14 May 2011

CCNA නවවන පාඩම Configuring Single CISCO Router iii (චාටර් රවුටර්)

CCNA නවවන පාඩම Configuring Single CISCO Router iii   (චාටර් රවුටර්)
                අද ලිපියෙන් මම කියන්නේ කොහොමද CISCO Router එකක Password Recovery එහෙමත් නැත්තම් අපි CISCO Router එකකට රහස් පද assign කලාට පස්සෙ ඒ රහස් පද අපිට අමතක උනොත් Router එකකට log වෙන්න බෑනෙ, අන්න ඒ වගේ අවස්ථාවක කොහොමද Router එක නැවත යතාතත්වයට පත්කරගන්නෙ කියලයි. මම කලින් ලිපි දෙක තුනකම කිව්ව Configuration Register Value කියල එකක් ගැන.අන්න ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නෙ මේ අවස්ථාවෙදි තමයි. දැන් ඔයාල Packet Tracer හරහා add කරගත්තු Router එකත් පසුගිය ලිපිය බලල රහස් පද assign කරල චාටර් කරගෙන ඇතිනෙ. දැන් බලමු අපි රහස් පද දාල චාටර් උන Router එක නැවත යතාතත්වනට පත්කරගන්නෙ කොහොමද කියල.
                                හරි ඉස්සෙල්ලාම Router එකට CLI හරහා log වෙලා show version (දන්නවනෙ මේ command එක මොන Mode එකේද ගහන්නෙ කියල) command එක හරහා බලාගන්න Router එකේ දැන් තියෙන Configuration Register Value එක මොකක්ද කියල. ඊටත් කලින් ඔයාලගෙ Router එකට Enable password එකක් එහෙම සකසල තියාගන්න, නැත්තම් Password Recovery  එක හරිගියාද කියල බලාගන්න විදියකක් නෑනෙ.
               ඉහත output එකේ පහලින්ම තියනව නේද Configuration register is 0x2102 කියල.මතක තියා ගන්න ඔය 0x2102 කියන value එක Router එකේ තියෙන හින්ද තමයි Router එක on වෙද්දි Startup Configuration (NVRAM) හරහා load වෙන්නෙ කියල. ඒ වගේම තව value එකක් තියෙනව ඔයාල දැනගත යුතු මේ value එකත් අපි Password Recovery කරද්දි යොදාගන්නව. ඒක තමයි 0x2142 කියන value එක.මේ value එක අපි Router එකට දුන්නොත් Router එක Startup Configuration ඒ කියන්නෙ (NVRAM) එක මගහැරල (skip කරල) load වෙනව. ඒ කියන්නේ Router එක Running Configuration (ROM) එකෙන් load වෙනව කියන එකයි. තවත් විදියකින් කිව්වොත් කිසිම සැකසුමක් (configuration එකක්) නැතුව Router එක load වෙනව. (දන්නවනෙ Router එක සාමාන්‍ය විදියටනම් Startup Configuration හරහා load වෙලා එම Startup Configuration Running Configuration එකට copy වෙනව කියල. ඒක හරියට තේරෙන්නෙ නැත්තම් මම කලින් ලිපියක ලියපු Router boot order එක බලන්න).
                හරි දැන් වැඩේ පටන් ගමු. ඉස්සෙල්ලම අපි කරන්න ඕන දේ තමයි Router එකේ ROM Monitor Mode එකට ගිහින් NVRAM එක මගහැරල Router එක start වෙන්න Configuration Register value එක වෙනස් කරන එක. දැන් බලමු කොහොමද Router එකේ ROM Monitor Mode එකට යන්නෙ කියල. පළමුවෙන් Router එක restart කරන්න. restart වෙද්දිම Ctrl + Break key දෙක ඔබන්න. කියන්න අමතක උනානෙ ඔය කලින් කියපු key දෙක ඔබන්නෙ ඇත්ත CISCO Router එකකින් ROM Monitor Mode එකට යන්නයි. දැන් ඉතින් අපිට ඇත්ත CISCO Router නෑනෙ. ඔයාල Packet Tracer එකෙන් දාගත්තු Router එක restart කරල restart වෙද්දිම Ctrl + C key දෙක ඔබන්න. එතකොට අපේ virtual Router එකත් ROM Monitor Mode එකට යනව.
             හරි දැන් අපි NVRAM එක skip කරල යන්න Configuration Register value එක Router එකට සකසමු. ROM Monitor Mode එකේ confreg 0x2142 කියල ගහල Router එක restart කරන්න. මේ mode එකේදි Router එක restart කරන command එක වෙන්නෙ reset කියන එකයි.

      දැන් Router එක Brand new Router එකක් විදියට තමයි load වෙන්නෙ. ඒ කියන්නෙ NVRAM එක මගහැරල කිසිම සැකසුමක් (configuration) එකක් නැති Router එකක් විදියට ඔයාල‍ට CLI එක හරහා Router එක පේනව. ඕනෙනම් පරීක්ෂා කරලත් බලන්න. show run කියල ගහල බලල, ඔයාල රහස් පද දාල චාටර් කරපු Router එකේ කිසිම සැකසුමක් නෑ නේද. Router එකේ එක එක Mode වලට යන්න රහස් පද ඉල්ලන්නෙත් නෑ නේද.
                          හරි දැන් ඉතුරු හරිය. NVRAM එකේ තියෙන ඒව (Startup Configuration) RAM එකට ඒ කිව්වේ Running Configuration එකට (අපි දැන් ඉන්නෙ RAM එකේ තමයි, NVRAM එක මගහැරල Router එක කිසිම configuration එකක් නැතුව load උනා කිව්වෙ ඒකයි) copy කරන්න. දැන් show run ගහල බලන්න. ඔයාලගෙ කලින් චාටර් Router එකේ තිබුනු configuration ඒ විදියටම දැන් තියෙනව නේද. ඊට පස්සෙ ඔයාලට ඕනෙනම් අළුතෙන්ම Enable password එකකුත් සකසන්න. ඔය සේරටම පස්සෙ අපිට Router එක ඊලග පාර Startup Configuration හරහා load වෙන්න පෙර තිබුනු Configuration Register value එක ඒ කිව්වේ 0x2102 ට සකසන්න ඕන. ඒක කරන්නේ Router එකේ Global Configuration Mode එකේ config-register 0x2102 කියන command එකෙනුයි. දැන් බොහෝදුරට වැඩේ හරි. තව එක වැඩක් නියෙනව කරන්න ඒක කලේ නැත්තම් අපි මෙච්චර වෙලා කරපු සේරම දේවල් වතුරෙ ගියාවගේ වැඩක් තමා වෙන්නෙ. ඒ වැඩේත් දැන් කරමුකෝ, අපි දැන් ඉන්නෙ Running Configuration එකේනෙ,.. මම හැමතිස්සෙම කියනව වගේ දැන් තියෙන්නෙ ROM එකේ තියෙන ඒව NVRAM එකට ගබඩා කරන එක. ඊට පස්සෙ Router එක restart කරන්න. හරියට මම පහත කරල තියෙනව වගේ.
                                       Router එක restart කරන්න කලින් ඔයාල show version කියල ගහල බලන්න. ඒතකොට එන output එකේ පහලම කියෙන්නෙ මොකක්ද කියල හොදට බලන්න.
දැන් තියෙන Configuration Register value එකයි ඊලගට Router එක load වෙන configuration Register value එකයි පෙන්නව නේද. ඒක මං ඔයාලට අමතර දැනුමටයි කිව්වෙ.
          හරි දැන් Router එක restart කලාට පස්සෙ Router එක පරණ විදියටම Startup Configuration හරහා load වෙලා ඔයාල කලින් සකසපු රහස් පද මොකුත් අහන්නැතුව ඕනම Mode එකකට ගෙනියයි. හැබයි ඔයාල  Configuration Register value එක assign කරන්න කලින් රහස් පදයක් සැකසුවනම් ඒ අළුත් රහස්පදය ඔයාලගෙන් ඉල්ලයි(ම‍ම සකසපු විදියටනම් nuwan කියන එක). ඔන්න ඔය විදියට තමයි CISCO Router එකක Password Recovery කරන්නෙ.
වැදගත්ම දේ තමයි CCNA විභාගයේදි Router එකකට Password Recovery කරන හැටි ඇහුවෙ නැතත් Configuration Register value ගැනනම් අහන්න බොහෝදුරට ඉඩ තියෙනව.
** 0x2102 - default value (router startup with Startup         Configuration)
** 0x2142 - router start skipping the NVRAM (boot from the ROM)


ඔයාලට මම පැහැදිලි කරලු විදිය මඤ්ඤං වගේනම් මේ video එකත් බලන්න. ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න අමතක කරන්න එපා.


තවත් පාඩමකින් හමුවෙමු ඔබට
****ජය ශ්‍රී සහ සුභ වෙසක් ****

24 comments:

  1. එල එල.. සෑහෙන්න වටිනවා ප්‍රායොගිකව...

    මමත් B Sc in IT.
    Specialized in Computer System & Computer Networking... Under Graduate kenek..
    :D :D

    ReplyDelete
  2. තෑන්ක්ස් bro....
    දිගටම බලන්න, වැරදි තියෙනවනම් කියන්න...

    ReplyDelete
  3. අනිවා.... මේ වගේ හොද වැඩ වලට අපිත් සපෝර්ට්...

    ReplyDelete
  4. CCNA කරන්නනම් මීට පෙර නෙට්වක් කෝස් එකක් කරල තියෙන්න ඕනෙද? නැත්තන් මූලික දැනුමකින් තොරව කලහැකිද?

    ReplyDelete
  5. @ සහන්

    CCNA කරන්නම් මුලික තරම්න් හෝ Network පිළිබදවවත් සැනුමක් තිබුනොත් ඒක ඔයාට ගොඩක් පහසුවක් වේවි. හැබැයි එහෙම සැනුමක් නතුව උනත් මේක කරන්න පුළුවන් එහෙම කරනවනම් CCNA මුල සිට සරලවම උගන්වන ඇයතනයකට සම්බන්ස වෙලා ඒක කරන්න. නැත්තම් ඔයා CCNA කරල ගන්න අවදානම ගොඩක් වැඩියි. වෘත්තීය පුහුණු අමාත්‍යාන්ශයෙන්නම් එහෙම එකක් කරනව කියල තිබුන, පොඩ්ඩක් හොයල බලන්න. මටත් විස්තර ලැබුනු ගමන්ම කියන්නම්.

    ReplyDelete
  6. @ සහන්
    මෙන්න වෘත්තීය පුහුණු අමාත්‍යාන්ශයෙ link එක
    http://vtasl-cisco.com/
    තව දෙයක් මුලික දැනුම නැත්තම් මුලින්ම A+ වැගේ හොද course එකක් කලොත්නම් ඔයාට ලේසියෙන්ම CCNA කරන්න පුළුළුන් වෙයි.

    ReplyDelete
  7. ඔයා ආපු පාරක් දිගේ මමත් මේ අද ආවේ .. මට ටික කට මේ බ්ලොග් එක අමතක උනා ..මම ආයෙමත් ඔයාගේ පාඩම් සමග එක් වෙන්නම් .. මෙදා පාරනම් මගේ බ්ලොග් එකේ ලිංක් එකකුත් තියාගත්තා .. දැන් මිස් වෙන්නේ නෑ

    මමත් comptia a+ කරන්නයි ඉන්නේ මට කියන්න හැකිද ඒ විභාගයට ම්හුන දෙන්න පුලුවන් විභාග මද්‍යස්ථාන කිහිපයක් .. ඒ ගැන හදාරලයි ඉන්නේ ආයේ පන්ති ඕන නෑ කෙලින්ම විභාගේ ලියනවා

    මට ඕන comptia a+ 220 - 601 කරන්න තැනක් .. ඔයා දන්නවනම් පොඩ්ඩක් ඒක මෙතන ලියන්න ..

    ReplyDelete
  8. @හිස් අහස
    මම මගේ ඔයවගේ Online Exam සේරම කලේ IDM එකෙන්. ඒක හොදයි Online Exam කරන්න.මෙන්න ලිපිනය.
    IDM Corporate Training (Pvt) Ltd.
    No: 13, Lauries Place ,colombo 4
    Tel:011-2594654
    ඔය නම්බරේට කෝල් එකක් දීල ඉස්සෙල්ල Exam බුක් කරන්න. ඊට පස්සෙ ඒ දවසට සල්ලි අරන් ගිහින් රෙජිස්ටර් වෙලා ඔයාට ඒ බුක් කරපු වෙලාවට exam කරන්න පුළුවන්.තව විස්තර ඕනනම් මම දාල තියෙන නමබරේට කෝල් එකක් දීල බලන්න.පොට් එකට යන පාර අවුල්නම් මට mail එකක් දාපන් මචන්. bro ට ජයෙන් ජය

    ReplyDelete
  9. thank u so much bro.. excellent.. am going to read all lessons :)

    ReplyDelete
  10. Steps ටික නම් හරි.මමත් try කලා. ඒත් අපි කලින් Password enable කරල තියෙනවානම් අපිට ඒක වෙනස් කර ගන්න නේද අවස්ථාව ලැබෙන්නෙ?අපි 0x2142 වලින් boot කලත් පස්සෙ VRAM එකේ configuration data RAM 1ට copy ("copy start run") කලාම අයෙමත් default configuration එක copy වෙනවනෙ. ඒත් password securiyt cmd ටික අයෙමත් කලානම් අපිට password ටික reset කර ගන්න පුලුවන්. මම 0x2142 වලින් boot කරල නැවත ඔයා කියපු විදියට x2012 වලින් boot කලා password enable නොකර.එතකොට අයෙමත් කලින් විදියටම password අහුවා.

    ReplyDelete
  11. @ජානක
    මෙහෙමයි බ්රෝ, ඔයා කියපු එක හරි. ඔයා කියන විදියට අපිට ආයෙත් password security cmd ටික type කලාම password නැවත සකසගන්න පුළුවන්.ඒත් මම මෙතනදි කියල තියෙන්නෙ RAM එකෙන් load උනාට පස්සෙ NVRAM එකේ තියෙන ඒව ටික නැවත Running configuration වලට ගන්න කියල හේතුවක් ඇතුවයි.ඒ හේතුව තමයි අපිට Router එකට කරල තියෙන අනෙකුත් සැකසුමුත් ඒ විදියටම තියාගෙන password එක reset කරන්න තියෙන අවශ්‍යකමයි.එහෙම අවශ්‍ය නැත්තම් නෙලින්ම copy run start කියන command එක හරහා default values ම startup configuration එකට copy කලානම් password reset වෙනව නමුත් පරණ සැකසුම් සියල්ලම අපේ Router එකෙන් නැතුව යනව.>>>>> මම 0x2142 වලින් boot කරල නැවත ඔයා කියපු විදියට x2012 වලින් boot කලා password enable නොකර.එතකොට අයෙමත් කලින් විදියටම password අහුවා<<<<< මෙන්න මෙතනදි වෙලා තියෙන්නෙ ඔයා 0x2142 boot කරල Router එක restart කරල copy run start කියල දීල නැතිකමයි.එහෙම දීල 0x2012 boot කලානම් ආයෙත් password අහන්න විදියක් නෑ.හේතඅව තමයි එතකොට Router එකට load වෙලා තියෙන්නෙ [Startup configuration හරහා load වෙලා තියෙන්නෙ] default values වීම.

    ReplyDelete
  12. boss show version command aken ubage wage
    configuration registry value akak display wanne na ne

    ReplyDelete
  13. @danu gajaya
    නැති වෙන්න බෑ සහෝ..
    බලපන් ටිකක් simulation කරන්න පාවිච්චි කරන්නෙ මොකද්ද?
    packet tracer වලනම් බඩු වැඩ බං..

    ReplyDelete
  14. Dear DISA,

    Could you please tell how to upload new IOS to router. (existing 12.1 want to upload 12.4 or above)

    Prasad

    ReplyDelete
  15. @Anonymous
    see below link;
    http://www.dslreports.com/faq/9817

    that's the common procedure bro

    ReplyDelete
  16. machan ube mail address 1ka ewapankooo

    ReplyDelete
  17. @tharindu nuwan
    ඇයි බං ඔය දුකුණු පැත්තෙ දාල තියෙන්නෙ mail,fb,twitter
    ncdisa@gmail.com

    ReplyDelete
  18. මචන් අපි router එකේ password encrypt කරලා තිබුනොත් එහෙම recover කරට පෙන්නන්නේ නැ නේද එතකොට මොකද කරන්නේ

    ReplyDelete
    Replies
    1. password eka pennanne natiunata prashanayak nane.oyata recover karaganna puluwan. rom monitor mode eken log unama alith password ekak set karaganna puluwan.

      Delete
  19. karapu hamadema theruna. hama dema karalath baluwa. eth anthimta balddi apita hriyatama routerakata password akak danna bahne. a kiwwe ona kenta aphu recovery karala danna puluwnne. ethna arakshawak nahne

    ReplyDelete
  20. Howdy excellent website! Does running a blog such as this take a lot of work? I have very little understanding of coding but I was hoping to start my own blog soon. Anyway, should you have any suggestions or techniques for new blog owners please share. I know this is off topic but I just had to ask. Kudos!

    ReplyDelete
  21. You could also become an infrastructure management analyst if you have Citrix and back-up Wintel engineering as an additional qualification. As a networking engineer you enjoy good remuneration and many opportunities to learn various networking function. CCNA course in Pune

    ReplyDelete

වැරදි දෙයක් ලියල තියෙනවනම් පෙන්නල දෙන්න, හරි දෙයක් හරියටම ගත්තනම් හිතුන දෙයක් ලියල යන්න....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...