04 August 2011

CCNA දහතුන්වන පාඩම The Routing Table (රවුටරේ මාර්ග සිතියම)

                                         ඔන්න හුග දවසක‍ට පස්සෙ බ්ලොග් එකට ලිපියක් දාන්න අවස්තාවක් හම්බඋනා.පහුගිය කාලෙ කොල්ල පිස්සු කෙල කෙල ඉදල විභාගෙ ලන්උනාම පස්ස උඩදාගෙන පාඩම් කරන්න ගත්තු හන්දයි බ්ලොග් එක පැත්තෙ එන්නවත් බැරිඋනෙ. හරි දැන් ආයෙමත් පටන් ගමු අපේ CCNA පාඩම් මාලාව. මෙතන ඉදල තමයි පටන් ගන්නෙ Router දෙකක් හෝ ඊට වැඩි ගාණක් එකි‍නෙක සම්බන්ධ කරල network ගොඩනැගීම හා ඒවා අතර කාර්යක්ෂමව හා වේගත්ව තොරතුරු හුවමාරු කිරීම කරන්න Router එකට සැකසුම් කිරීම. ඒකෙ මුලිකම පාඩම විදියට තමයි මේ පාඩම පටන්ගන්නෙ.

CCNA දහතුන්වන පාඩම The Routing Table (රවුටරේ මාර්ග සිතියම)

Routing Table එකක් කියන්නේ මොකක්ද?
                                       Routing කියන ක්‍රියාවලිවයන් කරන්නේ data packet එක් network එකක ඉදල තවත් network එකකට යවන එකයි. අන්න ඒ ක්‍රියාවලිය පහසුවෙන් හා කාර්යක්ෂමව කරන්න Router එක එක් එක් network සදහා data packet යැවීමට හදාගෙන තියෙන මාර්ගයන් (routing) ඇතුලත් සැකැස්මට තමයි අපි Routing Table එකක් කියල කියන්නෙ.
                                       Router එකට routing table එකක් හදාගන්න පහතින් සදහන් වෙන ඒව අවශ්‍ය වෙනව. හිමිට කියවල බලල 20% කි විතර ඔලුවට දාගන්න පුළුවන් උනොත් ගොඩම තමයි.
හරි අපි බලමු ඒ මොනවද කියල.

**Destination network & subnetmask :-
                               Destination network එක කියල කිව්වේ අපේ Router එක හා සම්බන්දච කරන්න ඕන network වලටයි. තවත් විදියකින් කියනවනම් අපි සැකසුම් කරන Router එකට සම්බන්දතා පවත්වගන්න ඕන (ඒ කිව්වෙ තෝතුරු යැවීමට හා ලබාගැනීමට) අවශ්‍ය network වලටයි. මෙතනදි තමයි අපිට ඕන වෙන්නෙ කලින් ලාඩම් වලදි කතා කරපු network ID එහෙමත් නැත්තම් එක් එක් network වල network address එක. මේ ගැන අපි හොදටම කතාකරමු Routing protocol සැකසුම් කරද්දි. එතකොට ඒ ඒ network වල subnetmask වලට තමයි ඔය & subnetmask කියල කිව්වෙ (subnetmask ගැනනම් ආයෙ අමුතුවෙන් කතාකරන්න ඕනෙ නෑ නේද).  

**The "nexthop" :-
                                   මොකක්ද මේ nexthop කියන්නෙ. nexthop කියන්නෙ මොකක්ද කියල ඔයාලට මේ පාඩම් මාලාවෙ දිගටම රැදිල ඉද්දි තේරෙයි මොකකද කියල. දැනට මෙහෙම මතක තියාගන්න, nexthop කියන්නෙ destination network එකට අතුළු වෙන්න පුළුවන් දොරටුවක් කියල.

**Routing Metrics and Administrative distance :-
                                        හෆ්ෆා මොනවද මේ metrics කියන්නෙ., routing metric කියන්නෙ එක් එක් routing protocol  එම protocol එකට අදාල routing (මාර්ග) හදාගැනීමේදී destination network එක‍ට ලගාවෙන්න පුළුවන් කෙටිම හා කාර්යන්ෂමම මාර්ගය සොයාගැනිම සදහා කරන ගණනය කිරීමක් තමයි මේ metrics   කියල අදහස් කරන්නෙ.එක් එක් Routing protocol වලට අනුව මේ metrics එකත් වෙනස් වෙනව. සරලව එහෙම මතක තියාගන්න.routing protocol ගැන කතාකරද්දි මේ ගැන වැඩිදුර කතා කරමු.   
                                              එතකොට administrative distance එක කියන්නෙත් එක් එක් routing protocol එකට assign වෙලා තියෙන ප්‍රමුඛතා අංකයක් කිව්වොත් හරි. තවත් විදියකින් කිව්වොත් එක් Router එකකට routing protocol කිහිපයක් සැකසුම් කරල තියෙනව කියල හිතමු, එතකොට routing table එකෙන් destination network එකට data packet යවන්න හොදම මාර්ගය Router එක විසින් තෝරගන්නේ මේ එක් එක් Routing protocol වලට පෙරනිමිතියෙන්ම සැකසිලා තියෙන administrative distance එක දිහා බලලයි (administrative distance එකට පෙර metrics, prefix-length කියන දෙකත් සලකා බලනව.මේ පිලිබදව පාඩමේ පසුව විස්තර කර ඇත). මෙතනදි අඩුම administrative distance එකක් තියෙන routing protocol එකේ මාර්ගය (route එක) routing table එකෙන් තෝරල අරගෙන ඒ මාර්ගය හරහා data packet  Router  එක විසින් destination network එකට යවනව.

    හරි දැන් අපි කලින් කතා කලේ Router එක routing table එකක් හදාගන්න යොදාගන්න ඒවනේ, දැන් බලමු අපි එහෙම හදාගත්තු routing table එකෙන් Router එක destination network එකට data packet යවන්න හොදම මාර්ගය (route) තෝරගන්න මොනවද යොදාගන්නෙ කියල.

## Prefix - Length :-
                                        prefix-length කියන්නේ එක් එක් network හදුනාගැනීම සදහා යොදාගන්න bits ප්‍රමානයයි. මේ හරහා අපිට data packet යැවීමට අවශ්‍ය වෙන destination network එකට අදාල ඊට ගැලපෙන හා ඊට විශේෂිත වු network එක Router එක routing table එකෙන් තෝරගන්නව. මේ උදාහරනය බලන්න එතකොට තේරෙයි මම මොකද්ද කිව්වෙ කියල.
අපි හිතමු 10.2.3.1/24 කියන IP address එක තියෙන පරිගණකයට data යවන්න ඕන කියල. එතකොට Router එක පරීක්ෂා කරල බලනව ඒ IP address එකේ තියෙන bits ගැලපෙන්නෙ routing table එකේ තියෙන මොන network address එකත් එක්කද කියල, හරියට මෙන්න මේ ව‍ගේ

Destination IP address: 
10.2.3.1/24       ---- 00001010.00000010.00000011.00000001

Routing table:
10.0.0.0/8         ---- 00001010.00000000.00000000.00000000
20.5.4.0/16       ---- 00010100.00000101.00000100.00000000
10.2.3.0/24       ---- 00001010.00000010.00000011.00000000
128.96.5.16/28 ---- 10000000.01100000.00000101.00010000
          
                                       මෙතනදි උඩම bit set එකට හොදටම ගැලපෙන bit set එක routing table එකේ තියෙන්නෙ 10.2.3.0 කියන network address එක හින්ද Router එක තීරණය කරනව මේ network එකට තමයි data packet යවන්න ඕනෙ කියල.

## Metric :-
                                   මේ ගැන මම කලින් සදහනක් කලානෙ, අන්න ඒ අනුව එක් එක් routing protocol ඒවාට විශේෂිත ක්‍රමවේද වලට අනුව හදාගන්න අගයන් සලකා බැලීමෙන් හොදම මාර්ගය (route) තෝරගන්නව. කලබල වෙන්න එපා. එක් එක් routing protocol එකට අදාල metrics අපි පසුව කතා කරමු.

## Administrative distance :- 
                                මේ ගැනත් අපි කලින් ටිකක් කතා කලානෙ.අපිට ඉදිරි පාඩම් වලදි බලන්න පුළුවන් administrative distance එක කොහොමද destination network එකට යන්න හොදම මාර්ගය (best path) එක හොයාගන්න යොදාගන්නෙ කියල.

                            එතකොට prefix-length, metrics, administrative distance කියන අවස්ථා තුනේම සංකලනයනිනුයි routing table එකින් destination network එකට ලගාවෙන්න හොදම මාර්ගය තෝරගන්නෙ කියල මතක තියාගන්න. මෙතනදි මම සංකලනයක් කියල කිව්වෙ මෙහෙම දෙයකටයි, අපි හිතමු Router එකට routing protocol කීපයක්ම සැකසුම් කරල තියෙනව කියල. එතකොට routing table එකෙත් එකම destination network එකට routes (මාර්ග) ත් කිහිපයක්ම තියෙන්න පුළුවන්.මේ වගේ අවස්ථාවක Router එක විසින් ඉස්සෙල්ලම බලනව ගැලපෙනම prefix- length එක තියෙන route (මාර්ගය) මොකද්ද කියල. එහෙම ගැලපෙන එක සමාන ඒව ගොඩක් තියෙනවනම් ඊට පස්සෙ බලනව ඒ ගැලපෙන ඒව අතරින් metrics එක අඩුම route එක මොකද්ද කියල, metrics එකත් සමාන කිහිපයක් තිබුනොත් ඊලගට බලනව ඒ අතරින් administrative distance එක අඩුම route එක මොකද්ද destination network එකට ලගාවෙන්න කියල. අන්න එහෙම තමයි Router එක routing table එකෙන් හොදම මාර්ගය (best path) එක තෝරගන්නෙ. 
                             මේ පාඩමේදි මම කියපු දේවල් තේරුනේ නැත්තම් අයෙත් පාඩම ටිකක් කියවල බලන්න. එතකොට අළුත් වචන ටික හරි ටිකක් මතක හිටියිනෙ. ඒ ටිකත් ඇති ඉදිරි පාඩම් වලදි සමහර කොටස් හොදට තේරුම් ගන්න. routing protocol හදුනාගැනීම හා ඒ එක් එක් protocol Router එකට සැකසුම් කරද්දි තවත් හොදට තේරෙයි මේ පාඩමෙන් මොනවද කිව්වෙ කියල. බලමු අපි එන එන විදියට ගහමු උළුවස්ස වගේ ඔයාලටත් ටික ටික මතක තියාගත්තම අන්තිමේට දන්නෙම නැතුව සේරම හොද‍ට තේරෙයි. මම විබාගෙට ලිව්වෙත් එහෙම පාඩම් කරල තමයි :))

ඉක්මනින්ම තවත් පාවමකින් හමුවෙමු එතෙක් ඔබ සැමට 
*****ජය ශ්‍රී*****   
                              

7 comments:

  1. මම අදමයි මේ පැත්තේ ආවේ.. ගොඩක් වැදගත් ලිපි පෙළක් දිගටම ලියන්න.. :)

    ReplyDelete
  2. @චතුමිතු
    ගොඩක් ස්තුතියි කොමෙන්ටුවට.දිගටම එන්න

    ReplyDelete
  3. niyamai aiyaa oya kiyadena kramaya

    ReplyDelete
  4. නියමට පැහැදිලි කරලා තියනවා

    ReplyDelete
  5. supiri ,apita godak dewal igenaganne pulwuan, mat danne nati godak igenagaththa

    ReplyDelete
  6. Godak wadagath ccna karana eyata.godak hondta hamadema podi de idn therum ganna puluwan.digtama liyanna dr.man hamadama Blanwa.

    ReplyDelete

වැරදි දෙයක් ලියල තියෙනවනම් පෙන්නල දෙන්න, හරි දෙයක් හරියටම ගත්තනම් හිතුන දෙයක් ලියල යන්න....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...