන එකයි.

    ReplyDelete
  25. ok thanks machan

    ReplyDelete
  26. switch ekak arp request ekakata response karanawada? karanawanam a mona wage awastha waladida ? mokada switch eka ip ekka wada karanne neaha ne mac address ekane wada karanne..mata meka podak therenna neha yaluwa podi help ekak denawada

    ReplyDelete
  27. @Anonymousමටත් හරියට මතක තිබුනෙ නෑ සහෝ. උබ කිව්වට පස්සෙ තමයි හෙව්වෙ. ARP පාවිච්චි කරන්නෙ mac address mapping වලට කියල දන්නවනේ. LAN එකේදි Router එක හා LAN එකට සම්බන්ද computers ARP table එකක් maintain කරනව. එ කියන්නෙ table එකෙන් කරන්නෙ layer3 address(IP address) එකකට layer2 address(mac address) map කරල තියාගන්න එක.
    පහතින් link එකෙන් ගිහින් flash video එක බලපුවාම හොද අදහසක් ඔයාට ගන්න පුළුවන්
    http://visualland.net/view.php?cid=860&protocol=ARP&title=2.4%20ARP-Switch

    ReplyDelete
  28. @Networkදිසා
    thanks yalu.. mekan hodatama therenawa mokadda siddiya kiyala

    ReplyDelete
  29. We need IPv6 lecture as soon as possible

    ReplyDelete
  30. Loku pinak....!Thank u very much...!

    ReplyDelete
  31. මචන් මම ඊයේ මගේ CCNA Exam එක කළා. උබගේ මේ බ්ලොග් එකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.උබ මේ කරන පින් ඇති උබගේ මේ ආත්මෙට වගේම ලබන ආත්මෙදිත් හොද බුද්ධිමත් මිනිහෙක් වෙන්න.උබට ගොඩාක් පින් මචන්.

    ReplyDelete
  32. @Anonymousගොඩක් ස්තුතියි සහෝ

    ReplyDelete
  33. machan static nat configaration1k karanada stub router1k ma yoda ganada hethuwa mokadda wan interface kipayak sambanada wena router1kata default routing set karoth mokadda wena awla poddak pehedila karala denawada ???

    ReplyDelete
  34. machoo uda ahala thiyana 1 poddak weraduna mekai hari prashne ..

    default route configaration1k karanada stub router1k ma yoda ganada hethuwa mokadda wan interface kipayak sambanada wena router1kata default routing set karoth mokadda wena awla poddak pehedila karala denawada ???

    ReplyDelete
  35. @Anonymous
    මෙතනදි default route සරකසුම් කිරීමට stub Router එකක්ම යොදාගන්න කියල මම කියල නැහැ.බොහෝදුරට default routing සැකසුම් සදහා යොදාගන්නෙ Stub Routers තමයි. ඒකට හේතුව වෙන්නෙ යම් කිසි Router එකකට අදාල නැති destination එකකට network traffic එකක් ආපුවාම අපිට පුළුවන් එක් Exit port එකක් ඇති නිසා specific direction එටකකට හෝ network එකකට පමනක් එම network traffic එක යවන්න.
    දෙවනි ප්‍රශ්ණයටනම් මට හරි පිළිතුරක් දෙන්න බෑ සහෝ. මට ඒ ගැන අත්දැකීමක් නැතිනිසා. හැබැයි මම දන්න විදියටනම් Router එකකට ඔය විදියට WAN link ගොඩක් සම්බන්ධ කරන්නෙ එම WAN link leased line එහෙමත් නැත්තම් public IP ඇති line විදියටයි. එතකොට අපිට පුළුවන් Router එක හරහා යම් specific WAN link එකක් වෙත network traffic යවන්න.
    සහෝ අසහස් කරන විදියෙ WAN link සම්බන්ධ කිරීමක් කරන්න අවශයිනම් load balancer එකක් හරහා එම WAN link සියල්ල Router එකට සම්බන්ධ කර එම port එක හරහා network traffic යන විදියට default route සැකසුම් කරන්න පුළුවන්.

    ReplyDelete
  36. බොහම ස්තුතියි මචෝ දෑන් තමා හරියට මෙ (Default Routing )කතාව තෙරුනේ.

    ReplyDelete

වැරදි දෙයක් ලියල තියෙනවනම් පෙන්නල දෙන්න, හරි දෙයක් හරියටම ගත්තනම් හිතුන දෙයක් ලියල යන්න....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...