14 October 2011

CCNA පාඩම් මාලාවට විරාමයක්.

                                                              හෆොයි, ඔන්න මටත් ජොබක් සෙට් උනා.. ගෙදරට වෙලා සතියකට සැරයක් බ්ලොග් එකට පෝස්ට් දාපු මට දැන් ඉතින් බෝඩ් වෙලා කඩෙන් කෑම කකා ජොබ් එකත් කරගෙන ඉන්න වෙනව. හැබැයි බ්ලොග් එකනම් පොඩ්ඩක්වත් අමතක කරන්නෙ නෑ ඕන්. මයෙ තියෙන මේස කොම්පීතරේ  ඔය බෝඩින් ගානෙ රින්ගවන්න මට හිතදෙන්නෙ නෑ. ඒක හින්ද ඔඩොක්කු කොම්පීතරයක් ගන්නකම් තමයි පෝස්ට් ලියන එක ටිකක් ප්‍රමාද වෙන්නෙ. ඔන්න ඉතින් මේ කොල්ලට ගෙදරින් ප්‍රතිපාදන වෙන්වෙලා තියෙනව කියල ආරන්චියි අළුත්ම ඔඩොක්කු කොම්පීතරේකට. ඊට පස්සෙ ඉතින් ආයෙත් මේ කොල්ල සුපුරුදු පරිදිම පාඩම් මාලාව පටන් ගන්නයි හිතාගෙන ඉන්නෙ.
                                        ඉන්ටව් හැට හුට හමාරකට ගිහින් අන්තිමටම තල්ලු නැතුව එක එකාගෙ ලියුම් නැතුව මට සැට් උනා සහයක ජාලාකරන  පාලක තනතුරක්. ඒ කිව්වෙ Assistant Network Administrator කියන එකනෙ. හැබැයි එතනන් බොහොමයක් අළුත් දේවල් ඉගෙන ගන්න පුළුවන් තැනක්. කොහොමහරි අළුත් දේවල් ඉගෙන ගන්න ගමන් ජොබ් එකත් කරන ගමන් දැන් කරගෙන යන BIT ඩිග්රී කෑල්ලත් ගොඩදාගන්න එක තමයි මේ කොල්ලගෙ බලාපොරොත්තුව. 
                           ඔන්න විරාමයක් කිව්වට නිකම්ම යන්න අදහසකුත් නෑ. මම හදපු පොඩි දෙයක් තියෙනව කට්ටියන්ටම බලන්න දෙන්න. මම A/L කරල ගෙදර ඉන්න කාලෙ කරපු පොඩි වැඩක් . ගෙදර කොම්පීතරේකුත් තිබුන හින්ද මමත් පොඩි පොඩි වැඩ ටිකක් කලා. ඒකෙන් එකක් තමයි මම දැන් දෙන්න යන්නෙ. ulead video editing එකෙන් තමයි මේ ශ්‍රව්‍ය දෘශ්‍ය අච්චාරුව මම කලේ. මේ වගේ තව ගොඩක් තියෙනව මම හදපු. මොනවද තව කතා මෙන්න එහෙනම් බලන්නකෝ ජැකී චෑන් ලංකාවට ඇවිත් සන්ෆලවර්ස්ලගෙ සිංදුවකට නටපු හැටි.




                                           හරි එහෙනම් ඔන්න අපි ගියා. ඉක්මනින්ම CCNA පාඩම් මාලාවෙන් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබ සැමට  

                                  ****** ජය ශ්‍රී ******      


19 comments:

  1. ජයෙන් ජය වේවා !! අළුත් රස්සාවට සුභ පතනවා.....

    ReplyDelete
  2. සුභ පැතුම් යාලුවා!!
    අලුත් රැකියාව වගේම කරගෙන යන අධ්‍යාපන කටයුතුත් සාර්ථක වේවා කියලා එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා!
    බ්ලොග් එක අමතක කරන්නත් එපා..අපි බොහෝම වෙලාවට මේ පැත්තේ ඇවිත් යනවා!
    ජය වේවා!

    ReplyDelete
  3. @Chamikawpඅනිවා බ්ලොග් එකනම් අමතක කරන්නෙ නෑ සහෝ. ස්තුතියි, ජය වේවා!!!

    ReplyDelete
  4. සුභ පැතුම් මචන්, දෙයියනේ කියලා රස්සාව කරගෙන යන්න ලැබේවා කියලා පතනවා. සුභ අනාගතයක්

    ReplyDelete
  5. @Thilinaතැන්කිව් මචෝ.බලමු බලමු

    ReplyDelete
  6. අයියේ අලුත් රස්සාව කරගෙන යන්න ලැබේවා කියලා පතනවා. මේ ලියන එක නවත්වන්න එපා..

    ReplyDelete
  7. එල එල.. පාඩම් ටිකනම් ගොඩක් හොඳයි.. ජය...

    ReplyDelete
  8. internet eka haraha wenath online inna computer ekaka router ekakata usrname & password walin log unoth ea router eka haraha monawada apata karanna puluwan.router ekata adala computer eka athulata yanna puluwanda?

    ReplyDelete
  9. @Anonymousමෙහෙමයි සහෝ, Internet එකේදි පාවිච්චි කරන්නෙ public IP යි. Router එකට Static public ip එකක් assign කරල තියෙනවනම් ලේසියෙන්ම Router එකට සම්බන්ද වෙන්න පුළුවන්.නැත්තම් DDNS(Dynamic DNS)වගේ දෙයක් පාවිච්චි කරල Router එකට සම්බන්ධ වෙන්න පුළුවන්. Router එකට සම්බන්ධ උනාට පස්සෙ ඒකේ username password ගහල Router එකේ තියෙන සැකසුම්නම් අපිට වෙනස් කරන්න පුළුවන්.ඊට පස්සෙ ඔයා කියන විදියට online තියෙන computer එකේ හා Router එකේ තියෙන firewall සැකසුම් මත යම් යම් දේවල් Access කරන්න පුළුවන්. උදාහරණයක් විදියට FTP allow කරල තියෙනවනම් ඒ හරහා ගිහින් FTP අකාරයට computer එක access කරන්න පුළුවන් (හැබැයි ftp ආකාරයට යම් සැකසුම් එම පරිගණකයේ සිදුකර තිබිය යුතුයි).නැත්ත්ම් Router එකේ Port forwarding හරහාත් යම් සැකසුම් කිරීම මගින් ඔයා කියපු විදියට තියෙන computer එක යම් යම් විදියට access කරන්න පුළුවන්.නැත්තම් හොදම දේ VPN එකක් සදාගෙන කටයුතු කරන එකයි.

    ReplyDelete
  10. @ක්සැන්ඩර් | Xanderතව ඉස්සරහට හොද හොද ඒවා ඇත.ස්තුතියි සහෝ කොමෙන්ටුවට

    ReplyDelete
  11. Aiye mama networking walata apu gaman thama.Network Administrating, Linux Administrating karala thiyenne.Elagata thiyenna CCNA, CCNP..... thigatama karagena yanna. mama me field ekata thama kamathi. oya kiyanna me tika karagena giyoth, prashnayak nathiewa job ekakata set wenna puluwanda hoda padiyak ganna puluwan. mokatha mechchaara knowledge ekak thiyena oyatath job ekak labila thiyenne than.

    ReplyDelete
  12. @Anonymousමල්ලි ඔය මොනව කරල තිබ්බත් ජොබ් එකකට යද්දි ඒ කට්ටිය ඉල්ලන්නෙ experience එක.වැඩිය සහතික ටිකවත් හරියට පෙරලල බලන්නෙ නෑ. හැබැයි වැඩ පුළුවන් බව පෙන්නුවොත් නම් හොද ජොබ් එකක් ලැබෙයි.ඔයා යන path එක නම් හරි මල්ලීග ඒත් තව Microsoft ලගෙ server හා client side එකත් කරගන්න.මොකද ස්ල්ලි තියෙන high salary ගෙවන company තාම පාව්ච්චි කරන්නෙ microsoft product. තව දෙයක් ඔය මොනව කලත් IT field එකේ ඉස්සරහට යන්නනම් පිළිගත් උපාධියක් තියෙන එකත් දැන් අනිවාර්ය දෙයක් වෙලා.මොකද දැන් එච්චරටම IT Field එකේ කට්ටිය වැඩියි. theory විතරක් කරල බොරැවට exam pass උනාට වැඩක් නෑ වැඩ බැරිනම්. ජයෙන් ජය මලයගෙ ඉදිරි අනාගත ගමනට..........

    ReplyDelete
  13. අනිවා අයියා මමත් එක පයින්ම ඔය කතාව ස්ථීර කරනවා....... නොකිව්වට අලුත් ජොබ් එකට බොක්කෙන්ම සුභ පතනවා.. ජයෙන් ජය..!!!!

    ReplyDelete
  14. ඇත්තටම ඔයා හරිම නිර්මාණශීලීයි... ඒ නිර්මාණශ්‍රීලීත්වය කිසිම දෙයක් නිසා නැතිවෙන්න දෙන්න එපා. රස්සාවේ ඒකකාකාරීත්ය අභියෝගයක් හැටියට බාර අරන් නිරිමාණීශ%ීලීත්වය වර්ධනය කරගන්න...

    ReplyDelete
  15. නියම වැඩක් මචන්.. පහුවෙලා හරි මේක දැකක් එක ලොකු සතුටක්.. දිගටම කරගෙන යන්න.. ගොඩක් අයට ප‍්‍රයෝජනවත් වෙයි... සුභපැතුම්

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete

වැරදි දෙයක් ලියල තියෙනවනම් පෙන්නල දෙන්න, හරි දෙයක් හරියටම ගත්තනම් හිතුන දෙයක් ලියල යන්න....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...