ඔන්න හුග දවසකට පස්සෙ ආයෙත් බ්ලොග් එක මතක් උනා.මම හිතුවටත් වැඩියෙ කට්ටිය මගෙ බ්ලොග් කට්ට බලල නොවැ, හරිම සතුටුයි. ඔන්න අද මම දිග ලිපියක් ලියන්න බලාගෙන තමයි මේකට ගොඩවැදුනෙ. එක සැරේ post දෙකක්ම දාන්නත් හිතාගෙන ඉන්නව. හරි වැඩි කතා නැතුව අද පාඩම පටන් ගනිමු.
CCNA දසවන පාඩම Router Interface Configuration i
[Ethernet interface] (රවුටරේ මුහුණු)..
[Ethernet interface] (රවුටරේ මුහුණු)..
අද අපි මේ පාඩමෙන් කතා කරන්නෙ Router එකේ තියෙන මුහුණත් ඒ කිව්වෙ Interfaces අපිට තේරෙන විදියටම කියනවනම් ports ගැනයි. Router එකක තියෙන ports කොහොමද configure කරන්නෙ , එහෙමත් නැත්තම් අපට අවශ්‍ය විදියට සකසා ගන්නෙ කොහොමද කියල මේ ලිපිය බලපුවාම ඔයාලට ටිකක් හරි තේරෙයි කියල මම හිතනව. Router එකක තියෙන interfaces කිහිපයක් ගැන කලින් පාඩම් වලදි අපි කතාකලා මතකයිනේ (Console port එක හා Auxiliary port එක.) ඒ හින්ද මේ පාඩමේදි ඒ ports ගැන කතාකරන්නෙ නෑ.
Router එකක ප්‍රධාන වශයෙන් Interfaces වර්ග දෙකක් තියෙනව. ඒව තමයි
- -Physical Interfaces.
- -Virtual Interfaces
Physical Interfaces කිව්වම වචෙනෙම තිනයනවනෙ තේරුම.මේ interfaces හරහා තමයි අපි විවිධ devices Router එකට සම්බන්ධ කරන්නෙ. Virtual Interfaces යොදාගන්නව Router එකේ තියෙන Physical Interfaces එකකින් තවත් කුඩා Sub Interfaces හදාගන්න, ඒ වගේම තවත් වැඩ කීපයකටම මේ virtual interfaces යොදාගන්නව. ඔය කලින් කියපු Sub Interfaces හදන කථාව ගොඩක් ප්‍රයෝජනවත් වෙනව Cisco Routers හරහා IP tunnels නිර්මාණය කරද්දි. මොනවද මේ Virtual interfaces එක්ක එන IP Tunnels, වෙනමම පාඩමකින් අපි ඒ ගැන හොයල බලමු.
අපි මුලින්ම බලමු කොහොමද මේ Physical Interfaces අපට අවශ්‍ය ආකාරයට සකසගන්නෙ කියල.මෙතනදි අපිට අවශ්‍ය ආකාරයට කියල කිව්වෙ එම Interface එකට සම්බන්ධ කරන Devices ප්‍රමානය හා ඒවාට assign කරන IP addres අනුව අපිට අවශ්‍ය විදියට Router එකේ ඊට අදාල Interface එක සැකසීමයි. තව දෙයක් තියෙනව මේක හරියට දැනගෙන හිටියෙ නැත්තන් සේරම ඉවරයි. ඒක තමයි, එක් Interface එකකට assign කරපු IP address එකක් {IP address එකත් සමග subnet mask එකක්ද assign කරයි.එමගින් අපට එම Interface එක සමග පාවිච්චි කරන්න පුළුවන් IP address පරාසය හදුනාගන්න පුවවන් (interface එකට සම්බන්ධ කරන්න පුළුවන් devices ප්‍රමානය කියන්නෙ ඔය IP address පරාසයෙ තියෙන assign කළ හැකි IP address ප්‍රමානයයි.උදාහරන බලපුවම ඔයාලට තේරෙයි)} Router එකේ තවත් Interface එකකට IP adress assign කරද්දි කලින් බාවිතා කරපු IP address එක හා ඒ IP එකට අයත් පරාසයේ (IP range එකේ) ඇති IP address එකක් assign කරන්න නොහැකි වීමයි. ඒ කියන්නෙ තවත් Interface එකකට අපි IP එකක් assign කල යුත්තෙ වෙනත් Interface එකකට assign නොකල හා එම IP address පරාසයට අයත් නොවන IP address එකකුයි. මම කියපු දිග කතාව සාරාංශ කෙරුවොත් මෙහෙමයි එන්නෙ.. එක් Interface එකකට assign කරපු IP address එකක් හා එහි පරාසය ඇතුලත ඇති IP address තවත් Interface එකකට assign කරන්න බැහැ කියලයි. කොහොමද මගෙ සාරාංශ කිරිල්ල :)
හරි දැන් කථා නැතුව වැඩේට බහිමු. අපි කලින් කථා කරපු විදියට දැන් බලමු එක් එක් Physical Interfaces කොහොමද අපට අවශ්‍ය විදියට සකසාගන්නෙ කියල. මේතන ඉදල අපි Physical Interfaces දෙකක් ගැන කථා කරනව. ඒව තමයි Ethernet interface එක හා Serial interface යන ඒව. මේ පාඩමෙන් අපි කථා කරන්නෙ Ethernet interface එක ගැන විතරයි.
උදව්: Router එකේ තියෙන සේරම Interfaces හා ඒවාට IP address සකසා ඇත්නම් ඒවාද එම Interface එකට අදාල port address එකද "show ip interface brief" කියන command එකෙන් අපිට පහත විදියට බලාගන්න පුළුවන්.
මම කලින් port address එක කියල කිව්වෙ ඉහත output එකේ interface යටතෙ interface එකට පස්සෙ දකින්න තියෙන 0/0,0/1,1/0,1/1 යන ඒවයි.ඒවගෙන් තමයි Router එක හරියටම එක් එක් interfaces වෙන් වෙන් කරල හදඅනාගන්නෙ. "show run" හරහාද අපිට interface වලට අදාල තොරතුරු ගොඩක් බලාගන්න පුළුවන්. මෙන් මේ විදියට.
Router එකේ අපි දන්නා Interface එකක තොරතුරු විතරක් බලාගන්න යොදාගන්න command එක තමයි මේ "show interface <your interface name> <port address>"
උදා: " show interface fastethernet 0/0"
මේ command එක හරහානම් අපිට ඕනවටත් වඩා interface එක ගැන තොරතුරු පෙන්වනව.
බලන්න Interface එකේ IP adress එකේ ඉදල mac address එක Interface එක ක්‍රියාකාරීව තියෙනවනම් ඒ හරහා ගිය frame ප්‍රමානය, broadcast කරපු ප්‍රමානය (මේ වචන හරියට තේරෙන්නෙ නැත්තම් මගෙ පසුගිය ලිපි ටික බැලුවොත්නම් හොදට තේරුම් ගන්න පුළුවන් වෙයි) මෙකී නොකි ගොඩක් දේවල් පෙන්නව නේද.. දැන් අපි බලමු මේ Interface එක ගැන ගොඩක් හොදට හොයල බලල.
Ethernet Interface
Routers වල Ethernet interfaces වර්ග කිහිපයක්ම දකින්න පුළුවන්. අපිට ගොඩාක්ම දකින්න පුළුවන් Interfaces තමයි Ethernet හා FastEthernet කියන වර්ග දෙක.මෙතනදි මතකයෙ තබා ගතයුතු කාරනේ තමයි මේ කියන Interfaces දෙකම configure කරන්නෙ එකම විදියට හා වෙනස් වන කරුන වන්නේ මේ එක් එක් Interfaces තොරතුරු යවන හා ලබාගන්නා වේගයේ පවතින වෙනසයි. Router එකේ තියෙන Ethernet interfaces යොදාගන්නෙ Router එකට විශාල Devices ප්‍රමානයක් සම්බන්ධ කරගතහැකි උපාංග සම්බන්ධ කරගන්නයි (පරිගණකයක් උවද කෙලින්ම සම්බන්ධ කල හැකියි.)
උදාහරනයක් විදියට Switch, Hub වැනි දේවල් අපිට ගන්න පුළුවන්.දැන් අපි බලමු කොහොමද Ethernet interface එකට IP adress එකක් assign කරල ඒක ක්‍රියාකාරී තත්වයට ගන්න හැටි. මම කලින් උදව් යටතෙ දක්වපු විදියට Router එකේ Interfaces පිළිබද තොරතුරු බලාගෙන අපට IP එක assign කරන්න ඕන Ethernet interface එක හදුන ගන්න ඕන.ඇත්තටම මෙතනදි අපිට අවශ්‍ය වෙන්නෙ අපි තෝරාගත්තු Interface එකේ port address එකයි. ඊට පස්සෙ Router එකේ Global configuration mode එකට ගිහින් පහත විදියට ඔයාලට command එක දෙන්න පුළුවන්.
i) Router(config)# interface <interface name> <port address>
ii) Router(config-if)# ip address <ip address> <subnet mask>
iii)Router(config-if)#no shutdown
මෙතනදි පළවෙනි command එකේ <interface name> කියන තැනට interface එක Ethernet ද FastEthernet ද කියල දෙන්න ඕන. <port address> කියන තැන දෙන්න ඕන එක දන්නවනේ. ඊට පස්සෙ දෙවනි command එකේ ip address කියල දීල <ip address> කියන තැනට interface එකට assign කරන IP එක දෙන්න ඕන. <subnet mask> කියන තැනට ඉතින් IP එකට අදාල subnet mask එක දෙන්න ඕන. ඊට පස්සෙ තුන්වෙනි command එකේ විදියට no shutdown කියල දුන්නට පස්සෙ interface එක ක්‍රයාකාරී තත්වයට පත්වෙනව.
දැන් ඔයාලට මේ interface එකට මම කලින් කියපු උපාංග සම්බන්ධ කරන්න පුළුවන්.(මතකයිනෙ සේරම දේවල් save කලා නේද).
මම ඉහතින් කරපු විදිය තේරුනේ නැත්තම් Packet Tracer වලින් පහත ප්‍රායෝගික ක්‍රියාකාරකම මම කරල තියෙන විදියටම ඔයාලත් කලානම් හොදටම තේරෙයි මම මොකක්ද කිව්වෙ කියල.
ක්‍රියාකාරකම් 01:(පිංතූරය පැහැදිලි නැත්තම් පිංතූරය උඩ click කරන්න).
මගේ කලින් පාඩම් වල IP address ගැන ටිකක් බැලුවනම් මම මේ දීල තියෙන Subnet mask එක ගැන ඔයාලට හිතාගන්න පුළුවන්. ඒත් මම මෙතන ඉදල ඉහත ක්‍රියාකාරකමත් එක්කම තව ටිකක් වැඩිපුර IP address ගැන පැහැදිලි කරන්නයි යන්නෙ.
ක්‍රියාකාරකම් 01 හි දක්වල තියෙන විදියට Router එකේ fastethernet port එකට දීල තියෙන IP address එක බලන්න, 192.168.100.1 නේද. Class C IP address එකක් කියල දැන් ඔයාලට කියන්න ඕනෙ නෑනෙ. මම Class C IP address එකක් ගන්න හේතුවත් ඔයාල දන්නවනෙ..දන්නැති අයටයි මම ඒකට හේතුව කියල දෙන්නෙ. ක්‍රියාකාරකම් 01තියෙන network එකේ තියෙන්නෙ පරිගණක 5යි,( ඒ කියන්නෙ එතන IP address 5 යි ) එකකොට Router එකේ Ethernet එකට assign කරන IP address එකයි, සේරම IP address 6 යි. දැන් ඔයාලට මම Class C IP address එකක් ගත්තෙ ඇයි කියල පහල බලපුවාම තේරෙයි.
IP Class Byte Range භාවිතාකලහැකි IP address ගණන
Class A 0 -126 16,777,214
Class B 128 -191 65534
Class C 192 - 223 254
අපි සාර්ථකව Network එකක් නිර්මාණය කරද්දි ඒ සදහා අරපිරිමැස්මෙන් IP address භාවිතා කලයුතු වෙනව. එතකොට තමයි Network එකේ කාර්යකෂමතාවයයි පාලනයයි පහසු වෙන්නෙ. මට ඕන IP address හයක් හින්ද මම class C එකේ තියෙන IP address එකක් තෝරගත්ත. මම class B එකේ IP address එකක් තෝරගත්තනම් බලන්න නාස්ති වෙන IP address ප්‍රමාණය.
දැන් අපි බලමු Subnet Mask එක ඇයි 255.255.255.248 විදියට මම ගත්තෙ ඇයි කියල. හරි දැන් මට ඕන IP address හයයිනෙ, එතකොට ඒකට අපි 2ක් එකතු කරන්න ඕන. ඇයි අපි 2ක් එකතු කරන්නෙ?.. ආ එහෙම කරන්නෙ අපි යම් කිසි Subnet mask එකක් වෙන්කරගත්තට පස්සෙ ඒකෙන් හැදෙන සෑම Subnet (network) එකක් සදහාම තියෙනව Network ID හා Broadcast ID කියල IP address දෙකක් ( මේ IP address දෙක devices වලට assign කරන්න බැහැ). අන්න ඒ හින්ද තමයි 6 ට 2ක් එකතු කෙරුවෙ. එතකොට අපිට ඕන වෙන IP address ප්‍රමානය 8 ක් වෙනව. දැන් තමා ටිකක් ගනන් හදන හරිය එන්නෙ. ඊට පස්සෙ බලනව 2 කේ කීවනි පාදයද 8 වෙන්නෙ කියල.
මේ තියෙන්නෙ, 2කේ 3න්වෙනි බලය නේද 8 වෙන්නෙ. ඊට පස්සෙ මම IP address පාඩමේ කියපු Network bits හා Host bits කතන්දරයත් මෙතන්ට එනව. ඊටත් කලින් පාඩමේ කිව්ව මතකයිනේ IP address එකක් හැදිල තියෙන්නෙ 32 bit වලින් කියල. ඒ කිව්වෙ 1 ඒවයි 0 වේ ඒවයි 32 කින්. එතකොට 1 ඒව Network bits විදියටත් 0 ඒව Host bits විදියටත් මම ඔයාලය අදුන්වල දුන්න මතකයිනෙ. හරි අපිට අවශ්‍ය IP address ප්‍රමානය Host bits වල දෙකේ බලයෙනුත් අපිට අවශ්‍ය Network ප්‍රමානය Network bits වල දෙකේ බලයෙනුත් අපිට හොයාගන්න පුළුවන්. දැන් අපි හොයාගත්තනෙ 2^3 = 8 කියල.දැන් කරන්න තියෙන්නෙ දෙකේ බලයට සමාන host bits ගානක් පැත්තකින් ලියාගන්නව මෙන්න මේ විදියට.
000
ඊට පස්සෙ මම කිවව මතකනේ bits 8 කින් යුක්ත කාණඩ 4ක් එකතුවෙලා තමයි සම්පූර්ණ IP address එකක් හැදෙන්නෙ තියල. ඒ හින්ද දැන් ඔයාලට කරන්න තියෙන්නෙ බින්දු (0) වලට ඉස්සරහින් bits අටේ කෑලි 4ක් වෙන්න Network bits (1) දාන එකයි. ඔය පහල මම දාල තියෙන්නෙ ලස්සනට...
11111111.11111111.11111111.11111000
ඔය තියෙන්නෙ දැන් අපේ Subnet mask එක bits වලින්.දැන් අපිට කරන්න තියෙන්නෙ මේක decimal එහෙමත් නැත්තම් දහයෙ පාදයට හරවගන්න එකයි. ඒක කරන විදියත් මම IP address පාඩම් මාලාවෙ ඔයාලට කියල දුන්න මතකයිනෙ. කමක්නෑ ආයෙත් බලන්නකො කොහොමද ඒක කරන්නෙ කියල.මුලින්ම පළමු bits අට ගමු.
11111111
දැන් පහත බලන්න මම කොහොමද මේක decimal කරල තියෙන්නෙ කියල.
decimal (දහයෙ පාදයට) කරපුවාම එන්නෙ 255 යි නේද. ඊලග 8bits කාණ්ඩ දෙකත් දහයෙ පාදයට හරපුවාම එන්නෙ 255 ම තමයි.දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නෙ අන්තිම bits ටික විතරයි. ඒ කිව්වෙ
11111000
මේක දහයෙ පාදයට හරවන්නෙ මේ විදියටයි. හරිම ලේසියි.ඔය මම පල්ලැහැ දාල තියෙන්නෙ ඒ විදිය තමයි.
හරි දැන් කරන්න තියෙන්නෙ සේරම දහයෙ පාදයෙ සංඛ්‍යා ටික එක පේලියකට ලියාගන්න එකයි.මෙන්න මේ විදියට. 255.255.255.248
ඔය ඇවිල් තියෙන්නෙ අපේ Subnet mask එක ලස්සනට. එතකොට අපි ගත්තු IP address තමයි 192.168.100.1 ඉදල 192.168.100.6 වෙනකම් IP addresses, එතකොට කෝ මේ Network එකේ Network ID (Network address) හා Broadcast ID (Broadcast address) එක. ඒක හොයාගන්නෙ මෙහෙමයි. අපි අපේ Host bits වල දෙකේ බලය හෙව්වනේ(8), අන්න ඒ දෙකේ බලයෙ ගුණාකාරයන් Subnet mask එකේ අන්තිම අගය දක්වා ලියාගන්නව. ඒ කිව්වෙ 248 වෙනකම්. හරි දැන් අපි ලියාගමු 8ටේ ගුණාකාර 248 වෙනකම් මෙන්න මේ විදියට. (තවත් විදියක් තියෙනව මේක කරන්න සැම විටම 256 කියන සංඛ්‍යාවෙන් අපේ Subnet mask එකේ වෙනස්වන අගය ඒ කියන්නෙ 248 අඩු කලාම ලැබෙන අගයෙ ගුණාකාර ගත්තාමත් මේ විදියටම කරන්න පුළුවන් [256-248= 8]).
දැන් බලනව අපේ IP address එකේ අන්තිම අගය තියෙන්නෙ මේ සංඛ්‍යා පරාසයේ මොන සංඛ්‍යා 2ක අතරද කියල.(අපේ IP address එකේනම් අන්තිමට තියෙන අගය වෙන්නෙ එක (1)නෙ) එතකොට මේ සංඛ්‍යා අතරනම් 1තියෙන්නෙ 0-8 අකර තියල ඔයාලට පේනව නේද. හරි දැන් අපිට පුළුවන් Network ID එක හා Broadcast ID එක හොයන්න. අපි ගත්තු සංඛ්‍යා පරාසයෙ(0-8) මුලින්ම තියෙන අගය(0) අපේ IP address එකත් එක්ක ගත්තාම එක තමයි අපේ Network ID එක වෙන්නෙ. ඒ කියන්නෙ
192.168.100.0
කියන IP address එකයි. ඊට පස්සෙ අපි ගත්තු සංඛ්‍යා පරාසයේ(0-8) තියෙන අන්තිම සංඛ්‍යාවෙන් එකක් අඩු කලාම ලැබෙන අගයත් එක්ක තමයි Broadcast ID එක හැදෙන්නෙ.
8 - 1 = 7 ඒ අනුව අපේ Broadcast IP එක වෙන්නේ
192.168.100.7
කියන IP address එකයි. අපි මේ හොයපු IP adress දෙක අතර තියෙන IP address (ඒ කියන්නෙ 192.168.100.0 ත් 192.168.100.7 ත් අතර තියෙන IP address) තමයි අපිට මේ Interface එකෙන් යන අනිත් devices වලට assign කරන්න පුළුවන්. මෙහෙම Subnet කරපුවාම තියෙන එක් වාසියක් තමයි මේ subnet mask එකම (255.255.255.248) පාවිච්චි කරල අපිට තවත් Network එකක් හදන්න පුළුවන් වීම.
උදාහරනයක් විදියට මෙහෙම ගමු, අපි මුල් අටේ ගුණාකාර set එක අරගෙන දැනටමත් Network එකක් හදල ඉවරයිනෙ. දැන් අපි දෙවනි අටේ ගුණාකාර set එක ගමු. ඒ කිව්වෙ 8-16 ත් අතර set එක. එතකොට මේකෙ Network ID වෙන්නෙ
192.168.100.8
කියන IP address එකයි. ඒ වගේම Broadcast IP එක වෙන්නෙ
192.168.100.15 (එකක් අඩු කරනව මතකනේ[16-1=15])
කියන IP address එකයි. එතකොට devices වලට assign කරන්න පුළුවන් IP address වෙන්නෙ 192.168.100.8 ත් 192.168.100.15 ත් අතර IP address සුයි. හරි දැන් අපි පුරුදු වෙන්නත් එක්ක මේ IP address පරාසයන් 2කම තියෙන ඒ කිව්වෙ Network දෙකක් Router එකට connect කරල Router එක configure කරල බලමු. ඔය පහත තියෙන්නෙ මම ඒ විදියට කරල තමයි.(පිංතූරය පැහැදිලි මදිනම් ඒක උඩ click කරල බලන්න).
ඔයාලත් මේ විදියට Packet Tracer වලින් Network එක හැදුවට පස්සෙ එක Network එකක තියෙන පරිගණකයක ඉදල අනිත් network එකේ තියෙන පරිගණකයට ping කරල බලන්න reply වෙනවද කියල,
ඔයාලටත් මෙ විදියට හරියට Replyලැබෙනවනම් ඒ කියන්නෙ ඔයාලගෙ Network එක හොදට වැඩ කියල.
මම මේ කියපු ඔක්කොම දේවල් අන්ඩර දෙමළ වගේ ඇති IP address ගැන කලින් ඉගෙන කෙන නැති අයට හා මගෙ අනිත් IP address ලිපි ටික බලපු නැති අයට.ඒ අය පහත තියෙන මම හදපු .pdf බලන්න. මේක තමයි මම CCNA විභාගෙට පාඩම් කරන්න හදාගත්තු chart එක.ඔයාලටත් මේක බලපුවාම තේරෙයි මම මෙච්චර වෙලා මොනවද කිව්වෙ කියල...
ඔයාලට මේ pdf එක බාගන්න ඕන නම් මෙතනින් බාගන්න.
ඔයාලට මේ pdf එක බාගන්න ඕන නම් මෙතනින් බාගන්න.
ඇත්ත කියන්න එපෑය පාඩම නම් මාර සංකීර්ණයි .ඒත් ඉතින් මේව ඉගනගන්න වෙන තැනක් තියනවද . මම ඉතින් දිසාගේ මේ ලිපි ටික සේරම මුද්‍රනය කරලා ෆයිල් කවරෙක තැන්පත් කරගන්නවා . සල්ලි හොයන්න නම් නෙවේ මට බලලා ඉගනගන්න ..
ReplyDeleteදිගටම ලියපන් දිසා . නෙට්වර්ක් ගැන මේතරම් සර්ව සම්පූර්ණ ලිපි පෙලක් මම දැක්කේ මෙතනින් විතරයි ..
@හිස් අහස
ReplyDeleteසහොදරය, මමත් සහෝදරයගෙ blog එකට එන යව ජීව සාමාජිකයෙක්. මේකයි කාරණය මම මේ ලිපි පෙළ ලිව්වෙ practical කරලම බලල ඇගට වදින්න දාගන්න ඕන විදියට. අනිව ඊලග Post එකෙන්නම් සහෝට හොදටම තේරෙයි IP address ප්‍රායෝගික ක්‍රියාකාරකම් කොහොමද කරන්නෙ කියල. අවුලක්මනම් තවත් වැඩක් තියෙනව bro. මාවත් ඔය යනගමන් අලි ලගින පාර හරියෙ pot එකකට එක්ක ගියානම් shot එකක් දාලම අපි දෙන්නට මේ ගැන ගමකට කතාකරන්න තිබ්බ. අවුලක් නෑනෙ.
කිසි අවුලක් නෑ දොරේ..! උඹත් ඇවිල්ලා එකෙන්ම කන බොන ඩයල් එකක් වගේ ෂෙහ් ලඟපාතක හිටියානම් සෙට් වෙන්න තිබුනා ..
ReplyDelete@හිස් අහස
ReplyDeleteසෙට් වෙමු, සෙට් වෙමු..
ලංකාව කියන්නෙ පුංචි රටක්නෙ.අපි ඔක්කොම කවදහරි සෙට්වෙයි. එදාට ඉතින් අපි එකතුවෙලා ගහමු වැනෙන්න ඒත් කඩන්න බැරි මරැ නෙට්වර්ක් එකක්. ඒක නෙමේ පාඩම් ටික මුල ඉදලම බැලුවොත් අල්ලගන්නනම් අමාරු වෙන එකක් නෑ කොල්ලො.
හොදයි තේරුනා හැබැයි ටිකක් ලොකුයි. අනික font size එකත් පොඩ්ඩක් අඩු කරන්න. 11pt විතර දාන්න. ලොකු ඡේද කඩල ලියන්න. දිග වාක්‍ය ලියන්න එපා. මොකද කියවගෙන යද්දි ඒවයෙ මුල ලියල තිබුනෙ මොනවද කියල අගහරිය කියවගෙන යනකොට අමතක වෙනව.
ReplyDeletesub networks කඩන හැටි එහෙම ලියල උගන්වන එකට වඩා කටෙන් කියල දෙන එක තමා ලේසි කියල මට නම් හිතෙන්නෙ. ඒ උනාට උඹ ලියල තියනව අමාරුවෙන් හරි.
මට නම් හිතුනෙ අපට සිමාසික අඩකදි cover කරපු පාඩම් උඹ එක ලිපියෙන් කිව්ව වගේ :)
@Hishan Melanga
ReplyDeleteසමාවෙයන් මචෝ,
මේකයි සීන් එක.මම font සයිස් එක ලොක් කෙරුවෙත් එක්කෙනෙක් කියපු හින්ද.හරි අනිත් post එකේදි මම කෙටි වාක්‍ය ලියන්නම්කෝ.මම ඉස්පිරිතාලෙ හිටිය නොවැ(ඒ ගැනත් ලගදිම දානව)ඊට පස්සෙ ගෙදර ඇවිල්ල ලියපු ලිවිල්ල මෙහෙම ඉවරඋනා මදැයි.
හපෝ ලියන්නම් අමාරුයි කමයි ඒත් ඔහෙ ලියල දැම්ම. මට කටෙන් කියල දෙන්න ලැජ්ජයි වගේ බං..:)
ඔන්න මමත් ආවා මචෝ............. නියම බ්ලොග් එක.මගෙන් සුභ පැතුම්......................
ReplyDelete@Chinthana
ReplyDeleteදිගටම වරෙන් මචෝ. ස්තුතියි කොමෙන්ටුවට:)
methana Class A,B,C anith pathata neda enna one
ReplyDeleteclass A 1-126
class B 128-191
class C 192-223
netham mata waradilada.......
@Anonymousනැ මෙතන හරිවිදියටයි දාල තියෙන්නෙ.ඔයාටයි වැරදිල තියෙන්නෙ.පොඩ්ඩක් මේ ලින්කුව ක්ලික් කරල බලන්න.
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Classful_network
ස්තුතියි මේ පැත්තට ආවට.....
class C eka byte range eka 0-126 da netham 192-223 da (methana byte range kiyala adahas kale ip address range ekada?)mata thama pahadili neha eka
ReplyDelete@Anonymousමම හිතන්නෙ ඉස්සරින් පාඩමෙන් ඇනෝ කොමෙන්ටුව දාල තිබුනෙ ඔයාම වෙන්නැති. එතනදි මම සාල තිබුනු ලින්කුවෙන් ගිහින් වැඩි විස්තර ඔයා බලල නැති නිසයි මෙහෙම අහන්නෙ.
ReplyDeleteමෙතනදි මම byte range එක කියල අදහස් කලෙත් IP address range එකම තමයි. මොකද ip address හැදිල තියෙන bytes අනුව ගත්තත් අපිට ලුබෙන්නෙ ඔය අගයම තමයි.තවමත් පැහැදිලි නැත්තම් මෙකෙ තියෙන ip address පාඩම් ටිකත් බලන්න.
ow saho thama mata meka tikak awul oyage ip padame class A-1-126, class B-128-191, class c eka 192-223 thamai ip range eka sadahan karala thiyenna
ReplyDeleteeth me padame balanna sadahan karala thiyenawa
ip class- class c byte range 0-126
class B 128-191
class A 192-223
meka hari widihata Class A,C maru wenna one nedda
methana mama hithanne range ek maru wenna one wage 0-126 & 192-223 mama waradi nam awulak neha eka balala wisada gannam saho...... jaya wewa!
ReplyDelete@Anonymousගොඩක් ස්තුතියි සහෝ නිතරම වැරදි පෙන්නල දෙනවට.එකන මට මාරු වෙලා තමයි තියෙනනෙ.සමාවෙන්න ඕන.රැ තිසසෙ නිදිමරාගෙන ලියලුවනෙ සහෝ..
ReplyDeleteමම ඒක හරිගස්සන්නම්.උබටනම් ගොඩක් ස්තුතියි වැරදි පෙන්නල දෙනවට..
elaz..... jaya wewa! aluth padamak danna eka hodai neda 2012 weda alanath ekka dan tawa padam 2-3k mata thiyenna kiyawanna saho...
ReplyDeleteathana ip address range ekath wenas karanna wenawa wage A,C maru karanam hari wage saho..
ReplyDelete@Anonymousදැන් හරි නේද සහෝ. next month එකේ BIT exam එක තියෙනව.දැනුයි පාඩම් කරන්න පටන්ගත්තෙ.ඒක ඉවරඋන ගමන්නම අනිත් පාඩම් ටිකකුත් දාන්නම් සහෝ...එල එල අනිත් පාඩම් ටිකත් කියවල වැරදි පෙන්නල දෙනවනම් හොදයි.
ReplyDeleteෂෝක් අයියේ .... මට මේවා තේරුනේ නෑ කිසි දෙයක් lecture වලදී .. දැන්නම් බඩේ බත් ටික වගේ .... tahnx a......
ReplyDeleteදිගටම ලියමු ....
අය්යේ switch එකක් configure කරගන්න විදිහත් කියල දුන්නනම් ගොඩක් වටිනවා. ඇත්තටම නියමට තේරුම ගන්න පුළුවන් විදිහට තියනවා. ගොඩක් පින් ඔයා මේ කරන වැඩේට.
ReplyDeleteඅම්ම්මෝ මාරම උදව්වක් මේකනම් ඔබගේ ඉදිරි ගමන සාර්ථක වේවා නොදන්නා අයට මේ වගේ කියල දෙන අය අද හොයාගන්න හරිම අමාරුයි.
ReplyDeleteසෑහෙන්න වටින ලිපි පෙළක්... ඔබට බොහොම පින් මේ විදිහට මැරීගෙන අපිට මේව කියල දෙනවට. මම දන්නව ලිපියක් මේ විදිහට ලියන්න තියෙන අමාරුව. නිකන් බ්ලොග් එකක් ලියනව වගේ නෙවෙයි. ඔබ වගේ අය අඩුයි කියන්නෙ මිලියනේකට එක්කෙනෙක් ඇති. මේක දැකලම මටත් networking පැත්ත ගැන ආසවක් ඇති උනා. මේ ක්ෂේත්‍රෙය කරන්න පුළුවන් විභාග, ඒව කරන්න පුළුවන් තැන්, ගණන් කොහොමද කියලත් කියන්න පුළුවන් නං ගොඩක් ස්තූතියි. ඒවගේම රැකියා අවස්ථා ගැනත්.
ReplyDeleteඔබට නිරෝගී සුවය හා ජය සහෝදරයා!!
@දොඩන්
ReplyDeleteගොඩක් ස්තුතියි සහෝ ලිපිය බලල කොමෙන්ට් කලාට.microsoft,cisco,linux වගේ professional exam networking පැත්තෙන් කරන්න පුළුවන්. ඒවගේ මිල ගනුනුත් එකින් එකට වෙනස්.පාඨමාලා ගාස්තුත් එක එක ආයතන මට්ටමින් වෙනස්.වැඩි විස්තර පහල ලිනුකුවෙන් ගිහින් බලන්න.වෙලාවක් හම්බෙන විදියට මේ ගැනත් වැඩි විස්තරයක් දාන්්නම් සහෝ....
http://www.winsysnetworks.net/
මිතුර නුබේ නිරහංකාර ගුණයට මගේ මුළු හදවතින්ම් ප්‍රණාමය.
ReplyDeleteනුබ බෙදා දෙන මේ දෙනුමට ගොඩක් තුති පුදන්නෙමි ............. යාළුවා ඔයාගේ මේ බ්ලොග් එක නිසා ගොඩක් දේ ඉගෙන
ගත්ත තව ඉගෙන ගන්න තියෙන දේ බොහොඉ ................මේ දෙනුම බෙදා ගන්න එකට ගොඩක් පින් ඔය වගේ අය අද කලේ ගොඩක් අඩූ ඉ ............ඉතින් යාලු නවතා හමුවෙමුකො ..... කොහොමද ඔයාගේ ජොබ් අක එහෙම ? .
ඔයාගේ හෙම පෙඅතුමක්ම සාර්ථක වේවා ! මෙම කටයුතු සාර්ථකව කරගෙන යන්න ම්ම් සුබ පතනවා. යාළුවා
ඔයට් දිගයු නිදුක් නිරෝගී සුව ලේබෙවා ! ........
@Lahiru Sampath
ReplyDeleteගෙිඩක් ස්තුතියි සහෝ මේ විදියට වචනයකින් හරි දිරිමත් කරනවට. ජොබ් එකටනම් හොදයි සහෝ නිදහස් වදියට කරගෙන යන්න පුළුවන්.ඒත් දැන් එතන ඉගෙන ගන්න දෙයක් නෑ.ඒක හින්ද වෙන තැනකට යන්න තමයි දැන් උත්සහය.
සහෝගෙත් ඉදිරි වැඩකටයුතු හොදින් සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්‍රතනා කරනව.
Good Luck machan.. meka thama mama hoya hoya hitapu de. maxxxxa.. All the best.
ReplyDelete192.168.1.1
ReplyDeleteme address eken ip 20k hada ganna hati puluwannam kiyala denna
bagyamadushan@gmail.com
@bagya madushan
ReplyDeleteIP address තමන්ට කැමති පුමාණයකට හදාගන්න හැටි සහෝ ඉදිරි පාඩම් බැළුවන්ම් හොදට තේරුම් ගන්න ඵුළුවන්.(විගේෂයෙන් ත්‍රියාකාරකම් කොටස බලන්න ඒකෙ පැහැදිලිවම තියෙනව)
මම දැනට පිලිතුරක් විතරක් දෙන්නම්.ඒ පාඩම් බලල තේරුනේ නැතිනම් මගෙන් අහන්නකෝ...
Network Address: 192.168.1.0
Subnetmask: 255.255.255.224
Broadcast address: 192.168.1.31
usable IP address: 30
yalu what is da different ethernet fast ethernet
ReplyDelete@Asantha Dilan
ReplyDeleteසාමාන්‍යෙයන් අපි Ethernet කියල හදුන්වන්නේ 10mbps data transmit කරන්න පුළුවන් interface එකටයි.
fastethernet කියන්නෙ 100mbps speed එකක් තියෙන හා gighabite Ethernet කියල කියනව 1000mbps data transmit කරන්න පුළුවන් interfaces වලට. Ethernet කියන එකේ interface එකම විතරක් අදහස් කරන්නෙ නෑ. පහල ලින්කුවෙන් ගිහින් තියෙන ලිපිය ටිකක් කියවල බලන්නකෝ.
http://www.ccontrols.com/pdf/ExtV2N6.pdf
saho niyameta wadinnama wisthara karala daa thiyenawa, bohoma sthutiyi api wenuwen kale wayakaragena me wage yahapath wadak karan yana ekata
ReplyDeleteme site ekata awith gukak dewala igena gaththa
digatama karagena yanna kiyala pathanawa
Kiyala wadak naa itin suppa wadak ahhhh XD :D thank uuu net work aiyaa meeka nm sira paadama bokkatama wadunaa itin onna ayethn thank u qwa!!!!
ReplyDeletegreattttt...
ReplyDeletegodak wadagath.good luck
ReplyDeleteපොල්ලෙන් ගැහුවා වගේ තේරුණා :) නියමයි දිසා
ReplyDeleteඅම්මපා උඹ නම් දෙයියෙක්.....,
ReplyDeletemachan disa , class A eke host gaana harida machan ?
ReplyDelete@Anonymous
ReplyDeleteගොඩක් ස්තුතියි මචෝ වැරැද්ද පෙන්නල දුන්නටගග
මම නිවරදි කරන්නම්. එන්න ඕනේ 16,777,214 නේද?
machan uda ano mama, ube nihathamanikamata garu karanwa machan, thawa podi dewal tikak thiyenawa aha ganna
ReplyDelete1. machan api danne naththam net work ekakata host kiyak enawada kiyala, ethakota kohomada subent eka hoyanne
2. api inne class c eke nam apita thawa host gana wadi wenawanam apita class b walata maru wenna puluwanda?
3.ape ofs eke duwanne 10.227.ip walin meka class b neda, eth subnet yanne 255.255.255.0 , kohomada ehema wenne ?
@Anonymous
ReplyDeleteඇනෝ පිළිතුරු
1. සාමාන්‍යෙයන් අපි නෙට්වර්ක් එකකට IP address සැලසුම් කරද්දි මුලින්ම බලන්නෙ කොපමන කම්පියුටර් පුමාණයක් network එක තුල යොදාගන්නවද කියලයිගනැතිනම් එම ගණන අනුමාන කරල network එක නිර්මාණය කරනව.අනුමාන කල ගණනට අනුව subnet එක හොයාගන්නව.
2. අනිාර්යෙන් පුළුවන්. හැබැයි එහෙම කරද්දි අපිට තවක් සලකා බලන්න කාරනා ගොඩක් තියෙනව. අපි වෙනත් network සමග VPN,point to point සම්බන්ධතා පවත්වනවද sever configuration කරල තියෙනවද එම network එකට අදාලව වැනි කරුනු.
3. 10.227 class-A IP range එකේ address එකක්. subnet mask එකෙන් කරන්නෙ network එකකට අදාලව පවත්නා ඇතුලත් කලහැකි network ගණන හා host ගණනට සීමා පැනවීමකුයි. ඉතින් ඒ class එකේ IP address බාවිතා කලාට 255.255.255.0 subnet mask එකට අනුව IP address හා network ගණන සීමා වෙනව.
Uda ano thamai me , thank u #disa
ReplyDeletemachan disa, mechchara karalath adupadu pennanawa neme machan, ube PDF eke 255.255.255.128 subnet eke , eka "0" k wadie neda machan ??
ReplyDelete@Anonymous
ReplyDeleteවැරැද්දක් තියෙනවනම් අනිවාර්යෙන් පෙන්නල දීපන් මචං.
අනිවාර්යෙන්ම වැඩියි මචං. ගොඩක් ස්තුතියි මචෝ වැරදි පෙන්නල දීල පාඩම නිවරුදි කරනවට. ජයෙන් ජය
elakiri machan.... uba ela kollek , ubata waradinne na
ReplyDeleteIf you want buy a good domain.then try this site http://clientsarea.lankadomain.com/.
ReplyDeleteIt is sri lanka's number 1 domain registrar. You can create your domain in minutes.
Thank you
anthima practical eke 192.168.100.1 eke pc ekaka idan 192.168.100.9 eke pc ping wenne na..hethuwa...mee wade ela...thankz....
ReplyDeleteමොකක් හරි වැරැද්දක් වෙලා ඇති සහෝ. පොඩ්ඩක් IP සැකසුම් නැවතත් බලන්න.
Deleteada kale oba wani kenek innawa kiyanne suppiri macho..mama thawath kiyanna oni ne saho api okkoma inne ekama path eke.mama hitanawa saho mama kiyapu de watahenna athi kiyala
ReplyDeleteAniwaryen saho
Deleteනියම බ්ලොග් එක.මගෙන් සුභ පැතුම්.digatama karagena yanna.good luck
ReplyDeletesupiri bn wachana na kiyanna
ReplyDeleteආදරෙයි මහත්තයෝ
ReplyDeleteme too
ReplyDeleteniyamai
ReplyDelete