26 April 2011

CCNA හත්වන පාඩම configuring a Single CISCO Router [Part i] (රවුටර් යකාව නටවමු).

CCNA හත්වන පාඩම configuring a Single CISCO Router [part i]      (රවුටර් යකාව නටවමු).
                                    මේ පාඩම හරහා අපිට පුළුවන් CCNA හතරවන පාඩමෙන් ඉගෙන ගත්තු Router Modes හරහා Router එකක් අපිට අවශ්‍ය ආකාරයට සැකසුම් (configure) කරගන්න. ඊට කලින් මම කලින් පාඩමේ කියල දුන්නු Router එකට command type කිරීමේදී දැනගත යුතු දේවල් මතකයේ තියාගෙනම මේ ටිකත් ඔලුවට දාගන්න. මේවත් අපි Router එකකට command දීමේදී දැනගෙන ඉන්න එක කෝකටත් හොදයි.
Shortcut key     කාර්යය
Ctrl + A type කල command එකක මුලට නැවතත් cursor එක ගෙනයාම.
Ctrl + E type කල command එකක  අගට cursor එක ගෙනයාම.
Ctrl + B type කල command එකේ අකුරක් පසුපසට cursor එක ගෙනයාම.
Ctrl + F type කල command එකේ අකුරක් ඉදිරිපසට cursor එක ගෙනයාම.
Ctrl + D එක් character (අකුරක්) එකක් මැකීම.
Ctrl + Z configuration mode එකෙන් ඉවත් වී Privilege/Enable එහෙමත් නැත්තම්  EXEC           
Mode එකට පැමිනිම.
Tab අසම්පූර්ණ command සම්පූර්ණ කිරීම
? ඔබ type කල command එක හා සම්බන්ධ කල හැක් අනෙකුත් command පෙන්වීම.
            
Shortcut key    
                                                           කාර්යය

Ctrl + P or Up arrow අවසානයට Router එකට ඇතුලත් කල command එක පෙන්වීම
Ctrl + N or Down arrow මුලින් Router එකට ඇතුලත් කල command එක පෙන්වීම


                  කලින් පාඩමේදි අපි මුලින්ම කතාකරපු Mode එක තමයි User Mode එක. ඒ Mode එකේ අපි ගොඩක් කරන්නෙ ping command වගේ testing and verification වැඩ කටයුතුයි. ඒ හින්ද අපි Router අතර සම්බන්දතාවයක් ගොඩනගාගත්තට පස්සෙ මේ Mode එක හරහා වැඩ කරමු. දැන් අපි ඊලග Mode එක වන Privilege Mode එකේ ඉදල (කලින් පාඩමේදි මට කියන්න දෙයක් අමතක උනා ඒ තමයි මේ Mode එකට Enable වගේම EXEC Mode කියලත් කියනව) Router එකට කරන්න පුළුවන් සැකසුම් (CCNA ‍කරන අය වශයෙන් දැනගෙන සිටිය යුතු configuration) මොනවද කියල බලමු.


**දිනය හා වේලාව සකස් කිරීම: (Setting up Time & Date for the Router): පහත පෙන්නල තියෙන්නෙ මම කලින් පාඩමේ සදහන් කරපු විදියට command එකේ කොටසක් දැනගෙන ඉතිරි කොටස Router එකේ IOS එක හරහා ලබාගෙන Router එකට දිනය හා වෙලාව සකස් කරල තියෙන ආකාරයයි. බලන්න ප්‍රශ්නාර්ථ (?) ලකුණ යොදාගෙන කොච්චර ලේසියෙන් Router එකට සැකසුම් කරන්න පුළුවන්ද කියල.
 අපිට පහත ආකාරයටත් ඉහත දිනය හා වේලාව කෙලින්ම command එක භාවිතා කරල කරන්න පුළුවන්.
"show clock" command එක හරහා අපි Router එකට සකසපු වෙලාව බලන්න ලුළුවන්.තව දෙයක් තියෙනව, හොදට බලන්න අපි සකසපු වේලිව හරි නෑ නේද. ඒකට හේතුව තමයි 717 UTC යටතෙ දක්වල තියෙන්නෙ time zone එක හින්ද, ඒ අනුව තමයි වෙලාව හැදිල තියෙන්නෙ. අපි time zone එක 0 කලානම් හරි. පහත විදියට අපිට ඒක කරන්න පුළුවන්.
 මතක තියා ගන්න මේ UTC සකසන හැටි exam එකේදි අහන්නෙ නෑ කියල. තව දෙයක්, බලන්න UTC සැකසුම් කරල තියෙන්නෙ Globle Configuration Mode එකේ ඉදලයි.

**Router එකේ IOS image name, Flash memory ධාරිතාව හා එහි ඉතිරි ඉඩ ප්‍රමානයන් බැලීම: Router එකට "show flash" කියන command එක දුන්නනම් කලින් සදහන් කරපු විස්තර සේරම බලාගන්න පුළුවන්.
 මෙතනදි flash memory එක ගැන තොරතුරු byte වලින් දක්වල තියෙන හින්ද අවුල් වෙන්න එපා, පොඩ්ඩක් ඕක Mb වලට හරවගෙන බලන්න. එතකොට හොදටම තේරෙයි flash memory එකේ ඉඩ ප්‍රමානය ගැන.අපිට මේ තොරතුරු ගොඩක් වැදගත් වෙනව Router එක backup & restore කිරීම් කටයුතු වලදි. 

**Configuration Register value, IOS image තොරතුරු තවදුරටත් බැලීම:"show version" කියන command එක Router එකට දුන්නම අපිට ඉහත විස්තර සේරමයි ඕනවටත් වැඩියෙන් තොරතුරුයි පෙන්වනව.
 ඔයාලට මේ output එක යටතේ ‍--More-- කියල සදහන් උනානම් ඒ  තොරතුරු අපිට බලන්න පුළුවන් Enter key එක හෝ Space key එක භාවිතා කරල. ඉහතින් මම Configuration Register value කියල එකක් කිව්ව මතකයිනෙ. අන්න ඒ value එක තමයි ඔය out put එකේ යටින්ම දක්වල තියෙන්නෙ. මේ value එක අපිට ගොඩක් වැදගත් වෙන්නෙ ROM Monitor Mode එක හරහා Router එකට assign කරපු password Recovery කරන්න ගියාම. පස්සෙ අපි මේ Recovery සෙල්ලමත් Router එකට දාද්දි ඔය කිව්වෙ මොකද්ද කියල හොදටම තේරෙයි.


**Router එකට කලින් ඇතුලත් කල commands බැලීම: අපි Router එකට සැකසුම් සකස් කරන්න ඇතුලත් කරන commands නැවත බලන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. Router එකේ "show history"  කියල type කලාම අපි කලින් ඇතුලත් කල command දහයක් දක්වා Router එක අපිට පෙන්වනව.
අපිට පුළුවන් Router එකට සැකසුම් කරන්න මිට වැඩි history command ප්‍රමානයක් බලන්න පුළුවන් වෙන ආකාරයෙන්. ඒක කරන්නෙ පහත විදියටයි.
 දැක්කනෙ මෙතනදිත් මම ප්‍රශ්නාර්ථ ලකුණ භාවිතා කරල Router එකෙන් උදව්වක් ගත්තු හැටි. <0-256> අගයෙන් දක්වල තියෙන්නෙ මේ අතර අගයක් අපේ history ප්‍රමානය වශයෙන් දාන්න කියලයි.මම කරපු විදියට නම් මට දැන් පසුගිය command 40 බලාගන්න පුළුවන්. 


** සැකසුම් ලිපි ගොනු ගබඩා කිරීම  (coping configuration file): මම 5වෙනි පාඩමෙන් කිව්ව Router එකේ Running Configuration හා Startup Configuration කියල file වරිග දෙකකුත් ඒවගෙන් වෙන කාරයයනුත් මොනවද කියල. අපිට Router එකේ RAM එකේ තියෙන Running Configuration file "show running-config" හෝ "show run" කියන command දෙකෙන් එකක් භාවිතා කරල බලාගන්න ප්‍රළුවන්.
            මම කලින් පාඩම් වලදිත් කියපු දෙයක් තමයි කොච්චර Router එකට සැකසුම් කලත් ඒවා Router එකේ NVRAM එකට ගබඩා කලේ නැත්තම් අපි කරපු සැකසුම් වලින් කිසිම වැඅඩක් නෑ කියල. අපිට Enable Mode එකේ ඉදගෙනම Configuration file ගබඩා කරන්න පුළුවන්. "copy" කියන සරල command එකයි ඒකට පාවිච්චි කරන්නෙ. Running Configuration file Startup Configuration වල ගබඩා කරන්න ඒ කිව්වෙ RAM එකේ තිනයන ඒව NVRAM එකේ ගබඩා කරන්න "copy running-config startup-config" කියන command එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැතිනම් "write" හෝ "copy run start" කියන command එකත් ඒ සදහා භාවිතා කරන්න පුළුවන්.
Startup Configuration file Running Configuration වල ගබඩා කිරීමට (NVRAM to RAM) අපට "copy startup-config running-config" කියන command එක හෝ කෙටියෙන් "copy start run" කියන command එක භාවිතා කරන්න පුළුවන්.
     Destination filename [startup-config]? කියල අහල තියෙන්නෙ Running Configuration Startup configuration වල ගබඩා කරන තැනයි. අපි දැනට Router එකේම ගබඩා කරන හින්ද එතනට මම කරල තියෙන දේම ඔයාලත් කරන්න. මෙවනි අවස්ථාවක  අපි configuration file ගබඩා කරන ස්ථානයක් ලබා දෙන්නෙ backup කිරීම් කටයුතු වලදියි. 


**සැකසුම් ගොනු ඉවත් කිරීම (Deleting Configuration file): Router එකේ RAM එකේ තියෙන Running Configuration file නම් Router එක off කල ගමන්ම ඉවත්වෙලා යනව කියල හැමෝම දන්නවනෙ. දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ NVRAM එකේ තියෙන ඒව කොහොමද මකල දාන්නෙ කියන එකයි. ඒක කරන්න පුළුවන් "write erase" හෝ "erase startup-config" යන command වලින් එකක් භාවිතා කරල.
දැන් Router එකේ සියළුම Startup Configuration file ඉවත් වෙලයි තියෙන්නෙ.
                                          දැන් කරපු මේ සියළු සැකසුම් අපි කලේ Router එකේ Enable\Privilege\EXEC Mode එකේ ඉදලයි. හරියට ඔයාල command type කලානම් තේරෙන්න ඕන බොහෝ දුරට show commands අපි භාවිතා කරන්නෙ Router එකේ තොරතුරු  බලාගන්න කියල හා අපි Router එකට කල සැකසුම් බලාගන්න කියලය. පහත දැක්වෙන show command ටිකත් ඔයාල හොයල බලන්න මොනවද ඒවගෙන් පෙන්වන්නෙ කියල.
                          
** Router එක restart කිරීම: අපිට Enable Mode එකේ ඉදලම Router එක restart කරන්නත් පුළුවන්. මතක තියා ගන්න Router එක restart කරන්න කලින් ඔයාලට අවශ්‍ය සැකසුම් Router එකේ ගබඩා කලාද කියල."reload" කියන command එක තමයි මේ සදහා අපි භාවිතා කරන්නෙ.
                                       Router එකට Enable Mode එකේ ඉදගෙන අපි ගොඩක් සැකසුම් කලානෙ, දැන් අපි බලමු Global Configuration Mode එකේ ඉදල Router එකට කරන්න පුළුවන් සැකසුම් කිහිපයක්.


** Router එකට නමක් දීම (Setting up Host name): Router එකට ලබාදෙන නමට කියන තවත් නමක් තමයි Host name එක කියන්නෙ. ඔය හැම එකකටම නමක් තියෙනව වගේ අපිට පුළුවන් Router එකටත් කමක් දෙන්න. Router එකට නමක් ලබා දුන්නට පස්සෙ CLI එක හරහා Router එක පෙන්වන්නෙ අප සකසපු නමිනුයි. Router කියිපයක එක වර සැකසුම් සකස් කරද්දි Router එකට නමක් ලබා දී තිබීම ගොඩක් වැදගත් වෙනව. ඒකෙන් අපිට පුළුවන් එක් එක් Router එක වෙන් කරල හදුනාගන්න. මම කලින් කිව්ව වගේ Router එකට නමක් assign කිරීමේ කාර්යය කරන්නෙ Router එකේ Global Configuration Mode එකේ ඉදලයි.(දිගයම ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරන්න එතකොට ඒ ඒ අවස්ථාවට ගැලපෙන්නෙ මොන Mode එකද කියල ඔයාලට නිකම්ම තේරෙයි. "hostname" කියන command එකට පස්සෙ Router එකට දෙන්න ඕන නම type කලානම් Router එකට අපි නමක් දීලත් ඉවරයි.
        දැන් අපිට බලන්න පුළුවන් අපි Router එකේ මොන Mode එකට ගියත් Router එකට ලබා දුන්නු නමිනුයි CLI එක හරහා දැන් Router එක පෙන්වන්නෙ කියල.


**පුවරු ප්‍රදර්ශනය (Setting up Banner): පුවරු ප්‍රදර්ශනය කියල මෙතනදි කියන්නෙ Router එක start වෙද්දි අපට CLI එක හරහා පෙන්වන අප විසින් Router එකට ලබාදෙන ලද යම් පණිවිඩයකුයි. මෙහෙම කිව්වොත් තව ටිකක් හොදට තේරුම් ගන්න පුළුවන්, Windows පරිගණකයක් boot වෙලා desktop එක‍ට එන්න කලින් අපිට පණිවිඩයක් (message) එකක් පෙන්වන්න පරිගණකයට සැකසුම් කරන්න පුළුවන්නේ.. අන්න ඒ වගේ දෙයක් තමයි Router එකේ Banner එක කියල කියන්නෙ. "banner motd # your message #" යන command එකෙන් මේ දේ කරන්න පුළුවන්.
ඉහත විදියට banner එක හදල සැකසුම් ගබඩා කරල Router  එක restart කරල බලන්න. පහත ආකාරයට ඔයාල හදපු banner එකත් CLI එක හරහා පෙන්වාවි.


ඊලග පාඩමෙන් Router එකක මුහුනත් (Interfaces) අපිට අවශ්‍ය ආකාරයට සකසන හැටි බලමු
*****ජය ශ්‍රී*****


37 comments:

  1. It is better if U can write some articles on GNS3 so that many people can get real IOS experience.

    ReplyDelete
  2. @ FSB
    OK, I'll try for your mentioned software.but CISCO recommended Router simulation software is Packet tracer as my knowledge.thanks for your advice and I've got some idea from that.

    ReplyDelete
  3. Keep it up man....your effort is totally valuable....

    ReplyDelete
  4. අයියේ ෙම්ක දිගටම ලියන්න..මම හරි අාසයි ෙම් විෂයට..අයියා ෙම් කරන්ෙන් ගුරුවරෙයකුෙග් රාජකාරිය හා සමානයි..අද ෙගාඩක් අය බ්ෙලා්ග් ලියන්ෙන් අැඩි දාල සල්ලි ගන්න බලන්..ඒෙහත් ෙම් ව ෙග් බ්ෙලා්ග් අඩුයි.අයියේ ෙම්ක දිගටම ලියන්න..මම හැමදාම බලනවා..

    ReplyDelete
  5. ගොඩක් ස්තූතියි කට්ටියගෙම ප්‍රතිචාර වලට...

    ReplyDelete
  6. good work..need ur contact details?

    ReplyDelete
  7. ela lessons tika digatama karagena yanna...
    math CCNA karanawa godak wadagath..

    ReplyDelete
  8. machan 7 weni padame PDF ekata monawada wela.poddak balanna

    ReplyDelete
  9. sira machan patta pata pata..

    ReplyDelete
  10. patta machan thanks wewa..(prasad)

    ReplyDelete
  11. aththatama niyamai

    ReplyDelete
  12. machan wedenam niyamai mamath ccna karanawa VTA 1n sehena loku udawwak me wage 1k thiyena1 ubata pin machan,,,
    puluwannam switching genath padamak dapan loku help1k

    ReplyDelete
  13. machao uba nao patta ahha. sirawata.. puluwannao swiching ganath kiyala denna ... ඔබගේ සියලුම කටයුතු සාර්ථක වේවා.......

    ReplyDelete
  14. ela machan ubata thawa danuma laba ganna wasanawa labeeeeewa!!!!!!!!

    ReplyDelete
  15. Niyamai Machan Jaya Wewa

    ReplyDelete
  16. Niyametama kiyala denawa bn..Thanks...Dane nathi godak dewal dnagatha.

    ReplyDelete
  17. Thanks machan,
    kattiyata packet tracer software eka configure karaganna heti balaganna me link eken puluwan
    http://www.youtube.com/watch?v=-zvihHxrfzM

    ReplyDelete
  18. good work wish u all the best

    ReplyDelete
  19. machan wade ela ubata godak pin. podi seen ekak thiyanawa gon prashnayakda danne naha eth ahanna wenawa. mekai seen eka, router eka on wenakota NVRAM eke file RAM ekata Copy wenawane. Ai machan startup-config running-config command eken file RAM ekata lord karanna uwamana wenne ????

    ReplyDelete
  20. @Asanka Wickramasinghe
    මචං උබ අහන්නෙ මොන වගේ අවස්ථාවලද "copy start run" command එක පාවිච්චි කරන්නෙ කියලනෙ. සරලව ඔතනදි ‍වෙන්නෙ NVRAM එකේ file RAM එකට copy වෙන එකනෙ. පාඩම් ටික දිගටම බලාගෙන ගියානම් එහෙම අවස්ථාවක් දැකගන්න පුළුවන්.
    මේ පාඩම බලන්න එහෙම අවස්ථාවක් තියෙනව...
    http://networkdisa.blogspot.com/2011/05/ccna-configuring-single-cisco-router.html

    ReplyDelete
  21. machan mata router 1 config karanne mona mode 1 idalada kiyanawada?

    ReplyDelete
  22. @tharindurouter එකකට wod, බොහෝ සැකසුම් කිරීම් කරන්නේ global configuration mode(configure terminal) ඉදලයි.ගොඩක් SHOW commands enable mode එකෙන් කරගන්න පුළුවන්.router එකට කරන සැකසුම් අනුව mode එක වෙනස්වෙනව සහෝ..

    ReplyDelete
  23. නියමයි‍‍‍...

    ReplyDelete
  24. Thank you Mr. Nuwan for give lot of details

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. Bro timezone eka utc 5.30 newi da denne ?

    ReplyDelete
  27. @Amila Kalhara Wagasinghe
    ඔව් මචෝ රිජන් එකට ගැලගෙන විදියට දාගන්න පුළුවන්.

    ReplyDelete
  28. elakiri wadak machan...!! Patta..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ කොමෙන්ටුවට.

      Delete
  29. supiri ban .jeewitheta paya 4k 5k eka digata igena ganna wadak karalama na.eye kala.mula idanma baluwa.supiri machan.hodatama therenawa.

    ReplyDelete
  30. lesson එකට ස්තුතියි.
    save කරපු configuration එකක් වෙන cisco router එකකට load කරන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. TFTP SERVER/CONFIGURATION වැදගත් ෙවන්ෙන ෙමවනි අවස්ථාවලදියි. ෙපාඩි සැකසුම් ටිකකුයි එ්කට කරන්න තිෙයන්ෙන. ෙපාඩ්ඩක ෙහායල බලන්න. ෙත්රුම්ගන්න අපහසු තැනක් තිබුෙනාත් අහන්ෙකා්....

      Delete
  31. malli niyama lession tika wena kohenwath ganna baha. thanks malli mama mea 4 time balannea

    ReplyDelete
    Replies
    1. ela,
      Digatama balanna, therune nati thanak tibunoth ahanna

      Delete

වැරදි දෙයක් ලියල තියෙනවනම් පෙන්නල දෙන්න, හරි දෙයක් හරියටම ගත්තනම් හිතුන දෙයක් ලියල යන්න....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...