27 June 2011

CCNA දොලොස්වන පාඩම Router Interface Configuration [Serial Interface] ii (රවුටරේ මුහුණු)



CCNA දොලොස්වන පාඩම Router Interface Configuration [Serial Interface] ii (රවුටරේ මුහුණු)

          මගේ  IP address පාඩමට කලින් මතකයිනෙ අපි Router එකේ Ethernet interface එක ගැන කතා කලා. අද අපි කතා කරන්නෙ Router එකේ තියෙන Serial interface ගැනයි.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                            Serial interface එක යොදාගන්නෙ Router එකක් තවත් Router එකකට සම්බන්ධ කර ගැනීමටයි, තවත් විදියකින් කියනවනම් එක් එක් Router වල තියෙන network සියල්ලම  එකට සම්බන්ධ කරන්න.  මෙහෙම කිව්වත් හරි සේරම network එකම network එකක් කරන්න (Serial interface හරහා Routers සම්බන්ද කල පමනින්ම සියළුම network එකට සම්බන්ද නොවේ) .
                                             Router එකක Ethernet interface වගේම Serial interface සුත් එක එක වර්ග තියෙනව. DB60 serial interface, Smart serial interface කියන්නෙ ඔවගෙන් කීපයක් තමයි. ඔය කොච්චර වර්ග තිබුනත් Router එක‍ට Serial Interface එක configure කරන්නෙනම් එකම විදියට තමයි. මම කලින් කිව්වනෙ Router එකක් තවත් Router එකකට හෝ කීපයකට සම්බන්ධ කරන්නෙ Serial port හරහා කියල. ඒ විදියට Serial port හරහා Serial cable එකකින් Router දෙකක් සමබන්ධ කලාට පස්සෙ අපි එම interfaces දෙකට මෙහෙමයි IP address assign කරන්නෙ.





                                         Ethernet interface එක Config කරනව වගේමයි නේද මේකත් කරන්නෙ. හැබැයි අපිට තව වැඩක් තියෙනව මේ Serial interface config කරද්දි කරන්න ඕන.නැත්තම් මේ Routers දෙක අතර සම්බන්ධතාවක් අපිට හදාගන්න බැහැ.ඒක තමයි DCE / DTE සැකසුම්. මොකක්ද මේ DCE හා DTE කියන්නෙ. මේකනම් CCNA විභාගෙදි ඔයාගලගෙන් අහන්නෙ නෑ, configure කරන හැටි හා DCE /DTE මොන Ruter එකේ Serial interface   එකද කියල හොයන හැටි විතරයි දැනගෙන ඉන්න ඕන.ඒත් අපි බලමු මේ ගැන තව විස්තර ටිකක් හොයල බලල. 
මේ තියෙන්නෙ එක් Router එකක Serial  interface එකත්
අනිත් Router  එකේ Serial interface එකත් සම්බන්ද කරන
cable එකක්


මේ තියෙන්නෙ එක් Router එකක Smart Serial  interface එකත් අනිත් Router  එකේ Smart Serial interface එකත් සම්බන්ද කරනcable එකක්
මේ තියෙන්නෙ එක් Router එකක Smart Serial  interface එකත්
 අනිත් Router  එකේ  Serial interface එකත් සම්බන්ද කරනcable එකක්
                                                Router දෙකක් serial cable එකක් හරහා සමබන්ද කරද්දි එම cable එක හරහා සම්බන්ධ උන Serial interface දෙකෙන් අනිවාර්යෙන්ම එක Serial interface එකක් DTE (Data Terminal Equipment) හෝ DCE (Date Circuit-termination Equipment) interface එකක් වෙනව. තවත් විදියකින් කිව්වොත් අනිවාර්යෙන්ම ඔය interface දෙකෙන් එක interface එකක් DTE විදියටත් අනිත් interface එක DCE විදියටත් වර්ග වෙනව.
                                                  DTE විදියට Router,Host එකේ Serial interface එකත් DCE විදියට Modem, CSU/DSU (මේකත් එක් උපකරණයක්) එකේ Serial interface එකත් වර්ග වෙනව කියල තමයි කියන්නෙ. තවත් තැනක කියනව සැමවිටම analog signal digital signal කරන පැත්තෙ තියෙන Serial interface එක සැමවිටම DCE වෙනව කියල. හැබැයි දැන් තියෙන Serial cable වලනම් එම cable එකේ මොන පැත්ත්ද DTE වෙන්නෙ මොන පැත්තද DCE වෙන්නෙ තියල සදහන් වෙනව. මේ පහත තියෙන cable එක දිහා බලන්න
 
මේ Serial cable එකේ ලොකු අග්‍රය DCE ලෙසත්
පොඩි අග්‍රය DTE විදියටත් සදහන් වෙනව.
                  ඔය මම උඩින් කියපු ටික තේරුනේ නැත්තම් කමක් නෑ.මේකයි වැදගත්ම දෙය Router දෙකක Serial cable සම්බන්ධතාවයේදී Serial cable එකේ අග්‍ර දෙක සම්බන්ධ වෙන Router දෙකේ එක් පැත්තක් DCE හෝ DTE වෙනවමයි. එතකොට අපිට අවශ්‍ය කරන්නෙ මේ DCE තියෙන පැත්ත හොයාගන්න එකයි. ඒකට හේතුව පස්සෙ කියන්නම්. දැන් බලමු කොහොමද DCE තියෙන පැත්ත  හොයාගන්නෙ කියල. ඒකට කරන්න තියෙන්නෙ එක Router දෙකෙන් එකක "show controllers serial <serial port address>" විදියට command එකක් දෙන එකයි එතකොට මෙන්න මේ විදියට ඔයාලට පෙන්නයි.




                                                 හරි අපිට මේ Router එක ඒකේ Serial interface එක DCE කියල පෙන්නනවනම් අනිත් Router එකේ ‍හොයන්න දෙයක් නෑනෙ ඒ Serial interface එක අනිවාර්යෙන්ම DTE වෙනව. හරි අපිට මේ output එකේ අපේ Serial interface එක DTE කියල පෙන්නුවනම් හොයන්න දෙයක් නෑනෙ අනිත් Routerඑකේ Serial interface එක අනිවාර්යෙන්ම DCE ම තමයි.
                                               ඇයි අපි මෙච්චර වෙලා කියපු DCE Serial interface එක හොයාගත්තෙ. අපි එහෙම හොයාගත්තෙ එකට හේතුව මේකයි, ඔය DCE කියන පැත්තෙ තියෙන Router එකේ Serial interface එකට අපි clock rate එක කියල එකක් assign කරනව. clock rate කියන්නෙ මොකද්ද කියල පස්සෙ කියන්නම්. දැන් බලමු කොහොමද මේ clock rate එක DCE Serial interface එකට assign කරන්නෙ කියල."clock rate" තමයි ඒකෙ command එක.Router එකේ Serial interface එකට clock rate ගොඩක් තියෙනව.මේ බලන්න.
 අපි සාමාන්‍යයෙන් assign කරන්නෙ 56000, 64000 වැනි අගයකුයි. එතකොට අපි මුලින්ම කරපු Router දෙකක් සම්බන්ධ කිරීම මෙන්න මේ විදියට වෙනස් වෙනව.
                                                      හරි දැන් අපි බලමු මොකද්ද මේ clock rate එක කියන්නෙ කියල. Router එකේ DCE end එකට clock rate එකක් සැකසීමෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ Router දෙක අතර serial port හරහා communication එක සිද්ද වෙද්දි එම communication එකේ speed එක හෝ bandwidth එක පාලනය කිරීමයි. මෙතනදි පාලනය කරනව කියල කිව්වෙ මේන්න මෙහෙමයි, අපි හිතමුකො clock rate එක 64000 ට සැකසුව කියල. එතකොට මේ Router දෙකේ serial interfaces හරහා සිදුවන communication එකේ data rate/bandwidth එක උපරිම 64000bit හෝ ඊට වැඩි වෙන්න පුළුවන්. හරි දැන්නම් පාඩමේ ගොඩක් ඉවරයි. ඒ උනාට ඔයාල පහත ක්‍රියාකාරමත් කරල බලන්න.


ක්‍රියාකාරකම් 01: 
  • මෙතනදි මම අරගෙන තියෙන Subnet mask එක ගැන මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවනම්  අහන්න අමතක කරන්න එපා. IP address ක්‍රියාකාරකම් කලානම් බැරිවෙන්න විදියකුත් නෑ. දන්නවනෙ අපි IP Address නාස්තිකරන්නෙ නැති හොද network හදන කොල්ලො කියල.
                                       හරි දැන් අපි හරියට සැකසුම් කලානම්  එක Router එකක ඉදල පුළුවන් වෙන්න ඕන ඒ Router එක හා සම්බන්ධ අනිත් serial interface වලට ping කරන්න මෙන්න මේ වගේ.
                   තව වැදගත් දෙයක් තියෙනව මතක් කරන්න ඒ තමයි Serial interface දෙකක් අතර සම්බන්ධතාවෙ යම් ගැටළුවක් තියෙනවනම් අපි ඒ interface වල තොරතුරු බලන්න ඕන (show interface serial <port address>) එකකොට එන output එකෙන් අපිට හොයන්න පුළුවන් මොකද්ද මේ වෙලා තියෙන හුටපටේ කියල. අන්න එහෙම බලද්දි එන output එකේ උඩින්ම සදහන් වෙලා තියෙන දේ බලල අපිට තේරුම් ගන්න පුළුවන් දේ තමයි මම මේ පහලින්  දක්වල තියෙන්නෙ. 










                                            ඔය උඩින් සදහන් කරපුව ටිකනම් හැබයි කට පාඩම් කරගන්න වෙනව. ඔයාල CCNA විභාගෙ කරන්න යනවනම්. හරි එහෙනම් මේ පාඩමත් ඉවරයි. අපි ඊලග පාඩමේ ඉදල බලමු Routing Protocol ගැන. අමතක කරන්න එපා interface වලට සකසපු IP address හා subnet mask සම්බන්ධ මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න. එතෙක් ඔබට


****ජය ශ්‍රී****

43 comments:

  1. එල මචං,ඊ ලග එක ඉක්මනින්ම බලාපොරොත්තු වේමු ..!

    ReplyDelete
  2. මම කලින් පොස්ට් එකකත් කොමෙන්ටුවක් දැම්මා ඔයා මෙච්චර මහන්සි වෙන එකේ අපිත් අහුලලා හරි ලියන්න එපැයි නේද
    මම හිතන්නේ මම තමා මේ පොස්ට් එක වැඩියෙන්ම බලන මෑන්...

    නියම ලෙසන් එක මට ඒ පෝස්ටික විතරක් pdf කරලා හරි දෙන්න බැයිද?

    ඒක නැතත් කමක් නැහැ සහෝ මේ සත්කාරය දිගටම කරන්න.

    නැත්නමි අපි වගේ පෙරේතයෝ අතරමං වෙයි :)

    හැබැයි මචෝ උබට teaching abilityය නමි කියෙනවා...

    ReplyDelete
  3. @Buddhika Karunanayaka (itbuddhika)
    ගොඩක් ස්තුතියි මචෝ ප්‍රතිචාරෙට.
    web page එකක් pdf කරන්න පුළුවන් software තියෙනව නේද බ්රෝ...පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න එහෙම කරගන්න පුළුවන්ද කියල.එහෙම බැරි උනොත් කියන්න මම පුළුවන් දෙයක් කරන්නම්.

    හැබැයි ඔය අන්තිමට කියපු ability ය මට තියනව කියපු පළවෙනි පොර තමයි උබ...:)

    ReplyDelete
  4. එහෙනම් ඔන්න දෙවනි පොර ම්ම වෙන්නම්... අද තමයි මේ පැත්තට ආවෙ... මරු ආ...

    ReplyDelete
  5. @MaRLaN
    තැන්කිව් බ්රෝ. දිගටම එන්න.එහෙනම් උබත් පොරක් උනා ආ....:)

    ReplyDelete
  6. මචං මම ගාව තියන පීඩී එෆ් ක්‍රීයේටර් එකෙන් මේ පෝජ් එක පීඩීඑෆ් වෙන්නේ නෑ ඉතින් මම කරන්නේ මේ මුලු පෝස්ට් එකම ප්‍රින්ට් කරගන්න එක . නෙට්වර්කිං නම් ඉතින් උඹම තමයි .

    සමහර තැන් නොතේරුනත් මම මේ බ්ලොග් එකෙන් නියමෙටම නෙට්වර්කිං ඉගනගන්නවා ..

    උඹට පිං දිසෝ !

    ReplyDelete
  7. @හිස් අහස
    අහ්.. ඔය ඇවිල්ල තියෙන්නෙ,
    මම බැලුව මොකද මේ සදරුවගෙ කොමෙන්ටුව තාම පරක්කු කියල.තව පීඩීෆ් ක්‍රියේටර් එකක් හොයාගනින් බං.මොනවද දැන් හොයන්න නැත්තෙ මේ අන්තර්ජංජාලෙ.
    තැන්කිව් වේවා උබටත් නිතරම මේ පැත්තෙ එනවට..

    ReplyDelete
  8. මම Linux බුවෙක් නිසා මම Print to file Option එකෙන් PDF කරගන්නවා............
    ඒත් සමහර embedded window වගේ ඒවා ගන්න අමාරුයි. කමක් නැහැ ගුරුවරයා උගන්වන්නකෝ අපි කොහොමහරි ඉගන ගන්නම්.
    චූටි ගැටලුවක් තියෙනවා අහලම යන්නම් මේ පාඩම් ටික හොදට කලාම
    CCNA ලියන්න ඇතිද??

    ReplyDelete
  9. @Buddhika Karunanayaka (itbuddhika)
    පාඩම් ටික නම් හරියට කලොත් CCNA කරන්න පුළුවන්.හැබයි තව පාඩම් ගොඩක් තියනව.ඒ වගේම තමයි අනිත් පාඩම් (NAT,PAT,ACL)වගේ ඒවගෙන් lab questions එනව. ඒව ටිකත් කරන්න ඕන. ඔන්න ඊට පස්සෙ dummy එකකුත් බලල නිකම්ම EXAM එකනම් ගොඩදාගන්න පුළුවන්.
    EXAM dummy කටපාඩම් කරලත් මේ දේ කරන්න බැරි කමක් නෑ සහෝ..ඒත් මොකටද දැනුමක් නැතුව exam කරල නේද බං :)

    ReplyDelete
  10. අද තමයි මෙතනට ආවෙ මම .........
    මේක දියමන්ති ආකරයක්නෙ ..........
    මම එනවා හැමදාම, මුල ඉඳලා බලන්න ඕන, ආපු ගමන් නිසා මේ කමෙන්ට් එක දැම්මෙ ..........

    ReplyDelete
  11. @පන්සල් හංදිය
    ස්තුතියි මචෝ මේ පැත්තෙ අවට.පන්සල් හංදිය පැත්තෙත් මම අහම්බෙන්නෙ ආවේ.යන ගමන් නවතින්න හිතෙන තැනක්.

    ReplyDelete
  12. නියමයි bro. දිගටම කරගෙන යන්න

    ReplyDelete
  13. @Slafsuraweeraවෙලාවක් ලැබුනු විගස ලියනව බ්රෝ...

    ReplyDelete
  14. මමත් මේ දවස් වල CCNA වලට class යන නිසා මේ බ්ලොග් එක කියවල තමයි සමහර concept තේරුම් ගත්තෙ.මම cute pdf භාවිතා කරල pdf විදියට save කරගෙන blank pages ටික delete කරා adobe proffesional වලින්.කාට හරි ඕනනම් මට කියන්න mail කරන්නම්.

    බොහොම ස්තුතියි දිසා...

    ReplyDelete
  15. @Buddhika Karunanayaka (itbuddhika)හිස් අහස
    ඔන්න යාළුවෙක් ඇවිත් තියෙනව pdf කරල තියෙන ලිපි ටික දෙන්න පුළුවන්.කැමතිනම් මේල් එකක් දාල ඉල්ල ගන්න.මේ දවස් වල විභාගෙ නිසා ලිපියක්වත් දාන්න බැරිඋනා.මේ මාසෙ ඉවරඋන ගමන්ම අපි අළුත් ලිපියකින් හම්බවෙමු.

    ReplyDelete
  16. janakavisal@yahoo.com මෙන්න මේ mail id 1ට mail 1ක් එවන්න.මම pdf file එවන්නම්.

    ReplyDelete
  17. pdf කරල තියෙන ලිපි ටික දෙන්න පුළුවන්.

    ReplyDelete
  18. මචන් ඇත්තටම මම කියන්නෙ උබ ගැන නම් කියන්න වචන නැහැ.උබ මේකට සෑහෙන්න මහන්සි වෙලා තියෙනව.තමන් ඉගෙන ගත්තට කිසිම දෙයක් තව එකෙකුට තමන්ට බඩේ පාර වදී කියල දෙන්නෙ නැති පෙරේතයො ඉන්න කාලෙක
    උබ වගේ එකෙක් අදහන්න වටිනව.උබට වරදින්න විදිහක් නැහැ එක ශුවර්.ජය වේවා!!!

    ReplyDelete
  19. @Amith Prasannaඋබේ වචනම ඇති බං මට මේ බ්ලොග් එක දිගටම කරගෙන යන්න.තැන්කිව් වේවා මේ පැත්තෙ ඇවිත් ද්රිමත් කලාට.

    ReplyDelete
  20. thnkz mcn lessons tika nam gindara

    ReplyDelete
  21. machoo ...me apita ube pihita tamay...bn...clz ake kiyana melo magulak terenne..na...ubath anatha nokara ..plz..eturu..tikath..update karahan...alazzzzz

    ReplyDelete
  22. Ada thama essellama mekata awe.maru thama mara asawen me tika kiyawanne.me wage thenak hoya hoya hitiye matatmewa gena unak thibuna.den nam hoda wewi.thank you soooooooooooooooooooooooo much

    ReplyDelete
  23. niyamai machao niyamai... uba nao maxxa parak.. digatama karagena yamu...

    ReplyDelete
  24. mata podi aulak thiyanawa boss mama ada thamai disa ta set une oyage lesson akak thibbe password aka amathaka unahama nvram aka by pass karala yana system aka aka mama try kara mata set une ake configuration valu aka anne na mama screen shot akak dannam ake

    ReplyDelete
  25. Great effort bro................

    djchami

    ReplyDelete
  26. ගොඩක් වටිනව දිගටම කරගන යන්න.

    ReplyDelete
  27. practical knowledge1 ට ගොඩක් වටින ලිපි ටිකක්.

    ReplyDelete
  28. @Ireshan Madumadawa
    දැන්නම් මම CCNA clz යන්නෙ නැහැ සහෝ...
    අවුරුදු 5 විතර කලින්නම් winsys ගියා.අනිත් පාඩම් වල comment කියවල බලන්න එතකොට හොද institute එකක් හොයාගන්න පුළුවන් වෙයි

    ReplyDelete
  29. උබනම් මාර පොරක් බන්....

    ReplyDelete
  30. එල මචන් උඹේ ලිපි ටික නම් මරු මමත් BIT කරන ගමන්CCNA කරන්නේ ඒකට නම් මේක ලොකු උදව්වක් මචන්........
    මට හිතාගන්න බැ උඹ BIT කරන ගමන් job එකත් කරගෙන බ්ලොග් එකත් කරගෙන යන්නේ කොහොමද කියල. මට නම් පිස්සු වගේ. කොහොම උනත් මේක නම් නියම වැඩක් ගොඩක් පින් දිගටම කරගෙන යන්න ශක්තිය ධෛයර්ය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.....

    ReplyDelete
  31. @Maduranga Dayanath
    ඇත්ත මචං BIT කරන ගමන් වෙන දෙයක් කරනව කියන්නෙනම් අමාරු වැඩක්. මේ අවුරුද්දෙන් මගෙ BIT එකත් ඉවර වෙනව. project VIVA තියෙන්නෙ 30 වෙනිදාග ඒකත් ගොඩ ගියොත් ගොඩම තමයි....

    ReplyDelete
  32. machan BIT eke networking paththa thiyenawada ban ?

    ReplyDelete
  33. @Anonymous
    networking subject දෙකකුත් තිබුන මචං මම කරද්දිනම්.
    networking දන්නැත් කෙනෙක්ටනම් ටිකක් විතර අමාරුයි ඒ subjects.BIT.lk ගිහින් student hand book එක අරන් බලන්න මොනවද subject කියල..

    ReplyDelete
  34. අමරණියත්වයෙ රහස තමන් දන්නා දේ අනිත් අයට කියා දීම ලු. ඒ අතින් උඹ අමරණීය මිනිහෙක් මචන්. ක්ලාස් එකේ එදා දවසෙ කරන ටික Clear කර ගන්නෙ උඹේ මහන්සියෙන්. ගොඩක් පිං මේ කරන වැඩේට. ජය වේවා මචෝ.

    ReplyDelete
  35. This comment has been removed by the author.

    ReplyDelete
  36. අනෙ සර්..sirta pin...mm ccna kranw....mata english aul...eth asawatama kranw....ane plz sir mta mulama ciding tika kyla denna....sirta pin.....apita kara router eke get way walta coding ewath kyla denna.....

    ReplyDelete
  37. Router 2kta wadi ganak serial vidiyata conect karnakota DCE DTE wenne koi router akada kiyala hoyaganne kohomada machoo

    ReplyDelete

වැරදි දෙයක් ලියල තියෙනවනම් පෙන්නල දෙන්න, හරි දෙයක් හරියටම ගත්තනම් හිතුන දෙයක් ලියල යන්න....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...